Wednesday 15 March 2017

බෝසත්




සිරකරු මා
මැදිරියක
වීදුරු
බෝසත් කම මා
වසනු බෑ ඒ
මැදිරියට
වීදුරු

කළු මා
සුදු ඔබ 
දෑත
කැමැත්තෙන්ම නොවෙදෝ
අතහැරියේ
සංසාර බියට

මෙතුවක් කල්
අප ගැටී නොසිටියෙමුද
අප දෑත් වෙලී නොතිබුනෙද 
රුකකට පෙම් බැඳි
ලියවැලක් මෙන්...?


බිඳගත්තේ ඇයි ඔබ
බෝසත් ගුන කන්දරාවක්
තනි සතුටක
එල්ලී අහම්බෙන්

හමුනොවෙමු
කිසිදා ආයෙත්
මතු උපදින ආත්මයක් 
ආත්මයක් පුරා...

පාරමිථා නොව මා
මේ පුරන්නේ
ගැලවීමමයි
ඒ පුහුදුන් බැඳුමෙන්...

සොඳුරියේ මතු උපදින
ආත්මයේ...!





මීවිත 
මියැසිය
තනිරකීවි
බෝසත් හට....!














31 comments:

  1. නොසිතාම මොහොතකින්
    බැදී එක ක්ෂණයකින්
    වෙලා දෙ අත් ගොසින්
    දුර කල්ප ගණනින්
    මතක ඉතිරි කර සියවස් ගණනින්
    දරණු බැරිමුත් රඳනු බැරි තරමින්
    අපි දුරයි සුවඳ සිරකර වීදුරු කුටියෙන්
    ඉතිං අපි සමුගනිමු - හමුවෙලා වෙන්වෙමින්...
    යළිත් නොපතාම රකිමු ලෝ දම...
    බෝසත් සිතින්....

    හරිම ලස්සනයි Archi...

    ReplyDelete
    Replies
    1. වීදුරු සිරමැදුරක ඉඳන් හිතන එකත් බෝසත් කමක් එරන්දි...!

      Delete
  2. මාරයි....ඒක නම් වින්දා ... චෙෆා ඔහේ මී විත එක්ක නේද ලිව්වෙ

    ReplyDelete
    Replies
    1. කොමි...වින්දනං එච්චරයි...මේක දිග කථාවක කෙටි අවසානයක් මිසක් මීවිතෙන් වූ උත්තේජනයක්ම විතරක් නෙවෙයි...!
      තේරුනා නේ....!!

      Delete
  3. අර බෝතලය ඇතුලේ හිරවෙලා ඉන්නව දකින කොට නම් දුකයි .. :/

    ReplyDelete
    Replies
    1. වීදුරු සිර මැදිරියක කොටුවීම තරම් දඬුවමක් තවත් ඇද්ද..?

      Delete
  4. වීදුරු සිර මැදිරි පොදු ධර්මතාවක්. ඔබ ඒ ලියා ඇති හැටි හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිගැන්වීමට...!

      Delete
  5. අපි හැමෝම එක් තරා විදියකට විහින් සිර ගත වුණ මිනිස්සු....වීදුරු බෝතලේ සිරවීම...ඒක වෙනම හැඟීමක් අරන් ආවා

    ReplyDelete
  6. බොරු කියන්න එපා ඔය බූතයෙක් නේද අල්ලල බෝතලේක හිර කොරල තියෙන්නෙ.
    පව් සිද්ද වෙනව ඕයි නිදහස් කරල දානව

    ReplyDelete
    Replies
    1. හොඳමයි....!
      මූඩිය ඇරලා තියෙන්නේ යන්න පුලුවන්වෙන්න..හිරවෙලා ඉන්න කෙනාට ඕනිමනං ඉතින් යතෑකි...!

      Delete
  7. මොනව උනත් බෝතලේක හිරකරල තියෙන කෙනෙක් ඉස්සරහ බෝතල් අරින එක පවු වැඩේ ඈ..

    ReplyDelete
    Replies
    1. මූඩිය ඇරලා මචෝ තියෙන්නේ...

      Delete
  8. The trouble with jogging is that the ice falls out of your glass.
    Martin Mull

    ReplyDelete
  9. අරූගෙ බ්ලොග් ලොගො එක ගෙනල්ල මූ බෝතලේක දාගෙන ඉන්නවා.
    උඹල ලොල්ලොද මන්ද

    ReplyDelete
    Replies
    1. මේක සෙරමික් සෝල්ට් ඇන්ඩ් පෙපර් හෝල්ඩර් එකක එක ෆිගර් එකක්..අනිත් ෆිගර් එක සුදුයි..ඒ සුදු පීස් එක බිඳුනා..එච්චරයි..ලොල්ලොත් ඉන්න එපැයි මෙයා...!

      Delete
    2. මේ කියන අරූ මම නම්, මගේ බ්ලොග් ලෝගේ එකේ තියෙන්නේ උඹට නොවැටහෙනා අහිංසක කතාවක් ඇනෝ.

      Delete
  10. මාසත් ගෙවී තව තව දින ලබනතුරූ
    රාසත් හිතේ ගුලිවී දඟ කරනතුරූ
    බෝසත් හිතට මියැසිය විත ලැබෙනතුරූ
    ආසත් හඩනවා වැහි බිඳු තිබෙනතුරූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දාපු රිප්ලයි එක යකා ගිල්ලා බ්‍රෝ...ජයවේවා...!

      Delete
  11. මේක මේ සොඳුරු හිරවීමක්නෙ මූඩියත් ඇරලා වටේටත් පේනවා ඕන කමක් තියෙනවනම් නිදහස් වෙන්න බැරි පාටක් නෑ ඒ නිසා මමනම් මනාපයි ඕං මේ සිරවීමට

    ReplyDelete
    Replies
    1. හිර උනත් සොඳුරු විදියට හිර විය යුතුය....!!

      Delete
  12. උඹේ කවි අතරින් හිතට වැදුනු නිර්මාණයක්. පට්ටයි ලොක්කා..

    ReplyDelete
    Replies
    1. වැදුනානං ඇති..බොට වදින්න ලියාගන්න පුලුවන් උනා කියන්නෙ කිතුල් රා හට්ටියක් ලඟට ආවා වගේ ගැම්මක් මචෝ...!

      Delete
  13. සිරවීම කියන්නෙ තමන්ගේ තෝරාගැනීමක්... තමන්ගේ අකමැත්තෙන් කාවවත් කිසිසේත් හිරකරන්න බෑ.. හිර වෙන්නෙත් නෑ... අනේ මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං වීදුරු බෝතලයක්ම තෝරගත්තේ හිරවෙන්න...!!

      Delete
  14. බොහෝ දේවල් නම් විහින් සිරගත වීම් යැයි සිතෙනවා !

    ReplyDelete
    Replies
    1. බොහෝ නෙවෙයි AK හැම සිරගතවීමක්ම විහින් කරගත්ත සිරවීම්..කාටවත් බ්ලේම් කරලා බේරෙන්නේ නිවට හිත්...!!

      Delete
    2. /////හැම සිරගතවීමක්ම විහින් කරගත්ත සිරවීම්..කාටවත් බ්ලේම් කරලා බේරෙන්නේ නිවට හිත්...!!/////////////
      දාපන් පහක් නෙමේ පහේ ඒවා පහක්.
      මචං....ප්‍රිසනර් ඉන් සෙල් කියන එකට වඩා මාර අමාරු වැඩක් ප්‍රිසනර් ඉන් මයින්ඩ් කියන එක. මම සෙල් එකේ ඉඳලා නැහැ. ඒත් මට එහෙම හිතෙනවා. මික් ජැගර් මෙහෙම කියනවා.


      ////The past is a great place and I don't want to erase it or to regret it, but I don't want to be its prisoner either./////
      Mick Jagger

      Delete
    3. The past of mine erased a long time ago my friend....!
      Libaration....:)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....