Baby smiling up at her mother impressionism Mothers children by Mary Cassatt |
අතක්
පයක්
ඇසක්
කණක්
ගෙයක්
දොරක්
ගහක්
කොළක්
නොව මා
දන නවාන
දෑස් වසාන
යදින්නේ
අවසරයි
මා
යදින්නේ
තව එකම එක
සීතල රැයක්
ඔබතුරුලේ
නිදන්න ආයෙත්
තව එකම
එක වතාවක්
සියුමැලි ඔබ දෙතොලින්
සිඹගන්න
ආදරෙන්
ආඩම්බරෙන්
රැලි නැගෙනා
පටු
නළල් තලය
මගේ
සඳ වතුරින් ලොව දුසිරිත් මැ දියකර...
ReplyDeleteඅමිලවූ සෙනෙහස පුතුට පොවනු මැන..
සෙනෙහස ගිලිහි වියළුණු පුතු ලොව..
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන...
දිවි ගංගාවේ නොනිමි දියඹ තුල..
මා තුරුලට ගෙන නිබද සරනු මැන..
ලස්සන සිංදුවනේ....!!!
Deleteමට මෙම සින්දුව ලබාගන්නේ කොහොමද
Delete&..අපේ නමට නෙත කඳුළු උනන්නේ
ReplyDeleteඔබට පමණි මේ ක්ශිතිජ වලල්ලේ..&
අවසරයි...
ජයවේවා..!!
අවසරයි....!!!
Deleteසිනිඳු කෙහෙ රැළි
ReplyDeleteපිරිමැද ඇඟිලි තුඩගින්
සුවඳ විඳින්න ට ආයෙත්
හොවා උණුහුමින්
ගැහෙන තාලයට
ළැමදේ රිද්මයෙන්
නළවා නහවා ආදරෙන්
අම්මා....
මතක ඇහැරවන කවියක් Archi මේ... හරිම ලස්සනයි
මටනං එච්චරටම සොඳුරු මතකයන් නැහැ ඔය සබ්ජෙක්ට් එකේ....අපිට ඉතිං තාමත් කුඩම්මාගේ සැළකිලිනේ මිස් එරන්දි. .....!!!
Deleteසඳක් වෙවී අපෙ ළෝකෙට එළිය දෙතී
ReplyDeleteපෙමක් නමින් අපමණ දුක් විඳගණිතී
හොඳක් කියන්නට මව ගැන වචන නැතී
නිමක් නොවන සෙනෙහස සිහි කරමි බැතී......
ජයවේවා!!!
දුමී..ඔය සබ්ජෙක්ට් එක ගැන මගේ පිලෝසොපිය නම් වෙනස් හැබැයි...ඒත් ඒක තනිකරම මට පොදුවෙච්චි සංසිද්ධියක් වෙච්චි...හැමෝම වගේ මම වාසනාවන්ත නැති නිසා වෙන්නැති දෙවෙනියාව ඉපදුනේ...!!
Deleteඅම්මා... අම්මා...
ReplyDeleteඅම්මා අමා අමොද කරුණා නිධානේ
ඔබගේ මුවින් පෑදුණා...
මේ ඔබගෙ පා යුවළ යට පෑගෙනා
දූවිලි වාගෙයි මගෙ චේතනා...
පාළුව හා සෝක දුක් වේදනා...
අම්මා ඔබගෙන් සේදී ගියා
ආදර සාගරය ඔබගේ තමා
ජීවිතේ මී විතට ගෙන දුන් අමා...
මා හදේ මල් යහනා මැවේ...
අම්මා ඔබගෙ සුවඳ සොයා
අම්මා... අම්මා... අම්මා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : මොහමඩ් සාලි
ගායනය : වී. වර්ධරාජා
ඔහේ හරිම ලකී මෙයා...!!
Deleteඅම්මා ....
ReplyDeleteඅම්මා බලන්න යන්න ඕනේ
යන්න යන්න..ඒවා යුතුකම්...!
Deleteමේ සති අන්තේ ගෙදර යන්න ඉන්නේ... :)
ReplyDeleteමම මාස හයයිලු අම්ම ගාව ඉඳල තියෙන්නේ, එතනින් පස්සේ කිරි බොන එකත් නතර කරලා ලොකු අක්ක ගාව තමයි එතනින් පස්සේ ඉඳල තියෙන්නේ... ;(
මාස හය වැඩිත් එක්ක....! සති හයක් හිටියම ඇති අම්මා ගාව..හිහිහි....!
Deleteඉතින් එච්චර දුර නෑනේ බදුරළියට....හයිවේ එකේ ගියාම ඉක්මනට යතෑකි...!
ගිහින් අම්මා බලලා එන්න..ඒ උනාට මාව බලන්න එන්න නං ඕන් අමතක කරන්න එපා හොඳේ ලොකුපුතේ...!
ගමේ ගිහින් ආවට පස්සේ ලොකු පුතා පොඩි පුතාල එක්කම ඇවිත් යන්න එන්නම්...
Deleteආයෙමත් මව් සෙනෙහස ලබන්න වෙන්නෙ ලබන ආත්මෙ තමා ඉතිං. ඒක නෙවෙයි චෙෆා මට මේ කවියෙ හරිම අනුවේදනීය යටිපෙළක් පේනව වගේ.
ReplyDeleteයටිපෙළ ප්‍රසිද්ධ කිරීම සදාචාරත්මක නහීහේ...පාලහෙන් පස්සේ මූන බලාගෙන දෙකක් දාලාම කියඤ්ඤං හොඳේ බොස්...!!
Deleteමරු.
ReplyDeleteමොකක්ද බොස්....!
Deleteමේ කඩේ වහලා වරෙන්බං දියගට...!
මේක මේ පින්තූරයක් දාලා අපිව නොමඟ යැව්වට මටනම් මේක කියෙව්වම හිතෙන්නෙ වෙනස් කතාවක් ඒ නිසා ඕන් මමනම් මව් ගුණ කියන්නෙ නෑ මෙතන
ReplyDeleteඔයා එක්ක බෑ හලෝ...කොහෙන්ද හිත් කියවන්න ඉගෙනගත්තේ ඇත්තටම ඈ...!!!
Delete:) :)
++++++++
ReplyDeleteඅම්මා....දැන් ඉතින් මතකයක දැවටෙන සොඳුරු මතකයක්ම පමණයි චෙෆ්.....
ReplyDeleteහැමදේම එහෙම නේද...?
Delete