Thursday 5 January 2017

කුරෝලු කලටිපොල්



අපිට පොල් මුරේ වැටෙන්නේ මාස දෙකකට සැරයක් තමයි...ඒ කියන්නේ අර අවුරුදු හයකට සැරයක් චන්ද තියනව වගේ තමයි...!

ඉස්සෙල්ලාම පොඩි වපසරියක් නිසා ලේක් ෆ්‍රන්ට් එකේ තමයි පොල් කඩන්නේ...හරියට පලාත සභා මැතිවරණය වගේ...!

ඊට පස්සේ බඹරවැල්කුට්ටියේ පොල් කඩනවා...හරියට ප්‍රාදේශීය සභා ඡන්දේ වගේ...!

ඊළඟට බදුවත්තේ පොල් කඩනවා..ඒක මහ මැතිවරණේ වගේ...!

ඔය තුන්වැදෑරුම් කර්තවය ඉවර කරන්නේ අර කඩාපු පොල් ඔක්කොම බදුවත්තට ගෙනල්ලා වෙන වෙනම ගොඩවල්  ගහලා කැම්පේන් කරනවා දන්න කියන පොල් මුදලාලිලව හොයලා හොඳ ෆාර්ම් ගේට් ප්‍රයිස් එකක් ගහ ගන්න..ඒක නිකන් ජනාධිපතිවරණේ වගේ...!

ඊට පස්සේ ඒ මුදලාලිට අර පොල් ගොඩවල් ඔක්කෝම ටික විකුනනවා...!

ඊලඟ පොල් මුරේ එනකන් එයා තමයි අපේ පොල් මුදලාලි..ඒ උනාට ඊලඟ පොල්මුරෙ කිට්ටු වෙනකන් මිනිහ නෙවෙයි අපිව බලන්න පැත්ත පලාතෙවත් එන්නේ...!

ඔය කිව්ව පොල් ගොඩවල් තුනට අමතරව සරා මාස දෙක ඇතුලත දනේෂ්වයි හර්බට්වයි එකතු කරගෙන අහුලනව වේලිච්ච වැටිච්ච පොල්..ඒ ගොඩ වෙනම එකතු කරනවා..මොකෝ ඔය ගොඩේ තියෙන්නේ ඊට ඉස්සර මුරේ කැඩෙන්නෙ නැතුව ගස් වල ඉතිරි වෙච්ච ගෙඩි නිසා...ඒවා හරියට අර ජාතික ලැයිස්තුවෙන් දියවන්නා හොර ගුහාවට පාත්වෙන සෙට් එක වගේ...!

ඔය අහුලන පොල් වලයි කඩන පොල් වලයි ලස්සනට තියෙනවා හැම ගෙඩියම..එකකින් එකක් වෙන කරලා අඳුරගන්න බෑ අපිට..මොකෝ පොල් කඩාගෙන යනකොට ට්‍රැක්ටර් එකට පටවන්නේ හදිසියෙන් නිසා පුහු පොල්ද,කලටිද පැහිච්චද කියලා තෝරන්න වෙලාවක් නෑ..!

හැබැයි අර ජනාධිපතිවරණේ වෙලාවට, ඒ කියන්නේ කැම්පේන් එකෙන් සිලෙක්ට් කරන පොල් මුදලාලිනම් හොඳට හොල්ලලා බලලා, සයිස් එක බලලා තමයි ලොරියට පටෝ ගන්නේ පොල් ගොඩ...ඉතින් එහෙම කරලා ඉතිරි වෙන පොල් ටිකත් අන්තිමට එයාම දාගෙන යනවා...අපි එදා රෑට කන්නත් තව ගෙඩියක් ගහකින් වැටෙනකන් ඉන්න ඕනි..!


ඔය මාස දෙකෙන් දෙකට පොල් කඩන අතර තුරේ අපි ඉතින් අතින් සල්ලි වියදම් කරගෙන, පෝර දාන්න ඕනි, ඩොලමයිට් දාන්න ඕනි, කැලේ සුද්ධ කරන්න ඕනි..ඒ මදිවට අර ඉර කැපුවම පොලිසියෙන් දඩ ගහනව වගේ, පොල් සංවර්ධන මණ්ඩලේ මහත්තයා ඇවිත් ලෙඩ හැදිලයි කියලා පෙන්නන ගස් කපලා පුච්චලා දාන්න ඕනි..නැත්තං දඩයකුත් ගහලා, ගහත් කපලා, කැපුවට සල්ලිත් ගන්නවා...හැබැයි පොලොස් මහත්තයාලා වගේ නෙවී ලෙඩ ගහක් කැපුවාම එක ගහකට රුපියල් 2,500/- ක් ගෙවනවා..ඒ කියන්නේ අපි මාර්ග නීති කඩකලාම පොලීසිය අපිට ගෙවනවා වගේ..!


රවි කරුනානායක මේක කියවන්නේ නැති නිසා බය නැතිව ඒක ලිව්වේ, එහෙම නැත්තං මෑන්ස් ඊලඟ බජට් එකෙන් හරි, ඊට කලින් හරි ප්‍රොපෝසල් එකක් ගෙනෙයි පොල් ගස් වලට ලෙඩ හැදුනාම පොල් ගහේ අයිති කාරයා ගහේ උස දෙකෙන් වැඩි කරලා අඩි ගානට බද්දක් ගෙවන්න ඕනය කියලා..එයාව අඳුරනවා නම්, කථාබහ කරනවානං, කරුණාකරලා මේ බව කියන්නෙපා හොඳේ...!


ඉතිං අපි බොහොම මහන්සියෙන් අපේ වියදමින් මේ පොල් වගාව කරලා හැම මුරෙන්ම පස්සේ විස්සෝප වෙලා, උඩ බලාගෙන ඉන්නවා මේ පාරත් අපි අහු උනානෙව කියලා පොල් මුදලාලිලාට...එතකොට හිතාගන්නවා ඊලඟ මුරේ නම් චතුරංගට දෙන්නේ නෑ...සල්ලි පරක්කු වෙලා හම්බුනත් ගොඩ්ෆ්‍රිට කතා කරලා ඌට දෙනවයි කියලා...ඒත් පොල් මුරේ ලංවෙනකොට චතුරංග එනවා බ්‍රවුන්පේපර් කවරෙක පන්දාහේ කොල මිටියක් දාගෙන...ඕනි නෑ චතුරංග සල්ලි දැම්ම, අපි පොල් ටික කඩලම කථා කරන්නං කියලා කියනවය කියලා හිතුවට අර බ්‍රවුන්පේපර් බෑග් එක දික්කර හැටියේ ගොඩ්ෆ්‍රිව අමතක වෙනවා..ගිය සැරේ ඇනගත්තා නේද කියන එකත් අමතක වෙනවා..!


එක වෙලාවකට හිතෙනව මේ පොල් වවන එකයි, ඒවා අපිව රවට්ටලා අඩු මුදලට ගන්න එකයි, ඒවා වෙන ආකාරයයි, අපි ඒ වෙලාවට හිතන ආකාරයයි, අපේ රටේ දේශපාලන සෙල්ලමට හෙන සමානයි නේද කියලා...!



මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න එක්කෝ අපි වෙන වගාවක් කරන්න ඕනි...ඒ කියන්නේ අන්නාසි හරි ඉඟුරු හරි වවනවා වගේ...ඒ උනාට ඕවා විකුනන්න අමාරුයි, ඕවට ලෙඩ බෝවෙනවා වගේ කථා කියනව සමහරු. ඒ කිව්වෙ අර ජේවීපී කට්ටිය වගේ...මොනාවත් වවන්නේ කරන්නේ නෑ වවන්න හදන එකාට කරන්න දෙන්නෙත් නෑ..!

හැබැයි ආරංචිය පොල් මුදලාලිලා එහෙම කියන අයත් එක්ක සෙට් වෙලාලු අපිව අඹරන්නේ..අනේ මන්දා හරි හිතවත් විදියට කට උල් කරලා කියනවිදියට එහෙම නෙවෙයිද කියලත් හිතෙනවා වෙලාවකට...!


ආරංචියනම් උන්ලු හොරෙන් පොල් ටික කඩාගන්නෙත්...අරියාදුවට යන්න බයයි මොකෝ කාලයක් ඒ අය ගමේ ගෙවල් ගිනි තියලා, පොල් මුදලාලිලාට පොල් විකුනන අයගේ බෙලි කපලා වැටවල් වල එල්ලලා එහෙම ගම්මුන්ව බය කරපු අය නිසා...!

මමනම් කලටිපොල් කථාවලට කැමැත්තක් ඇත්තෙම නෑ...ඒ උනාට කලටි පොල් හොඳයි සම්බෝල හදලා උදේට පාන්පිටි ඉඳිආප්ප එක්ක කන්න..ඉඳලා හිටලා එහෙම පාන්පිටි ඉඳිආප්ප කනවා මේවගේ...!

මට එක වෙලාවකට හිතෙනවා ඔය කලටිපොල් ගැන බ්ලොග් ලියන, පැරා, මාතලන්, සා රස, ඉයන් වගේ අයට දැන් කාලේ හරි පොල් මුදලාලීලාගේ පැත්ත ගන්නේ නැතුව, මේ අපි වගේ පොල් වවන, පොල් කඩන, පොල් අහුලන, පොල් කඩෙන් ගන්න අයගේ පැත්ත අරන් අපිව දැනුවත් කරනවනං හොඳයි නේදය කියලා...! 

නැත්තං වෙන්නේ පොල් මුරේ ලං වෙනකොට අර කට උල් කරගෙන අරවා මේවා අතේ ඇඟිලි වල තියාගෙන වගේ පෙන්නගෙන අපිව රවට්ටන සෙට් එක කොහොමෙන් කොහොම හරි පොල් මුදලාලිලාව පෝසත් කරන එක අපේ පිහිටෙන්...!


ඒකට හේතුව, මේ දවස්වල කොළඹ කෙසේ වෙතත් ගම් පලාත්වල නම් පාරවල් කොන්ක්‍රීට් දානවා, තාර දානවා, ඉන්ටර්ලොක් අල්ලනවා හෝගාලා...2015 ජනවාරියෙ එලවලදාපු පොල් මුදලාලි කලෙත් ඒ වැඩේමයි පොල් මුර ලංවෙනකොට..ඉතින් ඔය හතරදෙනාට බැරිද අපි ගැන අනුකම්පා උපදවලා ඇත්ත ඇති සැටියෙන් එහෙට මෙහෙට වැනී වැනී සෙරෙප්පු සපත්තු ගැන ලියලියා අපව රවට්ටන්නේ නැතුව, අනාගතේ ගැන හිතලා ලියන්න...!



ආයෙත් අපිට වරදින්න යන්නේ කියලයි හිතෙන්නේ, ඒකයි මෙහෙම ලිව්වේ හොඳේ...තරහා ගන්න කාරි නෑ ඕං...!

35 comments:

  1. දැන් එතකොට චෙෆාකි කියන්නේ පොල් වත්තක හිමිකරුවෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි..හඳ පෙන්නුවාම ඇඟිල්ලේ තියෙන ඩයමන්ඩ් රින්ග් එකනේ ඔයාට පේන්නේ...!

      Delete
    2. හි හී නෑ මම මෙ බැලුවේ ලේක් ෆ්‍රන්ට් එකක තියෙන පොල් වත්තක් කොච්චර සුන්දර ඇතිද කියලා

      Delete
    3. අති සුන්දරයි කියල තමයි ඉතින් කියන්නේ නං....!
      :)

      Delete
  2. ගසේ ඉතිරි වී බිම වැටෙනා වේලිච්චි ගෙඩි පාවිච්චියට ගත හැකි ද ??

    වෙලෙඳපොල වටිනාකමක් තිබේද (ඇත්ත පොල් වල හොඳේ.. දේසපාලන පොල් වල නෙවෙයි )

    ReplyDelete
    Replies
    1. වේලිලා බිම වැටුනාය කියලා කිසි අවුලක් නෑ පොල් ගෙඩියට කොප්පරා වලට නං විකුනන්නේ..අපි සාමාන්‍යයෙන් මුරේකට බිම වැටිච්ච ගෙඩි 1000ක් විතර අහුලලා එකතු කරනවා..කොප්පරවලට ගන්න නිසා එකම මිල ලැබෙනවා..කොප්පර වලට මෝරපු තැඹිලි පවා අපි විකුනනවා...තැඹිලි එහෙම විකුනන එක ලාභයි නැත්තං වලු බාන්න ඕනි නිසා කුනුකොල්ලෙට ගන්නෙ...මම ඔය කිව්වේ ඇත්ත පොල් ගැන හොඳේ...!

      Delete
    2. විහිලුවට නෙවෙයි අහන්නේ... එහෙනම් ගෙඩි කඩන්න කරදර වෙන්නෙ නැතුව වැටෙනකම් බලන් හිටන් විකුනුවාම නරකද...? කඩන්න යන කරදරේ ඉවරයි නේ!

      Delete
    3. එහෙම කරන්න බෑ මචෝ...මෙතන කියන්න බෑ..හම්බුනාම පොල්වගාව කතා කරමු...:)

      Delete
    4. සාරස,
      උඹල දතුත් වැටෙනකල් ඉන්නෙ නෑනෙ බං ගලෝනවනෙ.
      පොලුත් එහෙමයි මයෙ හිතේ.

      Delete
    5. හරියටම හරි..අපිටත් තියෙන්නේ දත් වැටෙනකන් ඉන්න..එතකොට සා රසයට තේ වවන්න වෙන්නේ...:)

      Delete
    6. // සාරස,
      උඹල දතුත් වැටෙනකල් ඉන්නෙ නෑනෙ බං ගලෝනවනෙ.
      පොලුත් එහෙමයි මයෙ හිතේ. //

      +++++++++

      තැන්කූ හිටන්..මාර ජෝක් එක!

      Delete
    7. හයියෝ් මගේ් බඩ

      Delete
    8. ඩීසී මිල් එකක් සෙට් කරගත්තොත්..? ට්‍රාන්ස්පොර්ට් එකත් කලාට පාඩු නෑ වගේ නේහ්? (පොල් ගැන.)

      Delete
  3. මුරේ කඩන්නෙ කවද්ද මචං!

    ReplyDelete
    Replies
    1. :) පෙබරවාරි අන්තිමට.....!

      Delete
  4. දැන් එහෙනම් අපිටත් පොල් අහුලන්න යන්න ලෑස්ති වෙන්න කාලේ හරි වගේ, නෙහ්...

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත තමයි..හෙට අනිද්දාට යමු අපි...!

      Delete
    2. ලොකු නිවාඩුවකුත් එනවා ඉස්සරහට. හෙහ් හෙහ්...

      Delete
  5. මුඩ්ඩ තියා මාළඟ ඔබ...අරන් යන්න පොල් !

    ReplyDelete
    Replies
    1. ගල් එපැයිද ඔහේට....!

      Delete
  6. පොල් කඩ කඩ බොරුවට දෙනවා
    ළමයො මම ගහ හොඳ හැටි හඳුනනවා
    අපිට බොරු චාටූ එපා
    අපිට බොරු චාටු එපා
    මුන්නැහෙගේ....

    ReplyDelete
    Replies
    1. ඔයා හරිම කස්ටයා මෙයා...ඔයත් එක්ක බෑ....!!

      Delete
  7. පොල් වතු ටික විකුණන්න හදද්දි පොල් කාලත් ඉවරයි කඩලත් ඉවරයි ලමයෝ..

    ReplyDelete
    Replies
    1. වතු 34යිලු විකුනන්නේ....!

      Delete
  8. චෙෆාකි. පොල් එපා කියලා වර්ජනය කරන්න හිතයි මට.

    පොල් තෝරා සවුත්තු ටික වෙළඳපොලට නොදා ඉඳිමු
    පොල් වෙනුවට වතුර දාල කෑම උයාගන්න බලමු
    පොල් කෑමක් අපට එපා අපි එය වර්ජනය කරමු
    පොල් නොමැතිව දිවි ගෙවන්න දැන්වත් අපි හිතට ගනිමු.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පොල් කෙසේ වෙතත් කල්ටිපොල් නම් එපාමයි....!

      Delete
  9. පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්...
    මැඩගස්කරයෙන් ගේමු පොල්
    වවනෙක පාඩුයි අපේ පොල්
    ගහමුකො බද්දක් කලටිපොල්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා වදී.....පෙරලනවලුනේ මුලු වත්තම....!!!

      Delete
  10. අනේ අපිටනං ඔච්චර ලොකු පොල්වතු නෑ මෙයා. යන්තං ගස් 50 ක් විතර තමයි තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉතිං ගන්නකෝ ඔය විකුනන එක වත්තක් මෙයා....!!!

      Delete
  11. පොල් අරක්කු දැන් නැද්ද....
    මචං පොල් කඩන්නේ මැශිමෙන්ද...නැත්නං උඹ ගස් නගිනවද :D

    ReplyDelete
    Replies
    1. මොන පොල් අරක්කුද මචෝ..එතනෝල් තමා ඉතිං....
      දොස්තර සරත් විමලසූරිය ප්‍රොටෝ ටයිප් එකක් හදලා ටෙස්ට් රන් එකකුත් කලා පොල් කඩන වැඩේට....
      ගස් කෙසේ වෙතත් තාමත් නගිනවා මචෝ....:)

      Delete
  12. බාට සෙරෙප්පු, සපත්තු , පොල් ඊළඟ එක මොකක්ද?

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....