ශිව පාර්වතී |
විකසිත වූ නෙළුමක් ලෙසැ
දියමත දිදුලන
ආඩම්බරෙයෙන්මැ දිදුලන
පිබිදී හැකිලෙන
හැකිලී පිබිදෙන
ඒ හැම
වාරයක් පාසාම
දියෙහි ගිලී
යලි මතුපිට සරනා
ආඩම්බරයෙන්මැ සරනා
නෙළුමක අසිරිය
ඔබැ රුව පැරදුවේ
සදොස් හැගුමන්ම නොව
මානසවිල මත නොපිපෙන
නෙළුමක අසිරිය සෙවූ
අවිහිංසක හැඟුමක්ම බැව්
පවසමි සෙනේහෙන්..
ආ.... එතකොට එයාට වැඩිය නෙලුම හොදයි ..???
ReplyDeleteදැං පරක්කු වැඩී මං හිතන්නෙ ...
නෙළුම හොඳයි .....!
Deleteහොඳයි නෙළුම්.....!
මේ කවිය මාර රහයි.
ReplyDeleteතිත්තත් රසයක්නේ මෙයා...!
Deleteමට ඉතින් කවි වැඩිය තේරෙන්නේ නැහැ කියලා උබ දන්නවනේ
ReplyDeleteදන්නෝ දන්නෝ....!!
Deleteහිරු ට අයිති බව හිරු පවසනවා
ReplyDeleteවිල ට අයිති බව විල පවසනවා
බිඟු ට අයිති බව බිඟු පවසනවා
නුඹ කාට ද හිමි නෙළුම් මලේ...
හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ
විල හින්දා ම ලු ජීවත් වන්නේ
බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...
හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්
ආදරයක් නැති මිනිසෙකු දෑතට
නෙළුමේ නුඹ හසුවන්න එපා...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නීලා වික්‍රමසිංහ
ආදරයක් නැති මිනිසෙකු දෑතට
Deleteනෙළුමේ නුඹ හසුවන්න එපා....
ඒ පද හරි ලෙංගතුයි...!
හැබැට මේ කවිය ලස්සනයි එත් මට තේරෙන්නේ නැ නේ Chef-Archi
ReplyDeleteඅනේ මන්දා බුද්ධිකා ....!
Delete:)
ඒ කියන්නේ මේක Archi ගේ සිතුවිල්ලක් නෙවෙයි ද..??
Deleteනැතුව නැතුව..ඒ උනාට වෙනස්...!
Deleteආඩම්බරයි.. හැක්.
ReplyDeleteකාටද මලේ ආඩම්බර ඈ...;)
DeleteBeautifully described.
ReplyDeleteතැන්කූ කියෙව්වට...ඉශ් සිංහල ට්‍රයි කරන්න....!
Deleteකවුද බොලේ මේ
Deleteඔයාගේ යාලුවෙක්...කොහෙද මතක් තියේවියැ සිහිය නැතිවෙනවනේ ඔහේට පටන් ගන්නකොටම...!!
Deleteකොහෙද හත්වලාමේ ගිහින් හිටියේ , (කවිය පස්සෙ කියවන්නම්)
ReplyDeleteකොහේ යන්නද දරුවෝ...ඈතට වෙලා ටිකක් බලන් හිටියා මොනාද වෙන්නේ කියල....!
Deleteපිපෙන්න පිපෙන්න වගේ ඉඳල අන්තිම මොහොතේ නොපිපිච්ච නෙළුමක් ගැන නේද මේ කියන්නේ? නෙළුම පිපුනත් නැතත් 'ඇය' සුන්දරයි.. :)
ReplyDeleteහිහිහි....!
Deleteඅර බුද්ධිකා කිව්වත් වගේ මටත් මේක නොතේරෙමි... ;(
ReplyDeleteකවියට අදාළම නැහැ, ඒත් මට ඔලුවේ මුල්ලක තිබිල "නෙළුම් කොලේ උඩ කොරවක්කෝ යනවා වගේ" කියන කියමන එළියට පැන්නා...
දැන් ඉතින් හොයල බලන්න ඕනේ ඒ යෙදුම යෙදෙන්නේ මොන වගේ තැන් වලටද කියලා...
ම්ම්ම්ම්. හොඳට දෙකක් දාගෙන වැනි වැනි යනකොට කියන යෙදුමක්ද ඒක...?
පරිස්සමෙන්...ඔය නෙළුම්කොල හිල්වෙනවා...ගිලෙයි..!
Deleteමේක මමම ලියපු එකක් නෙවෙයි...එඩිටෝරියල් බෝඩ් එකෙන් අහන්නං අර කථාවේ තේරුම...!
මට නොතේරුනත් සම්මානයකට නිර්දේශ විය යුතු බව හැඟේ
ReplyDeleteආ ඔයාද දැන් නිර්දේශකයානෝ....එහෙනං හොඳට තියේවි...!
Deleteනිර්දේශක්යානෝ නෙවී , ප්‍රදීප් ජයතුංගයානෝ
Deleteසම්මානෙන් 10%ක් අය කෙරේ
Deleteඑකපාරක් ආවා... බැලුවා.. ගියා.
ReplyDeleteආයෙ ආවා.. කොමෙන්ට් එක්ක වත් අයිඩියාවක් ගන්න පුළුවන් වෙයිද බලන්න.ම්ම්හ්...
තව ටිකක් ලොකු උන කාලෙක වත් තේරෙයි නෙ.හෙහ් හෙහ්
ජයවේවා..!!
හයියෝ මෙහෙමත් නවනිංගිරාවක්..මේක ලියපු කෙනාව කන්න ඕනි...!!
Deleteනෙලුම් විල මමයි... ඔබ එය අවදි කල හිරුයි..
ReplyDeleteකවුදෑ බොල මේ....ඩබොල් එස්...?
Deleteමම මම. නම පුතාගෙ. ඒකට බ්ලොග් එකක් හැදුව, වැරදිල ලොග් වෙලා තියෙන්නෙ ඒකෙන්.
DeleteIU
ඒත් මීටර් නෑ අප්පා...!
Deleteහිරුට පියුම මිස සඳුට අයිති නැත - තරු සුදිලේ ඝන අඳුරු රැයේ
ReplyDeleteවරද මගේ මිස වරද ඔබේ නොව - අහිමි සෙනේ පැතු ඔබගේ ලයේ
ඇත්ත....!
Deleteනෙලුම් ගැනමයි කතාව . කියන්නං සාරසට
ReplyDeleteහම්මෝ එපා..එකාට ලෝටස්ගාය...:)
Deleteකවිය ලස්සනයි...මටත් ඒ වුනාට ඒක නොතේරේ...
ReplyDeleteබොරුත් කියනවා නේ...!
Deleteමේක ලියවුන හැටි දන්නවනං ඔහොම කියන්නෙ නෑ විසිරි...!
ලියැවුණු හැටි මා නම් දනිමි.
ReplyDeleteහම්මේ මතක්වෙනකොටත් සැපයි...!
Deleteනෙළුම්බට්ටො කැන්දකොලේ ඔතලා වගේ කස්ටිය..
Deleteනෙලුම් මෙකල ප්‍රචලිත වූ වචනයකී
ReplyDeleteරැවුම් මෙන්ම ගුණ වැයෙනා අවදියකී
නෙලුම් සුවඳෙ නුඹ සෙව්වෙමි මා කැරකී
නෙලුම් අස්සෙ චෙෆ් හිටියද ගැටලුවකී.....
ජයවේවා!!!
නෙළුම අස්සේ නොසිටියෙමි...
Deleteසුපියල් අස්සේ අලුක්කාල් වලට බැරිනිසාවෙන්...
මගේ සුබපැතුමන් දුමීට...!
මිලියනයර් අලුක්කාල් අදමයි ඇහුවේ :)
Deleteශිවයි පාර්වතියි නෙළුමයි අනේ මන්දා.. මටත් තාම මීටරේට වැටුනෙ නෑ මේක
ReplyDeleteනෙළුම්යාය මට දැනිච්ච හැටි සඳවතී ඔය....ගනන් ගන්න එපා...!
Delete:)
අහා... අන්න දැන් තේරුනා
Deleteමට හරියටම මීටර් වෙන්නෙ නැහැ මොකක්ද කියන්නෙ කියලා.....explain please
ReplyDeleteහැලපයගෙන්ම අහපං මචෝ...ඌ තමයි දන්නේ මේකේ පසුබිම...!
Delete:)
දෙන්න නෙළුමක සුව පතන්න ගිහින්ද කොහෙද?
Deleteකිසිවක් නොතේරේ..බොහෝ දෙනෙකුට නොතේරුනා හංද අවුලක් නැත.සමහර විට මේ කයියත් අර සීතාරම්බර පට සළුව වගේ වෙන්ඩෑ...මම මෝඩයෙකි
ReplyDeleteනෑ...(අන්තිම වාක්‍යයට උත්තරේ ඒ...)
ReplyDeleteමෙහෙමයි..මේක ලියන වෙලාවේ, මමයි හැලපෙයි වැව් තාවුලක හීන් හුළගකුත් එක්ක මන්මත් වෙලා උන්නේ...වැවේ නෙලුම් පුරෝලා...සංවාදය උනේ නෙළුම් යාය ගැන..ඔයාලා එතකොට දියගේ...ඈතින් ඔරුවක් පාවෙනවා අර ලස්සන නෙළුම් මල් අතර...ඔරුවට යටවෙන ඒ මල් යට යනවා ආයෙත් උඩට එනවා...ඒ සංසිද්ධිය මගෙයි හැලපගෙයි මන්මත් හිතිවිලි වලින් ඔන්න ඔහොම මම ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් කලා...දන්නෙම නැතුව ශිව පාර්වතී ඇවිත් එබුවා කියන්නකෝ පබ්ලිශ් බටන් එක...ඉතින් කොහෙද අප්පා මේක කාටවත් තේරුම් යන්නේ...!!!
අර එරන්දි නෝනා දන්නවා ඒ වැව් තාවුල ගැන..අහලා බලන්න...!
හරියට තේරුනේ නන් නෑ... හැබැයි ෂෝක් එකට ලියලා තියෙන බවක්නන් පේනවා....
ReplyDeleteනෑ...(අන්තිම වාක්‍යයට උත්තරේ ඒ...)
Deleteමෙහෙමයි..මේක ලියන වෙලාවේ, මමයි හැලපෙයි වැව් තාවුලක හීන් හුළගකුත් එක්ක මන්මත් වෙලා උන්නේ...වැවේ නෙලුම් පුරෝලා...සංවාදය උනේ නෙළුම් යාය ගැන..ඔයාලා එතකොට දියගේ...ඈතින් ඔරුවක් පාවෙනවා අර ලස්සන නෙළුම් මල් අතර...ඔරුවට යටවෙන ඒ මල් යට යනවා ආයෙත් උඩට එනවා...ඒ සංසිද්ධිය මගෙයි හැලපගෙයි මන්මත් හිතිවිලි වලින් ඔන්න ඔහොම මම ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් කලා...දන්නෙම නැතුව ශිව පාර්වතී ඇවිත් එබුවා කියන්නකෝ පබ්ලිශ් බටන් එක...ඉතින් කොහෙද අප්පා මේක කාටවත් තේරුම් යන්නේ...!!!
අර එරන්දි නෝනා දන්නවා ඒ වැව් තාවුල ගැන..අහලා බලන්න...!
මට ආරංචිය ආවේ යායේ නෙළුමට එන්න හිටිය හැලපයාව අත් අඩංගුවට අරගෙන අටමා හිර කරගෙන හිටි වෙලේ ලියවුනු කවියක් කියල. හි හි
Delete//මානසවිල මත නොපිපෙන
නෙළුමක අසිරිය සෙවූ // වෙන මොනවාද මේ තියෙන්නේ සාක්ෂි