Wednesday 4 January 2017

ගමේ කම - මිල්ලගස් ආර -04

the showroom vs shrine

උත්සවයට එන්න කියල තිබුන වෙලාවට, මිල්ල ගස් ආරේ වීරතුංග වත්තේ ගේට්ටුව ගාවට ගියාම මගේ ඇස් උඩ ඉන්දුනා..මේ මිනිස්සු පුදුම විදියට මහන්සි වෙලා..අපේ වාහන නවත්තන්න තැනක් ලේස්ති කරලා, එතනට වෙලා රැස් කකා ඉන්නවා අපි එනකන්...වාහන වලින් බැස්සාම තමයි තේරුනේ මහා පෙරහර රාජයෙකුත් ලේස්ති කරලාය කියලා...අපරාදේ මේ මහන්සි වෙන්නේ..මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ...මම බිම බලාගෙන, දාඩිය පෙරාගෙන සබරගමු නැටුම්, බෙර කාරයෝ, මල් බයිසිකල් අරවා මේවා වලින් පිරිච්ච පෙරහරක ගියා නෙව මීටර් පන්සීයක් විතර...!

පාර දෙපැත්තේ කවුරු හිටියදවත් කියල නෙවෙයි මම නම් ඔලුව උස්සලා බැලුවෙ...මිල්ල ගස් ආරට පෙරහර ලඟා උනාම මට මහා ලැජ්ජාවක් ඇතිඋනා රාහුල හාමුදුරුවෝ අලුතෙන් ඉදිකරපු ධර්මායතනයේ අසුන් ගෙන බොහෝම කාරුණික බැල්මකින් මා දිහා බලා ඉන්නවා දැක්කාම..ඒ මනුස්සයාට විතරයි තේරුනේ මම විදින මේ අපහාසේ..මොනා කරන්නද..අර සෙන්නා කිව්වා වගේ වවුලගේ මගුල් ගෙදර නොව මම ඇවිත් ඉන්නෙ ඉතිං....!

දණගහන්න නං අමාරුයි හාමුදුරුවනේ (බඩ නිසා හොඳේ...) කියලා පහත් වෙලා වැඳලා තක්කු මුක්කු වෙලා බලං ඉන්නකොට ගුනසේන පටන් ගත්තා කථාව..කොහොමෙන් කොහොම හරි රුහුණේ කුලපති උන්නාන්සේ නිසා මගේ නිල් මැනික් කථාව මතක් කලේ නෑ...ඒ උනාට ඕනි නැති ආලවට්ටං දාලා මොනාදෝ කියෝනවා මතකයි මට..එයින් පස්සේ දික්වැල්ල පොලොස් ස්ථානාධිපති තුමාත් මාව නිකන් හොඳට දන්නවා වගේ මොනාද කිව්වා...යන්තං රාහුල හාමුදුරුවො කස්ටියව අල්ලගෙන බුදු පිළිමේ මූන වහලා තිබුන සිවුරු අයින් කරලා පනසිල් දිලා ධර්මායථනය විවෘථ කලා...!

ඉන් පස්සේ තේ පැන් සංග්‍රහය...අනේ අම්මලා තාත්තලා පුංචි පැටව් එක්ක අව්වේ වේලි වේලි කොට බැම්මෙන් එබී එබී ඉන්දැද්දි අපිට රස කැවිලි තේ පැන් අරවා මේවා සංග්‍රහයක් පටන් ගත්තා..මට ඉවසීම පැන්න තැන නැගිටලා ගිහින් (ගුනසේන ගේ නොරොක් වෙච්ච මූන නොබලා ) ධර්ම ශාලාවෙන් පිටත හිටපු ඔක්කොටම ආරාධනා කලා තේ බොන්න එන්නය කියලා..ඒ මිනිස්සුම ගෙනාපු තේ රසකැවිලි....එතනින් එහා මම නෙවෙයි අර ශාලාවෙ පනවලා තිබුන පුටු වල වාඩි උනේ...( ප්ලාස්ටික් නිසා කඩන් වැටෙන නිසා නෙවෙයි...)...!

හෙට නිල්වැල්ලේ සාංඝික දානේ, අද රෑ මිල්ල ගස් ආර ධර්මායථනයේ මංගල සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව....ඒ නිසා හවස් වෙන කොට අපි නිල්වැල්ලට මාරු උනා රෑ යාමේ පිරිත් අහන්න එන්නංය දානේ වැඩ කටයුතු තියෙනවාය කියා...ඒ මදිවට ඉතිං ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් පාටියකුත් තියෙනවා නේ...!

රෑ දහය එකොලහ වෙනකොට (එච්චරම මත් වෙලා නොහිටි නිසා ) අපි ආපහු ආවා මිල්ල ගස් ආරට පිරිත් කොහොමද කියලා නරඹන්න...!

දවල් හිටිය සෙනගෙන් කාලක් විතර එහේ මෙහේ පැදුරු දාගෙන වාඩි වෙලා පිරිත් අහනවා..අපිටත් ප්ලාස්ටික් පුටු ගෙනත් වැලි මලුවේ තියලා දුන්නා පිරිත් අහන්නය කියලා...එහෙම ඉන්නකොට අපේ ගුනසේන විශ්‍රාමලත් විදුහල්පතිතුමා ෆියුනරල් ෆේස් එකක් දාගෙන ආවේ නැද්ද මා ගාවට...

"බලන්න සර් වෙච්ච වැඩේ...මට නං සංසාරේ එපා උනා සර්.."

"මොකෝ ගුනසේන...? "

"සර්...එහා පැත්තේ බ්ලොග් ගල් හදන ජපන් හාඩ්වෙයාර් එකේ ගෙදර ලේස්ති කරා පිරිත් කියන හාමුදුරු දෙනමට ගිමන් අරින්න..හරිම වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ..."

"ඇයි සාධුලා දෙන්නද ඉන්නේ..? "

"නෑ සර් දෙනම දෙනම තමයි පිරිත් කියන්නේ..ඉතින් සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් ගිමන් නිවෙන්න ඇරලා ආයෙත් වඩිනවා දෙනමක්..."

"ඉතින්...?"

"මේ පොඩි හාමුදුරුවො මේ කොල්ලන්ට කියලා අරක්කු සිගරට් ගෙනල්ල බීලානේ සර්...මම හෙව්වා කොල්ලො ටික උන් ඔක්කොම යන්න ගිහින්...අහුවෙද්දෙන්කො මට...! "

මම හිත යටින් සාධූ සාධූ යයි හිතාගත්තා..මේ මෝල් වහන්සේට මම කිව්වා සාධුලා පටෝගත්තොත් කෙලවෙනවා කියලා..කෝ ඇහුවයි ඉතින්...දැන් ඉතින් විඳවපන් පුතේ..

කිසිත් නොකියා හීන් හිනාවක් දැම්ම මම අහක බලාගත්තේ ඇත්තටම ඒ වෙනකොට මට මේ වයසක මනුස්සයා ගැන හිතුන අනුකම්පාවට....!

කොහොමෙන් කොහොම හරි එයිට වඩා කරදරයක් නැතුව ධර්මායතනය විවෘත කිරීමත් පිරිතත් ඉන් පසුදා රාහුල හාමුදුරුවොයි, හිත්තටිය පන්සලේ පියසිරි හාමුදුරුවොයි අර දොඩම්පහල හාමුදුරුවොයි එකතු වෙලා සාංගික කරපු දානෙත් මිල්ල ගස් ආර ගමේ ගම්වැසියන්ගේද සහභාගිත්වයෙන් අවසන් උනා...!

ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකල්පය ඉතා තදින්  එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල...ඒ දෙවල්මට පෙනුනේ ඇත්තටම උත්සවය වෙලාවෙ නෙවෙයි..ඊට මාස මාස තුනහතරකට විතර පස්සේ දායක සභාව මාව හොයාගෙන ආවාම....!

දායක සභාව, ගුනසේන මහත්තයාවත් පෙල ගස්සවගෙන ආවා ආයෙත් පාරක් මාව හම්බවෙන්න ගොවිපොලට..ඒ විවෘතෙන් මාස තුනහතරකට පස්සේ...!

"සර් ඇයි ධර්මායතනය පැත්තේ එන්නේවත් නැත්තේ..විවෘතෙන් පස්සේ ආවෙම නෑනේ..අපි දැන් හැමදාම බුද්ධ පූජාවක් තියනවා, හැම ඉරිදාම පින්කමක් තියෙනවා, පාලොස්වකට සීල ව්‍යාපාරයක් තියනවා..සර් ඇවිත් බලන්නකෝ. ගමේ මිනිස්සු හරිම සතුටෙන් ඉන්නේ..."

"එච්චරයි ගුනසේන මම ඕකෙන් බලාපොරොත්තු උනේ...මට සරත් මහත්තයා කිව්වා ලේක් ෆ්‍රන්ට් එකට යනකොට සද්දෙට පිරිත් ඇහුනා කියලා.."

"ආ ඔව් සර්....අපිට ඇම්ප්ලිෆයර් එකකුයි ලවුස්පීකර සෙට් එකකුයි පූජා කලා අර කොමියුනිකේෂන් එකේ ලමයා..."

"හපොයි ගුනසේන ඒක වැඩි වැඩක් නේද..දැන් අර නිස්කලංක කම ගිහින් ඇතිනේ..හා ඒකෙන් කමක් නෑ..අද මොකො මේ කට්ට්යම මේ පැත්තේ...? "

"අපිමේ ආවේ සර් ගෙන් පොඩි අවසරයක් ඉල්ලගන්න..."

"ඒ මොකටද..? ගස් ටිකක්වත් ඕනිද..? "

"නෑ සර්...සර් දන්නවනේ අර නාවල කුෂන් ව්‍යාපාරය කරන මහත්තයා..ඒ මහත්තයා බඹරැන්දේ මුල්ගම් කාරයෝ..පොඩි කාලේම මෙහෙන් පිටවෙලා කොළඹ ගිහින් ඔය දියුණු වෙලා ඉන්නේ..හරි ගුනවත් මහත්තයා...ඒ මහත්තයා අර අසපුව සංකල්පයත් එක්ක එකතු වෙලා රට පුරාම පන්සල් හදනවා..ඒත් ඒ මහත්තයාට කවදාවත් වෙහෙරක් හදාගන්න බැරි උනාලු..ඉතිං ඒ මහත්තයාට ආසයිලු මහත්තයාගේ පන්සලේ වෙහෙරක් හදන්න..මහත්තයා අවසර දෙනවානං අපට වෙහෙර හදලා දෙන්නං කිව්වා මාස තුනෙන්..!රුවන්වැලිසෑ අනුරුවක්ලු හදන්න ආසා..."

"ගුනසේන...මිල්ලගස් ආර මගේ පන්සලක් නෙවෙයි..ඒක ඔයගොල්ලන්ගේ පන්සල..මම ඒක හදන්න උදව් කලා විතරයි...අනික ආසාව කියන එක දුරුලන්න නේද අවශ්‍ය...කොහොම උනත් ගමේ මිනිස්සුන්ට ඕනි නම් වෙහෙරක් හදන්න ඒකට මගෙන් අවසර ඕනි නෑ....!"
වැලි මලුව අද ගල්කුඩු දමා ලස්සන කර ඇති ආකාරය...

අට විසි බුදු පිලිම රැගත් බෝධිගරය සහ රුවන්වැලිසෑ අනුරුව...

එයින් සුමාන දෙකතුනකට පසු අර නිසංසල ධර්මායතනය යට කරගෙන අඩි 30ක් උස රුවන්වැලි සෑයේ අනුරුවක් ගොඩනැගීම සත්ගුනවත් නාවල් කුෂන් අධිපතිතුමා විසින් ආරම්බ්භ කොට මාස තුනකින් කොත් පළඳවා විශාල නාම පුවරුවක්ද කාටත් පෙනෙන සේ සවි කොට උත්සවයක් පැවත්තුවා...මා සහභාගි වු තවත් අනාථනාථ උත්සවයක් උනා එය..අඩුම ගනනේ ඔහු එයට පැමිනියෙවත් නෑ..නමුත් වෙහෙරෙහි තැන්පත් කිරීමට විශාල මුදල් සම්භාරයක් වියදම් කර ධාතුන්වහන්සේලාද අටවිසි බුදු පිලිම තබා බෝධිගරයක් සෑදීමටය කියා මුදල් ද එවා තිබුනා...!
පැරණි ගෘහනිර්මාන ආරට සෑදූ බුදුගෙයට මුහුණදා සෑදූ බුද්ධා ශෝරූම් එකේ සුදු යකඩ වැට මරු නේ..!

ඉන් මාස දෙකකට පසු, මුලින් සෑදූ අතීත ගෘහනිර්මානයට නෑකම් කියන බුදුගෙය ඉදිරියෙන් සුදු යකඩ වැටවල් වලින් වටවු බුදු සාදු ශෝ රූම් එකකුත්, ඝංඨා කුලුනකුත්, දොලොමහේ පහන් දෙකකුත්, රාජසිංහ රජ්ජුරුවන්ගේ සිංහාසනය වැනි හෙන ලොකු බණ පුටුවකුත් කාමර පහක ආවාසගෙයකුත් හැදීමට වෙහෙර පිටුපසින් පැමිනි අවුරුදු 39ක් වයසැති කහ සිවුරක් ඇඳ සිටිනා මනුස්සයා සමත් උනා....මේ හැම දේම කරන්න ඔහු පාවිච්චිකරන්නේ මේ ගැමියන්ගේ තියෙන අහිංසක කම...පිටින් ගොස් මා ඇර් දුන් ඒ ගැමියන්ගේ ඇස්වලට ඔහු උත්තර හොයාදෙන්නේ අපි අද දවසේ දකින පොප් බුඩිසම් සංකල්පයෙන්....!

අද එම නිස්කලංක භූමිය මටනම් පෙනෙන්නේ පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් වෙළදාම සිදුවෙන ගොඩනැගිලි වල ඇති කලබලාකාරි ස්වභාවයයි..

කහ සිවුරු දරා සිටින්නාට අවුරුදු 39ක් කියා මා දන්නේ කොහොමද....?



අහිංසක පොඩි සාදු...!



එයත් මා තවත් සිත් අමාරුවකට පත්කල සිදුවීමකි...!

සුපුරුදු පරිදි දින දෙක තුනක කොළඹ මහන්සිය දැනෙන විට මා ගොවිපොල වෙත රැගෙන යයි..ඒ යන අතර තුර මා හාට මිල්ල ගස් ආර හරහා යාමට නැතත්, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කල යුතුයි. මීට මාස හතර පහකට කලියෙන්, මා එසේ ගමන් කරන විට, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කොට සණස බැංකුවේ වංගුව ගත් (මෙය ඉතා පටු පාරකි ) රංජිත්, බරාස් ගා වාහනය නැවත්තුවේ මා මොනාදෝ කොට කොටා සිටින විටකයි....!

අප ඉදිරියෙන් පාර බ්ලොක් වී ඇත්තේ පාර දිගේ පෙල ගැසෙනා පෙරහරක් නිසාවෙනි...මල් බයිසිකල් (මේවාට මම නම් හරිම ආසයි...) , තරුණ තරුණියන්ගේ සැදුම්ලත් නැටුම් කන්ඩායම්, බෙර කරුවන් ඒ මදිවාට අටපිරිකර අතින් ගත් උපාසක උන්දැලා සමූහයක් ආදී වශයෙන් මම පෙරහර කියවිමින් සිටින විට රංජිත් කිව්වේ පන්සලේ කඨිනේ වෙන්න ඇති කියාය..ඒවිටයි මා දුටුවේ පෙරහෙරෑ මුලින්ම දිග ඇරෙන ඩිජිටලි ප්‍රින්ටඩ් බැනරය.....!

....අති පූජ්‍ය, අරක මේක..පන්ඩිත..අරහේ මෙහේ අර බෝදි මේ බෝදි මහා පන්ඩිත මොකාද කියන එකාගේ තිස් නම වැනි උපන් දිනයට ආසිරි පතා මිල්ල ගස් ආර ධර්මායථනයේ පැවැත්වෙන මහා පින්කම...
වැනි පාටයක්...

කඨිනේ නෙවෙයි රංජිත්...මිල්ලගස් ආර පන්සලේ හාමුදුරුවන්ගේ බර්ත්ඩේ පාටිය....!
අපි යං...!

විශ්‍රාමලත් විදුහල්පති පරලෝසැපත් පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාට නිවන් සුව ....!
එච්චරයි.......!

40 comments:

  1. ඔයානෙ මුලිංම වැඩේ කාල තියෙන්නෙ ...
    "එහෙම කොහොමද යකෝ මං හදපු පංසලේ එක එකා ඇවිල්ල රඟන්නෙ ... බැකෝ එක ගෙනල්ල පෙරලනව දැනගනිං" කියල කිව්වනං හරි ...
    දැං ඉතිං ඒක තවත් බිස්නස් ශෝරූම් එකක්ම තමා ...

    ReplyDelete
    Replies
    1. බැකෝ එකේ මහේශ් ආගිය අතක් නෑ....මුද්දා කියන දේ දහස් වාරයක් හිතට ආවා..ඒ උනාට ජනේරුවට යනකොට ශෝරූම් එක තියෙද්දී බුදු ගෙයි පන්සිල් දෙනවා කහරෙදි මෑන්ස්...ඒකෙත් හැටි ඇත්තටම...!

      Delete
    2. ඔය බැකෝ එක දවසක් ඔය වාගේ වැඩකට තංගලු යනවා මං නොහිටින්ඩ

      Delete
  2. හෙක්.. හෙක්.. මුලින් පොඩියට පටං ගන්න පන්සල් ගොඩක් අන්තිමේ නවතින්නෙ ඔය වගේ සිටි සෙන්ටර් වෙලා තමයි.
    අන්තිමේ ඕව හදන්න මුල් වෙච්ච මනුස්සයන්ට අනේ අනිච්චං කියන්න තමයි වෙන්නෙ.
    ඩෝන්ට් වොරි චෙෆා බී හැපි. හැක්..

    ReplyDelete
    Replies
    1. අයෑම් ඕල්වේස් අ හැපි මෑන් නේ බොස්..සෝ නෝ වොරීස්...අයි විල් බි ඕකේ..තෑන්ක්ස් එනිවේස්....!

      Delete
  3. සරස තුමාත් දැන් නහින දෙහින කාලේ නේ කියලා පන්සලක් වත් හදා දෙනවා කියලයි හිතන් උන්නේ...


    ඔහෙගෙ කතාව අහලා ඒක එපාම වුනා හිටන්... ඒ සල්ලි වියදම් කොරලා බාර් එකක් දානවා!

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම කලා නොව මම තුමා..එහෙනං..!

      Delete
  4. එච්චරයි.......!

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි..!!
      උන්නදෙනිය නෙවී හුන්නදෙනිය හොඳේ...!!
      වෙලාවක යමන් උඹේ අන්ඩර්පාස් එක පෙන්නන්න...!

      Delete
    2. හුන්නදෙණිය පන්සල ලඟ පාර හරහ එකේ ස්ක්‍රිඩ් එක දානකොට මට අයින් වෙන්න උනා.හැබැයි මුල්ම සෙටිනවුට් එක මගෙ. ඔතෙන්ට පොඩ්ඩක් ඇතුලෙ තියනවා හෙණ දිග කල්වට් දෙකක්.. සුපිරිම නා ගැනිල්ලක්.

      Delete
  5. ලංකාවේ අද වෙනකොට බොහෝ පන්සල්වල ඉස්සර තිබ්බ ශාන්ත බව නිස්කලංක බව නැතිවෙලා. ඒවා වෙළඳ මධ්‍යස්ථාන බවට පත්වෙලා. ( ඒත් චෙෆාකි මිල්ලගස් ආරට කෙරූ සේවය අගය කළයුතුයි)

    නිල්ල පිරුණු පැළ ගොයමෙන් සුවඳ හමයි
    රැල්ල සුළඟෙ ගත තවරා සිසිල බෙදයි
    කෙල්ල කොල්ලා හැම ගැමියම දහම දරයි
    මිල්ල ගස්සාර චෙෆ් වෙනුවෙන් සිරස නමයි.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිල්ල පිරෙන ගොයම සුනාමියෙන් කපයි
      සුළඟ තාම ඒ විදියටම හමයි
      දහම කෙසේ වෙතත් උන් හොඳට ඉඳියි
      මා හැමටම කවදත් සිරස නමයි...!!

      ජය....!!!

      Delete
  6. අපි අහිංසකයි කියන්නේ පසුගාමී ගම්වලට, ඒවා නිසංසලයි, මිනිස්සු එකමුතුයි,පෝදාට හැමෝම පංසලේ, කෙනෙකුගේ හිත රිද්දන්න අකමැතියි, හැබැයි ඒවායේ පන්සල්, ඉස්කොලයෝ, සහ රෙස්පෙක්ටඩ් හිටංලා ඒවායේ මිනිස්සු රවටං කනවා මචිවට මිනිසුන්ට නැගිටින්ට ඉඩ තියන්නේත් නෑ. අංකූරෝ ඉන්න ගංවල ඒ සෙල්ලං බෑ, මිනිස්සු ස්වාධීනයි, හැබැයි පොදු වැඩකට ගමේ වැඩකට බල්ලෙක්වත් හොයාගන්න නෑ. මං හැදුණුවැඩුණු ගම අංකූරන්ගේ ගමක්, පුංචිකාලේ ලොවියෝ පමණක් හිටි ගමේ දැන් පඳුරකට පයින්ගැහුවොත්, රජයේ සේවකයෝ රාශියක් සමග ලෝයර්ලාත් කීපයක් විසිවෙනවා, හැබැයි පංසලේ කාමර හතරේ ආවාසෙයි, බෝධියයි, තව මුල්ගල්, බවුන්ඩේසං කැලි හත අටකුයි විතරයි. අල්ලපු ගම හරිම පිංවන්ත ගමක්, තඩි පිරිවෙනක්, අතිබලවත් මරණාධාර සමිතියක් තියනවා, පලාතේ උසම පිළමෙත් හදාගෙන යනවළු, හැබැයි ගමටම ගොවියෝ හැරුණුවිට රජයේ සේවකයෝ කියලා අතලොස්කුයි, ගම්බට්ටෝ රාශියනුයි විතරයි ඉන්නේ, ඒ ගමේ කෙනෙකුට ඔළුව උස්සන්නම් අනෙක්වුන් ඉඩ තියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පසුගාමිත්වය සබ්ජෙක්ටිව් ලස්සන වගේ...
      මම නිර්ව්‍යාජ ගැමිකම බදාගෙන හුස්ම ගන්නෙක්වෙච්චි..
      ගම දියුනු විය යුතුමයි ඒත්...
      නිර්මල අධ්‍යාපනය පමනක්ම ගම ර්අක ගනීවී කියනාතැන නොව ඇණේ මේ මම ඉන්නේ...!

      Delete
  7. බුදු ෂෝ රූම් රත්තරනෙන් හැදුවත් පිටගංකාරයා පිටගංකාරයමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට මගේ නාමෙත් වැදගත් ගමකට..නාමේ කීවේ වාසගමට...දන්නවනෙ මොකක් ගැනද ඒ කිව්වේ කියල....:)

      Delete
  8. ම්ම් ඉතින් ඔහොමලු උනා කියන්නේ.ඇත්තටම දැන් කොහෙද පන්සලක් කියල කියන්න පුලුවන් පන්සල් තියෙන්නෙ ? හැබැයි ඉතින් මොනවා උනත් ඔබ කල මේ දේ අගය කල යුතුයි.අනුන් හදපු දේකට හරි බලෙන් නම ගම ඔබ්බ ගන්න යන බොහෝ අය ඉන්න රටක ඔබව අගය කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. මේ සංසාරේදි එහෙම වෙන්නේ නෑ සොඳුරු....ඒ කිව්වේ අගය කිරීම වගේ දේවල්...ඒ වගේ චේතනාවන් මේ කර්තව්‍ය කෙරෙද්දි මගේ හිතේ අහලකවත් තිවුනේ නැති එකම මට මාව හොයාගන්න උදව් උනා...!
      හැමෝම මාව අතඇරපු වෙලාවක ඈත අහස දිහා බලාගෙන හිතන්න දේවල් විතරමයි මම කරල තියෙන්නේ..ඒ ඇති මට...අපිට මිනිස්සු හදන්න, රටවල් හදන්න බෑ..අපි හැදුනාම ඒ දේ වේවි කියන තැන නොව මේ මම ඉන්නේ ඉතිං...!

      Delete
  9. මම යන්න ආසම තැනක් පන්සල්. ඒත් අන්තිම කාලේ නම් නොයන තරමටයි කැමති. ඒ අර හිඟන පෙට්ටියි කීයක් හරි දුන්නම නෝනා ලයිට් බිලත් තියෙනවා එහෙම නැත්නම් වෙහෙරේ ධාතු තියන්නත් ඕනේ හෝ මොකක් හරි එකකට සල්ලි බලෙන් ඉල්ලීම. ඒ ඉල්ලීම කිසිම අවුලක් නෑ වැඩකට ඇති දෙයක් නම්. බිස්නස් කාරයෝන්ට සල්ලි දෙන්න පන්සල් යන්න මම කැමති නෑ. මට නොතේරෙන්නේ ඇයි මේ අයට නොතේරෙන්නෙ අමේ කොන්ක්‍රීට් ගොඩවල් වලට වඩා මිනිසුන්ගේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරන්නයි ඕන කියන එක.

    ඔබට හිතුන හිතෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑඅ. ඕනේ තරම් එක වගේ පාඩම් ලැබිලා තියෙනවා මටත්. ;)

    ReplyDelete
    Replies
    1. කොහෙන් පාත් වෙච්ච ආකල්පද අප්පා මෙව්වා...ඇයි අපිට විතරක් මෙහෙම හිතෙන්නේ...?

      Delete
  10. ඇයි බං මාව එක්කන් ගිහින් මහණකරලා පන්සල මට බාරදුන්නේ නැත්තේ. එහෙනම් උඹට අද මේක ලියන්න වෙන්නේ මෙහෙම නෙමෙයි. දෙන්නම මහණ...

    ReplyDelete
    Replies
    1. අන්නේකනේ. එහෙනං පංසලේ බාර් එකක් එහෙම ඇරල මේ වෙනකොට. හැක්..

      Delete
    2. එකම එක දවසක් මට අර කහ සිවුරු තැනව හම්බුනාම කිව්වා අර ගුනසේන මහත්තයාව මහණ කරගන්නය කියලා...අපසාදේ අරූ ව මහණ කරගන්නය කියලයි කියන්න තිබුනේ..එහෙනම් මටත් ලේක් ෆ්‍රන්ට් යන ගමන් ගිලන් පස එහෙම සප්පායම් වෙන්න තිබ්බනේ....!!

      Delete
    3. මෙහේ ඉන්න මගේ යාලු මල්ලියෙක් මට කියනවා....අයියේ මේවා දමලා ගහලා වරෙන් යන්න ලංකාවට...ගිහින් දේවාලයක් අරන් කරමුලු.

      Delete
  11. ඒ දවස් වල පන්සලට පත බුදු පිළිම ගන්න ඕන කියල.. (මේ හරිම දුප්පත් පලාත් වල.. )කියන කොට අපි උන්ට බනිනවා. මොකද යකෝ කන්න නැති උනාට අඩි හයක් මැටි ගෛාඩකට සල්ලි වියදං කරන්නේ කියලා. දැන්නං කියන්නෑ ඒවා.. අම්මියෝ අයිසිසිල හොදයි.. මේවා ආකල්පයමය ප්‍රශ්න චෙෆා.. රැල්ලයි, සෝබනයයි දහම කාලා ඉවරයි.. බුදුන්ය කියල මල මගුලකට වදිනවයැ ඔය තරං.. දෙයියනේ කියල උන්නාන්සේ කිව්ව දෙයකින් ටිකක් හරි තමන්ගේ ජීවිතේට ගැලපෙනව නං අන්න ඒ ටික ඇප්ලයි කරගෙන හිටියම මදෑ.. ගං වල බුදු සසුන ගැන ඉතිං කියල වැඩක් නෑ.. හැක්.. නිල් කැටේ..

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන්නේ තලේබාන් බුද්ධාගමනේ දේශෝ..ඒකයි ඔය..!!

      Delete
  12. කලින් පෝස්ට් එකේදි මට ඇහැ ගියේ බුදු මැදුර වටේ තිබ්බ සුදු යකඩ වැටට. පූරාණ විහාර ආකෘතියට කොහෙද සුදු යකඩ වැටවල් කියල අහන්ඩ ගිහිල්ලත් , පව් සිද්ධ වෙයි කියල ඇහුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කෝ ඩබල්. ඒක පැය කීයකින්ද බං එන්නේ..

      Delete
    2. ඔය ශෝරූම් එක දැක්කේ හැදුවටත් පස්සේ..ගමේ අයට ඇස් ඇරුනේ පිටගම් කාර නිල් මැනික නිසා...හුහ් කියලා හැදුවලු සුදු යකඩ වැටකුත් දාලා ඉස්සරහින්ම ශෝරූම් එක...ඒක නෙවෙයි වැඩේ, දොලොස් මහේ පහන් දෙකයි, තව චූටි බුදුමැදුරයි මේ දවස්වල හදාගෙන යනවා තට්ටු දෙකේ බිල්ඩිමක්..මොකටද කියල ඇහුවාම කිව්වේ නැද්ද දහම පාසලටය කියලා....ධර්මශාලාව හිස්....හපොයි...!

      Delete
  13. පන්සල් ඉඩමේ ඉඩ කඩ පොඩ්ඩක් තියෙන නිසා ඔය ගානින් හරි බේරුණා...
    නැත්තන් ලබ්බේ තොවිලේ වගේ තියෙයි නේද...

    ReplyDelete
    Replies
    1. ඉඩ තමයි..ගිහින් බලහන්කෝ..සාඩින් ටින් එකක් වගේ දැන්..වෙලාවක යමන්කො මාලු අල්ලන්ත් එක්ක..පෙන්නන්නං ඉඩ...!

      Delete
  14. ගමේ මනුස්සයෙකුට දෙන්නෙකුට ගෙයක් දොරක් හදා දුන්නා නම්.. අඩු ගානේ හිතේ වත් සතුටක් තියෙයි...

    ReplyDelete
    Replies
    1. හැදුව නේන්නං ගෙවල් තුනක්ම....දුක නැත්තේ ඒවයෙ ඒ මිනිස්සු තාම ඉන්නවා....!

      Delete
  15. //වැලි මලුව අද ගල්කුඩු දමා ලස්සන කර ඇති ආකාරය..//

    මේ පාර අපේ හාමිනේලගෙ ගමේ පන්සලට ගියා. වැළි නෑ, තනිකර ඉන්ටලො. බලො ජරා කරනවලු. අනේ මන්ද බන්.

    //පැරණි ගෘහනිර්මාන ආරට සෑදූ බුදුගෙයට මුහුණදා සෑදූ බුද්ධා ශෝරූම් එකේ සුදු යකඩ වැට මරු නේ// මන් ඒත් කලින් ලිපියෙ පින්තූරවල මේ වැට දැකල හිතුව යකෝ මූට අමු කැවිලද කියලත්.


    අන්තිමට, උඹ මේ ධර්මායතනෙ හදල ලැබුන හිතේ සතුට දිගටම තියා ගන්න ඕන නම්, ඒක අමතක කරල දාහන්, නැත්තන් අපරාදෙ. එතකොට අර තරුණ නළුවෙක් මැරුණම ඒ සුන්දර රූපය හිතේ තියෙනව වගේ ඕක හැමදාම තියෙවි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බොහෝම ස්තූතියි ඉවසීමෙන් කියෙව්වට....!

      Delete
  16. හාමුදුරුවො ගම කාල තියෙන්නෙ.

    ReplyDelete
  17. චෙෆා අයියගේ බ්ලොග හම්බුනේ අහම්බෙන්. මිල්ලගස් ආර ගැන සෙට් එකම කියවලා කම්පනා කරා කවුද අප්පේ මේ බුවා කියලා..තව ටික දවසකින් පන්සලේ වැලි මළුව ටයිල් කරලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ අප්පා මේ ඉන්න සිවුරු වෙළෙන්දොත් එක්ක...ඕක කරද්දී වාස්තු බලලා කරා නම් ඔහොම වෙන එකක් නැති වෙන්න තිබ්බා...

    ඒ අතින් දෙයියනේ කියලා මම ජිවත් වෙන අවුරුදු 18ක්ම පුරාවට මගේ ගම වෙච්ච කොට්ටාවේ පන්සල මතක් වෙනවා..පන්සලේ ඉඩම සැහෙන්න ලොකුවට තියෙනවා..සල්ලි පනම් යාන වාහන කියලා මහා ලොකුවට ඇත්තෙත් නෑ බිස්නස් කාරයෙකුත් නොවෙන නිසා පන්සල් ඉඩම තාම 8/10 විතර පිරෙන්න ගස්කොලන් විතරක් ම තියෙනවා..මේ අවුරුදු 17 පුරාවටම කලේ ගරාවටිච්ච දානශාලාව කඩලා අලුතින් ආවාසයක් එක්ක දානශාලාවක් හදපු එකයි දහම්පාසලේ පොඩියට තිබ්බ මඩුව වෙනුවට ඉඩකඩ තියෙන ශාලාවක් පන්සල් ඉඩමේ මායිමක ගිහියෝන්ට කිට්ටුවෙන් හදලා දීපූ එකයි විතරමයි. අපේ තාත්තයි දායකයෝ ටිකක් දෙනෙකුයි එකතුවෙලා ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවලා ප්‍රාකාරයක් බැඳපු එක ඇරුනහම පන්සලේ මොනවත් විචචුරණ වැඩ කරන්න දායකයෝ වුනත් හාමුදුරුවොන්ව පෙළඹවන්නේ නෑ. ඇත්තටම කොළඹින් පිට ගම ගැන දුක හිතෙන්නේ ගමේ දවසක් දෙකක් ඇතුලටම කිඳා බැස්සට පස්සේ තමයි..

    දුක මේ විදියට හිතන පරම්පරාව ඉක්මනටම මේ රටේ ඉන්න බැරිවෙන තත්වයක් හැදෙන එක..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා....!!!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....