Tuesday 31 January 2017

පිස්සෙක් කුස්සියේ


art credit to a-twisted-mind


හෙට දෙකට පලලා
හුළං විස්කෝතු දෙකක් වෙන්න තියෙන
පොඩි බනිසක් අද කෑවාම 

වගේද

වරකා වෙලා ගස් යට වැටෙන්න කලියෙන්
අතින්ම කඩාගෙන හදාගත්ත
පොළොස් ඇඹුල....?

පොඩි ඈයෝ
සෙල්ලම් කඩ දාලා මස් වලට ගන්න කළියෙන්
ඉස්සො ටිකක් දාලා තෙල් දාලා ගත්තම
මොනා වෙනවද කෙහෙල් මුවකට...?

අච්චාරු දානවද මාලුවට උයනවද
රට අඹ තියෙද්දි
කර්තකොළම්බන්...!

ගොටුකොළ දිහා බලාගෙන
මොකට හදනවද සම්බලක්
මිටියකින් මුකුනුවැන්න...!

ෆුඩ්සිටියේ තියෙද්දි ලාබෙට දෙහි
ඇයි වදේ හදන්න කියන්නේ ලුනු දෙහි...!

රෝස පාටට හීනියට දිගට
ඉව්වම සුවඳ හමන අපේ කුඹුරේ වී කොටාපු හාල්
ඇයි වදේ පරදින්නේ 139ක් දීලා ගේන කීරිසම්බාවලට....!

82 comments:

  1. අපරාදෙ කියන්න බෑ පිස්සුවෙ හොඳ එකම තමා.

    ReplyDelete
    Replies
    1. තාම හොඳ සිහියෙන් සිටිමි...කුස්සිය තියෙනකන් මගේ ඔලුව අවුල් නොවී තියාගතෑකි හැලපේ..ඒකටත් හෙනේ වැදිච්චදාට වැඩේ කලාස් හෝ ගයා...!!

      Delete
  2. මේවට වෙන්න ඕනේ රැඩිකල් කවි කියන්නේ...... Superb...!!

    ReplyDelete
  3. කුස්සියේ පිස්සෙක් ඉන්නවා කියන්නේ මොකටදැ,
    මෙහෙම ලස්සන කවි මවන්නෙක්ට ඇත්තටම....

    රහයි චෙෆාකි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිස්සා පිසින කෑම පිස්සු සහයි කියලා හිතමු අපි....!!

      Delete
    2. ලුණු ගානට තියෙන රසම රස සුවඳ කෑම වලට කියන්නේ "පිස්සු සහයි" කියලා ලු

      Delete
    3. "පිස්සු සහයි" රහ කොහොම වුණත් කාලා පිස්සු වගේද?

      Delete
    4. කාලාම බලන්නට ඕනේ දුමී :) :)

      Delete
    5. @ BEJ...ලුනු කන්න හොඳනෑ යෝදියේ...!!

      Delete
    6. Archi මං කිව්වේ ලුනු ගානට කියලනේ... :) :)

      Delete
  4. පිස්සු කියන්නත් බෑනෙ ඉතිං. ආසාවනෙ

    ReplyDelete
    Replies
    1. ආසාවත් පිස්සුවක් මහේශ්...!
      ඉව්වාම පිස්සු අඩු වෙනවලු..අර පන්සලේ රටාවට වැලි මළුව අතුගෑවම වගේ...!!

      Delete
  5. පිස්සු හැදෙන්නේ නැතුව තියෙන්නේ කොහොමද..
    වේලිච්චි බනිසක් දෙකට පළලා
    හුළං ඉස්කෝතු පලුවක්වත් හදා ගන්න නොදන්නා අපිට..
    මේ වගේ කටට කෙළ උනන පෝස්ට් කියෝනකොට..

    ReplyDelete
  6. කියලා වැඩක් නෑ මේක කියෙවුවාම ශෙපෑකිගේ ගෙදර එන්න තරම් හිතුනා. ඔය කියපු දේවල් වලින් එකක්වත් කෑවේ අන්තිමට අවුරුදු ගාණකට එහා.

    ReplyDelete
    Replies
    1. ඔහේ එනවැයි කිව්වට එන එකක් යැ..මාල දිවයිනෙන් හැරිලා ආපහු යනෝනේ...ආවොත් කන්න දීහැකි ඔක්කොම ජාති...!"

      Delete
    2. I was in sl recently but just for few days. I will visit u when I have spare time for sure. So we should cook n drink .😊 ha ha

      Delete
  7. අන්නාසිවලට මොකද කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ උඹලා කියාවි කියලා...!!

      Delete
    2. ලෝබයොන්ට කැපිය හැකියැ අන්නසි...!!

      Delete
    3. අපේ ගෙදර ටින් අන්නාසි උයනවා මචං. කිසි වෙනසක් නැහැ රසේ. ඌරු මස් එකටත් පොඩ්ඩක් දාල උයනවා. ඌරු මස් එකට ග්‍රීන් ඇපලුත් දාලා උයනවා මම නම්. ඔය දෙකම හොඳ කම්බිනේශන් එක.

      Delete
    4. ඒකේ ශුගර් සිරප් තියෙනව නේද???
      ඌරු මස් කේස් එක ට්‍රයි කරන්න ඕනී නෙක්ස්ට් ටයිම්...!
      :)

      Delete
    5. පයිනැපල් ඉන් වෝටර් ගනින්. හොඳට ඩ්‍රේන් කරපුවාම හරි. පයිනැපල් ඉන් සිරප් ගන්න එපා.

      Delete
    6. පිස්සුද බන්...ගේ වටේට අන්නසි වවාගත්තේ නිල්වැල්ලේ ට්න් අන්නසි කන්නද...!
      :)

      Delete
    7. ඒක ෆොර්ගෙට් වුනානෙ....

      Delete
    8. Adooo annasith thiyenawa da? 😢😢😢😢😢

      Delete
    9. සමාවෙන්න කලින් ෆෝන් එකෙන් කොමන්ට් දැම්මේ. අවුලක් එනවා. ඔය වැඩිපුර රිප්ලයි කපලා දානව්ද?

      Delete
    10. අන්නාසියි සූකර මාංසයි...ම්ම්ම්ම්... වහාම ට්‍රයි කොරමි.

      Delete
    11. ////.ගේ වටේට අන්නසි වවාගත්තේ නිල්වැල්ලේ ට්න් අන්නසි කන්නද...!
      :)/////
      අපට කොහෙද මාලු...අපි යනවද මූදු...

      Delete
    12. //අන්නාසියි සූකර මාංසයි...ම්ම්ම්ම්... වහාම ට්‍රයි කොරමි.///ගස්ලබ්බෝ...ඇපල් සහ අන්නාසි, වගේම අබ (මස්ටර්ඩ්) පෝක් එක්ක හොඳට ජීර්ණගත වෙනවා කියලා සූප වේදයේ කියනවා. එහෙම කම්බිනේශන්ස් ගොඩක් තියෙනවා....ඔය බටහිර පන්නයේ කුකින්ග් වල ප්‍රධාන කාරනා කීපයක් කියවෙනවා. ඒක රස, ඇස් පිනවීම, ගිලීමේ පහසුවේ, ජීර්ණය දක්වා පොඩි කතාවක්. ඒක ඉගෙනගන්න හොඳ ශිල්පයක්. කෝකි කම හරි රසවත්. ඒක සයන්ස් සහ ආර්ට් මුසුවුනු මහා රසවත් සබ්ජෙක්ට් එකක්. ශෙෆා ඒ ආතල් එක ගන්නවා මගේ හිතේ. හදලා දීලා අනිත් අය කනකොට තියෙන්නේ ෆුල් සොමියක්. රංගි ඒක හොඳටම දන්නවා. හැබැයි රස්සාවක් හැටියට නම් වාතේ බං. කුකින්ග් එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න ඕන. ඒක රස්සාවක් හැටියට අමාරුයි. මේක වෙනම සබ්ජෙක්ට් එකක්. වාඩිවෙලා අඩියක් ගහගෙන උයන කෙනාට පොඩි හෑන්ඩ් එකක් දීගෙන රස විඳින්න ඕන වැඩක්. හොඳ කුකරි ටීවී ප්‍රොග්‍රම් එකක් කරන්න හරි ආසයි. ඒත් ඕවා මාර වද වැඩ ලබ්බෝ.

      Delete
    13. ///ඒක රස, ඇස් පිනවීම, ගිලීමේ ////

      කියන තැනට සුවඳත් එන්නම ඕන. මට මිස් වුනා..

      Delete
    14. ///.ඔය බටහිර පන්නයේ කුකින්ග් වල ප්‍රධාන කාරනා කීපයක් කියවෙනවා.////
      බටහිර කුකින් පන්නයේ විතරක් නෙමේ...අපේ සිංහල කෑම සංස්කෘතියෙත් එහෙමයි. ඕනම කෑමක් හදනකොට ඒ සමගම ජීර්ණය ගැනත් ඒ එකතුකරන දේවලින් එකතුවෙනවා. වතුර කියන්නෙත් ඒ වගේ condiment එකක් නේ කෑම කතාවෙදි.

      Delete
    15. මාත් ආසම දෙයක් තමා කට ඇරන් ටීවී එකේ ට්‍රැවල් ඇන්ඩ් ලිවින් චැනල් එකේ කුකරි ප්‍රෝග්‍රෑම් බලන එක......හරිම සරලයි...නෙත්කලුයි...ටීවී එකෙන් සුවඳ එලියට එන්නෙ නැහැනෙ

      Delete
    16. හුරේ වරේවා...!!!

      Delete
    17. @විසිරි මං නම් එහෙම බලන ගමන් රස මවාගෙන සුවඳ මවාගෙන එක්කෝ මාරි බිස්කට් හරි නැත්තම් මෙලෝ රහක් නැති ඕට්ස් හරි ගිලිනවා කිරිත් එක්ක.... Travel & Living විතරක් නෙවෙයි Chef-Archi ගේ බ්ලොග් එකත් බලන ගමන්....

      Delete
  8. කඩේ මාළු වැඩක් යැ
    මාළුන් බීලී බාන කොට

    ReplyDelete
    Replies
    1. වැවේ කොහෙද චම්පිකා කෙලවලු මාළු....!!!

      Delete
  9. ගස් යට කුණුවෙන්න අරිනවාට වඩා ඇපල් මාළුවක් කොච්චර රසද...

    ReplyDelete
    Replies
    1. කැන ගහේ තිබිද්දි ඇවරියක් කපාන ලෙලි ටික හීනියට ලියලා කූනි දාලා තෙලට,
      ගෙඩි ටික කිරට අලුකෙසෙල්
      හිරකාරයින්‍ටත් අලුකෙසෙල්
      තනිකඩයොන්ටත් අලුකෙසෙල්...!!

      Delete
    2. එතකොට කූනි ටික ?

      Delete
    3. හපොයි..හීනියට ලියපු අලුකෙසෙල් ලෙලියි, කූනියි තමා ඉතින් තෙල් දාලා ගන්නේ..තක්කාලි ගෙඩියකුත් කපලා දැම්මා නං හරි ඉතිං...නිකන්‍ යැ පිස්සු කියන්නේ දුමී...!!!

      Delete
    4. හිරකාරයින්‍ටත් අලුකෙසෙල්
      තනිකඩයොන්ටත් අලුකෙසෙල්...කියපු හින්දා කූනි ටික කාටද කියලයි ඇහැව්වේ...

      Delete
    5. කූනි ටික හිරකාරියන්ටයි, ශෙෆා වගේ කසාද බැඳපු එවුන්ටයි...

      Delete
    6. ජේලර් කෙනෙක්වත් උනානං ඉතිං කාරි නෑ අරූ ඔහොම ආඩපාලි කීවට..අපිට මුරුංගා විතර ඔබින කෑමක් තවත් නැත...තමිල්නාඩු වල හනිමූන් ජෝඩුවට විශේෂයෙන්ම මුරුංගා උයනවා සෑ කෑමට...හුහ්...!!

      Delete
    7. මුරුංගා.....ඇදලා දාන්න පුලුවන් ඇති ....හුහ්.

      Delete
    8. ඕමාන්වල අපේ ගේ ඉස්සරහා තිබුනා අරූ පත මස් මුරුංගා ගහක්...පෙබරවාරියේ වහිනවනේ..අතු පිරෙන්න මුරුංගා..වැස්සට වටුනා අතුටික ඔක්කොම වතුර බරටයි, හුළඟටයි...උදේ වෙනකොට තමිල්නාඩු සෙට් එක ඩිකි පුරෝගෙන ගෙනිච්චේ මුරුංගා කරල්..අමර්නාථ අපේ අකවුන්ටන්ට් තමයි ඩිකියට පටෝනකොට කිව්වේ මුරුංගා සහ හනිමූන් කනෙක්ශන් එක...අත මිට මොලොවලා වැලමිර ගාවින් අනිත් අතින් අල්ලන් ඉරෙක්ශන් එකක් සංකේත කරනගමන්මයි කිව්වේ...:)

      Delete
    9. ඕමාන්වල හොඳට මුරුංගා හැදෙනවා නේද. මම හිටියේ හරාමල් තමයි කාලයක්ම. ඒ වත්තෙත් මුරුංගා තිබුනා. කේරළයෙක් හිටියා ජෝසප් කියලා. ඌ හැමදාම කඩන් යනවා. උන් හරි ආසයි.

      මුරුංගා කොළ සහ කක්කුට්ටෝ....වරේ වා...

      Delete
    10. අපේ උන්දලාට කොච්චර කියුවත් අළුකෙහෙල් ලෙලි ටික විසි කරනවානේ.. ශිහ්.. රසම හරිය

      Delete
    11. කමියෝ..ඊලඟ දවසේ හෙමීට ලෙලි ටික උඹ හදහංකෝ..එතකොට ආයෙත් වීසිකරන එකක් නෑ ඒ ඇත්තී...!

      Delete
    12. What's the connection between muringa n rest? We used to eat in white curry when I was a kid. We had a tree in our home garden.
      The leaves n shrimps matches well same as aru said.

      Delete
    13. අපෙත් අහල පහල මුරුංගා තිබ්බා..ඒ ගස් දෙකම ඊයෙ පෙරේදා කපලා දාලා

      Delete
    14. අවුරුදු බර ගානකට ඉස්සෙල්ල එකදහස් අටසිය බර ගනංවල එක දෙමල පිලිම් එකක් බැලුව. ඒකෙ සෑර් කෙනාට ට්‍රයි කොරන ගෑනුකෙනා ගේ ගාව තියෙන මුරුංග කොල පොතු මුල් මල් කරල් හැම ලබ්බෙංම වෑංජෑං හදල දෙනව පොරකට. ඊට පස්සෙ ඒකට නිංද යන්නෑ කියහංකො ටෙන්ට් ගහං එහෙට්ට මෙහෙට්ට පෙරලෙනව..

      Delete
  10. ඒක නම් මරුම මරු පිස්සුවක්....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ විසිරි..මගේ ඔලුව අවුල් උනාම කරන භාවනාවක් තමයි ඔහේ ඉවීම....!
      පිස්සු තදවෙන්නේ උයන එව්වා කන්න කෙනෙක් ලඟපාතක නහී හේ උනාම...!!
      මේක අවුරුදු විස්සක් විතර ප්‍රගුන කරපු ප්‍රතිකාර ක්‍රමයක්...අර පිස්සු දොස්තර සරත් විමලසූරියගෙන් අහන්නකෝ...!!
      එයා එනවා මගේ වනවාසලට..ඉතිං එයැයි දන්නෝ මේ කියන කතා ඔක්කොම..!!

      Delete
    2. චෙෆාකි. මේ කෑම ගැන කියෙව්වම මගේ ආච්චි අම්මා මතක් වුණා. කොප්පර සම්බෝල, බිලිං අච්චාරු, තැල් කොල ඇඹුල.... ආච්චි අම්මා ඉන්න කාලේ අපිට හදලා දෙනවා.

      Delete
    3. දුමීගේ ආච්චි මගේ කන්ටෙම්පරරි කෙනෙක් වෙන්නැති...කොට්ටපොල් සම්බෝලේ තමයි දුමී ඔය කියන කොප්පර සම්බෝලේ....අපි දැන් සීයලානේ (ගතින්) දුමී...:)

      Delete
    4. ගත සීතල වුණාට මොකෝ චෙෆාකි. හිත තරුණ හින්දනේ මේ වගේ ලස්සන අදහස් මවලා ඒවා අපටත් කියවන්න දාන්නේ.

      Delete
    5. දුමී කියනෙක හරි...හිතින් තරුණ ලියන්නන් කවදාවත් වයසට යන්නෙ නෑ...චෙෆ්....ඔයත් එහෙම කෙනෙක්

      Delete
  11. වැඩ අස්සෙ මේව කියවන්න එනවට ගහන්න ඕන අපිට. දැන් ඉතින් කෙල ගිල ගිල හිටපන්කො

    ReplyDelete
    Replies
    1. බෝඩර් ක්‍රොසින්ග් එක 9-15 අතර කරහං කිව්ව විදියට...උයලා දෙන්නං ලුලූ එකෙන් අරන්....:)

      Delete
  12. ඉස්කෝලේ යන කාලේ සුජීව ප්‍රසන්නගේ කෑම වට්ටෝරු නවකතා පොත් බැලුවට පස්සේ මේ වගේ කටට කෙල උනන මේනූ එකක් දැක්කමයි.
    දැන් ඉතින් චෙෆාකි මේවා හදාගෙන පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කනවද ඊරිසියයි අප්පා.

    ReplyDelete
    Replies
    1. නෑ නොව..ඉවීම පමනයි විඳින්නේ...කන්න අය එනකන් බලාගෙන ඉඳලා ඇසුත් බෙල්ලත් කකියනවා...අර ඔයා වගේ එලියට බැහැපු වෙලේ ඉඳන් කෝල් කරන අය කොහේද ඉතිං අපිට..ඔලුව කූල් වෙනකන් උයලා බලාගෙන ඉන්න එක ඇරෙන්න...!!!!
      :)

      Delete
  13. රතු ලූනු සමග වැල්පෙනෙල... එක්කො ඔනේ නෑ හිටන්

    ReplyDelete
    Replies
    1. ඔහේට එච්චරයි මදි දැන්....අපිනං වනගත් උනාම වැල්පෙනල කැඳ උදේට හදාගන්නෝ...එහෙදි අපි තනිකඩයෝ නෙව...!!!
      :)

      Delete
  14. Replies
    1. එහෙම උනොත් එන්නං ට්‍රීට්මන්ට්ස් වලට...;)

      Delete
  15. වැරදිලා හරි වැටෙන කෑම ගැන පෝස්ට් එකක්,කන්ස්ට්‍රක්ශන් ගැන පෝස්ට් එකක් සෑහෙන්න වටිනවා නෙව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේක පැල් රකිනවා වගේ වැඩක් ගස්...!

      Delete
  16. ගෙදර බත් ඉදෙද්දී කඩෙන් කන්න හිතන්නෙපා!

    ReplyDelete
    Replies
    1. බත් විතරක් කාලා මදිනේ...ඉතිං ඉඳලා හිටලා කඩේකින් කන්න ඕනි..ඒවා යුතුකං..!!

      Delete
  17. මතක ඇතුව හැම එකටම ලුණු දාන්න.... :)

    ReplyDelete
    Replies
    1. මාතේ..කන ගමන් තමන්ට සරිලන ලෙස ලුණු දමා ගතයුතුය...කියලා කිව්වට අහනවයැ ඔහේ..!!!

      Delete
  18. චෙෆ්... ඔහේ මෙහේ එනකොට ඔය මොනවා හරි හදාගෙන ඇවිත් අපිට ටිකක් බෙදුවා නම් නේද අගේ

    ReplyDelete
    Replies
    1. මෙහෙන් මොනාවත් ගේන්න ඕනි නෑ කොච්චි..ඔක්කොම ජාති ඔහේ තියෙනවා..ආවාම උයලා දෙන්නං මචෝ..සුමානයක් ඉවසහං...!!

      Delete
  19. චෙෆෙක් කුස්සියට වෙලා
    නටන පිස්සු වලින් හැදෙන කෑම
    අපි කුස්සියක පිස්සු නැටුවොත්
    හැදෙයි ද?

    ReplyDelete
    Replies
    1. නටලා බලන්න වෙලාවක...!!

      Delete
  20. ලුණු දාන්න

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....