Monday 2 January 2017

ගැමියන් සන්තක කිරීම - මිල්ලගස් ආර - 03

2017 කාට කාටත් කරදර දුක්ක දෝමනස්ස වලින් තොර සාමකාමී අවුරුද්දක් වේවා...!!!


2010 ජූනි මාසේ නා ගහක් එහෙම රෝපණය කරලා මුල්ගල් තියලා පටන් ගත්ත වැඩේ හිතුවාටත් වඩා ඉක්මනට කෙරුනා..!

ඉඩම බලන්න ගිහින් ආකිටෙක්ට්ලා....!
වැඩ නිමවෙමින් පවතින පාරම්පරික බුදු ගෙය...!
වැඩ නිමවෙමින් පවතින ධර්මශාලාව...!

දායකසභාවෙන් කොටසක්, පිරිත් පැන් පාවිච්චිය...!



ගුණසේන - විශ්‍රාමලත් විදුහල්පති-ප්‍රධාන දායක


2010 ඔක්තෝබර් මාසේ පාලොස්වක දවස තියාගත්තා ධර්මායතනය ගැමි සතු කරන්න....!

ගුණසේන මාව ඇදගෙන ගියා කෙමගොඩ පන්සලට, දක්ෂිණ සංඝ සභාවේ සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලේ කුලපති අත්තුඩාවේ ස්‍රී රාහුල  හාමුදුරුවෝ හම්බවෙලා උත්සවේට අරාධනා කරන්නය කියලා..මම බෑම කිව්වට හරි ගියේ නෑ..ඉහ නිකට පැහිච්ච කෙනා නිසා ඔන්න ඔහේ ගියා මමත් ඉතින්..!

රාහුල හමුදුරුවො ඒ දවස්වෙනකොට හොඳටම වයසයි...අපවත් උනා 2012දී ..සෑහෙන පොත් ගානක් ලියපු හරිම අහිංසක කෙනෙක්.

මට ඈඳිගන්න පුටුවකුත් දුන්නා මොකෝ ඉස්සරහින්ම වාඩිවුනේ නැත්තං පේන්නෙ නෑය, ටිකාක් හය්යෙන් කථාකරන්න කිව්වා ඇහෙන්නේ නෑ කියලා....!

ඉස්සරවෙලාම මට රාහුල හාමුදුරුවො පොත් ගොන්නක් තෑගි කලා උන් වහන්සේ ලියපු..
ගුණසේන මා ගැන මොනාහරි විස්තර ටිකක් කියලා තිබුනා. මම පිටරටඉන්න බවත් දැනගෙන හිටියා උන් වහන්සේ...!

මගෙන් මොරටුව විශ්ව විද්‍යාලය ගැන අහපු නිසා මමත් රුහුණ ගැන ඇහුවා..එතකොට කිව්වේ දැන් වයස නිසා ඕනිම උනාම සෙනෙට් මීටිමකට යනවා මිසක් එච්චර දෙයක් කරන්නේ නෑ කියලා...!

ඊට පස්සේ තමයි මහ පුදුම කථාව කිව්වේ...මට තාම මතකයි ඒ වචන ටික.....තාමත් මට ඒක තෙරුංගන්න අමාරුයි..

"මෙච්චර දැන උගත් වෙලත්, රට රටවල් වල ගිහින් ඉගෙනගෙන රස්සාවල් කරලත්, අපිට හරි පුදුමයි මේ මහත්තයා මිල්ලගස් ආර ධර්මායතනය හදන්න උදව් පදව් කරන එක...මේවා සාමාන්‍යෙයෙන් ඔය මුදලාලිලා කරන වැඩ...අපිට හරිම සංතොසයි මහත්තයෝ."

තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කිව්වේ කියලා...!

"මම කොහාටවත් දාන වලට පිරිත්වලට වඩින්නේ නෑ දැන් අබල දුබල නිසා...මේ ගුනසේන මහත්තයා කිව්වා ඔය මහත්තයාගේ මෑණියන්ට පින් පිනිස ධර්මායතනය කරලා ඉවර කරලා සාංඝික දානයක් දෙනවය කියලා නිල්වැල්ලේ...මම උත්සවයටයි දානෙටයි දෙකටම වඩින්න තීරණය කරා..හැබැයි මහත්තයෝ කරඬුව දොඩම්පහල පන්සලෙන් වඩම්මන්න දානෙට මොකෝ නිල්වැල්ල අයිත් ඒ පන්සලට..."



නාරාහෙන්පිටෙන් ගෙනා බුදු පිළිමේ ලඟ චූටි සාධු....!
ඔය අස්සේ බුදුගේ, ධර්මශාලාව අරවා මේවා හදන ගමන් බුදු පිළිමයක් අඹාගන්න ඕනිනේ බුදුගෙට..ඒක හරිම අමාරු වැඩක් උනා, මොකෝ දැන් කාලේ හදන පිළිම කිසි පිළිවෙලක් නැති, ප්‍රොපෝෂන්ස් නැති කැත ඒවා නිසා. පස්සේ ආරංචි උනා නාරාහෙන්පිට ජාතික පොල ගාව තියෙන පන්සලේ පිළිම අඹනවාය ඒවා හරි ප්‍රොෆෝෂන්ස් වලට කරනවාය කියලා...ඒතනට බාර දුන්නා පිළිමේ වැඩ...

ඔන්න ඉතින් පාලොස්වකට දවස් දෙකක් විතර තියලා පිළිමෙත් ලොරියක දාගෙන කොළඹින් පිටත් උනා දික්වැල්ලට..කෝකටත් හිතුවා මිල්ලගස් ආර පැත්තේ ගිහින් පොඩ්ඩක් ඔලුව දාලා බලනවාය කියලා අන්තිම දවසේ ඇනගන්නේ නැතුව...සරා වැඩේ අඩුපාඩුවක් නැතුව කරන බව දැන්ගත්තත් මට ගුනසේන ගැන සැකයි මොනා කරාවිද කියලා ඕනි නැති ආලවට්ටම් වැඩ...

කහපාට සිවුරකින් හිස ඔතාපු පිළිමේ ලොරියට පටෝලා, ජයම්පතීට කිව්වා කළුවර වෙනකොට අපේ ගොවිපොලට ළඟාවෙන ආකාරෙට කොළඹින් පිටත් වෙන්නය කියලා..අපේ අදහස තිබුනේ පවුලේ අයගේ වාහන ටිකෙන් ගිහින් පිළිමේ බාර දීලා උත්සවයේට සහභාගි වෙන්න..ගාලුපාරෙන් ඇවිත් (එතකොට එක්ස්ප්‍රස්වේස් නොමැත ) හුන්නදෙනිය හංදියෙන් හැරෙව්වා රත්මලේ හංදිය පහුකරගෙන ගොවිපොලට යන්න...ඒ ගමන්ම මිල්ලගස් ආරටත් හොට දාන්නයි හිතාගෙන ඉන්නේ...ආවා රත්මලේ හංදියට...දෙලෝ රත් උනේ එතකොට නේ....හත් දෙයියනේ...රත්මලේ හංදිය පුරාම බැනර් ගහලා....සත් ගුනවත්, ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පී....බ්ලා බ්ලා බ්ලා.....මට මලේ හොඳ එකෙන්ම පැන්නා....මට හොඳට මතකයි ගුනසේනට කියනවා අඩුම ගානේ මම්මාට පින් පිනිසයි කියල සමරු පලකයක් වත් ගහන්න එපාය කියනෙක..මේ මනුස්සයා මගේ නම ගම එක්ක පාර පුරා බැනර් ගහලා...යකා වගේ වාහනෙත් අරගෙන එනකොට..දිගටම පාර පුරා බැනර් ගහලා....මිල්ලගස් ආරට හැරෙන තැන තොරනක් ගහනවා..මම අනාථයි.....
ආවා ගොවිපොලට කෙලින්ම..මොකෝ මිල්ලගස් ආරට ගියානම් එක්කො සරා කනවා නැත්තත්ං ගුනසේන කනවා...(ෂෙෆීගේ අවවාදයක් නිසාය එහෙම ගියේ ඇත්තටම...)

සරා ඒ වෙනකොට මිල්ල ගස් ආරේ...ටෙලිෆොන් එකෙන්ම කිව්වා මචෝ මග දිගටම බැනර් ගහලා මගේ නම ගහලා..ගුනසේනට කියහං ඔක්කොම බැනර් කපන්නය කියලා නැත්තං පිළිමෙත් නෑ..මම එන්නෙත් නෑ ඔන්න උත්සවේට කියලා....

කොහොම හරි හැන්දෑවෙනකොට, ඔක්කොම බැනර් බාලා, මගේ නම තිබුන තැනට රෙදිතියලා මහලා ආයෙත් බැනර් එල්ලලා තිබුනා විවෘත කරන දවස වෙලාව අරවා මේවා විතරක් තියෙන විදියට...ඒ අව් අස්සේ මට හිතුනේ ඇයි මගේ නම විතරක්, අර යාපා දෙබෑයොන්ටවත් ඩලස් ගොයියටවත් කියල නැද්ද අප්පා උත්සවේ ගැන කියලා...නම ගම වැදගත් නැති බව ගැමියොන්ට තේරුමක් නෑ..අපිව රවට්ටන්න නෙවෙයි කලගුන සලකන්න වෙන්නැති බැනර් ගහන්න ඇත්තේ..ඔයවගේ අරව මේව කියාගෙන හිත හදාගත්තා...ඊලඟ දවසේ දානේට ලේස්ති වෙලා පාලොස්වක දවසේ උත්සවයට  යන්න වෙන්නේ පිළිමේත් අරන් නිසා උදෙන්ම ගියා ගොවිපොලට නිල්වැල්ලේ ඉඳන්....හවස් තුනට මිල්ල ගස් ආරට යන පාර පටන් ගන්න තැනට අපිට පිළිමෙත් වඩම්මගෙන එන්න කියල තමයි ගුනසේන කිව්වය කියලා සරා කිව්වේ...

සුදු ඇඳුම් එහෙම ඇඳෙගෙන අපි කට්ටිය ඒ කියන්නේ අපේ වරිගේ ඈයෝ ටික (හතර පස් දෙනයි ඔය කිව්වට..) වාහන හතර පහකින් ලොරිය පස්සෙන් ගියා උත්සවය පටන් ගන්න තැනට තුන වෙන කොට හැන්දෑවෙ......!
වැඩ නිමවු බුදුගෙය අද පෙනෙන හැටි...!
හිතුවට වඩා දිග්ගැස්සෙනවා මේ කේස් එක....සසර කලකිරෙන කේස් එක උනේ උත්සවය පටන් ගත්ත තැනට ගියාම...නෑ ඊටත් පස්සේ තවත් දේවල් උනා...ඕවා ලියනවද නැද්ද කියල හිත හිතා මේ ඉන්නේ...

හිතුනොත් ඉතිරි ටික ලියන්නං....කොහොමත් ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකලපය ඉතා තදින්  එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල...ඒ දෙවල්මට පෙනුනේ ඇත්තටම උත්සවය වෙලාවෙ නෙවෙයි..ඊට මාස දෙක තුනකට විතර පස්සේ දායක සභාව මාව හොයාගෙන ආවාම..
ඒ ටික ඇත්තටම ලියල තියන එක හොඳයි...!
හැබැයි තව එක කොටසකින්...!





50 comments:

  1. සිරාවටම කැමත්තෙන් කිය්යෙව්වා මචෝ...
    උබගේ ගොවිපොළ ඔය පන්සල බලන්න යන්න අසාවෙන් ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කියෝල නෑ..මම හිතුව මේ මගුල රබර්වගේ ඇදෙනකොට ඕක වෙයි කියලා....සක්..."

      Delete
  2. පංසල නම් පිළිවෙලක් පාටයි...
    සසර කළකිරෙන කේස් ටිකත් ලියල තියමු, කෙනෙක් වැරදි හදා ගන්නත් ඉඩ තියෙනවා ඒ ඒ කරුණු හෙළිදරව් වීමෙන්...

    ReplyDelete
    Replies
    1. අමතක උනා අලුත් අවුරුද්දට සුබ පතන්න...
      චෙෆ් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා...!

      Delete
    2. මම නම් සුබපැතුවා ඊයේම ඔහේට....ආයෙත් පතන්නං සුබ...."

      Delete
  3. කොහොමත් පන්සල් වලට ගියාම සසර කළකිරෙනවා..

    ඉතින් ඒකක් හැදුවාම ලැබෙන ප්‍රතිඵල අමුතුවෙන් කියන්න ඕනය....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මාතේ....! මෝඩ වැඩ මගේ..ආයෙනං නොකරමි....!

      Delete
  4. සද් ගුනවත් චෙෆාකි මහතාට සුබ නව වසරක් වේවා හිටන්!

    ReplyDelete
    Replies
    1. හප්පා අමතක උනා නේන්නං..සා රස තුමාට පොහොට්ටු පිපෙන 2017ක් වේවා....!

      Delete
    2. ඔය මගුල පිපෙයිද බං...

      Delete
    3. ඔයිට වඩා අහේතුක පොහොට්ටු පිපුනා නෙව මේරටේ....!!

      Delete
  5. හිත හිතා ඉන්නැතුව එහෙනම් ඒ කොටසත් ඉක්මනින් ලියමුකෝ...

    ReplyDelete
    Replies
    1. හා....!
      ඔහේ කියයි...මම එපෑ ලියන්න ඉතිං...!

      Delete
    2. නැතුව නැතුව... චෙෆ්ටනේ මේ අපූරු සංසිද්ධියට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ..... හැබැයි ඉතින් වෙච්ච දේවල් නොකියා ඉන්නනම් එපා හොදේ...

      Delete
  6. සද් ගුණවත්, මහා දානපති, ප්‍රසිද්ද ගෘහ නිර්මාණ ශිල්පී ෂෙපා මහතාට සුබ නව වසරක් පතනව.

    ඔය ගැම්මටම ඉතුරු ටිකත් දාල දාමු.

    ReplyDelete
    Replies
    1. කපනව තොගෙ බැනර් එකත්....:)
      ප්‍රසන්න මුදලාලිටත් වැඩි වැඩියෙන් ලැබෙන 2017ක් වේවා....!!!

      Delete
  7. සසර කලකිරෙන ටිකත් කියවලම ඉන්නොනේ..

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හලෝ මහත්තයා මොකෝ පේන්න නැත්තේ....?
      ඇපිම ඇපි ටූ තවුසන්ඩ් සෙවන්ටීන් එකක් වේවා ඔබ තුමාට...!!

      Delete
  8. ඉතිරි හරිය වඩාත් රසවත් වේවි කියල හිතෙනවා. සත්ගුණවත් මහා දානපති ශෙපාකි තුමාට සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ..හෙට උදේට එවන්නං...!

      Delete
  9. බුදු ගෙයත් ලස්සනයි චෙෆාකි. ඇත්තටම ඒ ගම්මුන්ට සතුට උතුරන්න ඇති. මේ කවියත් ලියලම යන්නම්.

    ගම ලස්සනයි ගැමියෝ එහි තුටින් වෙතී
    නිම නැති අඩුපාඩු ඒවගෙ පිරී ඇතී
    නම නැති වුණත් ඔබෙ සේවය මතක ඇතී
    මම පුද කරමි ඒ වෙනුවෙන් කුසුම් තුතී.....

    ජයවේවා!!!



    ReplyDelete
    Replies
    1. ඉතිරුවා කියන්නේ දුමී දෝරේ ගියා හිටං..අර ප්‍රජාතන්ත්‍රවාදේ වගේම....!
      තැන්කූ ඔබේ සුපුරුදු කවි වැල්වලට...

      2017 තව තව කව් සිතිවිලි පහල වේවා...!!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඕකනේ..මේ ලෝකේ හිටියෙ එකම එක්කෙනයි බය සැක නැතුව දුක්ඛ දෝමනස්ස බෙදා හදාගන්න..එයැයිතුත් මෙහෙම අන්‍ත පාවාදීම් කොලාම කොහොමෙයි අපිලා හුස්ම ගන්නේවත් ඉතින්...මීවිත මට ඇරැයුම් කරයි....!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. මදෑ උත්සව සභාවෙ නාගත්ත හැටි කියවන්නය කියල හිටං ආව. ඊලඟ කොටසෙවත් බලමු.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...ආයෙ වෙලාවක් එනකම්ම ඉමු නේ...!!!

      Delete
  12. අයියෝ සංසාරේ... දැන් තවත් කොටසක් දානකන් බලන්න් ඉන්න ඕනෙනේ

    ReplyDelete
    Replies
    1. මටත් එපාම වෙලා ඉන්නේ සොඳුරු...ඔය හිතන තරම් ක්ලයිමැක්ස් එකක් නෑ අනේ මේකේ....ඉන්නකෝ ලියනකන් කවදහරි....!

      Delete
  13. දෙල්ගොඩ තිියනවා පංසලක් ඒ්කට කොාල්ලො කියන්නේ ගමබෙදනාරාාමය කියල

    ReplyDelete
    Replies
    1. උඹ මිල්ලගස් ආර හොඳ හැටි දන්නවනේ..මොකක් හරි නමක් දාමුනේ ඒවගේ...!

      Delete
  14. ඉතුරු හරිය තමයි රසවත්ම ටික තියෙනවා කියලා මට හිතෙන්නේ. ලියපන් ශෙෆෝ...

    සුන්නත්වන් ජදීදාතුන් සයීදා.....

    ReplyDelete
    Replies
    1. අහ්ලන් වසාලන් හබීබී....!!

      Delete
  15. කතන්දරේ ඉතුරු ටික කියවන්න බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හපොයි...ඉඩ හම්බවෙච්ච හැටියෙම ලියලා ඉවරයක් කරලා දාන්න ඕනි...!

      Delete
  16. මොකක් කමෙන්ට් කරන්නද කියලයි කල්පනා කරේ...

    ReplyDelete
    Replies
    1. අනේ....!
      එච්චරම අවුල්ද.....?

      Delete
  17. වැලි පෑගෙන්න මිඳුලට ගල් අතුරලා, ගන්ටාර කුළුනේ ලව්ස්පීකරේකුත් බැඳල තියෙන්නේ සද්දේට සජ්ජායනා කරන්න. ඒවා වෙන්ටෑ පංසලක් තනා සසර කලකිරවා ගන්න හේතුවුනු කරුණුකරණාවලින් කීපයක්.

    අපිත් ඔහොම පුන්‍යකරුමෙකට බොහොම වෙහෙසමාන්සිවෙලා දායකවුනා, ගමක පුස්තකාලයක් තැනුවා, දැන් ඒ ගමට දවලේ යන්නත් වස ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. ඒ පිංතූරේ දැම්මේ ඊලඟ කොටසේ ඉන්ට්‍රොඩක්ශන් එක හැටියට..ඇනේ ඔලුවටම වැදුනා මිටි පාර...ඕව නෙවෙයි තව මරු මරු ඒවා කරා ඒ අය...ඉන්නකෝ ලියනකන්...!

      Delete
  18. සැපවේවා!

    බුදුගෙය සහ ධර්මශාලාව පංකාදු පහයි, මල් හතයි. වැඩේ බොහොම අලංකාරයි. කතා දෙකක් නෑ.
    හැට්ටර් ඉතින් ගමේ එක නිසා දන්නවා ඔය ගම්වල ඉන්න ලොක්කෝ එක්ක වැඩ කටයුතු කොරන එක බොහොම සීරු මාරුවට කොරන්ඩ ඕන විත්තිය. අනික ඔය ලොක්කොන්ගේ කණ්ඩායමුත් තියෙනවනේ. නැද්ද මන් කියන්නේ. එතකොට ඉතින් වැඩේ කිරිමෙල්...

    ඕව වැඩක් නෑ. ඔය සෑර් ඔව්වට සලෙන්ඩ එපා. සැලෙන්ඩර් වෙන්ඩ යන්ඩත් එපා.
    අපි මෙහෙම හිතමුකෝ. ඔය ලෝවාමහාපාය, ගඩලාදෙණිය, ඇම්බැක්ක හදපු (චෙෆ්) ආකියෝන්ටත් ඔය සන්තෑසියම වෙන්ඩත් ඇති. බලන්ඩකෝ දැන් තත්වේ.
    තව අවුරුදු සීයක්, ඕන්නෑ පනාක් යනකොට, විචාරකල, ඇඩ්මිරල් ඉලංගකෝන්ල ට්‍රිප් යනවා වගේ, අලුත් කෂ්ටිය ඕව බලන්ඩ එයි. ඒ ගොල්ලෝ ඕව කලේ කවුද, කින්ද මන්ද කියල හොයල බලයි. නැද්ද මන් කියන්නේ.
    එතකොට කාටද ආඩම්බර, අපි ඉන්ටනෙට් එකෙන් දන්න කියන සෑර් කෙනෙක් තමයි මේක කළේ කිව්වම.

    ඕවට හිත නරක කොරගන්නවා එහෙම නෙවෙයි මේ අලුත් අවුරුද්දේ.

    ReplyDelete
  19. සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක් චෙෆාකි ඇතුළු පවුලේ සැමට . ආපු වෙලාවක යන්න ඕනේ පන්සල බලන්න. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අජිත් සහ සිය පවුලටත් සුබ අලුත් අවුරුද්දක් පතන්නෙමි....

      Delete
  20. හැපී නිව් ඉයර් එකක් වේවා ...!!
    ඉතුරු ටික කියවලාම කතාවට කමෙන්ට් එකක් දාන්නං .

    ReplyDelete
    Replies
    1. ඇපි නිව් ඉයර් එකක් සර්....!

      Delete
  21. වටිනම සහ උපාසක දානපතියන්ගේ හොට ඇනෙන්ඩ ඉතිරි ටික නං කියන්නම ඕන චෙෆා..

    ReplyDelete
  22. //කොහොමත් ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකලපය ඉතා තදින් එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල.//

    මෙන්න කතාව.
    ජයවේවා..!!

    ReplyDelete
  23. ඕක තමා මම මෙච්චර කලක් හිටියෙ මේ මගුල කියවන්න්න. ඇයි බන්, රබර් නෙ.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....