Wednesday 11 January 2017

හීගඩු


හීන් ඇලේ
හීතල දියෙන්
හේදූ
ඔද්දල් හිත
එල්ලුවෙමි
දෙවැටේ....

හීන් ඇලෙන්
දියනාගෙන
හිරිගඩු පිපෙනා හැන්දෑවේ
විල්ලුව අද්දර පැලට පැද්දෙනා
හීන් නගාගේ දියරෙද්දේවත්
පැටලෙන්නැයි පතාගෙන...



41 comments:

  1. ගං ගුටි හරි සැරයි

    ReplyDelete
    Replies
    1. උඹට ඉතිං ඕන දේක පේන්නේ ඔය පැත්තනේ..අනේ ඉතිං අපි මොනා කරන්නද...?

      Delete
  2. // විල්ලුව අද්දර පැලට පැද්දෙනා
    හීන් නගාගේ දියරෙද්දේවත් //

    හෙනේ පැල ද හිටන්?

    ReplyDelete
    Replies
    1. ආවනේ නිවාඩුවට...හීන් ඇලෙන් නෑවා... හීන් මැනිකේලා ඉඟිකලා...ඉතිං ...ඔන්න ඔහොමයිලු...!!

      Delete
    2. ආ අනික..ඔහේ තමයි මේ හේන් කේස් එක ඇවිස්සුවේ..දැන් ඕන් අපිලට දොස් කියනව හේම නෙවෙයි...!

      Delete
  3. ඒක නම් මරු.... අහිංසක සිතිවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. ඔහේට ඉතිං කියන්නම ඕනි නෑනේ විස්තර කථාව....ඔහේ දන්නව නොව...!!!

      Delete
  4. කවිය කෙසේ වෙතත් මේ පින්තුරේ දැක්කම ඔලු ගෙඩියෙත් හීගඩු පිපුනා

    ReplyDelete
    Replies
    1. ඒ ඇති මට හොඳටම හීන් නගේ...!!!
      ඔහොමත් අපහාස කරනවද මේ අහිංසක අපිලට...පව් නේ...!!

      Delete
    2. හීගඩු make more sense...!!!

      Delete
  5. තාම හීගඩු පිපිච්ච ගමන්ද?

    ReplyDelete
    Replies
    1. ඊරිසියාකාරයා....!!!
      :)

      Delete
    2. මේ කාෂ්ටක අව්වෙ ඉන්න හැලපෙට මොන හීන් කෙල්ලොද..

      Delete
  6. හිත හේදුවේ වොන්ඩලයිට් ගාලා නම් රෙද්ද ශුවර් එකටම ටැපලෙනවා.

    ReplyDelete
    Replies
    1. පිච්චුද අරූ...සඳුන් සබන් ගාලා හේදුවේ..රත් නෙවී සුදු හඳුන්....!

      Delete
  7. අන්තප්පුරේ මැනේජර් වේකන්සිය මටම දීපිය හොඳේ.....

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලා ඒ පුරේ හදලා ඉන්න එපෑයෑ පුතේ..එහෙව් කාලෙක ජිම් එහෙම ගිහින් ඇප්ලිකේසමක් එවපංකෝ...සලකලාම බලංඤ්ඤං....!!!

      Delete
  8. සෙලුවට් ටික හිතේ කොටාගෙන වගේ ...

    ReplyDelete
    Replies
    1. තව තව ඒවා කෙටෙනව මුද්දෝ....!

      Delete
  9. ඉතින් නුඹේ හිත ගලවයි
    අතින් දෙවැට මත එල්ලයි
    නෙතින් නගා මෙය දුටුවයි
    බයෙන් කෑ ගසා දිවයයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින්...දුමියා උදැල්ල දානවා....!

      Delete
  10. පහු ගිය සතියේ මමත් ගියා දෙහිඅත්තකන්ඩියේ නැවාඇලකින් දෙකයි එබුනේ ඔය වගේ හිරිගඩු පිපුනා ...නගාලා බලන්නත් අමතක උනා සීතලට

    ReplyDelete
    Replies
    1. යුතුකම් පැහැර අරින්න එපා එහෙම...නගාලා පව්නේ මෙන්ඩෝ...!

      Delete
    2. මෙන්ඩෝ...
      ඇගේ මයිල් කෙලින් වෙනවා මචෝ ...සීතලට නෙමයි ....උබගේ හිතවත් කමට

      Delete
  11. දැවැටෙ දෙපැත්තෙ ඇතිල්ලීගෙන තමයි ගොංස් ල ගාලට යන්නෙ, එල්ලපු හිත ගොනෙක්ගෙ පැටලෙන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ඉතිං මොකෝ...ගොස්ලාට තියෙන්නෙත් අනිත් අයට තියෙන දේම තමයි...මම කිව්වේ හිත ගැන.....! :)

      Delete
  12. මිනිස්සු වයසට යද්දි හිත හිරිමල් වෙනවා කියන්නෙ මේකට වෙන්න ඕනෑ..
    ඒකෙන් කාරි නෑ..හරි ශෘංගාරාත්මකයි .. වනචරයි... ස්වාභාවිකයි.

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් වනචරයි..ඒ කියන්නේ වන චාරියි.....!!!

      Delete
    2. ඒකනේ ස්වභාවිකයි කිව්වේ... කොච්චියා කොහොමත් අමුවෙන් ඉන්න එකානේ...ඌ ඔය අමු කමට ආසාය.

      Delete
  13. Nice creation Archi...but make sense of nonsense myself like upside down pudding without pineapple.. :) :)

    ReplyDelete
    Replies
    1. ඒක රහයි තමයි..හැබැයි අන්නාසි නැත්තං කිඹුලා බනිස් වගේ...:)

      Delete
  14. හීගඩු පිපෙනවට දෙකක් දාගෙනම ගියානං තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. හීන් නගා ශොට් දාන්නේ නෑලු...!!

      Delete
  15. නියම නිර්මාණයක්. 5*

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා නැද්ද ඒ වගේ...මම නම් එහෙමයි...!
      :)

      Delete
  16. හී කඩු පුප්පයි

    ReplyDelete
  17. හීන් නගා දිහා
    හොරෙන් බලා
    පැතූ පැතුමක්
    කවියක් වෙලා

    එළ

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....