Wednesday, 8 June 2016

හැලිබොරේන්ජ්, නේරංජනා සහ අසෝක වීදුරු



හප්පා...ස්ට්‍රෝබරි ජෑම් එක පැත්තක ගාලා අනික් පැත්තේ බටර් ගාලා තැටි පාන්....හැලිබොරේන්ජ් බෝතලේටම දාලා හැලිබොරෙන්ජ්...දොඩම් සුවඳ ඉහවහා යනවා...මම ඉස්කෝලෙ ගියේ ඔන්න ඔය උත්ප්‍රෙරක් දෙක නිසා, හැබැයි අවුරුදු තුනේදි ධර්මසේන බාප්පාගේ කර උඩ නැගලා, සෙන්ට්‍රල් කෑම්ප් එකේ ක්වාර්ටර්ස් වල ඉඳන් අම්පාරේ විජිතෙට..ඒ කරුමෙම තමා පල දුන්නේ..ඇයි යකෝ අවුරුදු තුනෙන් ඉස්කෝලෙ ගිහින් විභාග ඔක්කොම එක සැරේ පාස් උනාම දා හතේදි පලකෝ විස්ස විද්‍යාලේ...ඒ මදිවට තාත්තා පොලෝසියේ මහත්තැන් වෙච්ච නිසා (අපේ ආතා විතරයි එහෙම කිව්වේ..අනිත් හැමෝටම එයා කනේ මයිල් සාලහාමි..) ගියානේ ඉස්කෝල හතකට...මෙහෙමයි..
අම්පාරේ විජිතේ..
කොස්පැලවින්නේ ඉස්කෝලේ (අපෙ සාලහාමිව ඉන්ටර්ඩ්ක්ට් කරාම වෙච්ච ඇබැද්දියක්..)
අම්බලන්ගොඩ දේවානන්දේ (නාට්ටියකත් රඟපෑවා ඒකේදි නං..)
අක්මීමන ඉස්කෝලෙ
ගාල්ලේ මහින්දේ...
සත්නපුරේ ඇලෝසියස් (සබරගමුවෙන් දෙවෙනියා වෙලා ශිෂ්‍යත්වේ පාස් උනා එතෙන්දි..)
ඒ පාස් විල්ල නිසා යන්න උනා සත්නපුරේ සීවලී මධ්‍ය මහා විද්‍යාලේ ඒ කියන්නේ සීවලි සෙන්ට්‍රල් එකට...
ඉතින් හතයි ...ඉස්කෝලම...
කරුමේ කියන්නේ ...වෑසට වඩා වැඩි ඇත්තෝනේ ඉතින් හැම ඉස්කෝලෙදිම හම්බ වෙන්නේ..අර අවුරුදු තුනේ කේස් එක නිසා...ඉතින් ඕල්මොස්ට් හැම අවුරුදු දෙකකට සැරයක් ඉස්කෝල මාරු වෙලා ඒ ලෙවල් ඉවර වෙනකොට..
මොකාවත් දන්නවද දන්නෙ නෑ එහෙම ඉස්කෝල මාරු වෙනකොට පොඩි ඈයෝ..(ඒ කිව්වේ දැන් වගේ නෙවී මම පොඩි කාලේ කිරෙන් බාල වෙච්ච එකා වගේ කෙට්ටුයි....)කොච්චරක් නං මානසිකව තෙරෙපෙනෙවද කියලා..ඉතින් මාව හෝල්සේල් බයිට් වෙනවා අලුත් ඉස්කෝලෙ අලුත් පන්තියේදී..කොල්ලෝ මට තරවටු කොරනකොටම ජංගියේ චූ යන සයිස් ඕන් හයේ පංතියට විතර එනකොට..ඒ ගැන ..ඒ කිව්වේ කොච්චරක් නම් මානසිකව ආතති තත්ව්යකට පත් වෙලා ඉන්න ඇද්ද කියල..මේ මම...!

අදත් මට පොත් සාප්පුවකට ගියාම හුස්ම හිර වෙනවා..අලුත් පොත් සුවඳට..පොත් කොච්චර කියෙව්වත්, අරගත්තත්..අලුත් පොත් සුවඳ ගේන්නේම භයංකාර මතකයන්..ඇත්තමයි මේ කියවෙන්නේ හොඳේ..!

ඒක පැත්තකින් තියමුකො..ඔය ඉස්කෝල හතෙන් හිතේ ඇඳිලා තියෙන්නේ අටේ පන්තියේ ඉඳන් ගිය සීවලී සෙන්ට්‍රල් එක..මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව ඒක මිශ්‍ර පාසැලක් වීමම වෙන්න ඕනි..

ගැටවර වයසේ...මට...කොන්ඩ කරල් දෙක ගොතාපු අක්කලා (මගේ අවුරුදු තුනෙන් ඉස්කෝලේ යෑමේ ආදීනව ) සුදු සපත්තු දාලා ඉරි ඉරි ටයි දාලා පොත් ගොන්න අර පපු පෙදෙසට තුරුල් කරන් එනකොට නිකන් අනේ මටත් පොත් මිටියක් වෙන්න හිතිච්ච වාර අනන්තයි..

කොහොම හරි මගේ ජීවිතේ ආදරෙන්ම ගත කරපු කාලේ ඒ වෙන්න ඕනි...ගැල්ලලමයි යාලුවෝම හතර දෙනක් හිටියා..එයින් තුන් දෙනෙක් හවුල් සමාගමක් කලා මාත් එක්ක...එතනින් තුන්දෙනෙක්ම අක්කලා..එක්කෙනෙක් නංගියෙක් ..එයා මාව දැක්කාම සරපයෙක් දැක්කා වගේ දුවනවා ඉන්ටර්වල් එකේදී..( වෙලාවට එහෙම දිව්වෙ කියල දැන්නං හිතෙන්නේ....)

ඔය මොන මනස්ගාත කලත්, අපේ ගෙදර තිබ්බ දුප්පත් කම මාව තල්ලු කලේම නේරංජනාවෙන් පනින්න..අස්සය තමා ඉතින් ඒ ලෙවල්..පැන්නා කිව්වට පැන්නෙමත් නැහැ කියල තමා හැමෝම හිතුවේ මොකෝ ඉන්ජිනෙරු විභාගෙට ලියන්න විස්ස විද්‍යාලේ යන්න නොතේරුන නිසා..ඒ එක්කම මුලු සන්හතියම..ඒ කිව්වේ ගුරු දෙගුරු මව්පිය නැදෑ හිතවත් සැවොම, එක හෙලා කිව්වේ පිස්සුද ඕයි තමුසෙට විස්ස විද්‍යාලේ යන්න බෑ වෑස අඩුය කියලා..

අර විමලසූරිය කියනව වගේ හුකා ඇත්ත නේන්නං...දහ අටක්ද කොහෙද වෙන්න එපැයි ඒකටත්..මට යන්තං දාහතයි නොව විස්ස විද්‍යාලෙට යන්න මග පෑදෙන කොට..

කොහොමෙන් කොහොම හරි ඉන්ගිරිසි මල පොතේ අකුරක් බැරි මම, ඒ මදිවට සංසාරෙදි සිදාදියට, ඒ කිව්වේ කොළඹට ඇවිත් නොතිබිච්ච ගිනි කූරක් වගේ කෙට්ටු උස මට එන්න කිව්වනේ කටුබැද්දෙන් වාස්තු විද්‍යා (වරහන් ඇතුලේ නිර්මිත පරිසරය)කියන හුපාධිය කරන්න සුදුසුකම් තියේදැයි කියල බලන විභාගෙකට..
හෝව් හෝව් ඒ දවස්වල ජෝන් හිටියේ නෑ ඇත්තටම (බලේ හොඳේ..)..

ඒ විභාගෙට සිංහලෙන් කිව්වේ ඇප්ටිටියුඩ් ටෙස්ට් ය කියලා...

ඒ කාලේ අපේ අයියා කාරයා (ඌ මාව දැන් මල්ලි කමෙන් අස් කොරලා ඉඩම් පලහිලව්වකට ....කපුගේ සිංදුවකුත් කියල තිබ්බා ඒ සිද්ධිය ගැන..) ඇන් ඩී ටී කරනවා කටුබැද්දේ..ඌ තමා කිව්වේ පල ඕකට ..ඔය කෝස් එක කරන්නේ මොන්ගල් පොරවල්ය කියලා..හිතාගත්තා මටම හරියන කෝස් ( කේස් ) එකක් තමයිය කියලා එකසිය විසිදෙකක නැගලා කොට්ටාවට ඇවිත් දෙසිය පනස් පහක කටුබැද්දට ගියා (ඌත් එක්ක මොකෝ සංසාරෙදි කොළඹ ඇවිත් නැති නිසා..) ඔය අංක තියෙන්නේ බස් වල..දැන් එවා නැතුව ඇති..දෙසිය පනස් පහ මරු ඕයි..පස්සේ කාලෙක අපි ගල්කිස්සෙන් රෑ දහයට නගිනවා දෙසිය පනස් පහේ පොඩි පොඩි දේවල් ඉස්ට සිද්ද කරගන්න  (අහන්නකෝ කටුබැද්දේ, ඒ කියන්නේ දැන් මොරටුවෙ හිටිය කස්ටියගෙන් අපි ජාතික ආදායම වෙච්ච ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට කොච්චර සපෝර්ට් කරල තියෙනවද කියල ඒ ආකාරයෙන්..)

බෑ අනේ හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි එහෙ මෙහෙ දිව යනවා අයියෝ..ලියන්න ඕනි එකට තාම එන්න බැරි උනා...හරි..ආවා... ඔය සුදුසුකම් පිරික්සන විභාගෙට...හප්පා ඒ විභාගේ ලිව්ව හැටි කියන්න ගියොත් හෙඩින් එක වෙනස් කරන්න වෙනවා....ඒක වෙනම පෝස්ට් එකක් කරමු...මොකා හරි රසවිඳිවි....

තේරුනා කියමුකො ඉතින් ඔය කෝස් (කේස් ) එකට...ඔක්කොම බාධක (ඒ කියන්නේ වයස් සීමා බාධකය...තව එකක් තියෙනවා මගෙ ඇස් යුගල හා සම්බන්ධ..ඒකත් තවත් පෝස්ට් එකක්ම විය යුතුයි..ඇස් දෙක පව් නිසා..) බිඳගෙන ආවා විස්ස් විද්‍යාලේ..

අම්මෝ එහෙම ලිව්වම මතක් උනේ සෙබාගේ බෝඩිම..අම්මගේ අතේම එල්ලීගෙන හිටපු  (ඒකම තමා තාමත් උයන්නේ හොඳේ අනා ගත්තාම..), සංසාරෙදි කොළඹ නොආපු (ඒ තියා ගෙදරින් එක රෑයක් පිට නිදාගෙනවත් නොතිබිච්ච මාව) ගෙනල්ල දැම්මේ නැද්ද අපේ අයියා කාරයා ඌ හිටපු සෙබාගේ බෝඩිමට....

එගොඩ උයනේ ලොකු අයියා දුන්න නිල් පාට (මම හිතන්නේ..කවදා හරි තේරෙයි ඇයි කියලා ) සූට් කේස් එකේ මොනාද අඩුම කුඩුම දාගෙන, හොස්ටල් හම්බවෙනකන් මෙතන හිටපිය කියල අයියා කාරයා තබුත්තේගම (මහවැලි නේ වැඩ කලේ..) ගියපි..

යකෝ පලවෙනි දවසෙ දවල්ට මට කෑම මේසේ ඇරලා අලි තඩි බත් එකක් දුන්නේ නැද්ද හරක් මස් එක්ක (සෙබා ක්‍රිස්තියානි )..බත් එකේ සුවඳ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ..ඒක දැක්කේ හැටියෙ මට මතක් උනේ අම්මයි මල්ලියි නංගියි මොනා කනවද දන්නේ නැහැය කියලා..මොකෝ ඒ දවස් වල වේලක් ඇර වේලක් තමා අපි කැවේ..ඒකත් එක්කො ගස්ලබු මාලුවයි ලුනු මිරිසුයි නැත්තං කොස් මාලුවයි ලුනු මිරිසුයි...දෙකම ඉතින් වත්ත පල්ලේහාන් කඩා ගත්ත ඒවා...මට මතක් උනේ ටල් අම්මා හැමදාම කැව්වය කියලා අටමා මම ඉව්වාම වට්ටක්කා කෑවෙ නැතිඋනාම මට හිතිච්ච දේ..ඒක ඌට වෙනම කියන්න ඕන දෙයක් වෙච්චි...අනේ හුකේ...

කොහොම හරි අපි විස්ස විද්‍යාලේ ගිය කාලේ අර ගෝටා කලා වගේ නායකත්ව පුහුනුව දෙනව වෙනුවට , අර සරසා විරුද්ධ වෙන රැග හොඳහැටි අනුබව කරන්න පුලුවන් ආකාරයට මාස තුනක, ( මාසෙකද දන්නෙත් නෑ මේ වෙලාවෙ මතකත් නෑ දෙයියනේ ) ඔරියන්ටෙෂන් කෝස් එකක් තිව්නා..ඕකෙදි කටුබැද්දේ තිබ්බ හැම ලැබ් එකකම, හැම පුස්තකාලෙම, හැම වර්ක්ෂොප් එකකම හඳුන්වාදීමක් කලා ඉරෙස්පෙක්ටිව් ඔෆ් කෝස් යු ෆලෝ කියලා...ඒ අස්සේ ඉන්ගිරිසිත් ගෘප් දහසයකට කඩලා ඉගෙන්නුවා. රැගත් යහමින් දුන්නා...

ඔය අතරේ තමයි හොස්ටල් දෙන්නෙත්..ඕන් ඉතින් අපි ආකියො හය දෙනකුටත් හොස්ටල් හම්බ උනා..මමත් එයින් එකෙක් වෙච්චි..ඒ උනාට මෙලෝ සංසාරයක් නොතේරෙන ( දැන් වගේමයි ) කෙනෙක් වෙච්ච මට එක දවසක් තට්ටු හතරේ බිල්ඩිමට නගින අර බ්‍රිජ් එක ගාව  තියෙන ලොබියේ තරප්පු පේලිය ගාවදි..( හප්පා තරප්පු පේලි කිව්වම තව තව ඒවා මතක් වෙනවා..ඒවා තහනම්..) එක උස කෙට්ටු බුවෙක් මගේ අතින් අල්ලලා කියපි..උඹ ආකි නේද කරන්නේ..උඹට හොස්ටල් හම්බ උනා නේද..අද ඉඳන් උඹ මගේ රූමා ය කියලා..මමත් ඉතින් හා ය කියපි..ඒ අතින් අල්ල ගත්ත විදියටම මාව ඇදගෙන ගියේ නැද්ද මූ වෝර්ඩන් ගාවට  (දෙය්යනේ ඒ වොර්ඩන් කාරයගෙ නම මතක් නැහැනේ.. )
ගත්තා යතුරු..ගියා බී දහ හතට...ඇඳන් දෙකේම මෙට්ට නැත...බැලුවා අල්ලපු කාමර...ගත්තා හොඳ මෙට්ට දෙකක්..අල්ලපන් කිව්වා මේ දෙක ගෙනියන්න අපේ කාමරේට..ගෙනාවා දැම්මා ඇඳන් දෙක උඩට..කියපි..මේක තමයි මචං අද ඉඳන් අපි දෙන්නගේ කාමරෙ...හා..හා..වෙන මොනා කියන්නද..හැබැයි මට මතක් උනා මේ ඇඳේ නිදා ගන්න ආවාම සෙබාගෙ ක්‍රිස්තියානි හරක්මස් බත් එක නං නොලැබේ කියලා..කටුබැද්දේ හොස්ටල් හිටිය ඇත්තෝ ඒ බැව් දනී...

යමන් කටුබැද්දේ හංදියට සබන් අරවා මෙවා ගන්න ඕනි...සබන්...හෑ..අනේ දෙයියනේ ඒවා දෙන්නේ සල්ලි වලට නේද..මගේ අතේ කොහෙන්ද සල්ලි....ඒවා කොහෙද..කාන්දම වගේ මම මේ කෙට්ටු සරීරය පසු පස ඇවිදගෙන ගියා මිසක්..

මගදි නම කිව්වා..මම මගේ නමත් කිව්වා..

ගම කිව්වා..මමත් ගම කිව්වා..

ඉස්කෝලේ කිව්වා..මමත් ඉස්කෝලේ කිව්වා...

නැවතුනා මූ..මොකක්..සීවලී..තොට බත් නං නැති වෙන්නේ නෑ...

ආවා කටුබැද්දේ හංදිය කියන තැනට...මගේ පපුව ඩිග් ඩිග් ගානවා..අල්ලා ගත්තා මම උගේ අතින්..ඒයි තොට පිස්සුද ..අත ඇරපන්...

එහෙම කියනගමන්ම ඌට තේරුනා මාව වෙව්ලනවා කියලා...ඇයි මචං...ඌ අහපි..මගේ කකුල් මට වාරු නැහැ..මගේ සිතිවිලි මට වාරු නැහැ...කඳුලු පිරිච්ච දෑසින් මම සුචියාට (ඌ මට නම කියල තිබ්බෙ එතකොට ) කිව්වා..මට බෑ..මොකක්ද..ඌ අහපි...මෙතනින් එහාට යන්න නං බෑ... ඌ බලනවා මගේ දිහා නිකන් මොකක් කියන්න වගේ..

ඌ හොඳ එකා..අදටත් හොඳ එකා...මූ නැවතුනා...හා පොඩ්ඩක් හිටහන්...අපි මෙතන ඉඳලා ඊට පස්සේ යමු..
මම හා වගෙ මූනක් දාල හිතනවා දැන්..

සමන් දෙයි හාමුදුරුවනේ පාරවල් දෙකක් (ගෝල් රෝඩ් එක දිහා බලන් හොඳේ..) කොහොමද එක පාරට පනින්නේ..ඒ මදිවට එක පාරක් අපේ ඇලවේල්ල වගේ තුන් ගුනයක් ඉතර පලලයි...

සුචිය කියනව..මචං..මෙහෙමයි..පාරවල් දෙකේ වාහන යන්නේ එක පැත්තකට විතරයි..අපි ඉස්සෙල්ල දකුනු පැත්ත බලලා අර මැද තියෙන කන්ඩිය උඩට දුවනවා..එතන නවතින්න ඕන ඊට පස්සේ වම් පැත්ත බලලා ඉතුරු ටික දුවලා එහා පැත්තට දුවනවා හරිය (ඌ මාතර , ඌරුගමුවෙ..)අල්ලගනින් මගේ අත..හා දැන් මා එක්ක දුවපන්..හැබැයි පුතෝ අර මැද තියෙන කන්ඩියේ නැවතින්න ඕනි හරිය..හා..........හම්මේ....
ඕක ආපහු අනිත් පැත්තටත් කරන්න උනා නේ ඉතින්...

එහා පැත්තැට ගියා (දිව්වා ) මෙහා පැත්තැට ආවා (එව්නා ) මෙන්න මෙයා රිංගනවා කඩ දෙකක් අතරේ තියෙන අඩි දෙකක විතර ගැප් එකකින් ...ඇයි..වරෙන්කෝ..හා..

දැම්මා සාක්කුවට අත..ගත්තා දෙකේ කොල වලින්ම දෙකක්..මම නෙවෙයි ..සුචියා..

ආපිට ලැබුනේ පොඩි අසෝක වීදුරු දෙකක් සමග රතු ලූනු ගෙඩි දෙකක්..අසෝක වීදුරු වල වතුර වගේ දියරයක්..බීහන්...හා..

කාහන් මේක දැන්..(රතුලූනු එක ගෙඩියක්..)

යමන්..

අද වෙනතුරු මතක නැත මා කොහොමද ආපහු බී දාහතට පැමිනියේ කියා..රුපියල් දෙකක කසිප්පු බී..

නමුදු මා මගේ ජීවිතයේ ඇද වැටුනු හැම ආගාදයකින්ම මා ගොඩ ගැනීමට ඔහු අදත් සෙවනැල්ලක්මෙන් සිටී....

කටුබැද්ද හංදිය කිව්වම මතක් වෙන්නේ මල්ලිකා බේකරියේ බිත්තර බන් එක..කොච්චර පස්සෙන් ගිහින් ඇද්ද මට බිත්තර පාන් එකක් අරන් දෙන්නය කියලා...ඒක ඊලඟට ලියන්න ඕනි...


63 comments:

  1. පොඩිදෝණී මාගේ
    පොඩි පුතුනේ මාගේ
    හැලිබෝරෙන්ජ් දෙන්නේ මම
    හැමදවසෙම වාගේ
    දොඩම් රසයි විටමින් ඇති
    හැලිබොරේන්ජ් හැමදාමත් අගේයි..

    මතකද?
    හැලිබොරේන්ජ් වගේමයි පෝස්ට් එක. රස ගුණ පදමට.
    පරණ පෝස්ට් වල තියෙන රහ තියෙනවා..ඒකට ගස්ලබ්බ හරි මනාපයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොස්ගමින් ආපු ෂෙල් එකක් වැදුනා කියහංකෝ..ගියානේ ආපස්සට....!
      ජයවේවා..!

      Delete
    2. I got a Haliborange memory dating back to infamous july 1983. Probably the first time I tasted it..

      Delete
    3. ජාත්‍යාලේ සීන් එකක්ද..අඩෝ මටත් මතක් උනානේ සලාකා එක ගාව 1983 ජූලි ජාත්‍යාලේ සීන් එක..ලියන්න ඕනි ඒකත් දවසක...

      Delete
    4. ඒක පට්ටයි ..... හුකා රෙද්ද පල්ලේ බේරෙයිද දන්නෙත් නැ

      Delete
    5. හපොයි එහෙම කියවහම නොලියා ඉදිද දන්නේ නැ අයියේ ඒක ලියහං සිරාවට පට්ට කතාව

      Delete
  2. Suchiya.. that famous.. ekko oni ne. :) left with a mixed feeling. Waiting for the next episode.

    ReplyDelete
    Replies
    1. yes he is my room mate at uni..still we are together in a different dimension mate...!
      one day he will join us for a drink at waters edge..hehehe..soon..

      Delete
    2. හපොයි.. දැනුයි දැක්කේ.. Great කියල වෙන්නොනේ මම කියන්න ඇත්තේ.. :)

      Delete
  3. අද නං අතීතකාමේ ඉස්පොල්ලේම ගිහිං තියෙනවා ඈ.හරිම රහයි චෙෆා ඉතුරු ටිකත් ලියනව නේද.

    ReplyDelete
    Replies
    1. ඉස්පොල්ලේ නෙවී බං මකර තොරනේ වගේ....හෙන කාලෙකින් මට තනිවෙන්න චෑන්ස් එකක් ආවා...අර නසරානි අටමා මාව දාලා ගියානේ මේ පාලු මන්දිරේ..හිටපිය තොට කියලා ලිව්වා මචෝ....තට්ට තනියම වනගත වීමේ පල විපාක මේ...!

      Delete
    2. නරක කාලෙට ඔව්වා වෙනවා ...ඉවසන දනා යුදුදෙට නැති කඩුව කොස් කොටන්ඩද කියුවල .....ඒහෙම කියුවයි කියල කඩුව ගලගාන්ඩ නං එපා ...තියන තැනකිං අර ...හදිස්සියට ගන්ඩ බැරි තැනකිං හංගනවා මිසක්

      Delete
  4. Devilo(යකෝ) මුල්ම දවසෙ කසිප්පු ගැහුවද?

    ReplyDelete
    Replies
    1. ගැහුවානම් මොකෝ පෙව්වා වෙච්චි....!
      වැඩේ කියන්නේ දෙවෙනි සැරේට එව්වා බිව්වේ අර වල් පත්තරයගේ ගෙදරදි නොව...හැබැයි එව්වා මාර රසයි...ඇත්තටම...!

      Delete
    2. මං නං එදා බිව්වේ නැ ඔය මල ජරාව ... ඇ යකෝ ගෙදෙට්ට ගෙන්නල ඔව්වා දෙනවද ( හරි හරි ඉතින් ඉතුරු වෙච්ච තියනවද කියල යන්ඩ ලෑස්තිවෙලා හෝදිසි කලා තමයි ..... කොහෙද ඔක්කොමටික මෙයයි මාතයයි වාහනේට දාගන ...)

      Delete
  5. අපරාදේ කියන්ඩ බැ බොත්තං ටිකයි , ඉනේ බදින පටියයි තොප්පියයි වෙනස් උනාට රාිලහාමිලාි ඔක්කොම එකයි

    පුලුවන් කම තියාගන නොකර නොයිද ඒලෙවල් කරානං මං ඔහේගේ රෙකොඩ් එක කඩනවා

    රුවන්වැල්ල කනිෂ්ඨ විද්‍යලය
    සාවස්තිපුර කනිෂ්ඨ විද්‍යලය
    යටියන කනිෂ්ඨ විද්‍යලය
    නැලිගම සංගමිත්තා විද්‍යලය

    ReplyDelete
    Replies
    1. සත්තරනේ මම රෙකොර්ඩ් රෙද්දක් තියපු එකෙක් නෙවෙයි..ඔහේ කොහොමත් මට වඩා හෙන ඉස්සරහින් ඉන්නේ දන්නේ නැති උනාට...

      Delete
    2. අටම උඹට මගේ රෙකොර්ඩ් එක කඩන්න බැරි වෙයි.
      බෙන්තොට ගොමටේ ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය
      බෙන්තොට ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය
      ආපහු ධර්මපාල විද්‍යාලය (හතරේ පන්තියේදී ගුරුවරු නැති නිසා මාසයක්)
      ආපහු ගාමිණි විද්‍යාලය
      මාලේවන ශ්‍රී ඥානිස්සර රාජකීය මහා විද්‍යාලය (මේකට ගිය එක ගැන පොස්ට් එකක් දාන්නම්)
      මිරිස්වත්ත මහා විද්‍යාලය
      කළුතර ඥානෝදය මහා විද්‍යාලය (එක තමයි ඉස්කෝලේ)
      කළුතර මහා විද්‍යාලය

      Delete
    3. නෙදකිං ඉස්කෝලපාලුවා

      Delete
    4. අපේ අක්කගේ රෙකොර්ඩ් කඩන්න කාටවත් බැරි වෙයි.

      Delete
    5. ඇයි සුදීකව එක ඉස්කෝලෙකවත් තියාගත්තෙ නැත්තෙ ?

      Delete
    6. මුලින්ම අම්ම මාරු වෙන ඉස්කෝල වලට ගියා. පස්සේ තාත්තා මාරු වෙන ඒවාට ගියා.

      Delete
  6. //දෙකම ඉතින් වත්ත පල්ලේහාන් කඩා ගත්ත ඒවා...මට මතක් උනේ ටල් අම්මා හැමදාම කැව්වය කියලා අටමා මම ඉව්වාම වට්ටක්කා කෑවෙ නැතිඋනාම මට හිතිච්ච දේ..ඒක ඌට වෙනම කියන්න ඕන දෙයක් වෙච්චි...අනේ හුකේ...//

    හැමදාම පොඩි කාලේ කාපුවා ඔහේ ආසාවෙන් හොයාග කනවා‍

    මං එහෙම ඒවා දැක්කහම වළදවත් ඇරල බලන්නේ නැතුව දුහනව

    එහෙම තමයි එක එක්කෙනාගේ හැටි

    ReplyDelete
    Replies
    1. අපි නම් දැකලා හැදෙනවා..ඒකට ඔහේ..
      අනේ මන්දන්නේ නෑ මෙයා...වට්ටක්කා කන්නෙත් නැහැ..කොහිල කන්නේත් නෑ...
      ඒ මදිවට..ඕන් නෑ ..කියල වැඩක් තියේ යැ...!!!!

      Delete
  7. මේ පොස්ට් එක කියෙව්වම ඇහැට කඳුලක් ආවා. හැලිබොරේන්ජ් වගේ බීමක් නම් ආයෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. කඳුළු දෙන්න මට හඬන්න කියල තමයි එහෙනං කියන්න වෙන්නේ සුදීක මහත්තයෝ....!
      දැන් නැද්ද ඇත්තටම හැලිබොරේන්ජ්..?

      Delete
  8. Devilo(යකෝ) මුල්ම දවසෙ කසිප්පු ගැහුවද?

    ReplyDelete
    Replies
    1. සුරන්ගම්ලර් කසිප්පු ගහලද මේ දෙක දෙක දාන්නේ ඈ..?

      Delete
  9. නියම මතක ටිකක් චෙෆා. මමත් ඉස්කෝල තුනයි. ඔය වන්නියේ ඒව නෙමෙයි හැබැයි. හැක්

    ReplyDelete
    Replies
    1. වන්නියෙ ඉස්කෝලවලට නොගිය පාට ඉයන්ගේ මූනේ තියෙනවා...!

      Delete
  10. මුඛ ඛණ්ඩන දේවල් බොහෝමයක් කීමට ඉඩකඩ සලසා ඇති පෝස්ට් එකක් වුනත් කමෙන්ට් කිරීමත් පරිස්සමෙන් කලයුතු නිසා කටට ආ කිසිවක් නොලියූ බව කරුණාවෙන් සලකන්න.

    කෙසේවෙතත් මෙහි කිහිපතැනකම //ඒක වෙනම පෝස්ට් එකක් කරමු// ඇති නිසා ආසාවෙන් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. ලඟදීම බලාපොරොත්තුවන්න....!!!!

      Delete
  11. කියන්ඩ දෙයක් නෑ දොරේ.. ගොලු වෙනවා

    ReplyDelete
    Replies
    1. ආං දොරේ ෆොටෝ එකක් අටම උගේ පහුරෙ දාල තියෙනව. හැක්..

      Delete
    2. ඇයි ගොලු වෙන්නේ සෑර්..මොනා හරි හස්ත මුද්‍රාවෙන් වත් කියන්නකෝ...!

      @ප්‍රසන්න..ඌ මගේ දොර පාවිච්චි කරලා ඔපෝ ප්‍රොමෝට් කරනවා...කීයක් ගෙව්වද දන්නේ නෑ ඇඩි එකට...?

      Delete
  12. සුපිරියි මහත්තයෝ...
    අර පොරොන්දු වෙච්ච ඒවා ඔක්කොම ඉක්මණට ලියනවද...

    අවුරුදු තුනකින් ඉස්කෝලේ ගියා කියන්නේ ඔයා බාලාංශ පන්තියට ගිහින් තියෙන්නේ මයේ පොඩි එකාගේ වයසෙදිනේ, හෙට අනිද්දට අවුරුදු 3 සම්පුර්ණ වෙන්න ඉන්න ඒකට තාම හරියට කතා කරන්නවත් බැහැනේ...
    මට හරි දුකයි ඌව මොට්ටසූරී යවන්නත්...

    චෙෆ් ගේ මිත්‍රයා ගොඩක් හිතහොඳ මනුස්සයෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. කැලේට වෙලා ඉන්න ඉඩ කඩ දුන්නොත් ලියතෑකි...සිදාදියේ ඉඳන් ඕව කොරන්න බෑ...

      ඇරපන් ලොකූ...කවදහරි ඌ යන්න එපැයි..ගෙදර හිටියම දඟවෙනවා...!

      මගේ ඔක්කොම මිත්‍රයෝ එහෙම තමයි මම ඇරෙන්න...!!!

      Delete
  13. ෂොට් එක දැම්මට පස්සෙ ගාලු පාර පැනපු හැටි ගැන මතකයක් නැති එක ලොකු දෙයක්. හැක්..

    ඔය අටමට දීපු වට්ටක්කෙද ඌ අර ෆොටෝ ගහල උගේ අටමගලෙ දාල තියෙන්නෙ.

    මේ මනුස්සය පොත් සාප්පුවක හුස්ම හිරවෙලා මැරුනොත් එහෙම පවු අර අහිංසක පොත් සාප්පු කාරය. ඒ හින්ද වහාම චෙෆාකි නාමධාරියට පොත් සාප්පු වලට ඇතුලත් වීම තහනම් කරන්න නියෝගයක් ගන්න ඕන.

    නියමයි. ඉතුරු ටිකත් දාමු. (කසිය ගහල කබරය දාපු එක එහෙම)

    ReplyDelete
    Replies
    1. පරණවිතාන ස්ටොර්ස් එකෙත් එහෙම බෝඩ් ලෑල්ලක් ගහල තිබුන වගේ චුට්ටං මතකයක් තියේ මට...හැක්...!

      Delete
  14. හැලිබොරේන්ජ් නැත්නම් ඒ කාලේ ස රස තුමා ඒ කාලේ පෙර පාසැල් යෑම නවත්වනවා....

    රත්නපුරේ කීවාම... අපිත් ලබන විසිහත් වෙනිදා වෙඩිමකට ඔයි පැත්තේ එනෝ!

    ReplyDelete
    Replies
    1. පසු පාසැලේදී මොනවැයි ඔහේ බිව්වේ හැබෑට????...
      ආවොත් අපේ ජොයින්ට් එකටත් එක දාලා යන්න හොඳේ....!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  15. අම්මියෝ කැම්පස්!!! ආයේ යන්න දෙන්නේ නෑනේ ඉතිං!

    ReplyDelete
  16. ඔහේ මේක ලියන්න පටන් ගත්තද....?

    හැබයි එකක් මතක තියා ගන් ගොයියෝ.... මේක අම්මට සිරි ලංකාව කියන එක විතරක්...

    ReplyDelete
  17. ''හැලිබොරේන්ජ්'' මම දැන් ගිහින් නානුඔය ස්ටේශන් එක ගාව රේල් පීල්ල උඩ ඉදගෙන අඩල ආව හැලිබොරේන්ජ් බෝතලේ නැතිව ඉස්කෝලෙ යන්න බෑ කියල.
    ඉස්කෝලෙ යද්දි අවුරුදු තුනක් වැඩිමල් අක්කල එක්ක ඉන්න වෙච්චි එක නම් පව්.

    ReplyDelete
    Replies
    1. අක්කලා චෝයි...!
      නංගිලා නෝටි...!!"

      Delete
  18. මමත් ඉසකෝල හයකට ගිහින් තියෙනව බං. ඒත් තාත්තා රජයේ සේවකයෙක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුං මේ නිකන් මැරෙන්න හදනවා නැද්ද ඩූඩ්....! උඹ අසෝක ග්ලාස් එකේ කසිප්පු ගහල නැද්ද කටුබැද්ද හංදියේ..? ඒක ගැනනේ ලිව්වේ...සැක්..!

      Delete
  19. හැලිබොරේන්ජ් රස ඇත්තටම තවමත් මතකයේ තියනවා. හොරෙන් බීලා ගුටි කාලත් තියනවා.

    අර කනේ මයිල් කතාව කිව්වම, ඉස්සර විනෝද සාමය වැඩසටහනක, අමාරිස් අයියා (සැමුවෙල් රොද්‍රිගෝ) හාමු මහත්තයාට (ඇනස්ලි ඩයස්) මෙහෙම කියනවා.

    අම්මප හාමු මහත්තයා මතක තියාගන්ඩ, පිරිමියෙකුට ආඩම්බර හේතුවෙන කරුණු තුනක් තියනවා.

    එක. අතින් අල්ලාගෙන පාරේ යන්ඩ ලස්සණ නෝනා කෙනෙක් ඉන්නොනේ.

    දෙක එහෙම නැත්නම් පාරේ යනකොට ඉස්සර කරගෙන යන්ඩ ලස්සණ දුවෙක් ඉන්ඩ ඕනේ.

    තුන:- එහෙමත් නැත්නම් කණේ මයිල් තියෙන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies
    1. අපේ සාලහාමිට ඔය දේවල් ඔක්කොම තිවුනා......ඊලඟට මමත් තියෙනවා තාම....!

      Delete
  20. ඒ කොයි කාලේ වගේද?

    ඔය හැලිබොරේන්ජ් නම් මාත් හෙන ආසයි. ඒත් ඕක මට ඒ කාලේ ඇලජික්ද කොහෙද.

    මම හිටපු කාලෙ (දැනට අවුරුදු කීපයකට කලින් ) ලේසියකට එකෙක් කටුබැද්දට පයින් යන්නේ නෑ. කැම්පස් එක ඉස්සරහ කඩ පිරිලා. දැන් නම් කැම්පස් එකේ ටිකක් පොශ් කෑම තියන ෆුඩ් කෝට් එකක් වගෙත් තියනවා කියල තමා ආරන්චි.

    ඔය මල්ලිකා බේකරියේ හෙන රස බුරියානියක් තිබුනා කියලා මතකයි.

    ඊට ටිකක් එහා (කොළඹ පැත්තටවෙන්න ) මාතර බත් කඩයක් තිබුනා. ඊකෙ කුකුල් මස් කරියත් එක්ක රතුහාලෙ බතුයි කඩල පරිප්පුයි ඒ වගේම මතකයි.

    ReplyDelete
    Replies
    1. හෙන ඉස්සර මෙයා...

      Delete
  21. ටහිකේ කිව්වලු
    මගෙ මුල්ම කාලෙ ඒ කියන්නෙ ඔය ටැලිවිසොං එක ගෙනාව මුල්ම දවස් වල වෙන්න ඕන හැලිබොරේන්ජ්ඇඩ් එක මතකයි ඒත් බිල නෑ.. ඕව කොහෙ බොන්නද කුරුම්බයක් කාල කහකඩ කෑල්ලක් හපන එක ඇර වෙන සැපක් තිබ්බයි
    අර කටුබැද්ද කතාවෙ තව තව කොටස් එයි නේහ්...
    ජයවේවා

    ReplyDelete
  22. චෙෆා ඉංජෙක් වෙන්ඩද ගියේ....

    ReplyDelete
    Replies
    1. නැහැ..ඈස් යූෂුවල් ෂෙෆාගේ මහ ඈයොන්ට ඕනි උනේ එහෙම එකෙක් කරන්න...!

      Delete
  23. හරිම රසවත් පෝස්ට් එකක්.
    මිහිරි මතක හද රැදේ.......

    ReplyDelete
    Replies
    1. ම්ස් උනානේ ඔයඇත්තිව බදුලුත් ඇවිත්...

      Delete
  24. ඉතුරු ටිකත් ඉක්මනට ලිව්වනම්....

    :)

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....