ගොම්මනේ අඳුර මැදුරේ දොර ළඟම වෙලී
මේ තනි හිතට සීතල දැන් බෝම වැඩී
වෙලි වෙලී එතෙන සෙනෙහස් ගින්දරට වැදී
ඇවිලෙන්නට නුඹ උන්නානම් බෝම වටී
කාලය එක්ක පොරබැඳ හති වැටෙනකොට
පාලුව කර වටක් ගැඹුරේ ගිලෙනකොට
රාවය නැගෙන පෙම් ගී ළය නිවනකොට
හීතල මතක ඇවිදින් හිත ඉඹිනකොට
හීන් සිරුවට වෙලි වෙලි දැවටීලා
පපුවේ ඇබිත්තක් හිමිහිට වැතිරීලා
බුරගා නැගෙන හැඟුමට තව ඉඩදීලා
ඉන්නට එනවාද රහසෙම සැඟවීලා
ගිනිගෙන දැවෙන හිත යට ගිනි පුපුරක්ව
වැද වැද සිහිල් සුළඟට අළු අහුරක්ව
අවරට ගියත් රෑ සැන්දෑ අහසක්ව
ප්‍රේමය පරනොවන අසෙනිය කුසුමක්ය
මසිත කියවූ ඇය එසැන්නි ලියූ කවක්.......