Thursday 3 September 2015

මහත්මියන්වූ මෙනෙවියන්.......නොහොත් අද කාලේ පිරිමි...



www.imgkid.com



අපේ ඔෆීසිය තියෙන්නේ නගරයෙන් ටිකක් වෙන්න එපිට බස් නොයන පාරකින් හැරිලා ගිය සුන්දර පරිසරයක නිසාත්, බොසා පිස්සෙක් නිසාත්, අපිට නීතිරීති තියෙන්නේ එකයි නැත්තම් දෙකයි.
එකක් තමයි හරියට තමන්ට බාර වෙච්ච රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටුකරන්න ඕනි. දෙවෙනි එකත් මටනම් තේරෙන විදියට පලවෙනි එකම තමයි.

ඔය වෙන ඔෆීසි වල වගේ ඩ්‍රෙස් කෝඩ්, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර්ස් එහෙමටම නෑ, ඒත් තියෙනවා
අපිම හදාගත්ත නීති රීති වලින් අපිම දුවන්නේ. නීති නැති උනාට පිස්සන් කොටුව වගෙත් නැහැ, මොකෝ ඔක්කොම ප්‍රොෆෙෂනල් බුවාලා ඉන්න නිසා වෙන්නැති. අපි හදා ගත්ත එක නීතියක් තමයි අපි උදේ 9 ඇවිත් හැන්දෑවේ පහමාරට යමු සහ දවල් දොලැහේ විතර ඉඳන් දෙක හමාරවත් වෙනකන් දවල්ට කමුය කියන එකයි, බොසා ඔෆීසියෙ ඇතුලේ සිගරැට් බිව්වට නහය අකුලනොගෙන ඉමුය කියන එකයි.

අපි ඔන්න ඔහොම අපේ ඔෆීසිය දැහැමෙන් සෙමින් පාලනයකරගෙන යනකොට......, තව එක කාරනයක් තමයි, අපේ ඔෆීසියේ ඉන්නේ වැඩියෙන්ම ගෑල්ලමයි, පිරිමියෙකුට කියල ඉන්නේ අපි දෙන්නයිද කොහෙද. පිරිමි ඉන්න ගාන දන්නේ නැත්තේ අපිට වෙලාවක් නැහැ අයව ආශ්‍රය කරන්න, තරමට ගෑල්ලමයි වැඩියි. ඒකට හේතුව බොසා තමයි දන්නව ඇත්තේ කියලයි අපි හිතාගෙන ඉන්නේ.

අපි ඔන්න ඔහොම අපේ ඔෆීසිය දැහැමෙන් සෙමින් පාලනයකරගෙන යනකොට , අපේ ඔෆීසියේ වැඩ කරන මෙනවියන් දෙදෙනෙක් මෑතකදී මහත්මියන් උනා....එක්කෙනෙක්ගේ මගුලට අපිත් සහබාගි උනා. මේ මහත්මියන් දෙන්නාම ප්‍රොෆෙෂනල්ස්ලා. එක්කෙනෙක් බැන්දේ එයාට වඩා වෘත්තියෙන් පහල මට්ටමක රැකියාවක් කරන ඇත්තෙක්, ඒත් සටනක් දෙනවා වෘත්තිමය පැත්තෙන් ඉහලට එන්න විභාග අරවා මෙවා කරලා..
අනෙක් මහත්මියනම් තමාට වෘත්තිමය වශයෙන් ගැලපෙන කෙනෙක් බැන්දාය කියලයි අපට හිතුනේ..
මේ මහත්මියන්, ගෑල්ලමයි වශයෙන් අපේ ඔෆිස් එකට බැදෙන කොටත්, ඉන් පසුව කසාද බදිනතුරුත් බෝඩිං ජීවිත ඉතා සතුටින් ගත කරා කියන එක අප දන්නා කරුනක්. එක ගෑල්ලමෙක්ගේ කොල්ලා, කියන්නේ බඳින්න ඉස්සරවෙලා බෝයිෆ්රෙන්ඩ් වෙලා ඉන්න කාලේ වැඩ කරේ ගාල්ලේ. කොල්ලගේ ගම කඩවත කියමුකෝ, උනාට ගෑල්ලමයගේ ගම දකුනේ, හා වැලිගම කියමුකො.එතකොට කොල්ලා ගාල්ලේ බොඩිමේ, කෙල්ල කොළඹ බෝඩිමේ. කිසි අවුලක් නැහැනේ.

අනිත් ගෑල්ලමයගේ කොල්ලා මීගමුවේ රස්සාව කරපු නිසා එහේ බෝඩිමකත්, ගෑල්ලමයා කොළඹ බෝඩිමකත් සතුටින් ජීවත් උනා.

මේ ගෑල්ලමයි දෙන්නාම හරිම ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොෆෙෂනල් ජීවිත ගත කලේ. කියන්නේ, ඔෆීසියේ වැඩ වලට කිසිම චකිතයක් නැතිව, දුර පලාත් වලට ඔෆීෂල් වෙහිකල් එකේ ඩ්රයිවර් මල්ලිත් එක්ක ගමන් තනියම යන එක, තනියම වැඩපොලකට ගිහින් රාජකාරි කටයුතු කරගන්න එක වගේ නෝමල් දේවල්. වගේම අර ඉස්සෙල්ලා කියපු අපිම දාගත්ත නීතිරීති අස්සේ අපි වගේම වැඩකරන එක වගේ දේවල්.

වැලිගම ගෑල්ලමයගේ කතාව මෙහෙමයි. බඳින්න කිට්ටු වෙනකොට එයාගේ වෙන්න මහත්තයා කොළඹට මාරුවක් හදාගෙන, කඩවත අම්මලාගේ ගෙදර ජීවත්වෙමුය අපි අපේම තැනැක් හදාගන්නකන් කියල ග්‍රිවෙලා බැන්දාය කියමු. කොහොම හරි මගුලට අපි ගියෙත් නැහැද කොහෙද, හේතුව මතකත් නෑ. බැන්දට පස්සේ ආයෙත් නොර්මල් විදියටම මේ මහත්මිය රාජකාරි කටයුතු කරමින් ඉන්නව.

..තව එකක් කියන්න ඕනි..අපේ බොසාගේ ඩ්රෙස් කොර්ඩ් දෙක තුනක් තියෙනව..එකක් අපි වැඩිය දැකලා නෑ මොකෝ ඒක තියෙන්නේ උදේ 9 වෙනකන් විතරයිලු. අනිත් එක එයාගේ සිග්නෙචර් ලිනන් කලිසම් ෂර්ට් සෙට් එක, වැඩියෙන්ම සුදුපාට. අනිත් එක, කියන්නේ තුන්වෙනි එක, කොටකලිසම් ටී ෂර්ට් සහ හම්පටි සපත්තු. ඉඳලා හිටලා අර උදේ එක දකිනවා, සරමකුයි බැනියමකුයි ගහගෙන එයාගේ වම්බටු රාබු මෑකරල් පාත්ති අස්සේ පිස්සු කෙලිනකොට.

ඉතින්, බොසා ඔය උදේ කිට් එකත් ගහගෙන හිටපු ගමන් එනවලු එයාගේ ෆිෂ්පොන්ඩ් එකට මාලු එක්ක සෙල්ලම් කරන්න අපි එන්න ඉස්සරවෙලා. එක දවසක් එනකොට........

මලා....., අර වැලිගම ගෑල්ලමය වැඩලු. බොසා ඉතින් ගුඩ්මොර්නින්ය, අරකය මේකය කියලා ගියාලු මාලුන්ට කතාකර කර කෑමත් දාලා.

මෙතන ඉඳන් බොසාගේ වාහනේ අපි දකුනු පලාතේ වැඩබිමකට අර ගෑල්ලමයි දෙන්නයි, අපි දෙන්නෙකුයි යන ගමන් බොසාගේ සහ ගෑල්ලමයි දෙන්නාගේ දෙබස්...:

තේරුම් ගැනීමේ පහසුවටවැලිගම ගෑල්ලමයට නීලාත්, අනික් ගෑල්ලමයාට නයනාත් කියා කියමු...

බොසා: නීලා මොකෝ දැන් උදේ පාන්දරම වැඩට එන්නේ....

නීලා: (...ඇඹරෙමින්....) සර් මම දැන් ගාල්ලේ ඉඳන් වැඩට එන්නේ....

බොසා: මොකක්..ගාල්ලේ..පිස්සුද..කොහොමද එච්චර දුරක් එන්නේ...කීයටද ගෙදරින් එන්නේ..?????(අපේ බොසාගේ නට් හොඳටෝම ලූස්ය..ඕනෑ නැති දේවල් නිතරම අපෙන් අසයි..)

නීලා: සර්..එයාව ආයෙත් ගාල්ලට ට්රාන්ස්ෆර් කලා..ඉතින් අපි ගාල්ලෙන් ගෙයක් කුලියට ගත්තා, මොකෝ එයාගේ සයිට් එකට ලඟ නිසා...මම හයිවේ ට්රාන්ස්පෝර්ට් එකක් හොයාගත්තා..මාසෙටම 9000 යි ගන්නේ..උදේ පහට ගෙදරින් එන්න ඕනා....!

මේ අවස්ථාව වෙන විට බොසාගේ මල හොඳ එකෙන්ම පැන ඇති බව දැනුන අපි හයිවේ එකේ සේෆ්ටි ෆෙන්ස් එකේ කනු ගනන් කරමින් සිටිමු...

බොසා: (නයනා දෙසට හැරෙමින්..) නයනා ඔය දරුවත් හෙට අනිද්දා කසාද බඳිනවා කිව්වා නේද?

නයනා: ඔව් සර්..ලබන මාසේ 10 වෙනිදා...

බොසා: බැඳලා කොහේද ඉන්න හදන්නේ...නීලා වගේ හයිවේ ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ..?

නයනා: හපෝ නෑ සර්...නිහාල් අයියා කිව්වා අපි මීගමුවට කිට්ටුවෙන් ගෙයක් ගන්නවා කුලියට එතකොට එයාට කිට්ටුය කියලා වැඩට යන්න...බයික් එකට පෙට්රලුත් එයාගේ කම්පැනි එකෙන් දෙනවා සර්...

බොසා: (..නලලේ අත ගසා ගනිමින්..) දැන් නයනා ඉන්නේ පැලවත්තේ නේ...ඉතින් වැඩට එන්නේ නැද්ද බැන්දට පස්සේ මීගමු යන්නේ...?

නයනා: අනේ නෑ සර්..මම දිගටම වැඩ කරනවා...අපි ගාල්ලේ ගෙයක් හදන්න ඉන්නේ..එතකන් තමයි මීගමුවට යන්නේ..ඒත් තව ගොඩාක් කල් යයි ගෙවල් හදන්නත්.....

බොසා: ඉතින් මනුස්සයො..ඔය බත්තරමුල්ල පැත්තෙන් ගෙයක් කුලියට ගත්තනම්, බය්සිකලෙන් ඔයාවත් ඔෆිස් එකට දාගෙන උදේට නිමල් අය්යට බැරිද මීගමුවෙ යන්න. පුදුම දෙයක් නේ මේක...දැන් මේ නීලා එයාගේ මහත්තයාට ලේසියට ගාල්ලේ ඉඳන් කොළඹ වැඩට එනවා, ඔයා මීගමුවේ ඉඳන් එන්න ඕනි කියනවා. ඔයගොල්ලේ ඕක ඩිස්කස් කලේ නැද්ද ඔයාලට පහසු විදිය බලලා තීරනයක් ගන්න ඕනිය කියල..
ඇයි ඔයාල ඔච්චරම ගිවප් කරන්නේ. අපි තරුණ කාලේ කෙ අනිත් පැත්තනේ කලේ. මොනා වෙලාද මන්දා දැන් හැදෙන පිරිමි ලමයින්ට...අනික ගෙදර තියෙන ඔක්කොම වැඩත් කරල උයලා පිහලා කෑම බැඳගෙන එහෙම නේද එන්න ඕනි..ඔහොම මහන්සි උනාම ඔයාලගෙ අවුට්පුට් එකටත් බලපානවනේ...මීට වඩා හොඳට හිතල බලලා කථාකරලා නේද ඔය වගේ තීරණ ගන්න ඕනි....(යනාදී වශයෙන් දිග ලෙක්චර් එකකට අපි සැමටම සේෆ්ටි වැටේ කනු ගනන් කරන අතර කිලොමීටර සීයයක් පමන ඇහුන්කන්දෙන්න සිදුවිය..)

මාස දෙකකට. පමන පසුව, බොසාගේ උදේ කිට් එකෙන් මාලු සමග කතා කර කර සිටින විට නයනාද නීලාද උදේ හතහමාරට පමන වැඩට පැමින ලොකු බත් ගෙඩි දෙකක් ගිල දමමින් සිටිනවා පෙනුන බැව් බොසා කී විට, අප සොයා ගත්තේ, නයනාගේ නිමල් අයියා වෙඩින් එකෙන් පසු, මීගමු ගෙදර කුලියට ගැනීම අතහැර, නයනාව බෝඩිමෙන් අස්කොට ගාල්ලේ ඇති නිමල් අය්යියාගේ අම්මා සහ තාත්තා ලඟ නැවතී වැඩට ඒමට සලස්වා ඇති බවයි.

නිමිත්ත..:
උපේක්ෂා දිගට හරහට ලියාගෙන යන ...කවදාද මේ වැහි වහින්නේ නොදනිම් වෘතාන්තය කියවීම නිසා අප අවට සිදුවෙමින් පවතින තවත් ඇත්ත සිදුවීම් හරහා ලියවුන බැව් කියා තැබිය යුතුය...

143 comments:

  1. දැන් මොකක්ද මෙතන ලියලා තියන කතාව

    ReplyDelete
    Replies
    1. කථාව.....!කවුද කථාවක් ලිව්වේ..,,,?
      හප්පේ මේ වෙච්ච දේවල් ටිකක්....කථාව ලියන්නේ උපේක්ෂා නේ...!

      Delete
  2. මේ බොස්ලගෙත් හැටි.
    පේන වර්ණ පරාසය අඩුවෙන ගානට අනුන්ගෙ මගුල් ගැන කුතුහලය වැඩිවෙනව වගේ

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට පොලිටිකලුත් බ්ලයින්ඩ් නේද බං...!

      Delete
    2. ඔව් ඔව් පොඩි මැන්ටල් ස්වාභාවයක් තියනවලු (ඒත් එයාගෙ සමහර යාලුවන්ට තරම්ම නෑ ලු ) ඒකෙන් ඒතරම් ප්‍රශ්නයක් ඒ මෑන්ටනම් වෙලා නෑ මගෙ හිතේ. ලඟදි මාර ගෝලාකාර ගෝලයො දෙන්නෙකුත් සෙට් වෙලා ඉන්නවලු.

      මාලු එක්කත් බල්ලො එක්කවගේ සෙල්ලං කලෑකිද?

      Delete
    3. //මාලු එක්කත් බල්ලො එක්කවගේ සෙල්ලං කලෑකිද?//
      'අපේ යාළු මාළු ' ෆිල්ම් එක බැලුවෙ නැද්ද ?

      Delete
    4. අර ඩොල්ෆින් කෙනෙකුට මාලුවෙක් කියල තිබුන එකද? නෑ

      Delete
    5. @ Pra Jay බොසා නම් කියන්නේ එයාගේ මාලු සෙට් එක එයාව දන්නවය කියලා...එක මරු මාලුවෙක් ඉන්නවා බොසා පොන්ඩ් එක ලඟට ගියාම උඩ පැනලා පොන්ඩ් එකෙන් ගොඩට එනවා කෑම කන්න..බොසා එතකොට ඌට ආදරෙන් කතා කරල ආයෙත් වතුරට දාලා තමයි කෑම කන්නේ....

      Delete
    6. ප්‍රා , ඒක තමයි.

      Delete
    7. අප්පට සිරි ඒ කියන්නෙ මාලුව ගොඩ පැනල සුවිසයිඩ් කරගන්න වුනත් ලෑස්තී බොස් ? ( නම Darius ද? Leonidas ද? )

      ගෝලයොත් දියවන්නාවටවත් පනී නේද?

      Delete
    8. //"ගෝලයොත් දියවන්නාවටවත් පනී නේද?"// හුටා එහෙම කරන්නත් ඕනද? ගොලයෝන්ටත් සතිපූජා තියෙනවද?

      Delete
    9. Singlish walin beri nisa hetama ennam sinhalenma umbawa balala yanna...

      Delete
    10. ///ගොලයෝන්ටත් සතිපූජා තියෙනවද?///
      කොහොමද වෙනස...

      Delete
  3. අන්න පිරිමි,ගෑනුන්ඩ හෙණ ගැහිලා ගියත් උන්ගෙ ලේසිය පාසුව බලන හැටි ආදර්ශෙට ගන්න වටිනවා.ඒක නෙවෙයි චෙෆාකිගෙ බොස් හරිම සුන්දර මනුස්සයෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. සුන්දරද කියන්නේ හැලපේ මටනම් හම්බවෙච්ච සුන්දරම මනුස්සයා...එකම අවුල පොර හරියට සිගරට් අරක්කු බොන එක තමයි..අපි වෙලාවක මෑන්ස්ව කොටුකරගෙන අවවාද දෙන්නයි කියල ඉන්නේ හිටං....!

      Delete
    2. චෙෆාකි VX බෝතලයක් අරං ලගදිම දවසක පොරව හම්බවෙලා , බෝතලේ පෙන්නලම අවවාදයක් දෙමු . තනියෙන් යන්න එපා අපි එන්නම්.

      Delete
    3. බොසා VX ගහන්නේ නෑනේ දැන්..පොර බොන්නේ DDලු...බ්‍රෑන්ඩ් එක මාරු කරලා..අටමා කිව්වේ...!

      Delete
    4. ගල් බලකායට බන්ද ගන්න බැරිද?

      Delete
  4. ඔය වගේ බොස් කෙනෙක් ඉන්නවා කියන්නෙ වැඩ කරන අයගෙන් උපරිම අවුට්පුට් එකක් ගන්න පුළුවන් කියන එකයි. ඕනවට වඩා හිර කරලා යට කරගෙන වැඩ කරගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඔය ඇත්ත තේරුම් ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කැමෝ බොසා ගැන නෙවෙයි..ඔය ගෑල්ලමයි දෙන්නට බැන්දට පස්සේ වෙච්ච සංතෑසිය ගැන ඔහේ මක්කැයි හිතන්නේ හැබෑට...?

      Delete
  5. මාත් දවසක් ගියා ඔය ඔෆීසියට. ඇතුළුවෙන තැනම බොසා සිගරට් එකක් උර උරා හිටියේ. මෙන්න මටත් දික් කරපි එකක්. මාත් කිසි අදි මදියකින් තොරවම එකක් පත්තුකරං දැන් යනවා බොසා පස්සේ. වංග ගිරිය මැදින් යනව වගේ එහෙට මෙහෙට හැරි හැරි ගියා. ගැල්ලමයි දෙතුන්දෙනකුත් හිටිය වගේ මතකයි. උන් උන්ගේ පාඩුවේ වැඩ. එහෙම ටික දුරක් ගියාම මෙන්න ලස්සන ගෙවත්තකට වැටුණා. සුන්දරත්වයනං කියල වැඩක් නෑ. දියවන්නාව අයිනේ ලස්සන උණ පඳුරකුත් එක්ක ස්තීර බංකු හදල ඒ මදිවට බාබකිව් උදුනකුත් තියනව ඒ අහලම. එවෙලේ දියවන්නාවෙන් අල්ලපු මාලු එතැනම බාබකිව් කරල කාලා පට්ට සුන්දර මොහොතක් ඔය බොසා එක්ක ගෙවල තමා එදා මං ආවේ.
    බොසා සුන්දර සරළ පොරක්. නීති නෑ ම කියන්නත් බෑ මොකද බොසා නීති අකුරට පිළිපදිනවා. නීතය තමා හැමෝගෙම අවුට්පුට් එක පිළිවෙලට තාලෙට ලතාවට වෙලාවට තියෙන්න ඕනි කියන එක. ඒ වගේ බොසෙක් ළග වැඩ කරන්න ලැබෙන එකත් වාසනාවක් තමා. පත්තරෙන් විශ්‍රාම ගිය කාලෙක පියුං වැඩක්වත් ඉල්ලගන්නයි මාත් ඉන්නේ. දවස් දෙක තුනක් දැකල තිබ්බට මිනිහා මාව අමතක කරන එකක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. නලියා එවපන් CV එකක් මගේ නමට ..මම ලොක්කාට දෙන්නම් හොඳ රෙකමදාරුවකුත් එක්කම..මටත් ලකුනු ටිකක් වැටේවිනේ ලොකු පත්තර කන්තෝරු මහත්තේක් අල්ලල දෙනවට...
      නලියා මොනාද හිතන්නේ මේ මහත්මීන් දෙපොලට වෙච්ච දේ ගැන ....?

      Delete
    2. //පියුං වැඩක්වත් ඉල්ලගන්නයි මාත් ඉන්නේ.//

      මටත් හිතුන දෙයක් !!! බල්ලො නාවන්න වුනත් කමක් නෑ. බැරි නම් මාලු හරි නාවන්නම්

      Delete
    3. මහත්මීන් දෙපළනං ලොකු පවක් ගෙවනවා කියලයි හිතෙන්නේ. ඒත් ඒ අඹු සැමියන් අතර මොනවගේ එකගතා තියනවද කියන එක අපි දන්නෙ නෑනේ. ඔවුන් ඔවුන්ටම ආවේනික සැලසුම් ඇති. එනිසා මෙවන් තීරණ ගන්න ඇත්තේ. ඒ ඒ පැතිවල තියන තමන්ගේම ඉඩමක ගෙයක් හදන වගේ සැලසුමක් වුවත් විය හැකියි. දැනට වඩා මෙයින් මේ අය අසිරුවට පත් වෙන්නේ තව ඉදිරියට. ඒ වගේම මෙයාලා බොස්ගෙන් ඉවත් වෙලා තනිවම වැඩකරන්න සැලසුම් කරනවද කියන්නත් බෑ. ඒ හන්දා බොස්ට කයන්න ඒ ගැනත් අවධානයකින් ඉන්න කියලා.

      Delete
    4. නලියෝ..උන් පොඩි ඈයෝ..පාන්දරම ගෙවල් හදනෑක තරම් මෝඩ කමක් මේ ලොවෙත් නැහැ...ගෙයක් හදන්න ඉස්සර තමන් කවුද කියල හොයාගන්න ඕනි...මම මේ කියන්නේ ගෙවල් කීයකට මම දායක වෙලා ඇද්ද....
      බොසා කියන්නේ පටන් ගන්නකොටම ඔහොම පුදන්න ගියාම ඉවරයක් නෑ කියලා..පිරිමි ලමයි අම්මලාට බබ්බු උනාට නෝනලාට නිකන් ටාසන් වගේ ඉන්න එපැයි....

      Delete
    5. අර ලොකු ජිප් එකේ ඩැයිවර් කම මට තියලා ඉතුරු ඕනැ ජොබ් එකක් ගනිල්ලා ., මයෙ මොකෝ

      Delete
    6. පත්තරයා ඇප්ලිකෙෂන් දැම්මේ ගොඩාක් කලියෙන්, මගේ හරහා...බොසා මට පඩිත් වැඩි කොලා ඒ සපෝර්ට් එකට..ඕ යේස්...!!

      Delete
    7. එහෙව් බොසා එක්ක අර ගාඩ්න් එකේ තියං මංඥොක්කයි දංකොටුවෙ හැලි අරක්කුයි ගහපු පොරක් මං.. කෝ ඉතිං මුන්ට තේරෙනවයැ මගෙ වටිනකම. චැහ්

      Delete
    8. මං දැක්කා ගිය සුමානෙත් බොසා මංඥොක්ක හාරනවා..දැන් ආයෙත් අල බැහැලා..වරෙන්කෝ පලතුරු ඉස්ම ටිකකුත් ඇන්න..මම බොසාට කියල පඳුරක් දෙකක් ගලෝල තියන්නං...

      Delete
    9. අපිටත් නිකමට වගේ කියපි ඒ වගේ දවසක්

      Delete
    10. ///අපිටත් නිකමට වගේ කියපි ඒ වගේ දවසක්/// ++++++++++++++++

      Delete
  6. යක්ෂ බුවෙක්.. හයි වේ එකේ යන වෙලාවක කියහං. මං බලාගන්නං කව්ද කනු ගනං කරන කුක් කියලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. කනු ගානත් අමතක උනා බොසාගේ දේසනාව අහන් ඉඳලා....අපි දැන් ඔය දුර ගමන් බොසා එක්ක යන එක අඩුකරලා තියෙන්නේ..අපි බොසාට ඩ්‍රයිවර් මල්ලි කෙනෙක් අල්ලලා දුන්නා..එයාත් බොසා ගැන මර කථා සෙට් එකක් කියනවා, මග දිගට යනකොට වෙන ඒවට බොසා රිඇක්ට් කරන හැටි බේස් කරගෙන..වෙලාවක ලියන්නං...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ හලෝ මකන්නේ...?

      Delete
    2. මම කලිනුත් දැක්ක වගේ මතකයි ඔය ළමයා දාපු කමෙන්ට් එක මකලා ගියපුවා...

      Delete
    3. මැකුවොත් හිරේ කියලා කොහෙද තැනක මං දැක්කා.

      Delete
    4. මල්මීගේ හදිසියට කමෙන්ට් එක එඩිටින් වලට ගිහින්..ඔන්න පල්ලෙහා දාලා ආයෙත්...

      Delete
  8. ඔය බොසාට කියන්න අපේ ලවු පූස වගේ එකෙක් වැඩට ගන්න කියල , ඒක ලංකාවෙ ඕනෙ තැනකට ට්‍රාන්ස් පෝට් දෙනව.
    බොසා උදේට අදින ඇදුමයි , කෙල්ලො දෙන්න කලින් පැමිනීමයි අතරෙ සම්බන්දයක් නෑ කියල මම හිතනව.
    චෙෆාකි ඔය බොසත් එක්ක හොදින් ඉන්න , කන බොන පොර හින්ද අනිවා හිත හොද පොරක් .

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ දෙක දෙක..?
      සමහර විට උදේ ඇඳුම වෙනස් කරයි මේ ලමයි දෙන්න උදෙන් එන්න තියාගත්තොත්...
      මම බොසා එක්ක මාර ෂේප් එකේ ඉන්නේ, මට නොදී පොර කන්නේ බොන්නේ නැහැ...

      Delete
  10. බොසා නම් හොඳයි වගේ තමයි,
    හැබැයි අර රස්සාවේ තියෙන ඩ්‍රෙස් කෝඩ් නැතිකම්, කොට කලිසන් ඇඳන් පටි සෙරෙප්පු දාන එක වගේ වැඩ ඔය මුල් අච්චුවේ සොභාවයක්.
    මුකුත් නෙමෙයි ඒ ඇවිල්ල වෙනස... වෙනස... තේරුණාද. මොරටුව පැත්තේ ගියානම් බලාගන්න පුළුවන් මම මේ කියන වෙනස.
    (දැන්නම් කොහොමද දන්නේ නැහැ, ඉස්සරනම් එහෙමයි)

    ඒ කාලේ මම අපේ වරිගයේ අනිත් උන්ට වඩා වෙනස් විදිහට අඳින, කොන්ඩේ වවන, ස්ට්‍රේට් කරපු පෙනුමෙන් ටිකක් උන්ගේ එකෙක් වගේ වෙලා හිටපු කාලේ මට ඔය කියපු එව්වන්ගේ ගෑණු දරුවන්ගේ ඇල්ම බැල්ම නොඅඩුවව ලැබුනා.
    කොහෙද ඉතිං, ඒ කාලේ අපේ මොළේ තිබිල තියෙන්නේ දැන් තියෙන තැන නෙමෙයිනේ. එකෙක්ව සත පහකට ගණන් ගත්තේ නැහැනේ.

    ඔය ඇනෙක්ස්, බෝඩිම් ගැන කිව්වම මම මගේ සත දෙකක් මෙතනට දාල නොගියොත් හරි නැහැනේ.
    මගේ හාමිනා වැඩ කලෙත් අපේ "ඔළු කන්තෝරුවෙමයි", එයයිට වැඩට යන්න ලේසි වෙන්න ඔළු කන්තෝරුවේ ඉඳල හරියටම කියනවනම් මීටර 100 ක් වගේ දුරින් ඇනෙක්ස් එකක් කුළියට ගත්තා. හැබැයි ඒ අපේ බොසා කියල එහෙම නෙමෙයි.
    මටම හිතිලා. නැත්තං ඉතින් හෙණ ඇණයක්නේ, එයාගේ ට්‍රාන්ස්පෝට් ගැන බලන්න වෙන නිසා කලින් ඕෆ් වෙලා ට්‍රැෆික් එකේ කට්ට කන්න වෙනවනේ... හෙහ් හෙහ්...

    පොඩි එකා හම්බ උනාට පස්සේ ලන්ච් ටයිම් එකෙත් ඇවිත් ඌට කිරි දීල යන්න පුළුවන්කම ලැබුනා ඒ අනෙක්ස් එකේ හිටපු නිසා...
    ඒ මදිවට මුල් අවුරුද්දේ කිරි පැය කියල හැමදාම පැය 2 ගානේ නිවාඩු ලැබෙන නිසා වැඩට යන්නේ 09:00 ට ඕෆ් වෙන්නේ 04:00 ට.
    අන්තිමේදී පොඩි එකාට අවුරුද්දයි මාස අටක් වගේ වෙද්දී හාමිනේ ජොබට තිත තිබ්බා...
    ඔන්න ඔහොමයි අපේ ඇනෙක්ස් කතාව සමාප්ත උනේ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියල හිතන්න එපා ලොකු..බොසා කියන්නේ මාර කට්ටක් කන්න ඕනිලු ඔය ගෑනු දරුවො දා ගත්ත ඈයොන්ට..පක්කලි සර්විස් කරල ඉවරයක් නෑලු...බේරුනා කියල හිතාගං...
      ඇනෙක්ස් වැඩේ කරන්න කියල අද බොසා අර ගෑල්ලමයිට කථා කරල කිව්වලු. උන් දෙන්නා බයේ ඉන්නවා ගෙදර ගිහින් ඕක කියන්නේ කොහෙමයි කියලා....

      Delete
    2. ///අපරාදේ කියල හිතන්න එපා ලොකු..බොසා කියන්නේ මාර කට්ටක් කන්න ඕනිලු ඔය ගෑනු දරුවො දා ගත්ත ඈයොන්ට..පක්කලි සර්විස් කරල ඉවරයක් නෑලු...බේරුනා කියල හිතාගං...///
      අද කාලේ කොයිකත් එකයි...
      එහෙම නොවෙන්නනම් දැන් රට කරවන ඈයොන්ගේ අඩි පාරේ යන්න තමයි වෙන්නේ...

      Delete
    3. අපිට ඉතින් උන් එලිකොරල දෙන අඩිපාරේනේ යන්න වෙන්නේ...නැද්ද..?

      Delete
  11. පෝස්ටුවෙ ලින්ක් එක බස්සාට මේල් කරපු නිසා මං මොකුත් නොකියම මාරු වෙන්නම් නේද?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක බස්සා ක්ලික් කොරොත් කේස් වෙයිද දරුවෝ...?

      Delete
    2. බස්සීටත් ගාල්ලේ සිට මංගච්චන්න වෙනවා ෂුවර්.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ...මොකෝ උඩ එක මැකුවේ...?
      ජබොස්ලාට ලව් කිරීමේ ආදීනව ගැන එකකුත් ලියන්න පුලුවන් හැබැයි එතකොට අපේ බොසා මගේ රස්සාව නැති කොරයිද දන්නේ නෑ මල්මී...
      බොසා කියන්නේ, මේ ලමයි දෙන්නාට කොහොම හරි ගෙදර ගිහින් හස්බන්ඩ්ලාටයි එයාලගේ අම්මලාටයි සජෙස්ට් කරන්න කියලා රෝල් ප්ලේ එකකට...නෝනගේ ගේ ඔෆීසිය ලඟින් ඇනෙක්ස් එකක අරන් (ලොකු පුතා වගේ ) කොහොමද මහත්තයා උදේ පහට හයිවේ ට්‍රාන්ස්පොර්ට් එකේ ගාලු යනකොට..හෙක් හෙක්...

      Delete
    2. කරෙක්ෂන් කොරන්න මැකුවේ.ඔය බොස්ගේ යෝජනාව අර ස්වාමිපුරුෂයන්ගේ පිරිමි කමට අවනම්බුයි.බොසා කියන විදියට කලොත් ඊළගට එන පුශ්න ටික දන්නවද?අනික,
      බොසා නොදන්නවාට ඕක තමයි ලංකාවේ සිස්ටම් එක.

      Delete
    3. පිරිමි කම කොහොමද තමන්ගේ වාසිය ලාබය පහසුව ඉස්සරකරගන්නේ ගෑනු පරානයකට වඩා..විශේෂයෙන්ම තමන් ආදරය කරන බිරිඳට වඩා...ඒක පිරිමි කම නෙමෙයි....ඒක ගෑනු කමක්වත් නෙමෙයි.....ඒත් ඇයි ගෑල්ලමයි ඕවට තර්ක කරන්නේ නැත්තේ..බැන්දට පස්සේ අනාතයි කියන එක ඒකෙන් වෙන්නේ....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  13. පිරිමියෙක් විදියට මෙහෙම පෝස්ට් එකක් ලියන එක පමණක්ම වුවද චෙෆාකිට මගේ ගෞරවය හිමිවීමට හේතුවක් ය.

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වේ තාත්තෙක් හැටියට....මේ පිරිමි ලමයිව මෙච්චර හුරුතල් කරන්නෙත් අම්මලා, ඒකෙන් අවැඩක් වෙන්නෙත් තවත් ගැහැනියකට.....හනේ මන්දා...ලමයින්ව අල්ලා බදාගෙන ලව් කිරීම උන්ට මහා කරුමයක්ය කියන එක නොතේරෙන හැටි මේ ගැහැනු පරානවලට (අම්මලාට..)

      Delete
  14. හෙහ් මාත් දන්න ඔහෝම ඔෆිස් එකක් තියේ. බොසාව දැනගන්න කලින් ඔෆිස් එකට ලව්කලා . ඊටපස්සේ ඔෆිස් එක බොසාගේ කියලා නොදැන බොසාට ලව් කලා. බොසාගේ තේරුම්ගන්න බැරි වැඩක් අල්ලගත්තේ මේකෙන්.තැන්කියු.

    වර්තමාන ශ්‍රී ලංකිය පිරිමි පරම්පරාව එසේය.එසේවන්නට හේතු තිබේ.
    ස්ත්‍රි පරම්පරාව හිතන්නේ ,“එයා නැතිනම් මට මිනිහෙක් අල්ලගන්න බැහැ “ කියාය.

    ReplyDelete
    Replies
    1. “එයා නැතිනම් මට මිනිහෙක් අල්ලගන්න බැහැ “
      ඇත්තම කියන්න මල්මී මෙතන තමයි මුල කියන තැන තමයි මම ඉන්නේත්...
      මකන්න එපා කමෙන්ට්..ඔහේ තියෙද්දෙන්...!

      Delete
    2. නැහැ.මැකුවේ කරෙක්ෂන් කරන්න .අඩන්න දෙයක් වුනත් මට මේ පොස්ට් එකට හිනාව නවත්තගන්න බැහැ. ඒ නිසා හරියට කමෙන්ට් එක ලියාගන්න බැහැ.
      ඔව් එතන තමයි මුල.! මේක තමයි ඇත්ත.

      Delete
    3. මොකෝ හිනා යන්නේ..අපේ බොසාට හිනා වෙන්න එපා...මරු මෑන්ස්...අපි හරි ලව් එයැ‍යිට...අපිනම් ඉස්සරවෙලා ලව්කලේ එයාට..ඊට පස්සේ ටික ටික දැන් ඔෆීසියටත් ලව්ය....

      Delete
    4. මම එයාගේ ලව් එකට කොච්චර අන්ධවුනාද කියනවනම් දැන් කලින් ලව් කරපු ඔෆිස් එක පේන්නැහැ.

      Delete
    5. \\ මම එයාගේ ලව් එකට කොච්චර අන්ධවුනාද කියනවනම්.../// ??????
      ඕකනේ ගෑල්ලමයි එක්ක බැරි..ලව් කලොත් අන්ධවෙනකන් ලව්...බැන්දට පස්සේ ලව් ඩබොල් කොරගෙන වහල් සේවය...මේක නවත්තගන්නේ කොහොමද ඇත්තට..?

      Delete
    6. මේක තනිකරම බොස්ගේ වැරද්ද.
      උත්තරේ “මට පවුල් කැවිල්ල රස්සාකිරිල්ලයි දෙකක් බැහැ“ කියන එක. හැබැයි ඔය දෙන්නගේම කසාද ඉවරවෙනවා එහෙම වුනොත්.මොකද ඔය පිරිමි දෙන්නම කෙල්ලන්ව බැදලා තියෙන්නේ රස්සාව නිසා ,අනික ඕන හැටියකට හැන්ඩ්ල් කරන්න පුලුවන් වීම.

      Delete
    7. මම මේ ඇරියස් එක 2010-2011 කාලේ ඉඳලම දැකල තියෙනවා චෙෆ්...
      ඔබතුමා මේ දකින්නේ මුල් වතාවට වගේ... හෙහ් හෙහ්...

      Delete
  15. මේ ලියුමයි කොමෙන්ට් ටිකයි අඩුම අවුරුදු දොළහකටවත් කලින් කියවන්න ලැබුණානම්.. මෝඩයා වගේ ගෑනිව රස්සාවෙන් අස්කරගෙන තනියම බර අදින්නේ නැතුව ගෙවල් හදන්නෙත් නැතුව අනෙක්ස් වලින්ම ගොඩ යන්න තිබ්බ..
    හයිවේ එකේ යනකොට බොසා එක්ක කතා කරාට කමක් නෑ කල්පනාවෙන් යන්න ඕනි.. ඔෆිසියේ සෙට් එකේ සේෆ්ටි ගැන එහෙම බලන්න ඕනිනම් මගේ යාලුවෙක් ඉන්නවා කියල බොස්ට කියනවද?

    ReplyDelete
    Replies
    1. බොලා ඉතින් කියනදෙයක් අහනවැයි..අනිත් ඈයොන්ට පනින්න පෙර සිතාබලන් කිය කිය සේෆ්ටි ටෝර්ක් දීලා ඉනිමං වල නගිනව ඇස් වහගෙන....!
      බොසා කියල තියෙන්නේ ජොබ් සේෆ්ටි ගැන විතරක් හිතන්නය අනිත් ඒවා කරුමෙට වෙන ඒවාය කියල..ඇත්තද බං..????

      Delete
    2. //ඉනිමං වල නගිනව ඇස් වහගෙන....!// ඇස් වහන් ගියත් කමක් නෑ 'ත්‍රී පොයින්ට් කන්ටැක්ට්' තියෙනවනම්.. හැක හැක හැක.. (ඔහොම තමයි ගොඩක් සේෆ්ටි උන්.. ඇස් වහගෙන හරි කමක් නෑ හෙල්මට් දා ගෙන වැඩ කරනවා නම් කියල හිතන් ඉන්නේ..)

      'කරමේ' හරිනම් 'කරුමේ' වෙනස් කරගත හැකි.. කරමේ = SOP, කරුමේ = Attitude කියල තමයි යාළුවා මට කියුවේ නම්.. :)

      Delete
  16. සෑර් ඒ කෙල්ලො දෙන්නට ආයෙ බඳිනවනං පිරිමි දෙන්නෙක් බඳින්න කියන්ඩ ඈ !!

    ReplyDelete
    Replies
    1. පත්තරේගේ කමෙන්ට් එක බොසාට පෙන්නන්න විදියක් නෑ මොකො අහුවෙනවා බොසා ගැන අරවා මෙව්වා ලිව්වාය කියලා..මටත් අර ව්ඳුරට වෙච්ච දේ වෙන්නේ එතකොට..ඔහේ ආපු වෙලාවකම කියන්න ඒ ලමයින්ට...

      Delete
    2. ඇයි බොටත් අවිවාහක වෙන්න හිතුනද මේ නංගිලා ගැන හිතලා. ;)

      Delete
    3. රංගියෝ ඔයා...

      Delete
  17. ඇත්තටම මේක ශෙපාකි නොලියා වෙන කෙනෙක් ලීව නම් මම පිළිගන්නෙත් නෑ. ඒත් ලියපු කෙනා පෞද්ගලිකවම දන්න හින්දා මේ කතාව මම විශ්වාස කරනවා.

    එක අතකින් මට තියෙන්නේ දුකක්. තව අතකින් තරහක්. දෙගොල්ලම ගැන. මේ කියන සමාජය මේ පිරිමියාව කොයිතරම් පිරිහීමට ලක් කරලද? එහෙම නැත්නම් කම්මැලි කරලද?
    විවාහය කියන්නේ ආදරය මත සිද්ද වෙන සමාජයක කැපවීම කිරීමත් දෙගොල්ලටම භාරයි කියලා මම පිළිගන්නවා. කොටින්ම ඉස්සර වගේ නැතිව කාන්තාව රැකියාවක් කරන එක වගේම නිදහස්ව ජීවත් වීම යන කාරණා. ඒත් වහල් යුගේවත් කාන්තාවන් මේ වගේ දුශ්කර ක්‍රියා කරන්න ඕනේ කියලා නම් මම හිතුවේ නෑ.
    ඇයි මේ කියන පිරිමින්ට බැරි තමන්ගේ ආදරණීය භාර්්යාවට සහනයක් වෙන්න. සාමාන්යෙන් පිළිගත් දේ නේ පිරිමියෙකුට වැඩි ශක්තියක් තියෙනවා කියන එක. ඉතින් ඒ අයට පුළුවන් වෙන්න එපැයි වැඩි කැපකිරීමක් කරන්න.

    අඩු ගානෙ ටිකක් ළඟපාතකින් ගෙයක් හොයාගන්න එක දෙන්නටම සහනයක් වෙන විදියට. නැත්නම් ඉතින් වෙන මොකුත් නෙමෙයි අර කතාවට කියනවා වගේ පැම්පර් බෝයිලා හදන අම්මලාගේ වැරෙද්ද. මෙයිට වඩා වෙන මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. අපි වහල් යුගයෙන් මිදිලාද කියන එක තර්ක කල යුත්තක්...ලාංකික සමාජය තාමත් ඉබි ගමනක ඉන්නේ...නිකම් එබිලා බලන්න සෝෂල් මීඩියා වල යන ඩිස්කෂන්ස් දිහාට...ගෝත්‍රවාදීන් කිය කිය එක එකාට බැන අඬගහගන්නේම අපිමනේ...මම අනිකා ගෝත්‍රවාදියෙක් යැයි කියමින් මේ සමාජයේම සැරිසරමින් අනිකාටත් වඩා වානර වැඩ කරන්නේ...මේ ලමයින්ට මෙහෙම උනේ ඒයාලගේම වරදින් වෙන්න බැහැ..අපේ බොසා මේ ලමයින්ට දුන්න අවවාදේ (අද ) තමයි, මේ ප්‍රශ්නය අද ගෙදර ගිහින් සීරියස් පිට රං ඩු වෙන්නේ නැතිව හස්බන්ඩා සහ ඒ ඇත්තොලගේ අම්මලා එක්ක ඩිස්කස් කරලා හෙට ඇවිත් රොපොර්ට් කරන්නය කියලා.
      තමන්ගේ වෘත්තියට මුල් තැන දීලා මේක හිතන්න, මොකෝ අවුරුදු 10ක් විතර පන නහගන ගත්ත සුදුසුකම් වලට ඔබින රැකියාවක් කොහොමද දෙවෙනි තැනට එන්නේ ජීවිතෙන් කියල හිටං...

      Delete
    2. ඔය සෝසල් මීඩියා ටිකක් ඉස්සරහට ආවම තමයි අපේ රටේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා අපිට ඇත්තටම තේරෙන්න ගත්තේ.
      නැත්නම් අපි කවදාවත් පිළිගන්නේ නෑනේ මේ මිනිස්සු මේ තරම් කුහක, ඉරිසියාකාරයි,අනෙකාගේ දියුණුවට අකමැතියි එහෙම නැත්නම් පොලිටිකලි කොයි තරම් බ්ලයින්ඩ් ද කියලා.

      Delete
    3. මොනවා වුනත් මේ ගෑණු ළමයි අගය කරන්න ඕනේ. සමහරවිට ඒ අය කැමැත්තෙන් කරනවද දන්නේ නෑ නේ. එහෙමත් නැත්නම් ලොකු පීඩනයක් තියාගෙන වැඩට එන්න හිත හදාගන්න එක වගේ හේතු ගැන.
      ඒත් අර බොසාට තිබ්බේ මේ හස්+බන්ඩොල දෙන්නාවම හම්බ වෙලා වැඩිහිටියෙක් විදියට මේක ගැන පොඩ්ඩක් කියන්න. මොනවා වුනත් බන්ඩා* කමට ගැණීයෙක් කියනවාට වඩා පිළිගනියි එතකොට.

      Delete
    4. හපොයි දෙයියනේ කසාද බැන්ද ගමං අර කෙල්ලො දෙන්නගේ දීගේහරවන්ඩද යන්නේ . හෙට උදේට ලොයස්ල හම්බෙන්ඩ යන්ඩ ලැස්තිවෙලා ඉන්ඩ කියන්ඩ බොසාට . ආ ...අද හවසටම ඩොක්ට කෙනෙක් චැනල් කරන්ඩ කියලත් කියන්ඩ ...කෙල්ලො දෙන්නට තැල්මට බෙහෙත් කරන්ඩ

      Delete
    5. බොහොමවිට බොසා ඕක කරයි, ඒකේ අඩිතාලම වෙන්ටෑ අද දැම්මේ...බලමුකෝ හෙට මුන් දෙන්නා මොනාද බොසාට කියන්නේ කියලා...

      Delete
    6. අටමෝ..බොසා කිව්වෙ උන් දෙන්නාම කිව්වලු උන්ට රස්සාව වැදගත් ඒකට මේ විදියට හිතුවෙ නැහැය කියලා..පොරොන්දු උනාලු අද ගිහින් කතා කරලා එක්කො බෝඩිමත ආපහු යන්න නැත්තං ගෙවල් අරන් මෙහේට ඇවිත් බන්ඩාලව බස් එකේ ගාලු අරින්න....නියමයි නේ...
      හපොයි..තැලුම් තුවාල එක්ක ආවොත් මොනා කරයිද දන්නේ නැහැ..බොසා හරි වසයි බං...

      Delete
    7. හෆොයි .... බොසා එක්ක ගුටි කන්න තව කොල්ලෝ දෙන්නද කොහෙද ඉන්නේ ඔය ඔදිස් එකේ. උන් දෙන්නට කියන්න තැල්මට බෙහෙත් අරං තියාගන්න් කියලා

      Delete
    8. /අවුරුදු 10ක් විතර පන නහගන ගත්ත සුදුසුකම් වලට ඔබින රැකියාවක්/

      මේ ෆ්‍රේම් එකෙන් පනින්න බැරි එකයි අවුල. 10 ක් නිසා 50 ක් කාගන්නවා. කිසිම ආගමක් අද්විතිය නැහැ වගේම කිසිම රස්සාවකුත් අද්විතිය නැහැ.

      Delete
    9. සමහරුන්ට වෘත්තිය ජීවිතයමයි....තමන් කැමති ඒ වගේම හැකියාවකුත් ඇති දෙයක් ඉගෙනගත්තම එයම ආගම වෙනවා...මම අත්දැකීමෙන් දන්නවා...මම වෘත්තියෙන් ආකියෙක්, සිරාවට ශෙෆ් වැඩේ කරනවා වගේම කෘෂිකාර්මාර්න්තයත් කොමර්ෂලි කරනවා....ඕනි කෙනෙකුට එහෙම වෙන්න පුලුවන් නිදහස් මනුස්සයෙක් නම්...මෙතන කතා කරන නීලා නයනා දෙන්නා නිදහස් කරන්න ඕනි නැද්ද? ෆ්‍රේම් එකෙන් පනින්න නිදහස විතරයි අවශ්‍ය මල්මී...

      Delete
  18. හෙහ් හෙහ් ඔතන තියෙන්නෙ වෙන මොකවත් නෙමෙයි. බොසා හදන්නේ කොහොම හරි උදෙට සරං කොටෙයි බැනියමයි ගහගන මාලුන්ට කවල . වත්ත වටේ දුහන බල්ලොත් එක්ක සෙල්ලං කරල .පූසෝ හුරතල් කරල . කොරටුවට සාත්තු කරල ගන්න ආතල් එක රැක ගන්ඩ.                      අර කෙල්ලො දෙන්නා උදේපාන්දර ආපුවහම කොහොමද ඔය චරියාවල් ටික කොරන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය තේරුනේ නියමෙට...එකම එක මොලේ තියෙන එකයිනේ මේ බ්ලොග් එක කියවන්නේ...
      දාපං මචං ගල් කාලක් මුගේ කටට..කෝ මේ මෙන්ඩියා...

      Delete
  19. අනේ..., ඒ බොසා... ගෑල්ලමයින්ට වගේම, කොල්ලන්ටත් (වේස) ආදරේ කොරනවා නම්...!!!

    :)

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ටත් ආදරේ කරපු කාලයක් තිබුනා කියල එක දවසක දෙකක් දාගත්තාම බොසා මට කිව්වා..දැනුත් ඉඳලා හිටලා පොර බෝලයක් වගේ දෙන්නෙක් දාගෙන තඩි ජීප් එකෙන් යනවා...ආයෙත් දවස් ගානකට හොයාගන්න බෑ..ඊට පස්සේ එන්නේ නිකං ෆුල් චාර්ජ් කරපු ස්මාර්ට් ෆෝන් එකක් වගේ...

      Delete
    2. එක්කෙනෙක්ගේ ඔළු ගෙඩියත් බෝලයක් වගේ කියලා පත්තරේක තිබුනා...

      Delete
    3. අනිත් එක්කෙනා සුද්දෙක් වගේලු....කන්නාඩිය දාන්නේ නලලෙලු..හෙක් හෙක්...

      Delete
    4. නෑ හුකා

      air quote open ... හුකා ... air quote closed

      Delete
    5. ///දැනුත් ඉඳලා හිටලා පොර බෝලයක් වගේ දෙන්නෙක් දාගෙන තඩි ජීප් එකෙන් යනවා...ආයෙත් දවස් ගානකට හොයාගන්න බෑ..ඊට පස්සේ එන්නේ නිකං ෆුල් චාර්ජ් කරපු ස්මාර්ට් ෆෝන් එකක් වගේ...///
      හොඳ වැඩේ මේ බෝල දෙක වගේ ඉන්න උන් දෙන්නට...

      Delete
  20. දැන් මේ බොසා ගැන වර්ණනාව බැලුවම කාටද නොහිතෙන්නේ බොසා හැන්ඩි පහේ එකෙක් කියලා.
    ඒ වුනාට ඒ බොසා නම් උදේට හවසට තමන්ගේ බිරිඳව මලක් වගේ රැක බලාගන්නවා කියලා කියලත් ආරංචියි මේ බ්ලොග් අස්සේ ඉන්න බොහොම ස්වාමීන් වගේ නැතිව.

    ReplyDelete
    Replies
    1. ඔව් බොසා හැන්ඩියා...හැබැයි එයා...ඒත් ඕනි නෑ...

      Delete
  21. මොකක්ද ෂෙෆ් ඔය ඔෆීසිය? වේකන්සි නැද්ද? මේ ගෑනු දෙන්නා පව් නේ? හපොයි එහෙම ජොබක් කරලා මොකට ද?

    ReplyDelete
    Replies
    1. බොසාගෙන්ම අහන්න ඕනි වේකන්සි ගැන..මිනිහා හරි පිස්සු වැඩ කරන්නේ...වේකන්සි හදනවා එන ඇප්ලිකේසන් වලට හරියන්න..අර කේන්දර හදනවා වගේ මැච් වෙන්න...එවනවානම් මම හරහා එවන්න ඇප්ලිකේසන් මොකෝ මමත් මොනා හරි හොයාගන්න එපැයි...

      Delete
    2. දැන් ශෙපෑකි බ්ලොගර්ස්ලට ජොබ් හයරින් ඒජන්සි කරනවද? මොකෝ මේ හැමෝම ජොබ් ඉල්ලන්නේ?

      Delete
    3. ඇයි බූරුවෝ තේරෙන්නෙ නැද්ද මේ ජොබට කට්ටිය ආසා හිතිලා.

      Delete
  22. කතාවේ සංවේදී පැත්තකුත් තියෙනවා කියලා බොසාට කියන්න . මොකද ලාංකීය සමාජය ඇතුලේ කාන්තාව තවමත් අසරණයි. විශේෂයෙන් විවාහයෙන් පස්සේ . මොකද අදටත් විවාහයෙන් පස්සේ ස්වාධීනත්වය ගැන අයිතිවාසිකම් ඉදිරිපත් කරන්න යන හැම කාන්තාවකටම වාගේ අත්දකින්න වෙන බොහොමයක් දේවල් හරිම අසුන්දරයි.
    එහෙම කියලා බැරිනම් කුද ගහහනින් කියලා මිනිහට කිව්වොත් එතන ඉඳන් ඒ කාන්තාව වේසියක් වෙනවා, සනුහරේම මුනේ දැලි ගාපු චරිතයක් වෙනවා , ඒ නිසා බහුතරය ගෝත්‍රික ලෙස හිතන සමාජයක මේක අමාරු කාර්යයක්.
    සමහරවිට මේ ගැන එකඟතාවයකට එන්න තරම් අනික් පාර්ශ්වය නම්‍යශීලී නොවුනොත් රස්සාවෙන් අයින් වෙලා ගෙදර හිටපිය කියයි.
    එහෙම වුනාම එතන ඉඳන් වෙන ප්‍රශ්න ,
    " බන්දලා මාසයක් නෑ , රස්සාවත් නැති කරගත්තා , මේ ගෑනි නම් මහා මූසල ගෑනියක්.. අපේ එකා අමාරුවේ වැටුනා " වගතුවක් නෑ ගෙදරට " වගේ කතා වලින් ප්‍රශ්නය මුළුමනින්ම කණපිට හ්ර්න්න පුළුවන්, අන්තිමට පත්තරේ තියෙන්න බැරි නෑ.. "අලුත විවාහ වූ තරුණිය සිත් තැවුල නිසා දිවිනසාගනී" කියලා

    ReplyDelete
    Replies
    1. බොසා මචෝ කට්ට කාපු එකානේ..ඌ උගේ ලමයින්ට වගේ මේ දරුවන්ට ආදරෙයි ....බලමු උනුත් ඉගෙනගත්ත ඈයොනේ..මොනා හරි හොඳක් වෙයි උන්ට....

      Delete
    2. ඉවාන් චෙෆාකි කියන ගැඹුරු කතාව හොඳට ග්‍රහණය කරගෙන කියා මට ..හිතෙනවා. චෙෆාකි දාන කොමෙන්ටුවල හැටියට මේ තරම් ගැඹුරු කතාවක් චෙෆාකි ලිව්ව කියල හිතා ගන්න බැරි .වුණා මට .. මේ කතාවත් එක්ක අර හිරු එක ලියන කවීෂා නංගි ලියපු වෙඩින් කතාවත් සෑහෙන්න .ගැලපෙනවා.

      Delete
  23. අපි මෙහෙම හිතුවොත්...
    'ජොබට හෝ ජීවත්වීමට ලිංගිකත්වය ගැටලුවක් නොවේ ය.දෙපිරිසම සමාන ය.ගැහැණිය යනු පිරිමියා විසින් රැක බලාගත යුතු කෙනෙක් නොවේ ය' වගේ මතයක්.. එහෙම හිතුවොත් මෙතන අවුලක් ඇත්තෙ නෑ..
    තව එකක්.
    අයියගෙ ඔෆිස් එක වගේ උදේ 9ට ඇවිල්ල ෆ්‍රෙශ් එකේ රිලැක්ස් එකේ ජොබ් කරන්න අර හස්බණ්ඩලාගෙ සයිට් වලින් ඉඩදෙයි ද? ඒවා අඩුම ගානෙ 7ට වත් පටන්ගෙන නන්ස්ටොප් වැඩ වැඩ ටයිප් ඒවා නම්..?
    (මොකද මම දැකපු සයිට් ගොඩක් එහෙම.)
    එතකොට මේ දැරිවියන් දෙන්නට උදේට පොඩ්ඩක් කලින් නැගිටින්න වෙන එක විතරයි.හයිවේ එකේ එනව නම් ලොකු මහන්සියක් නෑ.ඇවිල්ල පොඩ්ඩක් රෙස්ට් කරලා වැඩ පටන් ගන්න පුලුවං..
    දරු මල්ලො බිහිවෙනකාලෙට මේ තර්කෙ බිඳ වැටෙනවා සහ පිරිමියා බර ඇදිය යුතුයි කියන මතයේ ගස්ලබ්බත් ඉන්නවා.
    ජයවේවාඅ..!!

    ReplyDelete
    Replies
    1. පොදුවෙ ගත්තම ගස් කියන දේ සාදාරනයි...ඒ එක්කම මේ දෙන්නා ටිකක් රැවටුනා වගේ කියල තමයි බොසා කියන්නේ..බලමු...!

      Delete
  24. සමහර මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ පිටින් බලන අපිට තරම් සරළ නෑ ප්‍රශ්ණෙ ඇතුලෙ ඉන්න එකාට. ඒ නිසා මම උඹේ ප්‍රධාන මතෘකාව ගැන අදහස් දක්වන්න යන්නේ නෑ.

    මචං මේ කතාව මම කියෙව්වාම මට තදබල සැකයක් ඇතිවුනා උඹ මේ කතාව කියන්නේ වෙන කෙනෙකුගේ, එහෙමත් නැතිනම් උඹ යටතේ සේවය කරන කෙනෙකුගේ ඇස්වලින් බලලද කියලා. තවත් පැහැදිළි කරොත් උඹ ඔය කියන බොසා උඹමයි. එහෙම නෙවෙයිද? මම එහෙම කියන්නේ උඹ උඹේම ‍රැකියාවක් කරන කෙනෙක් හැටියටත් එළවලු වවන කෙනෙක් හැටියටත් මගේ හිතේ ප්‍රතිරූපයක් ඇතිවෙලා තියෙන හන්දා. ඒකට හේතුව උඹ ලියපු පරණ ලිපිමයි.

    සිරාවටම අහන්නේ. මටත් ඔතනින් ජොබ් එකක් සෙට් කරලා දියංකෝ. මම වැඩ කරන්න කැමති ඔන්න ඕවගේ තැනක.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි..කඩ ඉම් ප්‍රශ්නය ගන්නවද?
      ඔය උඩ කියල තියෙන්නෙ ඇප්ලිකේෂන් වලට හරියන්න වේකන්සි හදනවය කියලා...

      Delete
    2. ඩූඩ් කියන සැකය මටත් ඇතිඋනා නෙව.. මක්කවත් කියන්නැතිව බලං උන්නෙ කොයි වෙලේද බලල ඤාව් ගාන්නෙ කියලා...

      Delete
    3. අමුතුවෙන් හදන්න දෙයක් නැ මේ මනුස්සයට හොදට සිත්තර අදින්ඩ පුලුවන්

      Delete
    4. එහෙනං හා....හොය හොයනේ ඉන්නේ කස්ටිය.......

      Delete
    5. යකෝ මේවගේ ටියුබ් ලයිට්.
      චෙෆා කට්ටිය වැඩි උනාම තේ හදන ජොබට බොසාට කියල මාව ගන්න

      Delete
    6. මොකක්ද බං හෙන්රි කතාවෙ උත්ප්‍රාසය උඹ එහෙම පිටින්ම කෑවනේ.චිහ් .

      Delete
    7. ඊයක් අරින්නත් හිතලා ඔන්න ඔහේ බුහ් ගෑවා හැලපේ..මම මාර කම්මැලියා..අටමා මාව මැරුවෙ නැතු විතරයි...

      Delete
  25. උපේක්ෂ ගේ කතාව කියවල ආව විතරයි.
    මේ මිනිස්සු දෙන්න එක්ක නම් හරිම කේන්තියි මට. චෙෆාකි ගේ ෆර්ම් එකේ නම් මේ කෙල්ලෝ දෙන්න ආකියෝ වෙන්න ඇති නේද? ඉතින් එච්චරටම දැනුම් තේරුම් තියන (මම දන්න තරමින් ආකි කෙල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් සහ ස්මාර්ට්) උන් වෙලත් මෙහෙම චරිත ද කසාද බඳින්න හොයාගෙන තියෙන්නෙ?

    මම හිතන්නේ කෙල්ලෝ මීට වඩා හිතල බලන්න ඕන. කැත්තට පොල්ල වගේ ඉන්න නෙවෙයි. ඒත් හිතන්න, මේ ගොඩක් අය කසාද බඳින්නේ බඳින්න ඕන නිසා. රටේ ලෝකෙ මිනිස්සු සතුටු කරන්න. නැත්නම්, මෙහෙම විකාර මිනිස්සුන්ව බඳිනවට වඩා තනියම ඉන්න එක කොච්චර නිදහස්ද?

    අනික අර මල්මි කියල තියන එක. මිනිහෙක් හොයාගන්න බැරි වෙයි කියල තියන බය. තමන්ගේ හැටියට, තමන්ට හොඳ කෙනෙක් හොයාගන්න, තමන්ගේ රැකියාව වෙනුවෙන් ඩිමාන්ඩ් කරන්න ආත්ම විශ්වාසයක් නැති කම.

    අනිත් එක තමයි, දැන් ගොඩක් ඉන්නේ මමාස් බෝයිස් ල. ඉතින් පවුල් ජීවිත ගත කරන එක හරිම අමාරුයි.

    හපෝ මේ උපේක්‍ෂයි, චෙෆාකි යි ලියන ඒව දැක්කම, කසාද බඳින්න බෑ බෑ වගේ :)

    ReplyDelete
    Replies
    1. බඳින්න බදින්න අපි කියන ඒවා අහලා හොඳට හිතලා බලලා පස් මහ බැලුම් එහෙම බලලා ගැලපෙන මානවකයෙක් හොයා ගන්න...
      මමාස් බොය්ස්ලා අඳුනගන්න ක්‍රම ඕනිතරම් තියෙනවානේ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔය බඳිනවා කියන එක ඉස්සෙල්ලම හොයා ගත්ත එක්කෙනාගෙ මව්පියන් ආදරයෙන් මතක් වෙනවා සමහර කථා කියවනකොට.

      Delete
  26. ඔයාගේ බ්ලොගට ආවම මුලින්ම කරන්නේ උඩ පහල ගිහින් පොස්ට් එකේ අග හොයන එක සෑහෙන්න දිග පොස්ට් ලිවුවනේ පහුගිය ටිකේම..

    පොස්ට් ඒක සහ කමෙන්ට් ටික කියවලා මහන්සි ඒ වගේම අත්දැකීම් නැහැ පවුල් ජීවිතය ගැන. එත් ඔයා විස්තරය ලියලා තියෙන ස්ටයිල් එකට සහ ඒ වගේ මාතෘකාවක් ගැන "පෝස්ට් එකක් වගේ එකක් " (ජෝක් එකක් ඈ) ලිවීම හරිම වෙනස්.. ඔයාගේ බොසා සෝයි කෙනෙක් වෙන්න ඇති,,

    ReplyDelete
    Replies
    1. ටොට මං කියන්නේ නෑ.

      Delete
    2. ඉතින් බලන්නකො ලියලත් බේරිල්ලක් නෑනේ මේ ගෑල්ලමයගෙන්....

      Delete
    3. අපුර්වී ඔමායා - """"අත්දැකීම් නැහැ පවුල් ජීවිතය ගැන""" හිනාවෙලා පන ගියා ... කටින්ද කිව්වේ ... නැත්තං එක පවුල් ජීවිතයක් ගැන අත්දැකීම් නෑ කියලද කිව්වේ ?

      Delete
    4. පණ නැති හින්දා වෙන්න ඇති ඇනෝ එන්න ඇත්තේ හි හි මටත් හිනාවෙලා පණ යයි .. අපි කමෙන්ට් කරන්නේ අපේ හිතට දැනෙන ඇත්ත ඕකේ.

      Delete
    5. @ Anonymous3 September 2015 at 23:20,
      පවුල් කෑම, පවුල් ජීවිතය කියන දේ මොකක්ද කියලා පොඩි හරි දැනුමක් නැති බවක් තමයි කමෙන්ට් එකෙන් පේන්නේ...

      Delete
  27. ඔය බොසා ගැන මම දන්නවා මගෙ හිතේ, ඔය බොසා ගේ තව හොද දේවල් ගොඩාක් තියනවා කියන්න... හී හී හී

    ReplyDelete
    Replies
    1. පිච්චුනම් කෙලින්න එපා ඕන්.....

      Delete
    2. බ්ලොග ඉක්මනටම පටං අරං 'සිරිමල්','අහිංසක' වගේ නමක් දාලා කතා පෙලක්ම ලියමු අයියෙ.. එතකොට කවුරුත් දන්නෙ නෑ නෙ 'එයා' ගැන කියලා.. හෙහ් හෙ...

      Delete
    3. ඔව් ගස්..අද මම අටමටත් ඕක කිව්වා..නමම කචල් නේ බං....අංගුලිමාල ත් නරක නෑ....

      Delete
  28. අද අර ළමයි වැඩට ඇවිත්ද

    ReplyDelete
    Replies
    1. බොසා එලියට ගිහින්.....දෙන්නාම ඇවිත් වැඩට.....

      Delete
    2. එක්කෙනෙක් නෙගෝෂියේට් කරගෙන වීක් ඩේස් වලට කොලඹ බෝඩිං වෙලා වීකෙන්ඩ් එකට හබියා එක්ක ගාල්ලේ ඉන්න..අනිකා තාම ඇඹෙරෙමින් පවතී කියල තමයි බොසාගේ ආරංචි මාර්ග පවසන්නේ...!

      Delete
  29. අපේ මාතයියත් මේ වගේ උපදෙස් දෙනවා ඇති මේ දවස්වල...හැක් හැක්

    ReplyDelete
  30. ප්හු...... ත්‍රීවිල් එක අරන් කොමෙන්ට් කරන්න අවේ.....!!!

    ReplyDelete
    Replies
    1. ඔය වීල් එකේ කොච්චර පෙට්‍රල් කරනවද නිමෝ..?

      Delete
  31. යුද හමුදා කාන්තා බලකායේ තිබෙන සමහර බල ඇණි අණදීම සඳහා සුදුසුකම් ලත් කාන්තා නිලධාරිනියන් නැති නිසා, පිරිමි නිළධාරීන් ඒ සඳහා පත්කළා. අනේ සමහර නිලධාරීන්ට බෙල්ලේ වැල දාගන්න හිතුනලු තියන පුරස්න වලට.

    ඒ නිලධාරීන්ට ගහපු කාඩ් වලින් මතක තියන කීපයක් මෙහෙමයි:- සමහර නිලධාරි මහත්වරු නෝනලා අඳින වර්ගයේ යට ඇඳුම් අඳින්නත්, රෑට නයිටියක් ඇඳගෙන නිදාගන්නත් පුරුදුවුනාලු. තවත් සමහර නිළධාරීන් මාසෙකට එක දවස අසනීප නිවාඩු ඉල්ලුවාලු.

    ReplyDelete
  32. "මම අත්දැකීමෙන් දන්නවා...මම වෘත්තියෙන් ආකියෙක්, සිරාවට ශෙෆ් වැඩේ කරනවා වගේම කෘෂිකාර්මාර්න්තයත් කොමර්ෂලි කරනවා....ඕනි කෙනෙකුට එහෙම වෙන්න පුලුවන් නිදහස් මනුස්සයෙක් නම්.."
    ශෙපෑකිගේ කොමන්ට් එක දැක්කම මට හිතුනේ මෙන්න මෙහෙම.
    අපි ඔය කියන මල්ටි ටැලන්ට් වලට බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා ඇත්තේ අපේ ආශාවන් ඒ ඒ අංශ කෙරෙහි තියෙන.
    ඒක අපි හැම කෙනාටම තියෙන දෙයක් වෙන්නත් ඕනේ.
    කොටින්ම ශෙපාකි වගේම මම උයන්න ආශයි. කෑම බීම ගැන ස්ටඩි කරන්න ආශයි. ඒක ඒ කෑම හැදෙන්න කලින් වැවීමේ ක්‍රමය දක්වා ඒ ගෙවත්තක පැලයක් වෙන කාලේ දක්වා උනන්දු වෙනවා. ඉතින් කවදාවත් අතින් උදැල්ලක් කැත්තක් අල්ලලා නැති වුනාට හිතෙන් ගොවියෙක් වෙනවා. ඒක ඩ්‍රීම් එකක් වෙනවා. ඊට පස්සේ අර එළවළු මේසෙට වෙන තැන එනකම් හීන දකිනවා. ඒ හීනේ විචිත්‍රභාවය වැඩිවෙන්න වයින් එකතු කරගන්නවා.
    ඊට පස්සේ තව අපේ බලාපොරොත්තුවෙන ප්‍රොෆෙසන් එකක් තියෙනවා. ඒකත් එකම අංශයක නොවෙන්නත් පුළුවන්.
    එහෙම නෙවෙයිද ශෙපාකි අපි ඔය එක එක දේවල් පස්සේ අල්ලගෙන ඉන්නේ?

    මේක මේ සටහනේ කතාවට කිසිම සම්බන්දයක් නැති කොමන්ට් එකට කතාවක් විතරයි.

    ReplyDelete
  33. නිමෝ කියනවා වගේ කමෙන්ට් ටික කියවලා ඉවර වෙනකොට පොස්ට් එක මතක නෑ..
    සතුටයි එල ද බ්‍රා

    ReplyDelete
  34. මේ බඳිනවා කියන උලව්ව තහනම් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ගහේ බඳිනවා වගේ නෙවෙයි උනාම ඉයන් ඕක ෂෝක්....

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. මේ වගේ බොසාල වාසනාවන් .. ඒ වගේද අපිට හිටිය කාලකන්නි..

    ReplyDelete
  37. අදයි ඉස්සෙල්ලම ආවේ..:)
    මටත් හිතාගන්න බැරි ඇයි දැන් කාලේ පිරිමි "ළමයි" මල් වගේ ගෑණු "ළමයි" ගස්ගල් වගේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ කියලා..සාමාන්‍යයෙන් වෙන්නේ පිරිමිය ගැහැණියගේ ආරක්ෂාව සහ පහසුව බලලා වැඩ කරන එක නේද? ඔහොම තොත්ත බබාලා (ගෑණුවුණත් පිරිමිවුණත්) බැඳගත්තම අනිකට තමා කරදරේ..විශේෂයෙන්ම අම්මලා එක්කෝ පිරිමි බබාලා වගේ හදනවා, එහෙම නැත්නම් සදාකල් ඔබ මගේ කියල වරපට නොලිහා ඉන්නවා ඉතින් ඒ මනුස්සයට කොහෙන්ද ස්වාධීන චින්තනයක් දැක්මක්?

    ReplyDelete
  38. dan kale igana gaththa pirimi lamai kammali wadi.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....