ප්‍රීති වෙසක් --පින්තූරය ගත්තේ chef-architect |
රට ගිහින් කරපුවා ලියන්න ගොස් මා මාර අමාරුවක වැටී ඇති බව පෙනුනේ, මෙය කෙසේ පටන් ගත
යුතුද යැයි කියා සිතන විටදියි.
රට ගිහින් කරපුවා ගැන ඩ්‍රාෆ්ට් එක කරනකොට තේරුනා, රටයන්න වුන හේතුවලින් පටන්ගන්නේ නැතුව ඉතිරියට
සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි බව.
ඉතින් අපි එතනින්ම පටන් ගමු....
නමසිය හැත්තෑව දශකයේ ආරම්බය දැකිය හැකි, මැදපෙරදිග ශ්‍රමික පෙරහර එක්දහස් අනූව දශකය වන විට
ශ්‍රීලංකාවට ප්‍රධානම විදේශ විනිමය ගෙනදෙන අපනයනික මූලයන් වු පොල් තේ රබර් ඉක්මවා
ගොස් තිබුනි.
මෙය වසර දෙදහස වන විට, රටේ උත්සන්වූ සිවිල්යුද්ධය හා බැඳි රළු ආර්ථිකය, ගෘහසේවිකාවන්ගෙන් ඔබ්බට, උසස් අධ්‍යපනයක් ලද ඉන්ජිනේරුමය කාර්‍ය්යන් සම්බන්ධ වෘතිකයන් පවා ආකර්ෂනයකර
ගැන්මට හැකි තත්වයකට පත්විය.
ඒ රටේ පැවැතුන තත්වයයි...මා ඒ තත්වය සමග ඈඳුනේ කෙසේද යත්...
1986/87 කටුබැද්දෙන් වාස්තුවිද්‍යා පස්තාච්චි උපාධිය (වචනයේ අයිතිය කකා මහතා) ලැබ
කරන්නට හැකි රැකියා පත්වීම හොඳම තැනකට ලැබුනත්, මගේ ඒ දවස්වල තිබුන දාන්ගලේට එතන මට ඉහලින් සිටි
මගේ ජ්‍යෙෂ්ටයන් දෙදෙනෙකුට සයිස් දැම්මායයි කියන චෝදනාව මත මා රැකියාවන් එලවා දමන
ලදි.
ඉන්පසු, ඒ වන විටත් තමන්ගේම කියා වාස්තුවිද්‍යා කඩසාප්පුවක් දමාගෙන සිටි, මාගේ රූමා වෙත ගොස්
ඔහු යටතේ යසට වැඩ කටයුතු කරගෙන දූ පුතුන් දෙදෙනෙකුගෙ සෙනෙහබර පියානන්ලෙස ඇනෙක්ස්
කෑලිවල ජීවිතය සෙමෙන් ගෙවෙමින් තිබින..
ආයෙත් හෙනයක් වැදුනේය. ඒ මාගේ දාන්ගලය නිසා නොවේ, රූමා එකක් මදිමයයි කියා තවත් පස්තාච්චි උපාධියක්
ඉස්සීමට සීතල හිමෙන් අවුරුද්දේ මාස නමයක්ම වැසී පවතින ෆින්ලන්තය බලා පියඹා ගියේ, වාස්තු කඩසාප්පුව
පමනක් නොවේ, එවකට අප දෙදෙනා සහ තවත් සගයින් සමග පිස්සුවෙන් මෙන් කල ඇඩ්වර්ට්යිසින්
ඒජන්සිය සහ ප්‍රින්ටින් අරවා මෙවා කල තිඹිරිගස්යාය හන්දියෙ තිබු අනෙක් සාප්පුවේ
රෙස්පොන්සිබිලිටිද මා අත පත් කර අහවරකරය.
ඒවකට මා අවුරුදු 30කට මෙහා, යාන්තම් පැහීගෙන එන ඔලුව කුරොලු නොවූ තරුණෙයෙක්මි. රූමාගෙ දෙමව්පියන්
නොදන්නා වාස්තුවිද්යා සාප්පු වැඩ කටයුතු වලට ගසන ඇඟිලිගැසීම් නිසා කළකිරීමට පත් මා
මාස හයක්වත් යන්න කලියෙන් රූමාට ලියා ඇරියේ මට මේ වෙඩිම කරන්නට බැරි බවය. රූමා මා
ගැන හොඳින්ම දන්නා නිසාත් ඊටත් වඩා ඌ උගේ දෙමව්පියන් කවුරුන්යැයි හොඳාකාරවම දන්නා
නිසාත්, වැඩේ අනන්නේ නැතුව කඩේ වහපන් හැබැයි ඌ ආපහු ආව දවසක ආයෙත් අරින්න පුලුවන්
වෙන විදියට….. කියා මට
ෆින්ලන්තයේ සිට දන්වා එව්වාය.
ඒ ලද සැහැල්ලුවෙන්,
මගේම කියා පොඩි පහේ වාස්තුකඩයක් පටන් ගත්තේ තවත් හවුල් කරුවන් තුන්දෙනෙක්
සමග නාවල සිට නරාහෙන්පිට පැත්තට යන පාරේ ආසිරි උයන පටුමගේය. එයද වැඩිකල් කොරගෙන
යන්න නොලැබුනේ මගේ තිබුන මෝල් කමටය. බිරින්දෑ පස්තාච්චි උපාධිය කරන කල අරන් දුන්
චූටි මිනිමයිනර් කට්ටත් විකුනා මා අය්යා වගේ, ඒ දවස්වල ඉස්ටයිල් එකවූ ටවුන් ඒස් වෑන් එකක් සහ තව
තව අන්වශ්‍ය වියහියඳම් රාශියකට යටවී යන්න වැල් නැතුව (ඒකට ටාසන්) සිටිනා විට
පත්තරයේ දුටු ඇඩ් එකක් හරහා මරදානේ හමඩ් ඒජන්සියට ගියෙත් දාන්ගලයටමය.
හමඩ් කාරයා මගෙන් රුපියල් 15,000/-ක් ගත්තේ සවුදිඅරාබියාවේ එම්බසියක් ලංකාවේ නැති නිසා, පලමුව බහරේන් ගොස්
හෝටලයක හිඳවා සවුදියට යවන බවත්, හෝටල් ගාස්තු වශයෙන් එය ගෙවිය යුතු බවත් කියා මා රවටාය.
මෙය දිගවැඩිය..
මට රසවත්ව මාගල් ලියන්නද බැරිය..
එනිසා රටයන දවසේ සහ
බහරේන්වලදී සිදුවූ දේ පස්සේ ලියන්නෙමි.
උඹ බය නැතුව ලියපන්. උඹට ලියන්න පුළුවන්. අරූත් ඌ ගැන හිටියේ අවතක්සේරුවකින්. මමයි ඌට ලියන්න කිව්වේ. ඒ නිසා බය නැතුව ලියපන්. මට මුලින් එකෙක්වත් උන්නේ නෑ. මගේ සමහර පෝස්ට් වලට එක කොමෙන්ට් එකක්වත් නෑ. ඒත් අදත් එකක් නැති උනත් මම ලියනවා. හිත රිදෙයි ඒත් මම නවත්තන්නේ නැතුව ලියනවා. අද බලපන් අරූ. ඒ නිසා බය නැතුව ලියපන්. උඹ මේ රටට ණය නැති එකෙක්. ඒ නිසා බය නැතුව ලියපන්.
ReplyDeleteහෙන කන්ට්‍රවර්ෂල් කේස් එකක් මාතේ ලියන්නේ...මල්මී පල්ලෙහා දීලා තියෙන ඇඩ්වයිස් ගොඩ සමහරවෙලාවට මාව ගොඩදායි...තැන්කූ වේවා ඔබතුමාගේ නොමද සහයට...
Delete"...උඹ මේ රටට ණය නැති එකෙක්...."
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් එලිය දැකපු මම වගේ පොඩි මිනිස්සුන්ට, රටට වෙච්ච ණය මේ රටට කවදාකවත් ගෙවලා ඉවරකරන්න බෑ මාතේ...
මාතා & ශෙෆා.......සහතික ඇත්ත. මම කොහොම පටන් අරන් වැඩේ ගෙනියන්නද කියලා හිත හිතා හිටියේ. මාතා තමයි මොරාල් එකයි බැකප් එකයි දුන්නේ. දේශපාලනෙයි, වෙනත් ඒවා ලිය ලිය ඉන්නකොට තමයි අවුල ලියන්න ඕන කියලා හිතුනේ. නලීන් තමයි ඒකට තල්ලු කරේ. ඊට පස්සේ කකා, රවී, හැලපේ , කෙන්ජි, ඉවාන්, හිරු,රංගි, ඩූඩ්,විචාරක, දේශා ආදී එකී මෙකී නොකී සියල්ලන්ම මාව ඇදගෙන යනවා. තොපි සේරටම ස්තූතියි! (ලිස්ට් එක දිග වැඩි නිසා කොට කරමි )
Deleteඋඹ ලියන්න පටන් ගනින් ෂෙෆෝ.
@ අරූ...චියර්ස් කිව්වා බොස්...දේශපාලනේ ගැන කථා කරන එක (අනුමත වෙච්චවෙලාවට ) හැර ලියන එක කචල් මචෝ...
Deleteමාතලන් බුකියේ ලින්කුව දලා තිබුනා එකේ දිගේ අවේ ...ඉස්සරහටත්කියවන්න එනවා ,ලියමු
ReplyDeleteජයවේවා!!!
පුලු පුලුවන් වෙලාවට ඇවිත් ලාවට කොමෙන්ටුවකුත් දාලම යන්න සහෝ...ආවට තැන්කූ වේවා!
Deleteමාතලන් දාපු ලින්ක් එකෙන් තමයි ගොඩ උනේ.
ReplyDeleteකතාව කියවන්න දිගටම එන්නම්..
ජයවේවා!!!
ගොඩවෙලා යන්න ආවාට තැන්කූවේවා...
Deleteමම මේ බ්ලොග් එක බලන්න එන්න ආස වුනේ නම නිසා.මට ඕක පේන්නෙම චීෆ් ආකිටෙක්ට්/ප්‍රධාන මැවුම්කාරයා/සර්වබල ධාරී දෙවියන් වහන්සේ විදියටමනේ.
ReplyDeleteඔයා ලියන විදිය හරිම සිහිල්.කලබල ගතියක් නැහැ.දන්නවනෙ සමහර අය ලියන්නේ (මමත්)දුං පිඹගෙන දුවන ගොන්නු වගේ .ඒ වගේම ලියන්නේ බීලා නෙමෙයි හොද සිහියෙන් කියලත් පේනවා.වෙරිමරගාතේ ලියන බ්ලොග් කියවලා ඇතිනේ.
තමන්ටම කියාගන්නවා වගේ ලියනවා නම් හිත රිදවීම් වෙන එක අඩුයි .වගේම ලියවිල්ල පැහැදිලියි.එතකොට අනවශ්‍ය හෑලි ලියවෙන්නැහැ.නැතිනම් කථන්දරේ කියන්නේ එකම එක්කෙනෙකුට කියලා විතරක් හිතලා ලියන එක.ඒ කියන්නේ ඔයා මේ කථන්දරේ කියන්නේ මේසේ උඩ තියෙන පෙන් හෝල්ඩර් එකට,එහෙම නැත්නම් මේස ලාම්පුවට..
හිහි...මම නම් ලියන්නේ එහෙමයි.මේසේ උඩ තියෙන ටොයිලට් පේපර් රෝල් එකකට තමා මම කථන්දර ලියන්නේ.
අනික,ඔයා ලේබල් කරලා තියෙන නිසා එක දිගට එකම කථාවම (රට ගිහින් කරපුවා ) ලියන්න් ඕන නැහැනේ.අමතරව එදිනෙදා සිද්දවෙන දෙයක් හරි,මතක් වුනු දෙයක් හරි ලියන්න හිතෙනවා නම් ඒක දඩාස් ගාලා ටයිප්කරලා අතැර දාන්න.
සුබ!
මල්මීගේ දඩබ්බර කවිසිතිවිලි වලට මමනම් හරිම කැමතියි...
Deleteදුන්න අවවාද වලට ස්තුතිකරන ගමන් ඒවා පිලිපදිනවා කියලා පොරොන්දුත් වෙන්නම්කො...
මේ ලේබලේ යටතේ ලියන්න යන දේවල් ටිකක් විතර කන්ට්‍රවර්ෂල් නිසා කැළඹීමෙන් ඉන්නකොට දුන්න අවවාද ටික නම් මසුරන්...
සෑහෙන කාලයක ඉඳලා මේක අකුරු කරන්න හිටියත්, නොදන්නකම, වැඩ අධිකකම වගේ රෝග නිසා වැඩේ පරක්කු සහ ස්ලෝ උනා...
මාතලන් මහාචාර්යතුමාගේ පාඩම්මාලව සහ අත්වැල නිසා ඇතිවුන උනන්දුව, අරූගේ ලියමන් කියවීමෙන් ලද පන්නරය, ඔබ වැන්නන්ගේ සුහද ලෙන්ගතු දිරිගැන්වීම් මෙය මෙතෙක් දුරක් ගෙන ආවා...
ඉදිරිය සුබයයි කියා සිතේ...
ඔබටත්
සුබ...!!!!
ලියපන් මචෝ ලියපන් අපි ඉන්නවා බලන්න . උඹට ලියන්න පුළුවන්. අත්දැකීම් කන්දරාවක් ලියන්න තියෙනවා නේද ? ජය !!
ReplyDeleteතැන්කූ වේවා තිලකේ...සතියකට එකක්වත් ලියන්න වෙලාව හොයාගන්න ඕනි....
ReplyDeletechefo ලියපාං!!!!!!!
ReplyDeleteලියනවා මචෝ ලියනවා...!!!!!
Deleteමචං......මම බම්බලපිටියෙන් ,ගල්කිස්සෙන්,වැලිගමින්, හම්බන්තොටින් ආපහු කොළඹ ඇවිත් ඕමාන් එනකොට උඹට උඹේ කතාව ලියලා ඉවරකර ගන්නත් පුළුවන් වෙයි. උඹ ලියන්න පටන් ගනින්. මම උඹට ඌණ පූර්ණ කමෙන්ට්ස් දාගෙන එන්නම් ඕමාන් ගැන.
ReplyDeleteඔව්..හැබැයි ඕමාන් වල මට වෙච්ච සහ අපි කරපු දේවල් ලියන්න නම් අරූ වගේ කෙනෙක් ෆවුන්ඩේෂන් එක දාන්න ඕනිවෙයි...එනිසා මම ටිකක් කල් ගන්නවා කියලා හිතුවා බැක්ස්ටොරි එක ලියලා. අනික මේ ලියනදෙයින් කාට හරි වැඩක් වෙන්නත් ඕන. ඉස්සරහට රට පියාඹන්න ඉන්න අයට වැදගත් වෙන කරුනු කාරනා බොහොමයක් පෙන්නලා දෙන්නත්, අලුතෙන් ගිය අයට අවුරුදු දෙකේ බලාපොරොත්තු අවුරුදු 20 දක්වා ඇදෙන හැටි ගැන අයිඩියා එකක් දෙන්නත් එක්ක යන්න ගිහින් වෙච්චටික ඉස්සෙල්ලා ලියනවා කියලා හිතුනා මචෝ...තරහා අවසර මම උඹ එනකන් ඉන්නං.....
Delete////ඉස්සරහට රට පියාඹන්න ඉන්න අයට වැදගත් වෙන කරුනු කාරනා බොහොමයක් පෙන්නලා දෙන්නත්, අලුතෙන් ගිය අයට අවුරුදු දෙකේ බලාපොරොත්තු අවුරුදු 20 දක්වා ඇදෙන හැටි ගැන අයිඩියා එකක් දෙන්නත් එක්ක යන්න ගිහින් වෙච්//////
Deleteඔව්.....ඒකත් හොඳ වැඩක් තමයි .
අපේ රටට සෑහෙන ආදර්ශගන්න පුලුවන් සීන් ටිකක් වෙනවා මේ දවස්වල ඕමාන්වල. අපේ ප්‍රොජෙක්ට් එකේ මම වැඩ කරපු මිනිස්ටර්ස් සෙට් එකෙන් මම හොඳට දන්න එක HE කෙනෙක් ගැන රොයිටර්ස්ලාගෙ මේ ආටිකල් එක වෙලා තියෙන වෙලාවක කියවන්න....
Deletehttp://uk.reuters.com/article/2014/05/18/uk-oman-corruption-sentences-idUKKBN0DY0FC20140518
මෙයා 2000 වගේ නැගී එන තරුවක්. ඒකාලේ සයිඩ් සාලම්, අල් සවාවිලාගේ යුගය. උඹ මේ දේවල් දන්නවා.
Deleteඅපිට ලැබෙන අද්දැකීම් වලින්ම තමයි පන්නරය ලබන්නේ...
ReplyDeleteදිගටම ලියාගෙන යමු එහෙනං...
ජය වේවා!!!
මචං ඔය ගැටයා කාලේ කන්වර්ටිබල් ස්පෝට්ස් කාර් ගැන හීන දකින වුන් පවුල් වුනාම වෑන් කට්ටකට අගේට සෙට්ල් වෙනවා. :D
ReplyDelete