Friday 23 June 2017

ඈ.....!


The Wait and the Reward by Anna Rose Bain - 2014

ජූනි මාසේ පස්වෙනිදාට කලියෙන් කරන්න කොච්චර වැඩනං තියෙනවද...( ඇය කුළුඳුලේ දරාගෙන... බෝල ගෙඩියක් වගේ හුරතලේ බෑ...)

සීලිම දිහා බලාගෙන කල්පනාකරන්නේ මේ මාසේ කැම්පස් සීසන් එක කඩි බාප්පගෙන් ගන්න රුපියල් පනස් හයක් කොහෙන්ද හොයාගන්නේ කියලා..

දරුගැබ දරා ඉඳිතෑකි... කොහොමද මේ අහිංසකයාට කියන්නේ තව දවස් දෙක තුනකින් දෙන්නටම වැඩට යා ගන්න සීසන් එකත් නෑය කියලා..

කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් පහු උනත් කඩිබාප්පා ලංගමේ නිසා තාම කැම්පස් සීසන් එක අරන් දුන්නට..ඒ මනුස්සයාත් අපේ බෝට්ටුවේ නිසා සල්ලි නොදී ඒක ඉල්ලනත් බැ..

ගෙදර හරියකට තිබුන ඔක්කොම එකතු කරලා ඇනෙක්සියේ අක්කාට රෙන්ට් එක ගෙව්වේ පෙරේදා...ආපහු විසිපහ පඩි හම්බෙන්නේ...පඩි අරන් දවස් හයක් යනකොට මෙහෙම වෙන්නේ අපේ වැරද්දකට නෙවෙයිනේ..

එයාගේ එක්දාස් එකසීයෙන් තුන්සිය විසිපහක් ඇනෙක්සියට දුන්නාම ඉතිරියයි, මගේ නමසිය තිස්පහෙනුයි අපි දෙන්නා අරපරිස්සමින් ජීවත් වෙන්න ට්‍රයි කලාට,බලාගෙන ඉන්න බැරිම තැන මම පෙරේදා වැඩ ඇරිලා එන ගමන් එයාට එයා ආස අත්කොට උඩින් දාන කමීසෙ අරන් ආවේ....දැන් සීසන් එකට සල්ලි නෑ...

ඇහැරවන්නත් දුකයි පොඩි එකා වගේ පැත්තට හැරිලා අල්ල උඩ මූන තියාගෙන නිදි...!


{}{}{}{}{}{}{}{}{}{}{}{}     {}{}{}{}{}    [][][][][][][][]


හයිලෙවල් පාරෙන්,  නියඳගල පාරට වාහනේ හරවන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මතක් උනේ සීසන් එක ගන්න සල්ලි නැතුව හිටපු කාලේ මීට රසවත් නේද කියලා..මීට අවුරුදු තිස්පහකට එහා කුළුඳුලේ ගැබ්බරව ජිනන්දගේ කඩේට හයිලෙවල් පාර දිගේ තනියම ඇවිදගෙන ගිහින් රුපියල් පනස් හයක් ඉල්ලුවාම ඒ මනුස්සයා පුදුම වෙලා බලා හිටිය හැටි තාම මතක් වෙනවා...ඊට පස්සේ රුපියල් පනස් හයේ ඒවා කීයක් පහු වෙන්න ඇද්ද අද අපි දෙන්නා ඉන්න තැනට ඒ ගන්න....


{}{}{}{}{}{}{}{}{}{}{}     {}{}{}{}{}    [][][][][][][][]



පාර වැරදුනා නේද කියල අහන්න වම් පැත්ත බලනකොට, අහිංසකයා කඳුළු පුරෝගෙන මා දිහා බැලුවා......

"ජිනන්දගේ කඩේ එතන නෑ නේද අම්මි දැන්....."

අපි දෙන්නාම හැමදාමත් එකම විදියට හිතන නිසා වෙන්නැති අපි මෙතනට ආවේ...!



35 comments:

  1. ඇත්තටම වෙච්ච දෙයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ එව්වා හැමදාම වෙනවා මට නං....!

      Delete
  2. Replies
    1. ඇයි එරන්දි....මේ වගේ දේවල් අත්දැකලාම නැතුව ඇති..පන්නරය ලබන්න අහැකි අත්දැකීමක්...!

      Delete
    2. ඇත්තටම නෑ... Archi...

      Delete
  3. ඈ ලියූ සටහන.. :)

    අපූරුයි කිව්වා කියන්ට ඈ!!!

    ReplyDelete
    Replies
    1. ඇ නොබලන නිසාවෙන්......රෑ නින්දට යන අතර තුර කථාබහේදීවත් කියන්න ඕනි ඉතින්....!

      Delete
  4. අනේ... මොනා කියන්නද මන්දා.... මෙ ඈ කවුද කියා අර කලින් එකේ දුමීට කිව්ව නිසා දැන් දනිමි.

    ReplyDelete
    Replies
    1. මේ ඈ නිසා තමයි දෙපයින් හිටගෙන ඉන්නේ සඳා....ඉතින් තව දුරටත් හංගාගෙන ඉන්න එක අසාධාරනයි කියලයි මට හිතුනේ...!
      සමාවෙන්න ඕනි ෆැන්ටසිය බින්දාට...!

      Delete
  5. අතී තෙක වූ අත්දැකීමන් යළි යළිත් සිහියට අරන්
    සිතී මෙන් යම් දිනෙක සැනසුම ලැබෙයි එය මහමෙර තරන්
    ගෙතී දළුලන දිවි මගට නිති අත්දැකීමක් හුරු කරන්
    දෙතී වටිනාකම් සියල්ලම හුරු පුරුදු හිත් ළං කරන්.....

    හොඳ සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී මම අතීතයේ ජීවත්වෙන මනුස්සයෙක් නොවුනාට, අතීතය ටොකු ඇන ඇන මට ජීවිතේ කියාදෙන නිසයි මෙහෙම ලියවෙන්නේ...මේවා කියෝලා ඇස්වලට කඳුලු එන්නේ නැතුව හිත්වලට පන්නරයක් දෙනවා නං තමා හොඳ ඉතින්....!

      Delete
  6. Lassanai.. feel like crying ...!

    ReplyDelete
  7. "ඇගේ කවි" නිසා ටියුබ් ලයිට් වෙලා තිබ්බ ඔළු ගෙඩිය මේක නිසා හරි මගට යොමු උනා...

    ///පඩි අරන් දවස් හයක් යනකොට මෙහෙම වෙන්නේ අපේ වැරද්දකට නෙවෙයිනේ..///
    ගරු සභාපති තුමණි, මෙන්න මේ සිද්ධිය හොයන්න විසේස ජනාධිපති කොමිටලයක් පත් කරන්ට කියා මා යෝජනා කරනවා...

    ///බලාගෙන ඉන්න බැරිම තැන මම පෙරේදා වැඩ ඇරිලා එන ගමන් එයාට එයා ආස අත්කොට උඩින් දාන කමීසෙ අරන් ආවේ....දැන් සීසන් එකට සල්ලි නෑ...///
    මෙහෙම අමුවෙන් කිව්වොත් මිසක් අපි වගේ එව්වන්ට තේරෙන එකක්යැ...
    හක්ක පාත් වෙලා, කන්දෙක රත් උනා...

    ඒ අව් අස්සේ මේ සියල්ලම බොක්කටම දැනුනා. හරිය...

    ///අපි දෙන්නාම හැමදාමත් එකම විදියට හිතන නිසා වෙන්නැති අපි මෙතනට ආවේ...! ///
    +++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. /// ගරු සභාපති තුමණි, මෙන්න මේ සිද්ධිය හොයන්න විසේස ජනාධිපති කොමිටලයක් පත් කරන්ට කියා මා යෝජනා කරනවා..///

      ජනාධිපති කොමිටලයක් නැතුවම පිලියම් හොයාගත්තා...කරන රාජකාරියට සරිලන වැටුපක් ලැබෙන රටක් රාජ්ජයක් හොයාගෙන පියෑඹුවා.....හැබැයි ජනාධිපති එන්න කිව්වම ආපහු ආව එක තමයි හෙනේට හිටියේ....:)

      Delete
  8. රූප පේලියක් හිතේ ඇඳුනා...

    ReplyDelete
    Replies
    1. මොන වගේ රූප පේලියක්ද කියලා ලිව්වනම් නේද හොඳ තුශානි....!
      එතකොට අපිටත් රස විඳියහැකි නොව තුශානිගේ ඉමැජිනේෂන් එක....!

      Delete
    2. ලියපු දේවල්ම තමයි රූප පේලියක් විදිහට හිතේ අඳුනේ .. විශේෂයෙන් අර පාර වැරදුනා නේද කියල අහන්න වම් පැත්ත බලන එක...පොඩි එකා වගේ පැත්තට හැරිලා අල්ල උඩ මූන තියාගෙන නිදි එක වගේ අවස්ථා..

      Delete
  9. මේක මරු.

    හොඳ පොඩි එකා. හැක්..

    ReplyDelete
    Replies
    1. තාමත් පොඩි එකා තමා...!
      :)

      Delete
  10. හෘද සූත්‍රය අකුරු කල වග!

    +++++++++++++

    ReplyDelete
  11. ඒ සටහන හරිම සංවේදියි චෙෆ් ....

    ReplyDelete
  12. මැණිකෙ ලැබුනෙ මාගේ...
    පෙර පිනකට වා..ගේ

    ReplyDelete
  13. හරිම සංවේදී සටහනක් යාලුවේ..

    ReplyDelete
  14. පුක කසා ගන්න රුපියල නැතිව පයින් ගිහින් ලොරි ගණන් කාපු කටු, විඳපු අත්දැකීම් වල කටුකකම ... අයෙත් හැරිල බලද්දදි සුන්දරත්වයක් ... :)

    ඒ පහුගිය කාලෙ විඳපු සුන්දරකම ලක්සෙට කොඩිය දාල සල්ලි බාගෙ අත ගෑවෙන කාලේ එනකොට සල්ලි වලට ගන්න බැහැ !

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....