Thursday 17 May 2018

පන්නරය - 03

අපි හිත පතන විදියට උදේට කන්න රොටියක්වත් පුලුස්සාගන්න බැරි බව දන්නේ කීයෙන් කීදෙනාද...මට මෙහෙම හිතුනේ ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ ෆේස්බුක් සටහනකට ඉන්දි සමරජීව දීලා තිබිච්ච උත්තරයක් දැක්කම...ඔහු කියා තිබුනේ මරනෙන් පසු ලංකාවේ නොඉපිද සිවිලයිස්ඩ් සහ ඩීවෙලොප්ඩ් කන්ට්‍රියක ඉපදෙන්න ආසාය කියන එක...රොහාන් සමරජීව මහත්තයා ඔක්කොම කුදලගෙන ආපහු ගම් රට එන්න ඇත්තේ ඉන්දිලා ගැන හිතලා නෙවෙයි වෙන්නැති..නැත්තං උතුරු ඇමෙරිකාවෙ ඉපදිලා හැදිලා වැඩුන ඉන්දිව කුදලාගෙන මේ වහුතු රටට එන එකක් නෑ නෙව..ඉන්දි කියන්නේ කොත්තු ඩොත් ඔර්‍රග් එකේ නිර්මාතෘ සහ යමු ඩොට් කොම් එක හදපු කෙනා සහ මහාචාර්‍ය රොහාන් සමරජීවගේ පුත්‍ර රත්නය....මටත් ඒ ජාතියේම පුත්‍ර රත්නයක් ඉන්න නිසා ඉතිං ඉන්දිකියන් දේ තේරුම් යනවා....මොනා කරන්නද...අපේ නාකි පොලිටීෂියන්ස් ටික මැරෙනකනුයි, ටුක් ටුක් මෙන්ටලිටි එකෙන් එහා ගිය මහජනතවකුයි ( ඒ කිව්වේ ඡන්ද දායකයෝ) සෙට් එක්කුයි බිහි වෙනකන් ඉන්දිලාට ඉවසන්න බැරි කමයි, ඒක කරන්න ඉන්දිලාට වෙලාවක් නැතිකමයි නිසාවෙන් ඉතින් ඔහොමම යන් මචෝ කියලා තමා කියන්න තියෙන්නේ...!

ඕක ලියන්න නෙවෙයි මේ පටන් ගත්තේ..මාර්තු මාසෙ 20 වෙනිදා පබ්ලිෂ් කරන්න ඩ්‍රාෆ්ට් කර්පු පෝස්ට් එකක් අද එඩිට් කරලා පබ්ලිෂ් කරන්න උනේ ඇයි කියන එකට ප්‍රස්තූතයක් වගේ දෙයක් හැටියට...!


මේකයි කථාව........!


මෙය ලියා තැබිය යුතුය. කවුරුන් හෝ කියවනු ඇති. කියවා සතුටු වේවි හෝ නොසතුට පලකරාවි...

මින් පෙර දෙතුන් වතාවක් මගේ ජීවිතයෙන් සෑහෙන කාලයක් උදුරාගත් මේ දේ ගැන ලියා ඇත. එනමුදු මේ ලියන්නේ ඉතාමත් තුටු ( සමගම කැලඹුන ) හිතකින්..

මට මතකයි 2004 සැප්තැම්බර්  මාසය..ඕමාන් රාජ්‍යයේ ඉතා කුඩා (නමුත් සාර්ථක) ගෘහනිර්මාන ආයතනයක හවුල්කරුවන් වූ අප තිදෙනා, හත් දෙනෙකුන්ගෙන් සමන්විත අප කන්ඩායමට මාසයේ අන්තිම, කියන්නේ 28 වෙනිදාට වේතනයන් පුරුදු පරිදි ගෙවන්නේ කෙසේදැයි දහ අතේ කල්පනා කරමින් සිටිනාතුර තමා මජාන් ලේඩිස් ටෙක්නිකල් කොලේජ් ප්රොජෙක්ට් එකට පත්කෙරුනේ..ඉතාම අඩු ගාස්තුවකට අපි යාපෘතිය කිරීමට එකඟවුනේ ආයතනය වසා දමා ලංකාවට ඒම හැර වෙන විකල්පයක් නොමැති නිසා.

ඔක්තෝම්බර් හතරවෙනිදා ලැබුන දුරකථන ඇමතුම අප ජීවිත කෙතරම් වෙනස්කලාද...එම දුරකථන ඇමතුම ලැබුනේ ඕමාන් රාජ්‍යයේ ෆිනෑන්ස් ඇන්ඩ් නැශනල් ඉකොනොමි මිනිස්ටර්ගෙන්..නම කියනවනං හිස් එක්සලන්සි අහමඩ් අබ්දුල්මුනිම් මැකී..හැමෝම හිතුවෙ ඔහු අපේ ස්පොන්සර් කියලා..නමුත් ඔහු සැබෑ මිතුරෙක් පමනයි.

දුරකථන ඇමතුමෙන් දන්වා සිටියේ, ඕමාන් ගුවන් තොටුපොලවල් දෙක (මස්කට් සහ සලලා ) පවුද්ගලික සමාගමෙන් ( BAA - British Airports Authority - now known as Heathrow Airport Holdings Ltd) නැවතත් රජයට පවරාගත් බවත්  වහාම අලුතෙන් ගුවන් තොටුපොල දෙකක සංවර්ධන කටයුතු සඳහා ගෘහනිර්මාන ශිල්පීන් ලෙස රජය සමග එකතුවෙන ලෙසත්ය.

අප ගුවන්තොටුපළ නිර්මානයේ පරිනතබැව් ලැබූ ගෘහනිර්මාන ශිල්පීන් නොවන බව ඔවුන් දැන සිටියත්, අප එතෙක් ඔවුන් වෙනුවෙන් කල නිර්මාන සහ එම යාපෘති කලමනාකරණය කල විනිවිදභාවය ඔවුන් අපකෙරේ තැබූ විශ්වාශය විය යුතුය.

වයසෙන් මුහුකුරා නොගිහින් සිටීමත්, ජන්මයෙන්ම ආ නෑ බෑ නොකියන විලාසයත් මිස, එවන් කර්තව්‍යකට අත ගැසීම සිහිකල්පනාව ඇත්තෙක් කරන්නේ නැත..හේතුව, හත් අටදෙනෙක් ගෙන් සමන්විත කණඩායමකට හිතන්නවත් බැරි දෙයක් නිසා මිස වෙන දෙයක් නොවේ...එනමුදු අපි හා කිව්වෙමු...එතැන්සිට සිහිනය දිගඇරුනි...!

හත් දෙනාගෙ කොම්පැනිය 120 දෙනෙක්ගේ කොම්පැනියක් බවට පත්කරවන්න අවුරුදු එකහමාරක් ගිය මට, මගේ රැවුලේ ඇති අන්තිම කලු කෙස්ගහ සුදුවීමත් ඇතුලු තව තව විපිරියාස වලට මුහුන දෙන්නවීම අමතක කිරීමට රෑ දවල් දෙකේ 2012 දෙසැම්බර් වෙනකන් කිරීමට අනෝමයක් වැඩ රාජකාරිත්, මුදල්, බලය, සැපපහසුව, අලුත් මිතුරන් හමුවීම, පරන මිතුරන් නැවත එකතුවීම සහ තවත් බොහෝ දෑත් ලැබුනා නොවේම නොවේ...!

ඉතින් කොටින්ම කියනවනං..මේ ලියන්න හේතුව...ඒ විඳි දුක් නිසා හටගත් හෝ පිළිසිඳගත් දේ අද හැබෑවක් වී ඇති නිසාවෙනි...අට අවුරුද්දක් තිස්සේ දෙපාරක්ම ඩිසයින් කරලා දහ දුක් කන්දරාවක් විඳගෙන අපෙන් පස්සෙ 2012 ඉඳන් 2018 වෙනකන් අපි ඩිසයින් කරපු දේවල් ඒ ආකාරයටම හදපු මස්කට් ගුවන් තොටුපොල කොමර්ෂල් ඔපරේෂන්ස් වලට විවෘත වෙන දවස උනේ 2018 මාර්තු 20 වෙනිදා....අලුතෙන් ඉදිකරපු මස්කට් ගුවන් තොටුපොලෙන් පලමුවෙනි ගුවන් යානය පිටත් වීමත් ගොඩබෑමත් සිදුවූවා... !

පරන මස්කට් ගුවන් තොටුපොලෙන් පිටත් වෙන අන්තිම ගුවන් යානය 2018 මාර්තු 20 වෙනිදා හවස 3.00ට ඉරානය බලා පිටත් වීමෙන් එම ගුවන් තොටුපොල පර්යන්ත ගොඩනැගිල්ල අනාගතයේදී මියුසියම් එකක් විමත්, 2018 මාර්තු 20 වෙනිදා සවස 6.00 පමන අප විසින් නිර්මානය කොට ඉදිකෙරුන නව පර්යන්ථ ගොඩනැගිල්ලෙන් සහ ධාවන පතය ආධාරයෙන් සවුදි අරාබියේ සිට පැමිනෙන ගුවන් යානය ඕමාන් රාජ්‍යයට නවතම අර්ථයක් දුන්නා නිසැකැයි...!

ජීවිතය පන්නරය ලබාදෙන්නේ මහා ව්‍යාකූල අනදමට කියල තේරුනේ මාර්තු 19 වෙනිදා උදේ ආපු තවත් දුරකථන ඇමතුමකින්....එදාට දින හතරකට පෙර, 2018 ජූලි 23 වෙනිදා පැවැත්වෙන සෙරමෝනියල් ඕපනින් එකට යන ආකාරය දුරකථනයෙන් මා සමග සැලසුම් කල, ඉහත විස්තර කල ගුවන් තොටුපොලවල් දෙකේ මූලික නිර්මාතෘ, ප්‍රධාන ගෘහ නිර්මානි ශිල්පී, මා මිතුරු ඕලේ බ්‍රොගාර්ඩ් ලාසන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ වැලපෙමින් දුන් ඒ දුරකථන ඇමතුම කල සලිත වීම තවමත් මගෙන් දුරස් වී නැත...ඕපනින් එකට දවසක් තියලා මේ මනුස්සයා ගියානේ කියන එක නම් පුදුමාකරයි...!



ලිව්වා ඇති..ඉතිරිය කමෙන්ට් ආවොත් එහෙමයි කියලා හිතාගෙන පහල පින්තූරු ටික දාන්නං....! ]

මීට කලින් එලියෙන් පේන විදියේ පින්තුර දාලා තියෙන නිසා මේවා ඇතුලෙන් පර්යන්ත ගොඩනැගිල්ල විස්තර කරන පින්තූර බව කරුනාවෙන සලකන්න...!



transit hub

transit area



transit area



airline lounges



arrival lounge

transit hub



baggage claim area




transit desks




pier interior-arrival




pier from a contact bridge





north pier from apron




business class lounge

 Muscat Airport



Salalah Airport 


Muscat Pier


We will meet again when you least expect it...
One Day some far of place I will recognize your face...
I will not say good bye my friend...we will meet again ! 



REST IN PEACE MR. OLE B LARSEN






53 comments:

  1. එතකොට අර ටීවී එකේ පත්තරේ එහෙම කතා කරපු කෙට්ටු හාදය කවුද

    ReplyDelete
    Replies
    1. ඒ මිස්ට ලාර්සන්ට ආකිටෙක්චර් උගන්නපු එක්කෙනා අටම් අයියේ...අපි කව්ද...වෙන කවුරු හරි කරපු වැඩක් අපි කලා කියලා පෝස්ට් දාන්නේ අපිනෙ....අපිත් ජීවත්වෙන්න එපැයි...!

      Delete
  2. ජුන්ඩා නොහොත් චූ පැටියා.
    ඇත්තෙන්ම ජුන්ඩා කියන්නේ ලොකෙට අති අවශ්‍යම දෙයක්... ශරීරයේ යටි බඩට පහලින් ඇති කූරක් වැනි ව්‍යුහය අප ජුන්ඩා නොහොත් චූ පැටියා ලෙස හඳුන්වයි. උපත්තියේ සිටම ජුන්ඩාට ලැබෙන ගෞරවය ඔය හිල් වලට ලැබෙන්නේ නෑ..
    කුඩා කාලයේදීම අපට අමුතු ගැජට් එකක් වූ මේක පොළවට ලම්භකව දෝලනය කිරීමට වැඩි කැමත්තක් දක්වයි.
    ඒ සමඟම ඇති බෝල දෙක ජුන්ඩාගේ අගය දෙඟුන තෙඟුන කරයි. මෙසේ ආතල් එකේ සිටි ජුන්ඩාට.ජුන්ඩාගේ අයිතිකරුවා වැඩිවියට පත් වීමේ සිටම නොයෙක් තාඩන පීඩන වලට එල්ල වෙයි.. ඒ මක් නිසාද ජුඩු හිමියන් තම ජුන්ඩා අතට ගෙන අඩන තෙක්ම දෝලනයට ලක් කරයි..


    පුරුෂ ලිඟුව හා වයස අතර සම්බන්ධය

    (×>05) චූවා
    (06-08) චූ පැටියා ��
    (09-12)ජුන්ඩා ☺️
    (12-16) මීයා��
    (17-20) පයිය
    (20-30) අරක/මේක/මගේ එක ��
    (30-50)පක
    (50<×)බාව

    ඒ වගේම ජුන්ඩා නිසා සමාජයෙන් කොන් වූවන් ද සිටී ඔවුන් තනි ඇටයා,පොන්නයා යන නාම වලින් හැඳින්වේ...
    තවද ජුන්ඩා හිල් දෙසට ආකර්ශනය වන අතර ඇතැමුන්ගේ ජුන්ඩාවල් තවකෙකුගේ ජුන්ඩාට ආකර්ශනය වේ. මොවුන් කොල්ලෝ කාරයන් ලෙස හඳුන්වයි.
    මේ හා සබැඳි පරුෂ වචන
    පක,පකයා වේ..
    තවද ඔයිල් ලීක් නොකිරීම,කැඩී බිදී සුනු විසිනුව යන පෙට්ටියක් නොමැතිවීම නිසා ජුන්ඩන් හිමි පුද්ගලයන් නිතරම සතුටින් පසු වෙයි.
    හිල් හිමි අය ඇත්තියො,කාන්තාවන් ලෙස හඳුන්වන අතර ජුන්ඩා හිමි වුන් පිරිමියන්,පුරුෂයන් ලෙස හැඳින්වේ. සෑම කාන්තාවක්ම ජුන්ඩා ඉඳිරියේ දන නමා ගෞවරව කරයි.

    ලෝකයේ පැවැත්ම රඳා පවත්වාගෙන යෑමට මහඟු කර්තවයක් ඉටු කරන ජුන්ඩාව අප අපගේ පණ මෙන් රැක ගත යුතුය..
    ඔබටත් ජුන්ඩෙක් හිමිද එසේ නම් ජුන්ඩාට ගෞවරවයක් වශයෙන් මෙය නොවරඳවාම ජුන්ඩන් ඇති වුන් හට ⁣ශෙයාර් කරන්න.. මගේ යාලුවෙක් මේ මැසෙජ් එක කියවලා ශෙයාර් කරේ නෑ එයා දැන් පොන්නයෙක්....

    ReplyDelete
    Replies
    1. මට මේක අද වට්සප් වලින් හම්බුනා මචෝ...තව ජුන්ඩක් රස කරලා එඩිට් කරලම ඇරියා නං මරු අප්ප...😂😂😂😂

      Delete
    2. සෙද්දක්කියනවා මංමේ පොන්නයෙක්වෙයි කියනබයට ශෙයාර්කරන්නේ

      Delete
  3. Proud to be a fellow Lankan mate, keep up the good work.

    ReplyDelete
  4. හරිම ලස්සනයි. කවදහරි දවසක හැබැහින් දැකගන්න ආසයි. :)

    ReplyDelete
    Replies
    1. දැන් ඕමාන් එයාර් තමා UK යන අය ලංකාවෙ ඉඳන් පාවිච්චි කරන්නේ..ට්‍රාන්සිට් එකක් දාන්න නෙක්ස්ට් ටයිම්...👍

      Delete
    2. ඔව් ඒක තමයි මගෙත් හිතේ තිබුණෙ. නයෙක් වගේ වෙයි කියලයි නොකිව්වෙ. ගියොත් ඊයක් විදින්නම් ඔබතුමාට.

      මොරටුවේ කොල්ලෙක් නේ ඉතින් කාටද ආඩම්බර :)

      Delete
  5. සලාලා එයාපෝට් එකත් මේ වගේමනේ . ඒක නෙවෙයි අර මනුස්සය තනියම පණ යනකල් ඩිසයින් කරලා හදාගත්ත එකට ඕගොල්ලො අයිතිවාසිකම් කියනව නේද?

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි හරිය...අපි වගේ අයත් ජීවත් වෙන්න එපැයි හැලපේ..මතකද අන්දරේ ගල උස්සන් ගිහින් තිබ්බ හැටි රජ්ජුරුවන්ට පේන්න..උස්සලා කරෙන් තිබ්බොත් ගෙනිහින් තියන්නං කිවේ..ඒ වගේ තමා හැලපේ..ලාසන් මහත්තයටවත් මටවත් තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ඔය කරල තියෙන්නේ..සයිට් එකේ වර්කර්ස්ලාම 12,000ක් විතර හිටියා...අනික ඕක රන් කරන්න දවසකට ස්ටාෆ් එක 8000ක් ඕන...ඉතින් තව මොනාද කතා...මායි ලාසන් මහත්තයයි සල්ලි ටිකක් හොයාගත්තා...ලංකාවට වැදගත් එච්චරයිනෙ...අපේ ආකියො මට කියන්නේ පෙට්‍රෝ ඩොලර් ආකිටෙක්ට් කියල..මරු නේ...අපි දැන් ගොවිතැනක් කරාන බත් ටිකක් කාලා නිදාගන්නව ඉතිං....කමක් නෑ නේද...?

      Delete
    2. සලාල එයාපෝර්ට් එක එකවගේ පේන්නේ රූෆ් ප්‍රොෆයිල් එකයි ඇතුලේ ඩීටේල්ස් වල තියෙන සමානකම් නිසා..පැසෙන්ජර් ෆ්ලෝස් එහෙම පිටින්ම වෙනස්. මස්කට් ටූ ලෙවල් කන්සෙප්ට් එකේ, ඒ කිව්වෙ ඩිපාර්චර් අරයිවල් ලෙවල්ස් දෙකක ප්ලෑන්කරලා තියෙන්නේ...සලාලා වන් ඇන්ඩ් හාෆ් ලෙවල් කන්සෙප්ට් එකේ.. සලාලා ඩිසයින් එක කරන්න කලියෙන් අපි ඩෙන්මාර්ක් වල බිලුන්ඩ් එයාර්පෝර්ට් එක ගොඩාක් ස්ටඩි කලා. විසිට් කරලා එක්ස්පීරියන්ස් කලා..මොකද කැපෑසිටීස් අතින් ඒ දෙක හරි සමානයි...මම පර්සනලි කැමති සලාලා එයාර්පෝර්ට් එකට..ඒක හරි හුරුබුහුටියි...!
      අපි කොහොමත් කොම්පැක්ට් කොට මොඩල්වලට නේ කැමැත්ත හැලපේ...😂

      Delete
    3. /// අපි කොහොමත් කොම්පැක්ට් කොට මොඩල්වලට නේ කැමැත්ත හැලපේ...😂 ///

      මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහල යවනවා...

      Delete
  6. https://gadyanohothkavi.blogspot.com/2018/05/03_17.html

    ReplyDelete
  7. එතකොට එය එසේ සිදු විය.

    ReplyDelete
    Replies
    1. තව තව කථා ඇතිබැව් කමෙන්ට් වලින් පෙනේ...නැද්ද...?
      😂

      Delete
  8. //අපේ නාකි පොලිටීෂියන්ස් ටික මැරෙනකනුයි, ටුක් ටුක් මෙන්ටලිටි එකෙන් එහා ගිය මහජනතවකුයි ( ඒ කිව්වේ ඡන්ද දායකයෝ) සෙට් එක්කුයි බිහි වෙනකන් ඉන්දිලාට ඉවසන්න බැරි කමයි, ඒක කරන්න ඉන්දිලාට වෙලාවක් නැතිකමයි නිසාවෙන් //

    ඉන්දිලගෙ මුණුබුරන්ට...... සමහරවිට

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තොන්ටත් ඉවසීම නැති නෙව අපි කරන්නේ..මතු පරම්පරාව ගැන හිතල වැඩ කලාද අපි අඩුගානෙ 1815දිවත් ප්‍රා තුමනි....?

      Delete
  9. Replies
    1. තඩීගේ චේන් ලින්ක් ෆෙන්ස් එකට තැන්කූ හිටං...!
      😂

      Delete
  10. අපේ බ්ලොග් ලියන යාලු මහත්තෙක් ඕවගේ එකක් කළාය කිව්වම කාටද ඉතිං ආඩම්බර. නෙහ්.

    ලාසන් මහත්තයට උන දේ ගැන ගණගාටුයි. ඒත් ඉතිං ලෝකෙ හැමදේම අපට ඕන විදියටම වෙන්නෙ නෑනෙ බොස්.

    ReplyDelete
  11. රතුපස්වල සර්ප වෙද මැදුර
    ඕනෑම නයි දෂ්ට කිරීමකට නියත සුවය
    ඔබත් අදම පැමිණෙන්න

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත..නයි පෝස්ට් එකක් නේන්නං..ඔච්චරමයි ඉතින් නයෙක් දාන්න තියෙන්නෙත්..ඉතින් සමාව දෙන්න ඇනෝ...👍

      Delete
  12. ලෝකයට .. අනගාතයට යමක් දී පිටවෙන මිනිසුන් ගැන දුක් නොවිය යුතුය.මිස්ටර් ලාසන් කොහේ සිටියද ඔහුට සතුටු විය හැක.ඔබ ඇතුලු තව බොහෝ අය ඔහු නික්ම ගියද අදද ඔහුට ගරු කරයි..ඔහුව ජීවත් කරවයි.ඔබ ගැනද එසේමය..කවදා හෝ මාගේ ඉස්තලන් කොලු පැටියාට මෙන්න මේ එයාර්පෝට් එක හදන්න ඔයාගේ අම්මත් දන්න අම්ම ගොඩක් ගරු කල ආදරය කල අම්මාගේ හොදම බ්ලොග් ලියන යාලුවෙකුත් මේකට සම්භන්ධයි කියන්නට පුලුවන්ය.තව බොහෝ අයට එසේ ඔබ හදුන්වා දෙන්නට පුලුවන්ය.ඉතින් බොහෝ දුක් විඳ බොහෝ පන්නරය ලබා ඔබ ලබා ගත් ආදර ගෞරව සදාකාලිකය.

    ReplyDelete
    Replies
    1. හම්මේ.ඉස්තලන්ට කියන්න හොඳයි අපිලත් සෑහෙන්න ආදරේය කියලා...!
      ලාසන් මහතා වෙනුවෙන් ලංකාවේ වරලත් ගෘහනිර්මාන ශිල්පීය ආයතනය සමගින් 2019,පෙබරවාරි සිට අවුරුදු පතා ගෘහනිර්මාන ශිල්පය හදාරන සිසුවෙකුට හෝ සිසුවියකට ශිෂ්‍යත්වයක් ප්‍රධානය කරන්නත්, අපේ මාදින්නාගොඩ කාර්යාලය Center for Excellence නාමයෙන් අනාගත පරපුර වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරගෙන යනවා..ඉස්තලන්ලා ගැන හිතලා තමා ඒ වගේ දෙවල් කරන්නේ...!
      තැන්කූ වේවා...!

      Delete
  13. wow !

    හත්දෙනෙක්ට පඩි ගෙවාගන්න බැරුව හිටිය කම්පැනියක්, හත් දෙනෙක් එක්ක මේවගේ දෙයක් කළා කිව්වම ! විශ්මකර්මයක් !!

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ... හත්දෙනා 120 කලා..එතනින් වරලත් ගෘහනිර්මාන ශිල්පියෝම 33ක්..ඔක්කොම 420ක ටීම් එකක්...300ක් ඉංජිනෙරු මහත්තුරු ඩෙන්මාර්ක් වලින්...COWI Larsen JV එක ගූගල් කලානං විස්තර ඇති...නැත්තං www.larsen.lk පිවිසෙනු මැන...!
      හත් දෙනෙකුගෙන් කලා කියලා හැඟුනානං මගේ ලියවිල්ලේ අඩුපාඩුවක්...තවුසන්ඩ් ඇපලොජීස්...👍

      Delete
    2. නැත නැත වරද මගේය...මම අදහස් කළේ හත්දෙනෙක් විතරක් ඉන්න කම්පැනියක් ඒ වගේ චැලෙන්ජ් එකක් බාරගත්තු එක ගැන.. පස්සෙ සේවක සංඛ්‍යාව 120ට වැඩි වුනා කියලා ඔය බොහොම පැහැදිලිව තියෙන්නේ...

      සොරි.. වැඩේ අල කළාට.... :D

      Delete
    3. මම දැන්නං ඔහොම වැඩකට අත තියන්නේ නෑ..මෝඩකමටම හා කිව්ව ප්‍රොජෙක්ට් එකක්...බෙල්ල ගහලා යන කේස් එකක්..අහිංසක කම සහ කෑදර කම නැති හින්ද ලාසන් එක බේරගෙන ගොඩ ආවා..COWI නං ආබිට්‍රේශන් යනවා ඕමානි ගවර්මන්ට් එකත් එක්ක ෆයිනල් පේමන්ට් එකට..සල්ලිම නෙවෙයිනේ සෙන්නා අගේ...ඒක අපිට කරන්න දුන්න එකම මදෑ..නැද්ද..මම නං ඉන්නේ එතන...!

      Delete
    4. මමත් ඉන්නෙ එතන. සල්ලි කියන්නෙ හැම දේම නෙමේ...

      Delete
  14. ඕපනින් සෙරමනි එක ලාර්සන් මහත්තයට දැක ගන්න තිබුන නම් කොච්චර සන්තෝස වෙයිද ?
    අර ලංකාවෙ ගෘහනිර්මාණ ශිල්පිය ජාත්‍යන්තරය ජයගත් කෙනෙක් කිවුව. එයා යාළුවෙක්ද ? ඔයත් ඒ වගේ වෙන්න බලන්න 😁

    ReplyDelete
    Replies
    1. චෙෆා ලොකුවෙලා ඒ වගේ වෙන්න හිතාගෙනලු ඉන්නෙ.

      Delete
    2. ලොකුවෙලා විතරක් මදි..ඉගෙනගන්නත් වෙයි...😂

      Delete
    3. /// අර ලංකාවෙ ගෘහනිර්මාණ ශිල්පිය ජාත්‍යන්තරය ජයගත් කෙනෙක් කිවුව. එයා යාළුවෙක්ද ? ඔයත් ඒ වගේ වෙන්න බලන්න 😁 ///

      මොකක්ද ඒ සිද්ධිය, මම දන්නේ නැහැනේ...
      මාව සමාජයෙන් කොන් වෙයිද...

      Delete
  15. කවදහරි ඕමාන් යන්න ලැබුනොත් බොහොම ආඩම්බරෙන් යතහැකි නේ? එදාට කොලර් එකත් උස්සගෙන ආගමන විගමන නිලධාරියෙකුටහරි කියනව මේ එයාපෝර්ට් එක හදන්ඩ අපේ කොල්ලෙකුත් ලොකු වැඩක් කරල තියෙයි කියල.

    ලාසන් මහත්මයාටත් සුභ ගමන් ප්‍රාර්තනා කරනව.

    ඒවගේම ඔහු වෙනුවෙන් ඔබ කරනදේත් බොහොම වටින එකක්.

    ReplyDelete
  16. මම හිතුවේ මේ පොස්ට් එක දැනට කරගෙන යන අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කියලා...

    ReplyDelete
    Replies
    1. නෑනේ...මේ පරන එකනේ...අලුත් එක ගැන සැපැතැම්බර් වල තමා ලියන්න වෙන්නේ...👍

      Delete
  17. පට්ට ආඩම්බරයි මචෝ.
    වෙන කියන්න කිසි දෙයක් නැහැ..............

    ReplyDelete
  18. අර සෙන්ටර් ෆොර් එක්සලන්ස් එකට කවද හරි අපේ එකෙක්වත් එවන්න ඕනි.. ආකියෙක්ම නොවුනත් ඔහේලාගේ මේ 'පන්නරය' ඇසුරු කරවන්න වටිනවා..

    සුභ ගමන් මිස්ටර් ලාසන්. පණිවුඩ දෙක එක ළඟ දැකපු වෙලේ මාත් ෂොක් උනා..

    ReplyDelete
  19. ආ මේ අර හොඳ බොස් නේ . ඕමාන් ගියා එකම එක පාරක් . ඒ කියන්නේ පරණ එකට වෙන්නැති. යාළුවා සමහර විට යන්න ඇත්තේ දැන් වැඩේ ඉවරනේ කියල හිතල වෙන්න ඇති. නියමයි. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්කූ...මස්කට් හරහා ෆල්‍යි කරලම ගුන අගුන් කිව්වනං මරු...!

      Delete
  20. ලෝකය දිනූ හැම කෙනෙක්ම අලුත් අභියෝග නොබියව බාරගත් අයයි, නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒත් ඇත්තම කියනවනං බැරෑරුම් කම නොදැන සිටීමත් බාරගැනීමට ප්‍රදාන අදාරකයක් උනා කිව්වොත් ඒක ඇත්තක් නිමල්...!!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....