Showing posts with label srilankan cooking. Show all posts
Showing posts with label srilankan cooking. Show all posts

Tuesday, 17 March 2015

Gentleman Farmer - මඩ නොගා ගත් ගොවියා සහ බිං ලිපේ කිරිබත්








ගිය සුමානේ අපි කුඹුරේ ගොයම් කපලා පෑගුවා.
අපි දෙන්නාට මාස දෙක තුනකට සෑහෙන්න කුරණි 12 පොඩි කුඹුරක් තමයි මම වැඩ කරන්නේ. ඉන්දික වගේ  අඳේට දීලා නෙමෙයි මමමයි මේකේ ගොවියා.

හැබැයි ජෙන්ට්ල්මන් ගොවියා.

කියන්නේ මඩට බහින්නේ නැතුව, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙන, බූට්ස් එහෙම දාලා (සර්පයෝ කයි කියන බයට අප්පා),  ගොඩ ඉඳගෙන කුලියට ගොයියො ටිකක් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ මොකෝ මේ නහින දෙහින කාලේ ඕවා කරන්න තරම් හයිය හත්තිය අපිට නැති නිසා නෙවෙයි මඩ ගාගත්තොත් හෝදලා අරගෙන රජ කරයි කියලා හිතේ තියෙන බයටම.


ගිය කන්නේටනම් දෙහිඅත්තකංඩියෙන් ජයම්පතීට කියලා බිත්තර වී ගෙන්නගෙන, කීරි සම්බා වැපුරුවේ, ඒත් වැස්ස නැතුව පාලු උනා. යංතම් වී ගෝනි දෙකයි ගොඩ ගන්න ඇහැක් උනේ
නිසාම මේපාර දික්වැල්ලෙන්ම හොයාගත්තා ඇට දිග රතු හාලක්, වපුරන්නේ නැතුව පැල හිටෙව්වා. මොනා උනත් මේ මොණර නැලැයක් නිසා බොහොම් අමාරුවෙන් තමයි බැත බේරගත්තේ. උන් සෑහෙන්න පාලු කරලා තිබුනා.
  එකෙක් නෙමෙයි මොනරු 17 දෙනෙක් ඉන්නවා උඩ බංගලාව ගාව තියෙන කජු ගහේ රෑට. න් තමයි උදේම පටන් අරන් හැන්දෑ වෙනකන් වී කරල් හූරන්නේ. කුරුඳු ගොබයක්වත් ඉතිරි කරන්නේ නැහැ, මොණරෙකුට ගලකින් ගහන්නවත් දෙන්නේ නෑ මේ ගමේ මිනිස්සු, කතරගම දෙයියන්ගේ වාහනේලුනේ.

මීට ඉස්සර කියන්නේ මම පොඩි කාලේ රත්නපුරේ ගොයම් කපලා මීහරක්ගෙන් කලාතයා, මුදුනා බැඳලා පාගන ගොයම් පෑගිල්ලාට වඩා වෙනස් දැන්.


ගොයම් කපන්න හැමදාම වත්තේ වැඩ කරන්න එන ගැහැනු අට දෙනයි මට ඇඹුල හදන්න උදව්වෙන්න පේමයි ඇර, සුදු අයියයි ධනරාජ්වයි කතා කරගත්තා ජයම්පතීටයි රාජටයි උදව්වට
සුදුමල්ලිගේ බූසිය ඉල්ලාගත්ත අත්ට්රැක්ටර් එකට හයිකරලා ගොයම් තලාගන්න. බූසිය කියන්නේ ඇග්රිමෙක් කොල මඩින යන්තරේට දන්දෙනිය පැත්තේ. වෙන එහෙකට නෙමෙයි.

මට ඕනි උනේ ඇඹුල හදන්න. උදේම නිල්වැල්ලේ ඉඳන් ගියා ඔක්කොම අඩුම කුඩුම අරන් දංදෙනියට. යනකොටත් ජයම්පතී බිං ලිප හාරනවා.
ජයම්පතිගේ බිං ලිප


කුරුඳු දර තමයි මමනම් පාවිචිච්කලේ




ඔය බිං ලිප දකුනේ පාවිච්චි කරන්නේ දොදොල් හැඳිගාන්න. තාච්චියේ හරි හට්ටියේ හරි වපසරියට ගැලපෙන්න පොලොවේ හාරා ගත්ත වලකට කානුවක් වගේ එක පැත්තට දිගට හාරගන්නවා දර ඇතුල්කරන්න. ඊට පස්සේ හට්ටිය පොලොව උඩ තියෙන ගැට්ට උඩ තියලා තැන් දෙකකින් විතර ගුල් දෙකක් හාරනවා ගිනි සහ දුම පිට වෙන්න

අලුත් මැටි හට්ට්ය මම ඊට ඉස්සරදා ඉඳන් වතුර දාලා පොඟෝලා තිබ්බේසුදු කැකුළු කිලෝ හතරක කිරි බතක් උයන එක ලේසි පාසු කෙලියක් නෙමෙයි මදිවට බිං ලිපේ.

කුරුඳු දර තමයි මමනම් පාවිචිච්කලේ මොකෝ කුරුඳු තැලුවේ එපිටින් මාසේ නිසා. කුරුඳු දර වලින් ඉව්වාම හරිම රසයි හොඳ රස්නෙකුත් එන නිසා ඉක්මනට බත ඉදෙනවා...


කිරි උතුර උතුර බත ඉදෙනකොට බලන් ඉන්න ආසයි. 



  සෑහෙන දාංගලයක් දාලා ජීවිතේටම හදපු ලොකුම කිරිබත හැදුවා. 


මමනම් කෑවේ මෙච්චරයි

හොඳට උම්බලකඩ දාල රතුළුුනු කට්ට සම්බෝලෙකුත් ගලේ තලලා උඩහ මුර ගේ ගාව දෙහි ගහෙන් එවෙලෙම කඩපු දෙහි ගෙඩියක් දාලා ගත්තාම කොහොමද දන්නවද..

..දිව්‍යලෝක රසයි....



මේ දවාලට හදපු කෑම එක. මේක ගමේ විදියට නැතුව ටවුමේ විදියට හදන්න හිතුනා මොකෝ ගමේ මිනිස්සු හැමදාමත් කන දේවල් දීලත් වැඩක්නැති නිසා. ඒකට මට නම් හරිම දුකයි ගස් යට වැටී නාස්ති වෙන කොස් ගෙඩියක් කිරට හදලා කරෝල ටිකක් හෝ මිරිස් දාලා බැදලා කොහිල ඇඹුලක් එක්ක දුන්නනන් මොකෑ වෙන්නේ...

දොලහ එක වෙනකොට දවල්ට කාලා ආයෙත් පටන් ගත්තා බූසියෙන් වැඩේ කරන්න.








මොණරුන්ටයි, කුරුල්ලන්ටයි ගියාම ඉතින් අපිට ඉතිරි උනේ පොඩ්ඩයි...ඒත් මාර සංතෝසයි...



ඔක්කෝම වැඩ ටික ඉවර වෙලා ජයම්පතීට වී අව්වේ දාන්නය කියලා ඇවිත්......



 .........මෙන්න මෙතනට වෙලා,......
හොඳ හොට්වෝටර් ෂවර් එකක් එහෙම අරන්,
  කකුල් දෙක උඩ දාගෙන,
  VX ෂොට් එකක් දාලා,
 ඉඳිආප්ප ටිකක් කිරට හදපු අලුත් දැල්ලො හොද්දක් එක්ක ගිලලා,
 නිදාගත්තා මම නම්..
ඇයි 
ජෙන්ට්ල්මන් ෆාර්මර් නේ....











Friday, 29 August 2014

ඇණ සහ බත් - Buffet Style






සර් මම මේ චන්දන කථා කරන්නේ රත්නපුර කැෆේ සයිට් එකේ ඉඳන්. අර ෆ්‍රන්ට් ක්ලැඩින් පැනල් එක ෆික්ස් කරන එක පොඩ්ඩක් අවුල්වෙලානේ. කරදරයක් නැත්නම් ඇවිත් යන්න පුලුවන්ද? සුරෙෂ් කිව්වා සර් හොටෙල් එකට ආවා කියලා, ඒකයි කථා කලේ.

මුන්ට හොරෙන් කොහෙවත් යන්න බැහැ නේදැයි හිතමින්, මම මනෝජ්ට කැෆේ සයිට් කියාගෙන රථයට ගොඩ උනෙමි.

මා හිතූ ආකාරයටම රත්නපුර නගරය මධ්‍යයේ අලුතෙන් නිමවෙමින් පවතින මාගේ දෙවැනි බොජුන්හල අමුත්තෙක් මෙන් ඈතට පෙනෙයි. එය වට පිටාවටම අලුත් එලියක් සහ නව ගෘහනිර්මාන ආරක්ද එකතුකරයි.

මොකෝ චන්දන ඔය තියෙන්නේ ඩිසයින් කල විදියටම, මාරයිනේ...අවුලක් නෑනේ...

ඔක්කොම මෙෂර්මන්ට්ස් වල හැටියටම කරලා තියෙනවා සර්, ඒකට අර ෆ්‍රන්ට් ස්ලාන්ටින් පැනල් එක පල්ලෙහාට ගේන්න කිව්ව විදියට ගෙනල්ලා පොලොවෙන් ඉවර කරන්න බෑ.

ඒ මොකෝ..?”

බාබර් සාප්පුවෙයි අපෙයි තියෙන කොමන් වෝල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි සයිස් එකේ ප්‍රශ්නයක්ද ?”

නෑ සර්... මෙන්න මේ ඇනේ....

අඟල් දෙකේ පරන පරාල ඇනයකින් තුන්කාලක් පමන එලියට සිටින පරිදි, මදක් උඩට හැඩ වෙන අයුරින්, අඟල් 10ක් පමන පළල වු කඩ කාමර දෙකට මැදිවූ ඒ කුඩා බිත්තියේ පොලොවින් අඩි හතරක් පහක් පමන උඩින් සවි කර ඇති අයුරු මට පෙනුනි.

ඔය අඬුවක් අරන් ඕක ඇදලා ගලවන්නකෝ, බිත්තිය ඩැමේජ් උනොත් හදලා දෙන්න බාබර් සාප්පුවේ එක්කනාට..

සර්, ඒක ගලවන්න බෑ..

එතකොටම කාගේදෝ රැවුල බාමින් සිටි රාජ්කුමාර් අප දෙදෙනාගේ කථාවට මැදින් රිංගුවේ...

ඔන්න ඕක ගලවලා දාන්න සර්...සෝමපාල මහත්තයාට ඕක උඩින් එල්ල ගන්න පුලුවන්..

මම චන්දන දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ්යෙනි....ඔලුවෙන් මට එහාට යමුය කියමින් චන්දන බොජුන්හල ඇතුලට පිවිසෙමින්..
සර්, සෝමපාල මහත්තයා අවුරුදු 52ක් එයාගේ බෝඩ්ලෑල්ල එල්ලුවේ ඔතනලු කියලා ඇනේ ගලවන්න එපාය කිව්වා...

සෝමපාල මහත්තයා..

බෝඩ්ලෑල්ල....

රත්නපුර නගරයේ ඔරලෝසු කනුව ඉදිරිපිට ඇති කඩ පේලිය...

මම ලඟම තිබූ තවමත් ඉටිකොල ගලවා නැති පුටුවකට බර වීමි.

හිත 1977 දක්වා දිවගියේ බොජුන්හල ඉදිරියේ ඇති මහවීදියේ දුවන මොටර් රථ මෙනි...

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!

පුතේ චන්දේ කටයුතු වලට යූඇම්පියෙන් තරුන සංගම් හදනවා කියලා හෙට සෝමපාල මහත්තයාලේ ගෙදර තියෙන පලවෙනි මීටිමට එන්න කිව්වා.

තාත්තා කිසිම දිනක චන්ද රැස්වීමක් ගැන ඔවැනි දෙයක් කියනවා මට ඇසුන පලමුවෙනි වතාවයි. සාමාන්‍යයෙන් ඔහු චන්ද රාජකාරි සඳහා පොලිසියේ ඩියුටි යනවා මිස, එතනින් එහා දේශපාලනයක් ඔහුගේ තිබුනේ නැත.


 චන්දය යනු රෑ එලිවෙනකන් කඩල තම්බාගෙන දවස පත්තරෙන් දෙන චන්ද කොට්ටාශ වෙන වෙනම තිබුන පත්තර පිටුවල රේඩියෝවෙන් කියන චන්ද ප්‍රතිපල ලකුනු කිරීම යන්න පමනක් මම දන්නා දේශපාලනයද විය.

එය කෙසේ වෙතත්, උසස් පෙල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ගෙදරටම වී සිටි මට මෙම ආරංචිය මහත් බලාපොරොත්තුගෙන දෙන්නක් විය. එයට හේතුවූයේ, ඔය රැස්වීම්වලට ගොස් ඒවායේ වැඩ මොනාහරි පංගාර්තුකරගත් අයට අප්පො යූඇම්පී ආණ්ඩුවක් පිහිටුවූ විට රස්සාවල් දෙනවා යයි අම්මා හාල් වල වී අහුලමින් මුමුනවා ඇසීමයි.

රැස්වීම පටන් ගත්තේ හැන්දෑවේ හයහමාරට පමන උනත් හවස පහ වෙන කොටත් කැරකොප්පුව පිටුපස තිබුන සෝමපාල මහතාගේ ගෙදර ඉතිරෙන්න ගම් දෙක තුනක තරුනයින් සේම වැඩිහිටියොද පැමිනි සිටියෝය. මා හට සෝමපාල මහතා මුලසුන ගෙන සිටින සාලය තුලට ඇතුල්වන්නට ඉඩක් නොලද හෙයින්, සාලයෙන් පිට ඇති වැරෙන්ඩාවේ කොට තාප්පය උඩින් සිදුවෙන දේවල් හොඳහැටි ඇසුනා පෙනුනා පමනක් නොව තරුන ගැහැනු ලමයින් විසින් දුන් ඔරෙන්ජ් බාර්ලි සංග්‍රහයද මැනැවින් භුක්ති විඳීමට ලැබුනි.

තරුන සමිතියට නායකයින්ද, සාමාජිකයින්ද, තවත් කොමිටි අරවා මේවාද පත් කෙරුනු, තොරාගැනෙනු මට ඇහුනා මිස රැකියා දෙන බවක් නොපෙනුනි. නමුත්, රැස්වීම අවසන් කරමින් සෝමපාල මහතා පැවසූ දෙයින් මාගේ දකුනු අත ඉහල ගියේ මටත් නොකියාය....තරුනයින්ට රැකියාදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට යෙදවීමේ පලමු අදියර වශයෙන්, අත් අකුරු හොඳ තරුනයෙකුට හෝ තරුනියකට හෙට උදයේ සිට මාගේ ජ්‍යොතිශ කාර්‍‍යාලයේ රැකියාවක් ඇති බවත්, මසකට රුපියල් 150ක පඩියක් ගෙවන බවත්, කැමැති කෙනෙක් අත උස්සා කැමත්ත ප්‍රකාශ කරන ලෙසත් ඔහු පවසා අවසාන වෙන විට මම ඔහුගේ අවධානය යොමුකරගෙන අවසානය.

ගෙදර ඉදිරියෙන් දිවෙන බසය ඇල්ල ගාවට ගොස් නැවත හරවා එන විට අඩුම තරමේ විනාඩි විස්සක් වත් ගතවෙනවාය. බසය ගෙය පසුකරගෙන ගිය පසු, අම්මාට වැඳ, මා ගෙදරින් පිටවුනේ  රත්නපුර ටවුමේ ඔරලොසුකනුව ඉදිරිපිට ඇති කඩපේලියේ ඇති සෝමපාල මහතාගේ ජ්‍යෝතිශ කාර්‍යාලයට කේන්දර කොපි ලියන්නෙකු ලෙස මාගේ පලමුවෙනි රැකියාව බාරගැනීමටයි.

හැතැප්ම භාගයක් පමන දුරකින් ඇති රේල්පාර හන්දියෙන් බස‍යට ගොඩවෙන සෝමපාල මහතා සමගම බසයට ගොඩවීමත්, ශත පනහක් වූ බස් ගාස්තුවෙන් ශත පහලොවක් ඉතිරිකර ගැනීමත් මාගේ සිතේ තිබූ අදහසයි. රේල්පාර හන්දියට යාමට පෙර, කැරකොප්පුව ඉදිරියේදි බසයට නගින්නට සිදුවූයේ, මා සිතුවාට වඩා ඉක්මනින් බසය ආපසු හරවා ඒමයි. කැරකොප්පුව කන්ද බැස රේල්පාර හන්දියට ආ බසයට සෝමපාල මහතා සමග තවත් මගීන් පිරිසක් නගිනවාත් මා කෙසේ හෝ සෝමපාල මහතාගේ අවධානය යොමුකරගන්නවාත් මට තාමත් මතකය.

අඩි දහයක් පමන පලල අඩි තිහක් පමන දිග කඩ කාමරය මහ වීදියට මුහුනලා පිහිටා ඇතත්, අඩි තිහෙන් අන්තිම අඩි දහය, එනම් අඩි දහයේ දහයේ කොටසක, බාබර් සාප්පුව ඇතුලින් ඇවිද ගිය පසුය සෝමපාල මහතාගේ කාර්‍යාලය පිහිටා තිබුනේ (ඇත්තේ).මා සමගම, බාබර් සාප්පුවේ සිටි කිසිම කෙනෙකුන් දිහාවත් නොබලා ඇවිද ගිය සෝමපාල මහතා, තම ලෙදර් බෑගය කාර්‍යාලයේ තිබූ එකම මේසය මත තබා, මේසයට හේත්තුකර තිබූ

ජ්‍යෝතිශ්‍ය කාර්‍යාලය,

සාමවිනිසුරු සෝමපාල නානයක්කාර,

උදේ 8 සිට සවස 4 දක්වා..

(පෝයදින හැර)

යන්න ලියා තිබූ බෝඩ්ලෑල්ල උස්සාගෙන එන ලෙසත් එය බාබර් සාප්පුවෙ සහ අල්ලපු කඩ කාමරය අතර වූ අඟල් 10ක් පමන් පලල බිත්තියේ, පොලොවින් අඩි හතරක් පහක් පමන උඩින්, තුන්කාලක් පමන එලියට සිටින පරිදි මදක් උඩට හැඩ වෙන අයුරින් ගසා තිබූ අඟල් දෙකේ පරන පරාල ඇනයේ එල්ලන ලෙසත් කියා ආපසු තම මේසය වෙත ගියේ නැවතත් කා දෙසවත් නොබලාය.

තම මේසය මත වූ ඈපා පංචාංග ලිත් සමූහය එහාට මෙහාට කොට, සීආර් පොතක් දුන් සෝමපාල මහතා, අත් අකුරු හොඳද කියා බැලීමට යයි පවසා ඔහු කියන දේවල් එහි ලියන්න යයි කියා, කොටහලු මගුලක නැකත් ලිවීමක් පල්මුවෙන්ම මට කියා ලියවන ලදි.

දහවල් කෑම වේලාව පැමිනෙන විට, අඩුම තරමින් අලුත ඉපදුන දරුවන් දෙදෙනෙකුගේ කේන්දර දෙකක්ද, නව නිවසකට ගෙවදීමේ නැකත් දෙක තුනක්ද මාගේ අත් අකුරින් ලියා ඔහු මුදල් කර ගත්තේය.

දොලහා හමාරට පමන..හා දැන් යමු කෑමට..යයි කියා මා සමගින් රත්නපුර සෙන්ට් ලූක් එක ඉදිරියේ තිබූ ඒවරස්ට් මුස්ලිම් හෝටලයට ගිය සෝමපාල මහතා මා හට බඩ පිරෙන්න බත් කන්නට දුනි.බත් කන අතර තුරේ මා හට මතක් වූයේ අම්මා මොනවා දහවලට කෑවාද යන්නයි.

නැවතත් සැන්දෑවේ මහත් බලාපොරොත්තු ඇතිව මා සිටියේ සෝමපාල මහතාට තව තවත් නැකත් වැඩ ලැබේවා යන්නයි, මක් නිසාද යත්, මසකට රුපියල් 150 ක් ඒ කියන්නේ දවසකට රුපියල් 5ක්, මාත් ඔහු මෙන් පොහොසත් වෙනවා නොවේදැයි සිතමිනි. උදය වරුවේ මෙන්, සවසට නැකැත් බලන්න එන්නේ නැති බව මට තේරුනත්, ගෙපලක් කැපිමටත් අලුතෙන් පතලයක් පටන් ගැනීමටත් නැකත් බලා ගැනීමට දෙදෙනෙකු පැමිනීමත් සෝමපාල මහතා ඔවුන් සමග දිගු සතුටු සාමීචියේ යෙදීමත් නිසා සවස 4 වෙනවා දැනුනේම නැත.

සවස හතර පසු වූ වහාම, නැවතත් බෝඩ්ලෑල්ල ගලවාගෙනෙන ලෙසත්, හෙට උදයේම අද වාගේම වැඩට එන ලෙසත් පවසා, සෝමපාල මහතා, තම කලිසම් සාක්කුවට අත දමා, රුපියල් තුනක් මා වෙත දික් කරන ලදි. රුපියල් දෙකේ කොලයත්, රුපියලේ කාසියත් අතට ගත් මට ඔහුගේ මුහුන දෙස බැලුනේ..ඇයි මේ යන්න ලොකුවටම කියා පාමින්මය...මාගේ හිත තේරුම් ගත් සෝමපාල මහතා...දවල් හෝටලෙන් කෑම කෑවට රුපියල් දෙකක් කැපුවා...

මාගේ ඇස් දෙකට කඳුලු පිරෙනු දැනින. ඔහු දෙස හිස් බැල්මෙන් බලා සිටි මා, ඔහු යමු බස්ටෑන්ඩ් එකට කියද්දීත්, ඔරලෝසුකනුව පසු කරගෙන යන මුවගම පාරදිගේ පොල වෙතට පා එසවූවෙමි. රුපියල් දෙකක එලවලු පොලෙන් අරන් පයින් ගෙදර ගිහින් අම්මට කියන්න ඕනි හෙට ඉඳන් මට බත් එකක් උදේට බැඳලා දෙන්න කියලා.

 ~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!

චන්දන, ෆ්‍රන්ට් ස්ලාන්ටින් ක්ලැඩින් එකේ ග්‍රවුන්ඩ් කනේක්ෂන් ඩීටේල් එක චේන්ජ් කරන්න, අර මනුස්සයාට ඔය බෝඩ්ලෑල්ල එල්ලන්න පුලුවන් වෙන්න.

සර්, ඒ සයින් එක හරි කැතයි, පරනයි, කුනුගෑවිච්ච එකක්නේ. මුලු ෆසාඩ් ඩිසයින් එකම සවුත්තුවෙයි එහෙම කලොත්.

එක තමයි මනුස්සයො ඩිසයින් එක වෙනස් කරන්න කිව්වේ....ක්‍රියේට්ව් වෙන්න එතකොට චන්දනට හොඳ ඩිස්යින් එකක් එයි ඕකට..

මනෝජ්...බැක්ටු හොටේල්...




Wednesday, 2 April 2014

hathmaaluwa-හත්මාලුව

Hathmaaluwa-හත්මාලුව

  recipe from sabaragamuwa for the sinhala new year 

This is the recipe for the most important dish of the Sinhala/Hindu New Year celebration meal partaken by folks in Sabaragamuwa...
I learnt this from my mother..Usually this is the main dish we prepare for the auspicious time celebrating new year rituals in Sabaragamuwa province of Sri Lanka. It contains seven main ingredients representing leaves, nuts, yams, stems, fruits, vegetables and considered as a vegetarian  preparation but you can add flakes of Maldive fish (උම්බලකඩ)


Seven Ingredients are:

Ash Plantain -අලුකෙහෙල්
long beans-මෑ කරල්
aubergine -වම්බටු
sweet potato-බතල
Kaju-අමුකජු
Jack fruit nuts කොස් ඇට
young leaves of pumpkin- වට්ටක්කා දලු

Usually the quantities of the above ingredients are depending on the number of people share the new year meal and in our house we cook this for 10 to 15 guests and family members. If you consider using 500g each of the main ingredients (except the pumpkin leaves of which you need only 100g) the meal will be enough to serve 10 to 15 people.

Prepare all the ingredients in the usual way you cook them as curry (break the pumpkin leaves by hand into one inch long pieces).
Place all the main ingredients in a large pot and add red onions, green chili, garlic, cinnamon, penugric seeds, turmeric powder, non roasted curry powder, chili powder and flakes of Maldive fish, proportionately for the volume of the whole dish as you prepare a vegetable curry, and mix them well.
Add second extract of milk from a medium size coconut but keep in mind the vegetables create juices when they cook so do not add lot of water into the second extract.
Cook on medium heat until the nuts are soft and add the first extract of the coconut and simmer down until the gravy become creamy.

This dish is very well goes with Milk Rice for breakfast with Sinhalese Achcharu and will be the main curry for your New Year lunch Menu.