Friday 19 May 2017

ඈ ලියූ කව....!



මතක වළසා
පහුරු ගෑ
හදවත
අවුළුවා
ගලනා විට
රුදුරු සෙනහසේ
රුහිරු මතකයන්

සැරසී සුදුවතින් 
 මා හිත
 ගියා
මළගම්
ආදරේ නුඹටම තියා...!

Sunday 7 May 2017

පාලු සිත...!


 Chrys Roboras

වියැලුන මා
කවි සිත
තෙමනු බැරිය
සොඳුරියෙ
ඔබැ
ආදරණීය
මුරුගසං වරුසාවට....!

එයනම්
මේ කවිසිත
කල නොවැරැද්දක් බැව්
කෙසේ පසක් කරමුද
අප....!!!