Wednesday 4 June 2014

30+

මේ ලමයා කොහෙන්දෝ
රෝස කැළෙන් ගෙනාවෝ
 >
<
>
<
මට ඔයාව වඩාන
බත් කුරුල්ලෝ කවන්න

දෙකකුල් උඩ තියාන
ඔන්චිලි පද්දන්න

උදේ හවා නාවලා
ඕඩිකොලොන් දාන්න

පිටේ තියාන
වත්ත වටේ
ලුණු ගෙනියන්න

ආසයි ආයෙත්…..

ඒත්….

ඔයා දැන් .....

>
<
>
<
>
 
මේ ලමයා කොහෙන්දෝ
රෝස කැළෙන් ගෙනාවෝ






අද උපන් දිනය සමරන එකම දියනියට.....
පින්තූරය මෙතනින්-http://theparentcue.org