Friday 18 November 2016

මානි නම් වූ ඈ..!




ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ 
රතු ජම්බු ගහ මුල
බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන
බලාසිටි ඒ පුංචි අවදියේ
ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත්
දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා
අදවගෙ මට මතකයි  නගේ

රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත්
 ඒ පුංචි අවදියේ
නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින්
මා නෙතු අද්දර කල එබිකම්
 අද වගේ මතකයි  නගේ

කප්පරක් වංගු පසුකර 
ගෙවුන ජීවන මගේ
මහමෙරක් බර ඇද්ද ඔය දෑත
මා දෑත් වෙලාගත් අද සැන්දෑවේ
බුමුතුරුණු ගොරෝසුවට දැනුනත්
ඔය දෑස තාමත් 
ආයාචනා කරයි මාහට


දෑත දිගුකර වඩා ගන්නැයි කියා..!

හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....!


43 comments:

  1. //හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....! //

    මම හිතුවේ අදට අවුරුදු හැත්තැ එකක් කියලා හිටන්!

    ReplyDelete
    Replies
    1. හැත්තෑඑක හතලිස්පහෙන් අඩුකරගන්න කැල්කියුලේටරයක් හොයාගන්න බෑ මේ කැලේ..ඔබතුමාම ගාන හදාගත්ත එක කොච්චර දෙයක්ද...!!!

      Delete
  2. එ සුන්දර ළමා විය මොන තරම් සුන්දරද ?
    ඔබ තුල ඉන්නා ඒ සුන්දර මිනිසා ඊටත් වඩා සුන්දරයි

    ReplyDelete
    Replies
    1. ඈ තාමත් සුන්දරයි සහෝ..සත්තකින්ම..ඇවැස්ස නෑනා වෙච්චි...හ්ම්ම්ම්...!
      ජීවිතේ සුන්දරයි අප සුන්දරනම්..නැද්ද...?

      Delete
    2. ඇවැස්ස නෑනා හැමදාම සුන්දරව පෙනීම නම් පුදුමයක් තමයි.. චෙෆාකිට තාම සුන්දරව පේනවා කියන්නේ අපි ගැන කුමන කතා ද හෙහ් හෙහ්..

      Delete
    3. ඇයි පැතුම් මම නාකි නිසාද...:( ?

      Delete
  3. Replies
    1. වැට කොටු නොතිබුනු ඒ අතීතය .....!

      Delete
  4. ඊලග කවිය දං කඩන්ඩ ගිය එක ගැනද

    ReplyDelete
    Replies
    1. දං කැලේ අපි චිත්තරපටි රඟපෑ හැටි ලියන්න ඕනි...උඹ මාව අවුස්සනවා වැඩියි..උඹ අරූව අවුස්සලා අන්න බෑඩ් පෙරේරාව මස් කරනව අඩවියේ...!

      Delete
    2. බදා දෑත් ගෙල රැඳෙනා
      එදා මතක සිහිවෙමිනා
      මෙදා සතුට රැව් දෙමිනා
      සදා රැදෙයි නෙත් තුටිනා......

      ජයවේවා!!!

      Delete
    3. ඈ නෙතු ගැටෙනා
      මා හද දැවෙනා
      සොඳුරු අතීතෙක මතක බිඳු
      දෝරේ ගලනා....

      Delete
    4. ///////..උඹ අරූව අවුස්සලා අන්න බෑඩ් පෙරේරාව මස් කරනව අඩවියේ...!/////////////

      මේ ***ත් එක්ක බැහැ ශෙෆෝ.

      Delete
  5. මෙහෙම ඇත්තටම වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ Chef-Archi ගේ බ්ලොග් එක කියවනකොට.. මටත් මේ වගේ කියන්න කතන්දර තිබුණා නම් කියලා (ඉරිසියා)හිතෙනවනෙ....

    ReplyDelete
    Replies
    1. ඔබතුමී අපිල ඇත්තෝ වගේ ජීවිතේ හැන්දෑවරුවට කිට්ටු වෙනකොට හිංගල ඉන්ගිරිසි පටල පටල මේව්වා වගේ ඒවා ලියාවි ජීවිත අත්දැකීම් වලින්..
      හැබැයි අපිල එතකොට වලපල්ලේ නිසා හීන් ඉරිසියාවක් අපිල ඇත්තොටත් දැනේ...බොරු නේ...නෑ ඇත්තටම..!

      Delete
  6. මෙක නං මටත් තේරුංගන්ඩ පුලුවං ලස්සන කවියක්........
    අර 45ක් කිව්වෙ ස්කූල්අවුට් උනාට පස්සෙ වෙන්ඩ ඇති නේ ..??

    ReplyDelete
    Replies
    1. හොඳයි තේරුම්ගත්තා නං...!
      ස්කූල් නෙවෙයි යකෝ කැම්පස් අවුට් උනාට පස්සේ...!

      Delete
  7. අපිට ඔහොම අය හිටියේ නැහැනේ...

    ReplyDelete
    Replies
    1. අපිලටනං දැනුත් ඉන්නවා...:)

      Delete
  8. හෙහ්.. හෙහ්.. නියමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..තැන්කූ...!

      Delete
  9. ගං දෑළ කෙකටියා මල් සුවඳ හමනවා
    දණ්ඩි පැටවුන් තාම ගං දියේ නටනවා
    බෝවිටිය දං පේර ඔඩොක්කුව පිරෙනවා
    රතු පාට පුංචි තොල් දම් පාට ගැහෙනවා

    කිරි කෝඩු හිනාවට තුන් හිතම පිරෙනවා
    දැලි රැවුල අගිස්සෙන් හුරු සුවඳ දැනෙනවා
    වෙළ නියරෙ වැව් බැම්මෙ පෙම් පුවත මැවෙනවා
    ඒ හෑම සුවඳක්ම නෙතු පියා විඳිනවා

    තාම පෙර පුරුද්දට වැව් දියට එබෙනවා
    නුඹෙ කෝල හිනා වත දිය මතින් මැවෙනවා
    අපි දුරස් වූ අරුම තාම හිත අඬනවා
    මං තාම වැව් බැම්මෙ නුඹ එතැයි බලනවා

    ReplyDelete
    Replies
    1. කෙකටියමල් දණ්ඩි පැටව් බෝවිටියා දං පේර
      කිරිකෝඩු හිනා දැළිරැවුල වෙල් නියර වැව්බැම්ම
      පෙරපුරුදු කෝල හිනා
      තුරුල් කරාන හඬනා මා හිත
      අවදිකලේ ඇයි මේ හැන්දෑවේ

      Delete
  10. කාලෙකට පස්සෙ මෙදා පාර හිංගලෙන් කවි ටිකක් ලියල. අනේ හොඳා.

    ReplyDelete
    Replies
    1. කලකට පස්සේ මම මමම වෙලා කියල අම්මපා මටත් හිතුන හැලපේ...
      දැන් හරියාවි....
      හේතුව හම්වෙච්ච වෙලාවකම දෙසාබාන්නංකෝ...!

      Delete
  11. මිඩ් ලයිෆ් ක්‍රයිසිස් අහවරයි වගේ....:)

    මේක නියමයි...

    ReplyDelete
    Replies
    1. මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කෙසේ වෙතත්, මිඩ් වයිෆ් ක්‍රයිසිස් එකනම් අහවරයි..!!

      නියමයි නං නියමයි...:)

      Delete
  12. හැම වැදගත් අවස්ථාවකදිම ඔය නෑනලා අර පුරුදු හිනාවත් මූණෙ දාගෙන ළමයි බමයි මේච්චල් කොරන හැටි බලන් ඉන්න එපැයි.. පුච්චේ... ජීවිතේ..
    ජයවේවා..!!

    ReplyDelete
  13. මමත් හිතෙන් ආපහු ගියා 1970 ගණන් වලට.

    බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වැඩේ අතිසාර්ථකයි...
      තැන්කූ විචා...!

      Delete
  14. ලපයි සිපයි කාලේ සුන්දර මතක...

    ReplyDelete
    Replies
    1. දැන් කියලත් වෙනසක් නෑ..ලපයි සිපයි...!

      Delete
  15. මේ කවිය ලස්සනයි..

    ReplyDelete
  16. පුංචි අවධියේ කරපු එව්වානම් හරි නෑ

    ReplyDelete
    Replies
    1. අනේ රොමාරස්...පුංචි හිච්චි කාලෙදිනේ ඉතිං....අහිංසක නේ...පව් ඔහොම කියන්න එපා...!

      Delete
  17. නියමයි බං ශෙෆෝ...හීනියට කිතිකැවෙන විදිහට මතක අවුස්සනවා. අඩියක් ගහලද ලිව්වේ. මටනම් රසට දැණුනා.

    ReplyDelete
    Replies
    1. අඩියක් නොගහා ලියන්න පුලුවන්ද කියලයි බැලුවෙ....කිතිකැවුනා නං එච්චරයි..:)

      Delete
  18. හරිම සුන්දරයි මේ පද පෙළ

    ReplyDelete
    Replies
    1. සුන්දරයි ඒ අතීතයත්....!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....