Wednesday 1 April 2015

වෙරළු මල් සුවඳ



photo credit-sujitheie.blogspot.com/





වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?

කාලයක් තිබුනා.....
.
ඒ කියන්නේ ඉස් ඉස්සෙල්ලාම කාලේ....වෙරළු මල් සුවඳ එනකොට ලැජ්ජා හිතෙන...
ඇයි ඒ...අම්මට අහුවෙයි කියල වෙන්ටැති...

නංගිටනම් අතටම අහු උනා...
එදා තමයි තේරුනේ මොනා හරි එහෙම දෙයක් උනාම මුකුත් උනේ නෑ වගේ හිටියාම හැමෝම කූල් ඩවුන් වෙනවා කියලා...


පලවෙනිදා උදේම මෙහෙම හිතුනේ ඇයි.....

ඇයි හිනාවක්, චූටියට අතින් ඇල්ලීමක් ඔච්චර ගනන්....


දකින්නේ නැතුව ඉන්න පුලුවන් නම්, හිතෙන්නේ නැතිව ඉන්න පුලුවන් නම්...!




වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?




ඇත්තටම...!!






71 comments:

  1. කෙල්ල කොල්ලට කියපු කවිය - You are too Naughty Babe
    ========================================

    බලන්න කරපු දේ...
    අම්මිලා නැති උනත්
    ඔයාව ගන්න අකමැති
    කාමරේට..
    ඔන්න ඕකනේ..

    "වෙරළු මල්" සුවඳයි
    කාමරේම...

    අනේ මන්දා
    නෝටියා...
    -o-

    http://maathalan.blogspot.com/2011/12/you-are-too-naughty-babe.html

    ReplyDelete
    Replies
    1. මාතලන්- නෝටියා හැක්.. :p

      Delete
    2. අම්මට හුඩු...උඹ 2011 දි මේක ලියලනේ....කොපිරයිට්ස් කේස් එකක් අදින්නේ එහෙම නෑ ඕං...

      Delete
    3. මේක දැක්ක ගමන් ඒක මතක් උනා.. අත්දැකීම් හරි සුන්දරයි බං...

      Delete
    4. අප්පටසිරි... එක වචනෙන් රාගය, ආදරය,ලෙන්ගතුකම, අකැමැත්ත, කුතුහලය, ආශාව, රහසිගත බව ඔක්කොම කියවිලා තියා අපූරුව... "නෝටියා"
      ඒ වචනෙ නැත්තං ඔය නිසඳැසෙන් වැඩක් තියනවද... "හොරා" කිව්වත් ගෙ ගතිය එන්නෙ නෑ. "නෝටියා" තමයි වචනෙ.

      Delete
    5. ඔය කියල තියෙන්නෙ ඉතින් එකෙන්ම...

      Delete
    6. හිටපන්කෝ මාත් ලියනවා කවියක් ..

      පිච්ච මල්
      සුවඳ
      යහන මත
      රෝසමල්
      සුවඳ
      හමන
      නුබේ
      ගතින්
      සැනහුන
      මට
      තාම
      හිතා ගන්න
      බෑ
      සත්තකින්ම
      හරිම පුදුමයි
      හ්ම්ම්ම්
      වෙරළු මල්........
      සුවඳින්
      ඇතිවන
      හැටි
      කිරි සුවඳ ..............


      (මෙන්න මෙතැන ලියලා තිබුන එකක් මම කොපි කරලා ලීවා ) හැක් හැක්

      Delete
  2. පට්ටෙත් පට්ට.. දවසක 'පිත්තල දොර බෝල' වල රස ගැනත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. අද යනවා තනියම ආයෙත් නිල්වැල්ලේ..එහේ පිත්තල බෝල වැහි වැහලා...සුවඳ බලලාම හිතන්නං...

      Delete
    2. සුවඳ නෙමෙයි රසයි බලන්නෝනෙ ආයිබන්ඩ.. ආයි ලොවෙත් එමම තමයි.. හැක්..

      Delete
    3. ඉඳකිං විතරක් තූ.... (ගෑණු ළමයි මං කියන එව්වා ගනං ගන්නවා නෙමෙයි ඕං...)

      Delete
    4. ‍යේස් යේස්..රහ රහ සුවඳ නෙමී....

      Delete
  3. "නෙතට නුහුරු කඳුළු බිංදු" පැදුරට මුහුවෙන්න නොදී උදව් කරපු පරණ ටී-ෂර්ට් එකක් මටත් තිබුණා කාලයක් ...

    ReplyDelete
    Replies
    1. පැදුරු මතක් වෙනකොටත් බයයි......ඇඳක නිදාගත්ත ගැටයා උදේට පැදුරු සුවඳ ගහනකොට බඩු බනිස්...අම්ම දන්නවා මූ රිංගලාය කියලා ####ගේ පැදුරට....හෙක්

      Delete
    2. ආ මේ සජ්ජනේ .... හැක හැක හැක

      Delete
    3. ආ..... ඉවාාාාන්..............

      Delete
  4. තිස්ස අබේසේකර ගේ Bringing Tony Home පොතේ පවා තියනවා ඔය වෙරළු මල්. ඒ පනහේ දශකයේ.

    ReplyDelete
    Replies
    1. එච්චරම එහා නෙමී මේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේ අත්දැකීම්...අපි නාකිම නැහැ නේ....

      Delete
    2. නාකි කියන්නේ නොහැකි කියන එකනේ. ඉතිං කවුද කිව්වේ 'අපි' නාකි කියලා?

      Delete
    3. නාකි කියන්නෙ නොහැකි කියන එක නෙමෙයි විචා...ආමි එකේ ඉඳලා රිටායර් උනා කියන එක...දන්නෙම නෑ වගේ ලියන එක...

      Delete
  5. ලැජ්ජයි අප්පා මුකුත් කියන්ඩත්....

    ReplyDelete
    Replies
    1. මැවිලා පෙනේවි රූපේ...කියන්න ඕනිම නැහැ.....

      Delete
  6. වෙරළු මලුත් නෑ - ලොවි ගහෙත් නෑ

    සල්ලිත් නෑ - සනීපත් නෑ :D :D චැහ්

    ReplyDelete
    Replies
    1. හුකා..මොකෝ වීසා ගහලා රිටර්න් කලාද වෙරලුමල...

      Delete
    2. අයියන්ඩි කට ඇර ගල් කාලක් වක්කරන්න..

      Delete
  7. //එදා තමයි තේරුනේ මොනා හරි එහෙම දෙයක් උනාම මුකුත් උනේ නෑ වගේ හිටියාම හැමෝම කූල් ඩවුන් වෙනවා කියලා...//
    ඒක සැබැයි සැබැයි සැබැයි...

    ReplyDelete
    Replies
    1. අර රූපේ කීව එක තමා ඉතින්....ලැජ්ජයි අප්පා...

      Delete
  8. අවශ්‍යතාව කොච්චර තිබ්බත් පස්සේදී සුපුරුදු සුවඳ එනකොට නං ටිකක් අවුල් තමා.ඒ උනාට ඉතිං මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. හැලපෙට ඒ සුවඳ තාම මතකද ?

      Delete
    2. එහෙමම කියලත් බැහැ බං...

      Delete
  9. මේ දවස් වල බෝගක් බලන්නත් ආසයි ..එන්න වෙලාවක් නැතියෝ ...මේකත් මේ දැනුන සුවද දිගේ ආවේ ...(නෙලුම් යාය සම්මාන උළෙලෙට ඇවිත් කරූ උනනෙනැහැ ගේ මුනා දුටුව ගමන් ආපසු හැරුනා .දේශපාලුවෝ ඉන්න තැනකවත් ඉන්න කැමැත්තක් නැ ...සොරි හොදේ )

    වෙරළු මල් පිපිලා........
    වෙරළු මල් පිපිලා
    රේණු වසිනවා වරුසාාවයි
    මැද මිදුල උඩින් අඩිය තියා
    යන්නට ලෝබයි
    මල් සිඹින්න ආසයි
    මල් සිඹින්න ආසයි
    මල් සිඹින්න ආසයි....

    මහ නිලමෙ ගියේ
    තිරික්කළෙන් රාජකාරි නම්
    හීන් නිලමෙටවත් මේ හීතල
    නැතිවද තේරුම්
    සඳ වතුර මලින් සිරි සිරි ගා
    පොද වැටෙන තරම්
    පොද වැටෙන තරම්
    පොද වැටෙන තරම්.....

    එක සීනු නාද සිරි යහනේ
    කොයින්ද මායිම්
    ගම්මැද්දේ මට රැජින වගේ
    යන්නට පුළුවන්
    මං එහෙම තමයි මගෙ නිලමෙලාට
    ආඩම්බර නම්
    ආඩම්බර නම්
    ආඩම්බර නම්......

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - අසේල බණ්ඩාර
    ගායනය - කුමාරි මුණසිංහ

    ReplyDelete
    Replies
    1. //නෙලුම් යාය සම්මාන උළෙලෙට ඇවිත් කරූ උනනෙනැහැ ගේ මුනා දුටුව ගමන් ආපසු හැරුනා // පලයන් යන්ඩ බොරු කියන්නෙ නැතුව ගෙරි සින්දුවා.. මොකෝ වෙලා හිටියේ මච්චර කල්? උච්ච 'ස'යන්නක්වත් උගුරෙ හිරවෙල මැරිල වෙන්නැති කියල මං නං හිතුවේ.. හැක්..

      Delete
    2. අම්මපල්ලා කමියෝ මම ආවා .එනකොට පරක්කු වෙලා .කරු ලොක්කා මොනවද කියවනවා .මගෙත් එක්ක ආපු එකා කිව්වා යකෝ මේ #රියෝ ඉන්න තැනකවත් ඉන්න හොද නැ කියලා .මටත් පොඩ්ඩක් හදිසි නිසා ගියා මචෝ .මේ දවස් වල ෆුල් බිසී .යකෝ අපේ ඔෆිස් එක ළඟ ඉඳලා විනාඩි 10 යි ..

      Delete
    3. සින්දුව ඒපාර බයිල කියන්නත් පටන් ගත්තද?

      Delete
    4. //සින්දුව ඒපාර බයිල කියන්නත් පටන් ගත්තද?// නැතුව නැතුව ..හැක් හැක්

      Delete
    5. අහලා නෑ සිංදුවෝ ඒ සිංදුව...හොයාගෙන අහන්න ඕන..කොහෙන්ද යස්සයෝ මේවා හොයාගන්නේ?

      Delete
  10. මෙට්ට යට සැඟව ගිය...
    ගොටු අස්සේ පැකට් වුන...
    අළුත් පිට වෙරළු මල් - කල් ගියොත් ඇපත් නැති...

    ReplyDelete
    Replies
    1. ///කල් ගියොත් ඇපත් නැති...///
      චැහ්....

      Delete
    2. ලොකු පුතා ඕවා කරන්නෙත් ISO ක්‍රමේට

      Delete
  11. ඉස්සෙල්ලම මොකක්ද යකෝ මේ වුනේ කියලා බැලුවා. වෙරලු මල් වලට වඩා දියාරු ලපටි කුරුම්බා ලොඳ තමා මතක් වුනේ. හප්පේ... මල හිරිකිතයි. සැක්... අපේ මායියට හේම කියනවා නෙමෙයි මෙව්වා හොඳේ.

    ReplyDelete
    Replies
    1. මායියා ඒ සුවඳ දන්නෙ නැතිවෙන්න බැහැ මදාවි...

      Delete
  12. අප්‍රේල් පලවෙනිද නගෙක්ව රවට්ටල මල් සුවද බලපු අතීතයට ගිහින් වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක මෙහෙම එඩිට් වෙන්න ඕන...අප්‍රේල් පලවෙනිදා නගෙක්ව රව්ට්ට්නකොට අතීත මල් සුවඳකට ගිහින් වගේ කියලා...හෙක්..

      Delete
  13. මේක ලියල පබ්ලිෂ් බටන් එක ඔබලා ආවා හයිවේ එකේ දන්දෙනියට...අපරාදේ ටිකක් හිටියනං කියලා හිතුනා දැන් මේ කමෙන්ට්ස් දැක්කම..

    ReplyDelete
  14. මුල අමතක නොකරන එක හොද පුරුද්දක්

    ReplyDelete
  15. මුලින්ම වෙරළු මල් සුවඳයි කියලා තේරුනේ 1960 දශකයේ මැද භාගයේදී. ඒ කාලේ අපේ ගම් මේ වගේ නවීන තාක්ෂණයෙන් අවුල් වෙලා සංකීර්ණ වෙලා නොතිබුන නිසා, වෙරළු මල් සුවඳ හරියට රුක්මල් සුවඳ වගේ ගම පුරාම පැතිරුනා. නිදහසේ රහසින් විඳගන්නත් ලැබුණා. හඳ එලිය ඇති රාත්‍රී කාල වලදී විශේෂයෙන්.

    ReplyDelete
    Replies
    1. අපෝ අපිනම් ගම පුරා රෝන්දේ ගැහුවේ නෑ...ගෙදරටම ගෙනල්ලා දුන්නා නිදහසේ රස විඳින්නය කියලා...හෙක්...විචා ඔය කියන වකවානුවේ මොන වෙරළුද අපිට..අපි චූ කොල්ලො එතකොට...

      Delete
    2. ඔය කාලෙ අපි වෙරළුමල්

      Delete
    3. අපි නම් තාමත් වෙරළු මල් ( හිතෙන්)....

      Delete
  16. වෙරළු වල ගුණ ගැන මාතාගෙ බ්ලොග් එකේ හෙද මහත්තයා දාල තියෙන විස්තරේ බැළුවොත් වෙරළු හ්ගහක කොල වත් ඉතුරු කරන එකක් නෑ කොල්ලෝ !

    ReplyDelete
  17. අපි නං වෙරලු මල් ඩිරින්ක් බොනවා හිටං..හැක්

    ReplyDelete
    Replies
    1. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.......යාාාාාාාාාාාාාාාාාාාාා

      Delete
  18. මොකක්ද වෙරළු මල් සුවඳ කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. මෙතැනින් අහන්න

      වෙරළු ගෙඩි පැහෙන කාලේ..
      නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
      රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
      මගෙ ලෝකෙ කලුවර උනා..

      මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
      නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
      මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
      නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
      ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා
      මැව් හීන උහුලන්න බැරි දැන් තමා

      වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
      දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
      වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
      දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
      හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
      ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනි වුනා

      වෙරළු ගෙඩි පැහෙන කාලේ..

      ගායනය - චාමර රණවක

      Delete
  19. ඇත්තටම මොකක්ද වෙරඵ මල් සුවද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇක්චුවලි මාත් දන්නේ නැහැ

      Delete
    2. දාන්න අක්කන්ඩි පහක්...
      එල ද බ්‍රා

      Delete
    3. මෙන්ඩෝ මහත්තයාගෙන්ම අහගනින් ..හැක් හැක්

      "වෙද ගෙදර මහ වෙදනාDecember 17, 2011 at 8:59 AM"
      වෙරළො මල් සුවද ගැන මරු ගීතයක් ගායනා කලා ජැකාගේ ප්‍රිය බිරිද. නමුත් ඒක එතරම් නැගල ගියේ නැහැ. මට නම් හරිම සුන්දර ගීයක්. ඒ කොහොම හරි වෙරළු කියන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට ගුණදායක දෙයක්. ශුක්‍ර ප්‍රමාණයෙන් වැඩි කිරීමට ඉතා හොඳයි. ඒ වගේම මෙහි නිකල් සින්ක් වැනි පදාර්ථයන් අඩංගු වෙනවා. ඒ නිසා ශුක්‍ර නිෂපාදනට වැදගත් වෙන්නේ. මල්වල සුවදට හේතුව ඒකයි. මෙහි ඇති එස්ටර වර්ග වල සින්ක් අඩංගු නිසා මල් ශුක්‍ර තරලයේ ඇති ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනවා. ඇතිද ?????? තව ඕනෙ නම් පෝස්ට් එකක්ම ලියන්නම්.
      හෙක්....හෙක්...හෙග්....

      Delete
    4. ස්තුතියි බොක්ක
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. සින්දු ඇනෝ යන්තම් ජාම බේරුවා. 18ප්ලස් කැටගරියට තමා යන්නේ එහෙනම්.

      Delete
  20. ඔක මාර ප්‍රශ්නයක් තමා... සුවද යන්න කෙල්ලගෙ පර්පිෆුම් එක හෑලුවා සෙට්ය පුරාවටම.. මට්තක් වෙනකොට තම් හිනහය් මචෝ

    ReplyDelete
  21. අනේ දෙයියනේ ඇයි මගේ පොටෝ කෑල්ලයි graphical presentation එකයි වෙනස් කලේ මචෝ...වෙරළු මල්වල පින්තූර දැම්මාම මුලු පෝස්ට් එකම කේස්වෙලා නෙළුම්‍ යායෙ ....බුදු මහත්තයෝ එඩිට් කොරනකොට තව තව ටිකාආආආආක්ක් සංවේදි වෙයන්...

    ReplyDelete
  22. සොරි මචන්. කවුරු හරි ප්‍රශ්නයක් දායි කියලයි ඒක දැම්මේ නැත්තේ. මන් ගලවන්නම් ඒක.

    ReplyDelete
  23. වෙරළු මල් සුව⁣ඳෙම ඔහු තනිවෙලා

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....