අනුන්ගේ දේකට වැරදිලා ඇඟිල්ලක් වැදිලා මම හරිම අපහසුතාවයකට පත් උනා පහුගිය සුමානේ. ඒත් එක්කම වැඩ ගොඩ ගැහිලා නිසා කමෙන්ට් වලට විතරයි යොමු උනේ.
ඒත් අඩුගානේ හිතලා බලලා කොමෙන්ටුවක්වත් දාගන්න බැරි උනා මාතේ ගේ "පිවිතුරු හෙට"...මොනා කරන්නත් හිත එකලාසයක් වෙන්නත් එපැයි.
චාමි ( මස්කට් එයාර් පෝර්ට් ප්‍රොජෙක්ට් එකේ මේ දවස්වල මගෙන් ඉතිරි වෙච්ච සීනියර් ආකියෙක් ) ඊයක් විදලා තිබුනා අපේ මස්කට් එයාර් පෝර්ට් එකේ අද වෙනකොට ප්‍රොග්‍රෙස් එක ගැන කියලා.
හුඟ කාලෙකින් ඒ ගැන ලියන්න බැරි උනනිසා හිතුවා, මේ පින්තූර ටික එක්ක පොඩි විස්තරයක් ලියනවා කියලා.
කියවන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක මම හිතුවා, ඩිසයින් ඉමේජස් එක්ක අද තියෙන තත්වය පෙන්නුවොත් හොඳයි කියලා. පල්ලෙහා තියෙන තිරස් පින්තූරය ත්‍රිමාන රූපයක් (3D Image). ඒක පිලිවෙල කලේ ඩිසයින් එක එක්තරා තත්වයකට ඩිවෙලොප් කරාට පස්සේ. අපේ භාෂාවෙන් කියනවා නම් ප්‍රිලිමිනරි ඩිසයින් ස්ටේජ් එකේදි. ඒකට හේතුව ඔවැනි ත්‍රිමාන රූපයක් බිහි කරන්න විශාල තොරතුරු සම්භාරයක් ගොනු කරගන්න ඕනි. ඒ තොරතුරු විශාල ප්‍රමානයක් තියෙන්නෙ ගෘහනිර්මාන ශිල්පියාගේ මනසේ. ඒ විතරක් මදි, අනිකුත් විශේෂඥයන්ගේ තොරතුරුත් අවශ්‍යයි ඔය රූපය පිලියෙල කරන්න.
ඔටෝකැඩ්, පොටෝෂොප් සහ ත්‍රීඩීමැක්ස් (AutoCad, Photoshop & 3D Max ) කියන මෘතුකාංග පාවිච්චිකරලා තමයි ඔවැනි රූප නිමවෙන්නේ.
full view of the muscat terminal from the apron |
arrival hall-current progress |
අපි මුලදි, ඒ කියන්නේ 2004 ඩිසයින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්ත කාලේ, 2014 තමයි මේ එයාර් පොර්ට් එක විවෘත කරන අවුරුද්ද කියලා සනිටුහන් කරලා තිබ්බේ. හැබැයි 2007 ජූනි 06 වෙනිදා "ගෝනු"http://en.wikipedia.org/wiki/Cyclone_Gonu කියන සයික්ලෝන් එක ඕමාන් රාජ්‍යයට කරපු හානිය නිසා, අනාගතය ගැන හිතලා අපිට ආයෙමත් මුල ඉඳලා ඩිසයින් කරන්න උනා. ඒකට හේතුව උනේ, අපේ ඔරිජිනල් ඩිසයින් එකේ, පොලොව යටට ලෙවල් පහක බිම්මහලවල්, සිංහලෙන් කියනවානම් බේස්මන්ට් පහක ගොනු කරලා තිබුනා, ඔටෝමේටඩ් බැගේජ් හැන්ඩ්ලින් සිස්ටම් එකත් ගොඩනැගිල්ලට අවශ්‍ය කරන යටිතල පහසු කම් සියල්ලත්.
ඒකෙම ඩිස්යින් ඉමේජ් එකක් තමයි මේ පහලින් තියෙන ඊලඟ පින්තූරය.
අපි තවත් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඉතිරි වෙලා තිබිච්ච කෙස් ටිකත් හැලෙනකන්, මූනේ තිබිච්ච රැවුල සෝල්ට් ඇන්ඩ් පෙපර් වෙනකනුත්, ඔක්කෝම ෆුල් ඔෆ්ෂන් ගානට ප්‍රෙෂර්ද, සීනිද වැඩි වෙනකනුත් කලා නේද ඩිසයින්.
අර තට්ටු පහක් යටට තිබුන සර්විසස් සහ බැගේජ් හැන්ඩ්ලින් පහසුකම්, මුල් පෙනුමත්, ගොඩනැගිල්ල සැලසුම් කරලා තිබුන ආකාරයත් ( ඒ කියන්නේ පැසෙන්ජර් ෆ්ලෝ එක ), එහෙමම තියාගෙන කොහොමද උඩට ගේන්නේ කියන එක තමයි තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. කරන්න පුලුවන් වෙච්ච ප්‍රැක්ටිකල්ම දේ තමයි මහා ලොකු පෙට්ටගම් දෙකක් වගේ ටර්මිනල් එකේ දෙපැත්තට ඔය කියපුවා අමුනන එක. ඇමුනුවයි කියමුකෝ, ඕමානියන්ට මාර ආකිටෙක්චරල් ටේස්ට් එකක් තියෙනවා, ඉතින් ඕක ඇපෘ කරගන්න නම් නිකම්ම නිකම් පෙට්ටගම් දාලා බෑ...
පහල පින්තුරේ තියෙන්නේ පෙට්ටගම් අමුනපු ටර්මිනල් එක. ඔය කෝච්චි පෙට්ටි වගේ දේවල් ගිහින් එකතුවෙන, කර්ව්ඩ් රූෆ් එකක් තියෙන්නේ ටර්මිනල් එකේ අරය්වල් කොන්කෝර්ස් (arival Concourse) එක කියන එකට, ඒකේ දෙපැත්තෙන් පේන පෙට්ටි ටික ගැන තමයි කිව්වේ.
Terminal with පෙට්ටගම් |
stone detailing of පෙට්ටගම් |
මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට ඉවරකරන්න ඕනෑලු. ඒකට පිංතූර දැක්කාමනම් තව ලබන අවුරුද්ද වෙනකන් චාමිට ඕමාන් ඉන්න වෙයි කියලා තමයි මටනම් හිතුනේ.
මේ තියෙන්නේ පියර් (pier) එකේ පිටතින් පෙනුම. එක පියර් එකක් මීටර් 400ක් දිගයි. ඒ නිසා පියර් එකේ අන්තිම ගේට් එකකින් ගොඩ බහින ගුවන් මගියෙක් මීටර් 400ක් ඇවිදින්න ඕනි කොන්කොර්ස් එකට එන්න. එතන ඉඳන් තවත් මීටර් 400ක් විතර යන්න ඕනි එලියට එන්න. වෝර්කලේටර්ස් (walkerlators) තියෙනවා ඇවිදීම පහසුවෙන්න.
නින්ද යනවා නේ මේවා කියවනකොට. තව එකම එක දෙයක් කියන්නම් යන්න කලියෙන්.මම මේ කියන එයාර් පෝර්ට් එක තනිකරම කටුබැද්දේන් (මොරටුව විශ්ව විද්‍යාලයේ) සහ කොළඹ තියෙන සිටි ස්කූල් ඔෆ් ආර්කිටෙක්චර් (CSA-SLIA) කියන තැන් දෙකින් බිහිවෙච්ච ආකියො තමයි නිර්මානය කලේ. කාටද ආඩම්බර?
තව ගොඩාක් විස්තර තියෙනවා පස්සේ වෙලාවක කියන්නම්.
පෝස්ට් එක බ්ලොග් රොලේ අප්ඩෙට් උනේ නෑ...ආපහු පබ්ලිෂ් කලා, රංගිගේ ඇඩ්වයිස් එක අහලා...