Tuesday 13 May 2014

අවුරුදු කුමාරයා..

පින්තූරය ඉස්සුවේ මෙතනින් www.veryhappypig.com


කොට්ටපොර
කනාමුට්ටි
ඒ මදිවට
ග්‍රීස් ගහේ
මල්...

ඊට පස්සේ ගුටිඇනගෙන
වම් ඇහ තාමත්
රතු….

ගෙදර ඇවිත්
මහරෑ
බත් පතේ
වැලි යයි කියා
මගේ වම් කම්මුල
රතු…..


අවුරුදු කුමාරයො !


මං චූටි ගිනිකූරක්
පෙට්ටිය ඇතුලෙ නිදා ඉන්න
ඇහරවන්න එපා
අවුලුවන්න එපා
ගින්න මගෙන්....

9 comments:

  1. බ්ලොග් පිටුව අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. මෙතැනින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. පව් අප්පා... කම්මුල රත් පැහැ ගැන්වීම විශේෂයෙන්..

    ReplyDelete
  3. ///මං චූටි ගිනිකූරක්
    පෙට්ටිය ඇතුලෙ නිදා ඉන්න
    ඇහරවන්න එපා
    අවුලුවන්න එපා
    ගින්න මගෙන්....///

    මේ කොටස මරු බං!!!

    ReplyDelete
    Replies
    1. එච්චර තමයි මචෝ කවිය (මේක කවියක්නම්..) ඊට උඩින් තියෙන්නේ බැක්ස්ටොරි එක...අතිනුයි කටිනුයි ගුටිකන ගෑල්ලමයෙක්ට දුන්න උපදෙසක් නිසා ඉපදිච්ච සිතිවිල්ලක් බොස්....

      Delete
  4. නියමයිනේ සහෝ එන්නං දිගටම

    ReplyDelete
  5. නිරාපද ගිණිකූරක් (safety match) වෙයං බං අර සපත්තුවේ අඩියේ ගහලා කවුබෝයිලා පත්තුකරන ගිණිකූරක් නොවී.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....