Wednesday 2 May 2018

සාමණේර





අදිනකඩේ ගැටගහගෙන
පහලවෙලේ ඇල අද්දර
බටකූඩෙත් කරේ තියන්
චූටි සාධු කොහියන්නෙද
ඉරබහිනා මේ හැන්දෑවේ...!

කියන්නේම නෑ මංනං
දන්ඩි පැටව් බුලත්හපයෝ
ආවාසේ කොනක චූටි බෝතලේ
ලොකුසාධුට හොරෙන් හොරෙන්
දඟකල බැව් ඊයේ හවහා..!

26 comments:

  1. කියන්නෙ මට සාමණේර
    සිවුරක් පොරවන හින්දද?
    සෙල්ලමකට හිත වැටෙන්න
    පුංචි එකෙක් නෙමෙයිද මම?

    ජයවේවා!

    ReplyDelete
  2. Replies
    1. නෝ පීස් වී ආ ෆෝ වෝර් නේ බොස්..ඒකයි....😂

      Delete
  3. Replies
    1. නියරක් ඇන්ඳානං මොකෝ වෙන්නේ..වෙලේ නෑ නොව වැටවල්....😂

      Delete
    2. =============================================

      Delete
    3. වක්කඩවල් ගොඩයි නේ...😂

      Delete
  4. සාමනේර උනැයි කියල
    අකැපයිද
    හදන්න
    මාළු.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙදිම කියාදෙන්න ඕනි බැඳීම් ඇතිකරගන්නෙපාය කියලා... ඒකයි...👍

      Delete
  5. බොස් ඊයෙ හැන්දෑවෙ මේ පැත්තෙන් යනව වගේ දැක්ක.

    ReplyDelete
    Replies
    1. ගියා නේන්නං....😂

      Delete
    2. මිද්දෙනියෙන් වලස්මුල්ල ආවා ජුලම්පිටිය හරහා..ඒ එනකොට පොඩිනම මාලු අල්ලනව වෙලක් අයිනේ කොල්ලො කුරුට්ටො එක්ක..ඒක දැකලා ෆෝන් එකේ කෙටුවෙ මේක...😂

      Delete
  6. Replies
    1. ගැහුවානේ වැටක්...අක්කරගානක් වට කොලෑකි මේ වැටෙන්නං...!!

      Delete
  7. ලොකු සාධුට කළු කුං හදන්ඩ පුළුවන් නම් සාමනේර නමට මාළු අකැපද ?

    ReplyDelete
    Replies
    1. පොඩිනමට සෙල්ලං කරන්ඩය කියාල නෙව කලුකුං පැටව් ගෙනාවේ ආයිබොවංඩ....😂

      Delete
  8. පුංචි පැටව් පැවදි කරනවට මම නම් විරුද්ධයි ... පව් ලස්සන ළමා කාලේ...මීට ටික කාලෙකට කලින් අන්තර්ජාලයේ එහෙ මෙහෙ ගිය පොඩි සිල්මෑණි කෙනෙකුගේ පින්තූරයක් දැකලා මමත් කවියක් ලිව්වා මේක දැක්කම මට ඒක මතක් උනා. හොයා ගත්තොත් දාන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. පැවිදි වෙන එකයි, පැවිදි කරන එකයි අතරෙයි ඔය දේ තියෙන්නේ..මොන වයසෙන් පැවිදි උනත් කමක් නෑ තමන්ගේම තිරණය උඩ...ඒකනේ කියන්නේ...
      ලමා වියේ කිරි සුවඳ ගියේ නැති ලමා වියේදී..
      පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ උනේ කියල....!
      යනාදී වශයෙන්....👍

      Delete
  9. පොඩි කාළේ මාලූ අල්ලනවා
    ලොකු උනාම කෑලී අල්ලනවා

    ReplyDelete
    Replies
    1. මං වගේ නාකි උනාම
      මාලූ කෑලි කෑලි කපලා
      ඔහේ වගේ ලොකු ලමයින් හට
      ඇඹුල් තියල් හදලා
      සුදු බත් පොල්සම්බල් එක්ක
      දානේ පිළිගන්වනවා....!

      හැටි....😂

      Delete
    2. ඔහේ ඔන්නෙ නැති ඒවා කියන්නෙපා.... කඩාගෙන එන්න හිතෙනවා හිටන්...

      Delete
  10. Replies
    1. පාරේතොටේ යන එන බොහෝ වෙලාවලදි දකින දෙයක් තමයි ජීවිතේ අගබාගය ගෙවන ඒ කිව්වෙ මගේ වයසේ අය වැරහැලි ඇඳගෙන ඈත බලාගෙන කවුරුදෝ එනකන් වගේ අසරණව ඉන්න එක...ඒ වගේ අයත් ඉන්නේ පොඩිනම ඉන්න තත්වයේමයි කියලත් හිතුන වාර අනන්තයි.
      දූ දරුවො ලොකු මහත් කරන්නැති
      උගන්නලා රජවරු කරන්නැති
      ඒ හීන හැබෑ වෙන්නත් ඇති
      ඒත් අපි තාමත් මහපාරේ....!

      කිසිකෙනෙක් තමන්ගේ තනි කැමැත්තෙන් පාරට වැටෙන්නෙත් නැතුව ඇති..!

      Delete
  11. අකැප නැත පොඩි නමට
    සොයන්නට රහස් හැම
    සොබා දහමට දැනුන

    ReplyDelete
    Replies
    1. අකැප දේ
      පොඩිනම ලොකුනම
      කියා වෙන්කර ඇද්ද....?

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....