Tuesday 14 March 2017

බාල අපරාධයක නුඹ මාව කොටුකරලා



එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

හෙව්වේ බැලුවෙ නැත්තේ
නුඹ තාම පොඩි නිසා

හිතේ දොලදුක නැත්තෙ
අඹගහේ ගැට පිරිලා

මාස පහෙන් ගැබ් ගත්තේ
නොදැනීම වැට පැනිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා

තණපිස්සේ දුවන්නෙපා
මේසෙන් පනින්නෙපා

පුරු පුරු ගගා දැවටෙන්නෙපා
පෑගුනොත් මම පව්කාරයා

එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා





56 comments:

  1. මාත් හොන්ද පූසෙක් හොයාගන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. පූසෝ රස්තියාදුවෙ යනවලුනේ..ඒ නිසා පූසියො හොඳයි..ඒත් මෙච්චර ඉක්මනට මෙහෙම වෙයි කියල කොහෙමෙයි දන්නෙ...
      පිළිසිඳිලා දවස් 67න් පැටව් දාන නිසා මාස හතරෙන් පූසියන්ට හීට් එක එන බව දන්නේ නැති නිසා වෙච්චි හදිය මේ...!

      Delete
  2. හෙහ් හෙහ්. මේක කියවනකොට මට කැම්පස් ඉන්න කාලෙ වෙච්ච සිද්දියක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හෑ..කියමුකෝ ඒකත්...!!

      Delete
  3. දැන් ඉතින් සල්ලන්
    කරමු අපි සෙල්ලන්

    කියාන උන් එද්දෙන්
    උඹ කණට ගන්නෙපා

    කෙල්ලො අහකට කොල්ලො
    තෝරන්නෙ සුදනන්

    බලා නුඹ හිනැහෙන්
    ඉකි බිඳින කිරිදෙතන
    සඟවන්....

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. චූටි පැට්ටී ගස්...පව් කියලා හිතෙනවා...!

      Delete
  4. ඉස්සරහට සෑහෙන්න වැඩ තියෙයි එහෙනං.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්..මුලු ගෙදරම ලේස්තියි...තව දවස් පහකින් හයකින් බලාගතෑකි...:)

      Delete
  5. අහා..! ඇයට නිරෝගී දරු සම්පතක්!

    ReplyDelete
    Replies
    1. පළවෙනි සැරේ නිසාත්, යෙllow පොඩි නිසාත් බයයි...ඒ එක්කම සතුටුයි...!

      Delete
    2. අවුලක් වෙන්නෙ නෑ. අපේ එකා පළවෙනි පාර 5 දෙනෙක් දැම්ම. දෙවෙනි පාර තුන් දෙනයි.

      Delete
  6. සුබ පැතුම් චෙෆ්තුමෝ.. ඔයා ආයෙත් තාත්තෙක් එහෙනම්

    ReplyDelete
    Replies
    1. හපොයි තාත්තෙක් නෙවෙයි..සීයෙක් වෙන්න මේ පෙරුම් පුරන්නේ...!!
      තැන්කූ....!!!

      Delete
    2. හප්පේ ඔව් නේ මට අමතක උනා

      Delete
  7. බලු මාමල ටික මෙයාගෙ පැටවුන්ට කරදර කරන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. චූටි මාමා ෆුල් ලව් යෙllowට...එක පිඟානේ කන්නෙ, සෙල්ලං කරන්නේ එකට...ඒ උනාට Xerx ගොයියාට යෙllow පන බයයි....!

      Delete
  8. සීයෙක් කෙසේ වෙතත් කිසිම කරදරයක් උපද්‍රවයකින් තොරව පුසිට දරු සුරතල් වගේම චෙෆාකිට පුසිගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන් බලා මීසියා කෙනෙක් වීමට වරම් ලැබේවා..!!
    🙏

    (එතන පොඩි අප්ෂට් එකක්. කොහොමද පුසියොන්ගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන් බලල "මී"සීයා කෙනෙක් හෝ "මී" මුත්තෙක් වෙන්නෙ ඈ..?? අම්මටහුඩු 😳😳.. බොන්න ඕනෑ ප්‍රශ්නයක්..!! 🥃'🔨..)

    ReplyDelete
    Replies
    1. ටික්කෝ..ස්පේ කරන්න හිතා හිටියේ ලොකූනාම..මෙයාට තියෙන හදිසියට වැට පැනලානේ අපට හොරෙන්....මෙයාගේ ලමයි බැලීම කෙසේවෙතත් එතනින් එහාට නම් බෑ ගොයියො....ඒත් මුන් මරු බං....නහින දෙහින කාලෙට පූස් පැටියෙකුගෙ හරි ආදරේ බලන එක සම්පතක්, සතුටක්...!

      Delete
  9. හප්පා.. පරම්පරාවක මුල ...
    අපේ ගෙදරත් හයක් ඉන්නව ..

    ReplyDelete
    Replies
    1. මෙයා කීදෙනෙක් දේවිද දන්නේ නෑ...කී දෙනක් දුන්නත් හදා වඩාගන්නවා කියලා තමා ඉතින් හිතාන පතාන ඉන්නේ..මොකෝ අපිට කියලා මුනුබුරු මිනිබිරියො ඉන්නවා කියල‍ය...!

      Delete
    2. පේන විදිහට තුන්දෙනෙක් විතර ...

      Delete
    3. තුන් දෙනෙක් ශෝක් බං...!

      Delete
    4. යකෝ....ඇහුවොත් උපන්තෙක්ට අම්මාගේ ඇරෙන්න ගෑණු කෙනෙක්ගේ අතින් අල්ලලා නෑ. ඒ වුනාට මූ දැන් බඩ බලලා ළමයි ගානත් කියනවා.

      Delete
  10. චෙෆාකි...
    බලාගෙන. ඔය බළල්ලු ඉක්මණින්ම බෝවෙනවා. ඊළඟ පරම්පරාව ඔය කාලෙට වඩා ඉක්මණට උපදියි, හොඳේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කාමරයක් වෙන්කරලා තියෙන්නේ එයාලට....ඉඩමදි උනොත් එවන්නං දුමීලගෙ අහ...!
      :)

      Delete
    2. අපෝ අපෝ..
      මට නං
      එපෝ එපෝ.....

      Delete
  11. මගෙ පූස ගියානෙ. වෙන පූසෙක් හොයාගන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. හොයන්නාට හම්බෙවෙයි කියලනේ කියන්නේ...හොයන්න අලුත් පූසෙක් හම්බවෙයි...!

      Delete
    2. ඔව් නේ, වික්ටර්ට හම්බ උනානම් අපිටත් හොයාගන්න බැරිවෙන්නෙ නෑ.

      Delete
  12. අපේ එක්කෙනා නං දැන් බොහොම අබලන්.

    ReplyDelete
    Replies
    1. ආවාම අලුත් එක්කෙනෙක් දෙඤ්ඤං...!

      Delete
    2. "අපේ එක්කෙනා නං දැන් බොහොම අබලන්"

      අද එනවකො තමුසෙ ගෙදර.
      - හැලපී

      Delete
    3. ///අද එනවකො තමුසෙ ගෙදර.
      - හැලපී ///

      හෙහ් හෙහ්...
      +++++++++++++++++++++++

      Delete
    4. ///අද එනවකො තමුසෙ ගෙදර.
      - හැලපී ///
      ආතල් ඇනෝ...එල ද බ්‍රා

      Delete
  13. අපේ ගෙදර ඉන්නේ පූසෝ ම හතරක්.. උන් gay ද කියලත් හිතෙනවා වෙලාවකට.. හැලපෙගෙ හාමිනේ එක්ක නම් උන් හරි එකතුයි..උන්දෑ ආපු ගමන්ම උන් යනවා එතෙන්ට.
    ඔය පූස් පැටව් කේස් නම් මාර interesting .. මට සෑහෙන්න experience තියෙනවා ඒ ගැන.
    චෙෆාකි ට බර වැඩ තියේවි

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් ඉන්නවා ඕමානි ගේ බව්වෙක් චූටි කියලා...එයා ෆුට්බෝලෙකට තමා ලව් කලේ..ඒක තාම මිදුලේ තියෙනවා දැක්කා එදා...ගෙනාවේ නෑ මෑන්ස්ට හාර්ට් ඇටෑක් එකක් හැදේවි කියලා..දැන් දාහතරක් නිසා...!
      මට කොහොමත් බර වැඩ කොච්චි...:)

      Delete
  14. පූස්සු මහ ආත්මාර්ත්කාමි සත්තු ජාතියක්..අනික පොඩි කාලෙ හෙන හුරතල්, ලොකු උනාම බලන්න අජූවයි..එතකොට බලන්න එපැයි ඉන්න හැටි විතරක් පුක් මූණ දාගෙන. හරියට නිකන් අපේ වැ‍රැද්දක් වගේ...

    මම නම් ආසම නෑ පූසන්ට...

    ReplyDelete
    Replies
    1. මේ මගේ ෆර්ස්ට් ෆූස් ලව් එක..හැම ෆර්ස්ට් ලව් එක වගේම ඔන දුකක් විඳිනවා කියලා හිතා ගත්තා ඕන්...!

      Delete
    2. ඊයේ රෑ එළි වෙනකම් නින්දක් නෑ.. පුස්සු ඩබලක් රති කෙලියේ.. යකෝ කරන මගුලක් හිමීට කරගන්.. ලෝකෙටම ඇහෙන්න කෑ ගහනවා.. එතකොට බල්ලා ෆෝම් වෙලා උළු ගැලවෙන්න බුරනවා.. හයියෝ....තාම නිදිමතයි..

      Delete
  15. හ්ම්...පැම්පර්ස් වල සයිස් එක කොහොමද.... පාවිච්චි කරන්න බලා පොරොත්තු වෙන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ප්‍රඩක්ට්ස් විතරද....

    ReplyDelete
    Replies
    1. නෑනේ අපි තනිකර ලෝකල් ග්‍රීන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ..ඔක්කොම ඉවසතෑකී මේ කස්ටිය ඊයේ කියපි ප්ලීස් ඩෝන්ට් ස්මෝක් හියර් කියලා...හැමනිලා තියෙයි...!

      Delete
  16. අපේ ගෙදරත් මුලින්ම හැදුවේ ඔය වගේ සෝස පාට පුෂෙක්...
    ඌ කොල්ලෙක්, නම කිටි. දවසක් ගෙදර ඇඳක් යට හාවෙක්ගේ බාගයක් ගෙනත් දාල තිබුනා...
    ඒ වගේම කවදාවත් කෑම ඉල්ලලා පෙරේත කමට කෑ ගහන්නේ නැහැ. අතින් පොඩි තට්ටුවක් දානවා සද්ද නැතුව...
    ගොඩ කාලයක් ඉඳල එක පාරට මිසින් උනා, බළල් දිවියෙක් කන්න ඇති කියල තමයි අපිට හිතුනේ...
    ඊට පස්සේ අපේ ගෙදරට ආවේ පුසියෙක්. ඌත් කිටී...

    උගේ පැටව් දෙන්නගෙ නම් "හෝන්දු" සහ "මාන්දු"...
    ඒගොල්ලන්ගේ පැටව් "ඈලි" සහ "මෑලි"...
    එතනින් පස්සේ අපි පුසෝ හදන එක අත ඇරලා දැම්මා...
    දැන් ඒකට හරි යන්න අල්ලපු ගෙදර ඉන්න පුසෝ හය හතක්ම අපේ ගෙදර...
    එපා කරපු ගඩු පුසෙකුත් ඉන්නවා ඒ අතර...

    ReplyDelete
    Replies
    1. හෝන්දු මාන්දු ඈලි මෑලී....ෆූස්න්ටම කියාපු නම්....:)
      මම දැනගෙන හිටපු කෙනෙකුත් අනුන්ගේ ගඩු පූසෙක් තුරුල්කරන් හිටියා...බැරිම තැන ඌ පැනලා ගියා...:) :)

      Delete
    2. එල ද බ්‍රා නම් ...අපේ ගෙදර මාළු පැටව් දෙන්නෙක් හැදුවා
      ඩිංගි බන්ඩි
      ඊට පස්සේ දෙන්නා
      සුටිං මාර්ටින්
      එයාල මරුන දවසේ පොඩි මෙන්ඩ දවසක් නොකා නොබී ඇඩුවා පොර අඩනවා දැකලා අපි දෙනත් ඇඩුවා

      Delete
    3. මොන තරම් ලෝක දහම ගැන දැනං උන්නත් සත්තු මැරෙන කොට මේ අලි අපිත් හරියට ලමයි වගේ මෙන්ඩා...මටත් ඕක තමා ඉවසගන්න බැරි

      Delete
    4. මෙන්ඩා..//////////
      උම්මා උම්මා උම්මා

      Delete
  17. උබ මේ දවස් ටිකේ ලියනවා දැකලා සතුටුයි ...
    පුසෝ මට දිරවන්නේ නැහැ බන් ...මොන ක්‍රමය්කට්වත් හිත දෙන්නේ නැහැ පුසොන්න්ට ආදරය කරන්න

    ReplyDelete
    Replies
    1. පූසන්ට ආදරය කිරීම ගෙදරින්ම හදාගන්න ඕන දෙයක්. මම පූසන්ට ලවින් මල්ලියේ :D ගෙදර පූසාට විතරයි හොඳේ.

      Delete
    2. ගෙදර පුසා මේ දවස් ටිකේ මාත් එක්ක තරහවෙලා ....හැමදාම උදේට නැගිටිනකොට සදුගෙයි පොඩි මෙන්ඩගෙයි මුණ දකිනකොට හිතෙනවා මම ඊයේ දවසේ මේ දෙන්නට ආදරය කරා මදි නේද කියලා ..එත් මේ දවස් වල මොකක්දෝ නොතේරෙන නොක්කදුවක් අපි අතර ඇති වෙලා අයියන්ඩි

      Delete
  18. අපේ ගෙදර ඉන්න බලු ඩබල නිසා පූසන්ව ඇති කරන්න කොච්චර ආස වුනත් බෑ...අනික අපෙ එක්කෙනාට බලල්ලුන් ඇලජික් ද මන්දා...ඒ නිසා මේ වගේ පෝස්ටුවකුයි ෆොටෝ ටිකකුයි බලල රස විඳිනවා...
    යෙලෝට සුබ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. ඇලජික් නං කේස්..හැබැයි බලු මල්ලිලා ෂේප් වෙනවා ටක් ගාලා...අපේ ඉන්න සෙට් එක කරන ඒවා බැලුවාම හිතාගන්නත් බෑ කොහොමද මේවා වෙන්නේ කියලා...
      මටත් පූසන් ඇලජික්..ඒත් ඉවසමි...!

      Delete
    2. අපේ ගෙදර මි පැටුන්ට පැත්තෙයන්ට කුබින්ට හිටන් ආදරය කරනවා ...(වහෙලින් වැටුන මි පටුව් දෙන්නෙක් මරන්නේ නැතුව ආයමත් වහෙලින් තිබ්බා ) එත් සත්තු හදන්න බැහැ ...මාළු පැටෙව් ටික තියාගෙන ඉන්නේ පොඩි මෙන්ඩ උන් එක්ක කතා කරනවා අහ්ගෙන්න ඉන්න ආසාවට

      Delete
  19. ඔක්කොම ගෙදර තියාගන්නත් බෑ නේ...විකුණමු ලාබෙට...සල්ලි ඤාව්...ඤාව්...ගාන්නේ නැත !

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....