Monday 27 March 2017

සුපිපි පියුම

නෙළුම
ශිව පාර්වතී


විකසිත වූ නෙළුමක් ලෙසැ
දියමත දිදුලන
ආඩම්බරෙයෙන්මැ දිදුලන

පිබිදී හැකිලෙන
හැකිලී පිබිදෙන
ඒ හැම
වාරයක් පාසාම
දියෙහි ගිලී
යලි මතුපිට සරනා
ආඩම්බරයෙන්මැ සරනා
නෙළුමක අසිරිය
ඔබැ රුව පැරදුවේ
සදොස් හැගුමන්ම නොව

මානසවිල  මත නොපිපෙන
නෙළුමක අසිරිය සෙවූ
අවිහිංසක හැඟුමක්ම බැව්
පවසමි සෙනේහෙන්..




Wednesday 15 March 2017

බෝසත්




සිරකරු මා
මැදිරියක
වීදුරු
බෝසත් කම මා
වසනු බෑ ඒ
මැදිරියට
වීදුරු

කළු මා
සුදු ඔබ 
දෑත
කැමැත්තෙන්ම නොවෙදෝ
අතහැරියේ
සංසාර බියට

මෙතුවක් කල්
අප ගැටී නොසිටියෙමුද
අප දෑත් වෙලී නොතිබුනෙද 
රුකකට පෙම් බැඳි
ලියවැලක් මෙන්...?


බිඳගත්තේ ඇයි ඔබ
බෝසත් ගුන කන්දරාවක්
තනි සතුටක
එල්ලී අහම්බෙන්

හමුනොවෙමු
කිසිදා ආයෙත්
මතු උපදින ආත්මයක් 
ආත්මයක් පුරා...

පාරමිථා නොව මා
මේ පුරන්නේ
ගැලවීමමයි
ඒ පුහුදුන් බැඳුමෙන්...

සොඳුරියේ මතු උපදින
ආත්මයේ...!





මීවිත 
මියැසිය
තනිරකීවි
බෝසත් හට....!














Tuesday 14 March 2017

බාල අපරාධයක නුඹ මාව කොටුකරලා



එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

හෙව්වේ බැලුවෙ නැත්තේ
නුඹ තාම පොඩි නිසා

හිතේ දොලදුක නැත්තෙ
අඹගහේ ගැට පිරිලා

මාස පහෙන් ගැබ් ගත්තේ
නොදැනීම වැට පැනිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා

තණපිස්සේ දුවන්නෙපා
මේසෙන් පනින්නෙපා

පුරු පුරු ගගා දැවටෙන්නෙපා
පෑගුනොත් මම පව්කාරයා

එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා





Wednesday 8 March 2017

අවසරයි....!!







Baby smiling up at her mother impressionism Mothers children by  Mary Cassatt


අතක්
පයක්
ඇසක්
කණක්

ගෙයක්
දොරක්
ගහක්
කොළක්

නොව මා
දන නවාන
දෑස් වසාන
යදින්නේ

අවසරයි
මා 
යදින්නේ

තව එකම එක
සීතල රැයක්
ඔබතුරුලේ
නිදන්න ආයෙත්

තව එකම
එක වතාවක්
සියුමැලි ඔබ දෙතොලින්
සිඹගන්න
ආදරෙන්
ආඩම්බරෙන්
රැලි නැගෙනා
පටු
නළල් තලය
මගේ





Sunday 5 March 2017

ක්ලිප්ස්....!






කැමරා සිත්තම සඳූගේ සත්තලං ගේ....!

තදට තදේ
දිගට දිගේ
වෙලුන දඟේ
රැහැන්පොටේ
කිටිකිටියේ
වෙලුන දඟේ
වෙනකෙකුගේ
දෑඟිලිවලට
තදට තදේ
                   මිරිකෙනවානං
                                         අනේ අපි දෙන්නාවම
                                         එකටම මිරිකෙන්නට
          පතමු අහස බලාන
පොඩ්ඩිගේ සුදු නිල්කැට
බේබි සුවඳ ජංගිකොට ටික
ගෙනෙනකන්
ඈ.....!

Saturday 4 March 2017

හෙඩිමක්..කෝ...?

අබිජා ආබිජා
කමියා..කාමීයා
පැන්නා ..පැන්නා
වතුරට..
දිල් රුබා..
පූල් එක ඉතිරුවා..
මේ වෙනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා..
Mash up...oops
ඔතනින් ඉවරනන්
ටක් ගාලා ඇඳගනින් ඇඳුම් ආ..
ඒ මාතා...කවුද කවුරුද...
මාතලන් මෙයා...ඔව්..
පොකුරුට නොතේරුනාට
නොදැමුවාට කොමෙන්ට් පොකුරු...
විසිරිට තේරේවි...
ලොකුපුතාගේ
පිස්සු ඩොකාගෙ
ඇයි අපේ අටම් අයියාගේ
සතුටට
බාධාවක් වේවිද
මොනාවත්...
අපේ...

ඔබේ...

නිදහසට
හානියක්..


ඔයුරින් ඔයිරේ...

අද හමුවෙමුද අපි..
හෙට හමු වෙමුද අපි...