එක කෙනියක පීදුන කරාබුනැටි තුනක්.......! |
පිරූ පෙරුම්
අයියනායක දෙවි පාමුල..!
පිදූ සල්මල්
වැව් තාවුල..!
කෙකටිය මල් තලාන
අප තිදෙන රැඟූ ආලිංගන
දියකාවුන් රැගෙන ගිය
සොරාගෙන
සොරාගෙන
ඒ සොඳූරු මතකය
මතුබවයේ
එක අත්තක හෝ පීදී
එකට මියෙන්න
පැතූ පැතුමන
එක අත්තක රටාවකට
එක මොහොතක ඉපදුන
අප තිදෙන රැවටූ
අප දෙදෙන තනිකලා වූ
ඔබ
පමනක් තනිව පිපී
පමනක් තනිව පිපී
අපට කලින්
සුළඟේ ගිලිහී පාවී යන්නට
ඔබැ රේනු
තැලූ
තැලූ
බඹරානෙනි
ඇයි රුදුරු
මෙතරම්...!
ඇයි රුදුරු
මෙතරම්...!
මේ වගේ සියුම් දේ දකිමින් විඳින්න Chef-Archi සියුම් හිතක් මටත් තිබ්බනම් කියලා හිතෙනවා.... හරිම ලස්සන කවියක්
ReplyDeleteසියුම් නේ...සියුම් පැත්තක තියමුකෝ..හිතක් තිබුනොත් කොහොමද මිස් එරන්දි හැබෑටම...!
Deleteදෙකක් නැ මාත් ලියනවා එහෙනම් ඔබ වගේ :)
Deleteසොයා ගනු බැරි
ReplyDeleteපාලනය කරනු බැරී
හරිම පුදුම
සොබා දහම එයයි සිරී.....
ලස්සන අදහසක් චෙෆාකී.
ජයවේවා!!!
සොයන්නාටම හමුවේනං
Deleteපාලනය කුමකට...!
සොබාව පුදුමයක්ම නං
ශ්‍රියාවට කෝ ඉඩක්....?
ලස්සන හදවත්
පුබුදාවී ලස්සන
අදහස් දුමී....!
ජය...!!!
ලොවේ පැවැත්මට හැමදේ සිදුවන්නේ
Deleteනොවේ එයින් පුදුමය මා පවසන්නේ
නිවේ නැගේ සොබා ගුණය සමගින්නේ
භවේ පුරා හැම ඒවෙත නතුවන්නේ....
මේක නම් ඇක්ස්ට්‍රා ඕඩිනරි.....
ReplyDeleteNo doubt
Deleteකරාබු නැටිත් පව්...මමත් පව්...ඇක්ස්ට්‍රා නේ....තැන්කූ...!!
Deleteමේ ළඟදී වී ඇක්ස් එකක් ගහන කොට ඔහේව මතක් උනා...
Deleteමාතේ කිව්වා වගේම මේක extra ordinary .
ReplyDeleteමගේ ඊළඟ පෝස්ට් එකේ චෙෆාකි ගේ සංයුක්ත කවි ගැන පොඩි සටහනකුත් ලියලා තියෙන්නෙ. ඒ තරම්ම මම මේ කවි වලට කැමති නිසා. හැබැයි ඔබේ විශිෂ්ටතම කවියක් මේ
Thank you for the appriciation..it helps loads...:)
Deleteඅපූඍුයි..
ReplyDeleteහපොයි.
Deleteඒකනේ..ටැපලිලා නේ...!!
Deleteකරාඹු නැට්ටකටවත් පාඩුවෙ ඉන්න නොදෙන හැටි.
ReplyDeleteඑකකටනං බැරියෑ..තුනකටමනේ මේ කරදරේ කොරන්නේ..කියෙව්වේ නැද්ද..?
Deleteහැම කරදරේම තුනටමනෙ. නැද්ද ඕයි.
Deleteතුනක් නැත්තං ගතියක් නෑ හැලපේ...!
Deleteකරදර උනත් සැපයි...!!
/////හැම කරදරේම තුනටමනෙ. නැද්ද ඕයි.//////
Deleteඑල්ලෙන සියල්ලකටම කරදර මිසක් අන් කවරක්ද...
සරලවම කියනවා නම් පට්ට..
ReplyDeleteමේකනම් සුපිරිම සුපිරි චෙෆාකි තුමෝ. ඒත් මම කැමති මෙතන දෙන්නෙක් හිටියනම්
ReplyDeleteතුන්පත් රෑනට දෙන්නෙක් ඉඳලා බෑ නේද සඳවතී...?
Deleteදෙන්නෙක් උනානං ඉතිං ඔහේ ගලාගෙන යාවි...තුන්වැන්නා නේද රස මවන්නා...!!!
ඔය ඉතින් ඔබතුමා මාව නොමඟ යවලනේ. අපි තිදෙන රැඟූ ආලිංගන කිව්වම මම ගියේම වෙන පැත්තකනේ
Deleteමචං මේ කරාබු පිපින්නේ ට්‍රිබල් දාලද....
ReplyDeleteමගේ හැම එකම ඔහොම තමා ඉතින්...!!
Deleteමොකක්දෝ නොකියා කියන කතාවක්ද මන්දා චෙෆ් මේක...හබැයි පද ගැලපුම නම් අපූරුයි
ReplyDeleteමටනං හැමදේම නොකියා කියන කතාවක් වගේ තමයි විසිරි...හැමදේම කියලත් බැහැ නේද...?
DeleteCoco-de-mer ගැනත් ලියයිද?
ReplyDeleteටෝයිස්ද බොන්ඩේජ්ද නැත්තං ජංගිද....!!
Deleteතුන්පත් රෑන වේදෝ කෝම...?
ReplyDeleteජයවේවා..!!
මල් තිබුනාට පල නෑ තාම අඹ ගහට...!!
Deleteනැටි තුනකින් ලොකු කතා ගොඩක් කියනව ...
ReplyDeleteඔයාගෙ ලියපු අනිත් කවි වලට වඩා ගොඩක් දියුණු කවි පන්තියක් ..
හෑ....??
Deleteමටනම් ආණ්ඩර දෙමල
ReplyDelete