Sunday 4 February 2024

Four weddings & fun of attending weddings සහ තවත් පඳුරු වටේ යෑමවල්..

 




කොවිඩ් වසංගතේට පිහිට වෙන්න මගේ ගෙදර ඈයොන්ගෙන් වෙන්න ඕනී වෙඩිමෙන් බේරුනා පහුගිය කාලේ...
මම වෙඩිමවල් බිස්නස් එකක් හැටියට කරන කෙනෙක් වෙච්චි, හෝල්සේල් අකමැතියි වෙඩිමවල් අපේ මේ සූටි රටේ කෙරෙන සහ කරන විදිය ගැන ඉතින්...
මගේ ලඟම බොක්කක් අවුරුද්දක් විතර ඉඳන් ප්ලෑන් කොලා උගෙ එකම කොල්ලගෙ වෙඩිම...ඌයි මායි VX ශොට් එකක් දාන ගමන්, ඌ ආසම දික්වැල්ලේ අශ්‍රොෆ් ගේ රෝස්ට් චිකන් බයිට් වලින් ඉතිරි වෙන බෝන්ස් මගේ නයිට් ෆ්‍රෙන්ඩ් සින්ඩාට කවන ගමන් ඔය වැඩේ ගැන උඩ පල්ලෙහා කතා කොලා, විශ්ලේෂණය කොලා..මගේ එකම ඉල්ලීම උනේ අනේ සුදෝ උඹ මටනං ඉනවයිට් නොකරහංය කියල...සින්ඩා හරි කුලෑටියි ටිමිඩ්...එහෙම කුලෑටියට ඉඳල ටිකෙන් ටික හරි හරියට
හීලෑ උනා ඔය අල්ල පනස්සෙ...ඌ මං හදපු එකෙක් නොවුනාට මං නිල්වැල්ලේ ගේට්ටුවෙන් ඇතුල්වෙලා දොර ජනෙල් ඇරලා එහෙට මෙහෙට වෙලා සෙට් වෙන්න පලවෙනි වඩිය නවනකොටම මතුවෙනව ඉස්සරහා දොරෙන්...පෙනුමට ශෙපර්ඩ් උනාට මොනා හරි මික්ස් එකක් තියෙනව සින්ඩගේ...අර මගුල් ගෙවල්වල බුෆේ එක තියෙන කෑම ජාති වගේ...ලංකාවෙ අපිට කන්නය කියල ඉව්වට, ලංකාවෙ හැදෙන වැවෙන මස් මාලු කිරි බිත්තර එලෝලු ජාති දාල හැදුවට, මොනා හරි තුප්පහි සෝස් එකක් හරි පේස්ට් එකක් හරි එකතු කොරාම කන එකෙකුටවත් නොතේරෙන නමකුයි රහකුයි එනෝ ඔය හැම කෑම එකකම....ඔව්ව නැතුව වෙඩින්ග් බුෆේ දුන්නාම සංහතියට බුදු පෙනුම තියෙන ටෝක්ස් දෙන්න බෑ නිසා මැජෝරිටි එක අර වෙඩින්ග් මෙනු එකට කිසිම රිවිසමක් නැතිව හාය කියලා මිලියනකට එහා ගෙවනෝ..ඒ වංසේ කබල් ගාන්න ඕනී නිසා මිස එන ඈයොන්ට කටට රසට කන්න දෙන්න තීන ඕනකම නිසා වෙන්න බෑ...


සින්ඩා හරි කුලෑටි ගතියට හිටියේ..ටික ටික මට කිට්ටු උනා...දැන් ආවම කූං කූං ගගා ඇඟේ එතෙනව...
දන්න අඳුනන කාත් කවුරුත් නැති, ඒ උනාට ජෝඩුවෙන් එක පාර්සවයක අම්ම තාත්ත විතරක් හොඳින් දන්න මගුල් වලට යන්න වෙනෝ රට රාජ්ජ වල වැඩ කොලාම..ඉතින් කුලෑටි කමට ඉඳලා, වැටිච්ච ටේබල් එකේ එහා ඉන්නෙක්කෙනාගෙ විස්තරේ අහගෙන ඉන්නකොට කුලෑටිකම හීන් වෙනෝ...කියන දේවල් වලින් සීයට පහක් ඇහුනම හින්දි පිච්චැර් බලනෝ වගේ ශේප්...ඉතිරි 95% බෑන්ඩ් එක හරි ඩී ජේ මල්ලි හරි උස්සනව...පහුවෙනිද උදේට උගුර අර අරගලේ කාලේ වගේ කෑගහලම බැරැන්ඩි වෙනෝ...




චිකන් ගෙනාවම කපනකොට ඉතිරි වෙන කෑලි බෑලි අතුනු බහන් ටික දාලා  ලුනු ගම්මිරිස් දාල තැම්බුවම සින්ඩා ආසයි බත් එකට අනල දුන්නම කන්න...ගුඩුස් බුඩුස් ගාල ගිලින්නේ...ටිකක් ගැඹුරු භාජනේකට දුන්නම ඕන් ටික වෙලාවක් යනෝ කන්න...චිකන් ඩෙවල් හදනකොට, කුකුලගේ කොන්දේ මස් කෑලි කටු කපල අරන් මූදු කුකුලා මාලු ඒ තරමටම කපල එක තෙලේ බැදල හදන්න ඕනී වගේම කජු කරියට ග්‍රීන්පීස් එකට එක අනුපාතයට දාන්න ඕනී වෙඩින්ග් බුෆේ එකේ...ඇයි ඒම ...කන අය පව්..ගෙවන අයත් පව්...
පහුගිය සති තුනේ වෙඩින්ග් හතරකට සහභාගි උනා...බුෆේ සිස්ටම් එකේ දැක්ක ලොකු වෙනසක් තමයි කෑම අඩුවෙන් නාස්ති වීම...

කොළඹ තරු පහේ හෝටල්වල තියෙන බැන්ක්වේට් හෝල් වල තියෙන ග්‍රැන්ඩ්ජර් එකටත් වඩා ඉහල ඇට්මොස්පියර් එකක් තියෙනව කොළඹින් පිට තියෙන එව්වයේ...හැබැයි ඒවට කියන්නේ වෙඩින්ග් හෝල් නැත්තං රෙසිෆ්ශන් හෝල් කියල...ඒත් වෙන්නේ බැන්ක්වෙටින්ම තමා....!


ඕං කොළඹ


මේ කළගෙඩිහේන

අපි හරිම පව් කියල හිතෙනව මේව්වට සහභාගි උනාම ඉතින්...අයිලන්ඩ් නේශන් එකක් හින්දද මන්දා අපි අපේ දේවල් ගැන ආලවට්ටමෙන් හිතන්නේ නැත්තේ..මූදෙන් එහා වෙන කටන්ස් මොනාවත් දැකල විඳල නැති හින්දාමද මන්දා අපි හෝල්සේල් අපිට පාත් වෙන ඒව්වා කේස් නැතුවම කරගහනව..ඔය ටයි කෝට්, දිලිසෙන ඉන්දියන් ස්ටයිල් සාරි, හුටං පටං අඩුක කුඩුක ඩාන්ස් කෑලී...චොක්ලට් ෆවුන්ටන්...සැල්ඩ් බාර්ස්...ඇක්ශන් ස්ටේශන්ස්....ඒ මදිවට බුෆේ....හුහ්...
කමකුත් නෑ ඉතින්...ඒත් හරිම කරදර...ඒ වගේම ඒලියන් කන්සෙප්ට් හෝල්සේල් කරගහන්න ගියාම කචල් මට නං...ඒත් ඉවසන්න වෙනව එක ගානකට..ඉවසුව එහෙම කාලයක්..දැන් නං බෑ ඉතින්...
කළගෙඩිහේන වෙඩිමෙ ඒ පිම්ම පන්නල තිබ්බා බයක් සැකක් නැතුවම..ඌට නං පින් ඒම හිතපු එක ගැන...
කෝම හරි මං කෝකටත් සූදානං සරීරෙ කියල මට ඉනවයිට් කොලාම (එපාම්ස් කියල තිබ්බත්) ඇහුව මගේ අතිජාත මිත්‍රයාගෙන් මං දන්න වෙන කවුද ඉතින් එන්නේය කියල...අටමයි, නලිනයයි, නදීශ ඒ කිව්වෙ කොච්චීයයි එනව කිව්ව..කොහෙද උන් ආවෙ නෑනේ ඉතින්...
හැබැයි....උන් නාවත්...අපි සෑහෙන්න සැප ගත්තා ඒ වෙඩිමෙදි...!
මෙතනින් එහාට ලියන්න කම්මැලියි...කියවන්නත් කම්මැලි ඇතිනේ.....කිසිම තේරුමක් නැති ලියමනක් නිසා ඔන්න ඔහේ මෙතනින් නවත්තනව...


අනික හැලපේ අහනව කෝ බං අපේ කොල්ලගෙ වෙඩිම ගැන උඹ ලියනවයි කිව බොලග කියල...
ඕං කියවපං ඉතින් හැලපේ....🍻



30 comments:

  1. වෙඩිං නං මේ දාස්සොල හරි අමාරුයි තමා අප්පා.
    වෙඩිං වල වෙන දේවල් ටික පෙරල අයින් කලොත් ඒ කියන්නෙ,
    පොටෝග්‍රැපි බුවාගෙ ගුණ්ඩු ටික පන්නල,
    හෝල් එකේ බයිට් කතා සැම්පේන් කතා, සැරසලි මල්වෙඩි ආලවට්ටං සුකුරුත්තං කතා, අර කතා මේ කතා අයින් කරල ටෝටලි වෙඩිම විතරක් ෆෝකස් කලොත්

    මොන උත්තක්දෑ බං මේ කියල හිතෙන තරමට ලංකාවෙ වෙඩිං දැං මනිබඩු කරත්ත වෙලා.

    බට් ඉතිං.. ඒක තමා පැසොං එක. ට්‍රෙන්ඩ් එක. නෑයොන්නෙ කැමැත්ත. සෝ අපිට ඒම කරන්න වෙනව නේ 😂😂😁😁🤭🤭

    ReplyDelete
    Replies
    1. ටහුඩු අමතක වුණානේ..

      හැපි වෙඩිං ලයිිප් ජූනියර් හැලපේ.. ☺️☺️

      Delete
  2. මමනම් කියන්නෙනෙ තව මේ වගේ වෙඩින් හත අටක්වත් සෙට් වෙන්න ඕනේ මේ අවුරුද්දට 🙃 එතකොට කල්ප කාලෙකට පස්සෙ මේ වගේ හරි බ්ලොග් එක අප්ඩේට් වෙයිනෙ.

    ReplyDelete
  3. අඩේ ලොකු සෑර් බ්ලොග් කියන්නේ අහවල් එකද කියලත් අමතක වෙලත් හිටියේ.
    ඔහේට කියන්නේ පිට පිට අවුරුදු දෙකක් ලංකාදීපේ කරක්ගහලා මාත් ඔය කෝලම් දැක්කා නෙව. මල කෝලං!
    ඒ සමරන, සල්ලි වියදම් කරන තාලෙට ඇත්තටම ආදරේ බෙදාගන්න එන සින්ඩිලෑ සිය පාරක් අදහන්න ඕනේ.
    සින්ඩිට බිග් හග්.
    එයා ට අපහාස කරන්න එන්න එපා. එයා මගේ යාළුවා.
    හැලපේ තුමාටත් හායි කීවා කියන්න

    ReplyDelete
  4. අඩේ මගේ බ්ලොග් ප්‍රොපයිල් එකවත් නැතිලු කියලා දැන් දැනගත්තේ.
    Good old days eh!

    ReplyDelete
  5. පිස්සු හැදෙයි සඳ බබලයි. එලම තමයි. සුබපැතුම් හැලප සන්.
    සුදීක

    ReplyDelete
    Replies
    1. ආයෙම අපේ ගෙදර ලෑස්ති කරමුද බ්ලොග් ගෙට්ටුවක්.

      Delete
  6. හැලපෙ මෙහෙම හරි දැක්ක එක ලොකු දෙයක්.

    ReplyDelete
  7. කලකට පස්සෙ වෙලකට බැස්සා වැනිය
    ලියා තියෙන්නෙත් මංගල කරුණක්ය
    දැන් හුඟ වෙඩින් ලෝකෙට පරකාසේය
    යන ඇත්තන් හුඟ ඉන්නේ දුකසේය

    තව මඟුලක් වේවා!

    ReplyDelete
  8. හැලපෙ ආයෙ බැන්දද? අනේ වාසනාවං.

    සුබ පැතුම් හැලපැට්ටට.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. නිකං ඉන්න එකේ මක් වෙනෝද කියල ආයෙම බැංදා.

      Delete
  9. අම්මෝ හැලප බොස් දැක්ක කල්,සන්තෝසයි,

    දැන් බ්ලොග් එක නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං. බ්ලොග තියෙනවා. මම නෑ.

      Delete
  10. කලකට කලින් සිටි හිතවත් මිතුර මගේ
    බ්ලොගයට ලියූ ඔබ ලිපිනම් හරිම අගේ
    දුටුවිට නැවත සතුටක් ඇති වෙනා රඟේ
    මතකෙට ඒද මේ කවිකම කාගෙ වගේ...

    ගොඩක් කලකින් දැක්කෙ. හරිම සතුටුයි චෙෆාකි...
    නුවාඩු වෙලාවක මගෙ අලුත් බ්ලොග් එක පැත්තෙත් එන්න.
    මම කවි දුමී...

    ජයවේවා !!!

    ReplyDelete
  11. තේරුමක් නැති ලියමනක් කිව්වට ඒකත් අමුතුම ආතල් එකක්. ජයවේවා!

    ReplyDelete
  12. හලපෙගේ පුතාටත් එම දුවටත් සුබ මංගලම්...

    ReplyDelete
  13. ස්ටිව් ඇන්ඩ් ස්ටෙලා කෝ

    ReplyDelete
    Replies
    1. ස්ටෙලා නැතිඋනා...ස්ක්‍රපී ඉන්නව...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....