Monday 23 January 2017

වෙන්වීම..!

එක කෙනියක පීදුන කරාබුනැටි තුනක්.......!


පිරූ පෙරුම්
අයියනායක දෙවි පාමුල..!

පිදූ සල්මල්
වැව් තාවුල..!

කෙකටිය මල් තලාන
අප තිදෙන රැඟූ ආලිංගන
දියකාවුන් රැගෙන ගිය
 සොරාගෙන 

ඒ සොඳූරු මතකය

මතුබවයේ
එක අත්තක හෝ පීදී
එකට මියෙන්න
පැතූ පැතුමන


එක අත්තක රටාවකට
එක මොහොතක ඉපදුන

අප තිදෙන රැවටූ

අප දෙදෙන තනිකලා වූ

ඔබ
 පමනක් තනිව පිපී
අපට කලින්
සුළඟේ ගිලිහී පාවී යන්නට
ඔබැ රේනු
 තැලූ

බඹරානෙනි
 ඇයි රුදුරු
 මෙතරම්...!








35 comments:

  1. මේ වගේ සියුම් දේ දකිමින් විඳින්න Chef-Archi සියුම් හිතක් මටත් තිබ්බනම් කියලා හිතෙනවා.... හරිම ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. සියුම් නේ...සියුම් පැත්තක තියමුකෝ..හිතක් තිබුනොත් කොහොමද මිස් එරන්දි හැබෑටම...!

      Delete
    2. දෙකක් නැ මාත් ලියනවා එහෙනම් ඔබ වගේ :)

      Delete
  2. සොයා ගනු බැරි
    පාලනය කරනු බැරී
    හරිම පුදුම
    සොබා දහම එයයි සිරී.....

    ලස්සන අදහසක් චෙෆාකී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සොයන්නාටම හමුවේනං
      පාලනය කුමකට...!
      සොබාව පුදුමයක්ම නං
      ශ්‍රියාවට කෝ ඉඩක්....?

      ලස්සන හදවත්
      පුබුදාවී ලස්සන
      අදහස් දුමී....!
      ජය...!!!

      Delete
    2. ලොවේ පැවැත්මට හැමදේ සිදුවන්නේ
      නොවේ එයින් පුදුමය මා පවසන්නේ
      නිවේ නැගේ සොබා ගුණය සමගින්නේ
      භවේ පුරා හැම ඒවෙත නතුවන්නේ....

      Delete
  3. මේක නම් ඇක්ස්ට්‍රා ඕඩිනරි.....

    ReplyDelete
    Replies
    1. කරාබු නැටිත් පව්...මමත් පව්...ඇක්ස්ට්‍රා නේ....තැන්කූ...!!

      Delete
    2. මේ ළඟදී වී ඇක්ස් එකක් ගහන කොට ඔහේව මතක් උනා...

      Delete
  4. මාතේ කිව්වා වගේම මේක extra ordinary .
    මගේ ඊළඟ පෝස්ට් එකේ චෙෆාකි ගේ සංයුක්ත කවි ගැන පොඩි සටහනකුත් ලියලා තියෙන්නෙ. ඒ තරම්ම මම මේ කවි වලට කැමති නිසා. හැබැයි ඔබේ විශිෂ්ටතම කවියක් මේ

    ReplyDelete
    Replies
    1. Thank you for the appriciation..it helps loads...:)

      Delete
  5. කරාඹු නැට්ටකටවත් පාඩුවෙ ඉන්න නොදෙන හැටි.

    ReplyDelete
    Replies
    1. එකකටනං බැරියෑ..තුනකටමනේ මේ කරදරේ කොරන්නේ..කියෙව්වේ නැද්ද..?

      Delete
    2. හැම කරදරේම තුනටමනෙ. නැද්ද ඕයි.

      Delete
    3. තුනක් නැත්තං ගතියක් නෑ හැලපේ...!
      කරදර උනත් සැපයි...!!

      Delete
    4. /////හැම කරදරේම තුනටමනෙ. නැද්ද ඕයි.//////
      එල්ලෙන සියල්ලකටම කරදර මිසක් අන් කවරක්ද...

      Delete
  6. සරලවම කියනවා නම් පට්ට..

    ReplyDelete
  7. මේකනම් සුපිරිම සුපිරි චෙෆාකි තුමෝ. ඒත් මම කැමති මෙතන දෙන්නෙක් හිටියනම්

    ReplyDelete
    Replies
    1. තුන්පත් රෑනට දෙන්නෙක් ඉඳලා බෑ නේද සඳවතී...?
      දෙන්නෙක් උනානං ඉතිං ඔහේ ගලාගෙන යාවි...තුන්වැන්නා නේද රස මවන්නා...!!!

      Delete
    2. ඔය ඉතින් ඔබතුමා මාව නොමඟ යවලනේ. අපි තිදෙන රැඟූ ආලිංගන කිව්වම මම ගියේම වෙන පැත්තකනේ

      Delete
  8. මචං මේ කරාබු පිපින්නේ ට්‍රිබල් දාලද....

    ReplyDelete
    Replies
    1. මගේ හැම එකම ඔහොම තමා ඉතින්...!!

      Delete
  9. මොකක්දෝ නොකියා කියන කතාවක්ද මන්දා චෙෆ් මේක...හබැයි පද ගැලපුම නම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. මටනං හැමදේම නොකියා කියන කතාවක් වගේ තමයි විසිරි...හැමදේම කියලත් බැහැ නේද...?

      Delete
  10. Coco-de-mer ගැනත් ලියයිද?

    ReplyDelete
    Replies
    1. ටෝයිස්ද බොන්ඩේජ්ද නැත්තං ජංගිද....!!

      Delete
  11. තුන්පත් රෑන වේදෝ කෝම...?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මල් තිබුනාට පල නෑ තාම අඹ ගහට...!!

      Delete
  12. නැටි තුනකින් ලොකු කතා ගොඩක් කියනව ...
    ඔයාගෙ ලියපු අනිත් කවි වලට වඩා ගොඩක් දියුණු කවි පන්තියක් ..

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....