Thursday 23 February 2017

කරනවද ආදරේ මටත්...!






මම උස ගියොත්
මගේ අත දිග උනොත්
කඩා දෙන්නම්
පහල ගහෙන් වෙරළු ගෙඩියක්වත්


මට තේරුනොත්
මම ලියාගත්තොත්
මම කියෙව්වොත්
කියා දෙන්නං පාඩමක්වත්


මම හිටගත්තොත්
ඔබට නැගිටින්න 
ඇහැකි මට කරන්න
උදව්වක්වත්


මම හොයාගත්තොත්
බෙදාගන්න ඇහැකි
අඩුමගානේ
කැමක් බීමක් වත්


මම හිතුවොත්
මට දැනුනොත්
කියාදෙන්න ඇහැකි
ඔවදනක්වත්


ඒත්...!
මම ආදරේ කලොත්
කරනවද ආදරේ
 මටත්...!


53 comments:

  1. චතුර සේනාරත්න නේද ඔහෙට මේක ලියල එවුවෙ හිටන්?

    ReplyDelete
    Replies
    1. මට රැග් එක දෙනකොට චතුර මේක දෙසිය තිස් වාරයක් කියාපිය කියලා ලියලා දුන්නේ....ඉතිං තාමත් මතකයි හිටං..!

      Delete
  2. අනිවාර්යයෙන්ම....නොකෙරෙන එකක් නෑ...ඇහැකි විදියකට ආදරේ වෙයි

    ReplyDelete
    Replies
    1. අපි බොරු කියන්නේ නෑ විසිරි විහිළුවටවත්...!
      ඇත්ත නේන්නං ඇහැකි විදියට එපැයි මක්කා කොලත් කරන්න...!

      Delete
  3. යමක් දුන්නොත් නං කරයි

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය කියල තියෙන්නේ, අහලා තියෙන්නේ ඒකම නොව...!
      ඔහේට නං මොකෝ...හැමදේම තියෙනව නෙව..ඒකට අපි...!!!

      Delete
    2. ඔය කියුවේ ...දන්න රෙද්ද ...ආදරෙත් බත් වගේ

      Delete
    3. No.... unconditional fixed deposit ලු....:)

      Delete
  4. නුඹ නුඹට ආලෙ කෙරුවොත්
    නුඹ හැඩ වේවි.....
    නුඹ කඩවසම් වේවී.....
    නුඹ ලස්සන වේවී.....
    නුඹට හිතැති හිත් ඒවිට
    නුඹට හොරෙන්
    නුඹ ළඟින්ම හිඳ
    නුඹට ආලෙ කරාවී.....

    ජයවේවා!!!

    ReplyDelete
  5. මම උස ගියොත්
    මගේ අත දිග උනොත්
    කඩා දෙන්නම්
    පහල ගහෙන් වෙරළු ගෙඩියක්වත්............

    අනිවරෙය්න් උබටත් බාගයක් දීලයි කන්නේ
    මොකද උබනේ මට කඩලා දුන්නේ
    එහමත් යාලුවෙක් තමයි කඩලා දුන්නේ මට වෙරළු ගෙඩියක්
    උගේ ඔඩොක්කුවටම පුරෝ ගන්නේ නැතුව ...

    මට තේරුනොත්
    මම ලියාගත්තොත්
    මම කියෙව්වොත්
    කියා දෙන්නං පාඩමක්වත්...................//

    උබ කියලා දුන්නොත් මම ඉගන ගන්නම්
    ඒ පාඩමෙන් ජිවිතේ හදා ගන්නම් ...
    මොකද උබට තියනවා මට වඩා ලෝකය ගැන දැනුම් තේරුම් .....

    මම හිටගත්තොත්
    ඔබට නැගිටින්න
    ඇහැකි මට කරන්න
    උදව්වක්වත්............//

    උබ මට නැගිටින්න උදව් කරොත් මම අවිදින්නම් ....
    මොකද මම දන්නවා උබ ඉන්නවා කියලා මගේ පිටිපස්සෙන් මට වැටෙන්න නොදී රැක ගන්න ............

    මම හොයාගත්තොත්
    බෙදාගන්න ඇහැකි
    අඩුමගානේ
    කැමක් බීමක් වත්.............//
    උබ දුන්න ඒ දේ නොකා තනියම ...
    බෙදා ගන්නම් තව කෙනෙක් සමගින්
    මොකද මම දන්නවා අනුන්ගේ දේත් උදුරාගෙන කන එවුන් ඉන්න සමාජේක බෙදා හදා ගෙන කන උබ වගේ එවුන් විරලයි කියලා ....

    මම හිතුවොත්
    මට දැනුනොත්
    කියාදෙන්න ඇහැකි
    ඔවදනක්වත්...........//

    ඒ ඔවදන්නෙන් හදා ගන්නම් ජීවිතය
    මොකද මම දන්නවා උබට ජිවිතේ වැරදුන තැන් මට හදා ගන්නයි උබ ඒ ඔවදන දෙන්නේ මට ...

    ඒත්...!
    මම ආදරේ කලොත්
    කරනවද ආදරේ
    මටත්...!

    සත්තයි ...ආදරෙයි උබට
    මොකද මම දන්නවා ...
    හිතේ කහටක් නැතුව ලෝකෙට ආදරේ කරන්න පුලුවන් උබ වගේ මිනිස්සු මේ ලෝකෙට ඕනේ කියලා...

    නැති උනත් මට උබට දෙන්න උබ මට දුන්නු තරම් දේවල් ...
    දවසක උබට ඕනේ උනොත් පොඩි හරි දෙයක් මගෙන්
    සත්තයි ඒ දේ කරනවා මොනතරම් කැප කිරීමක් හරි කරලා ...

    මම උබේ යාළුවා
    මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. අපූරු උත්තර ටිකක් මේ දීල තියෙන්නෙ

      Delete
    2. ලියපු කෙනා ලිව්වේ මේක කව්රු ඉල්ලක්ක කරගෙනද දන්නේ නැහැ එත් මම ඒ කවිය මගේ යාළුකමට හරවා ගත්තා ...
      හොදයි නේද විසිරි ...
      ඔයාට ඉස්තුති චෙපාවත් මේක අගය නොකරපු එකේ ඔයා මේක අගය කරාට

      Delete
    3. මම අහලා තියනවා මෙන්ඩා...නිර්මාණයක් සාරතකයි කියන්නෙ..ඒක ඕනම කෙනෙක්ට ඕනම විදියට තමන්ගේ කරගන්න හැකි වෙනවා නම් ලු...
      ඔන්න ඒ අතින් චෙෆ් සාර්තකයි...ඔයාත් සාර්තකයි.. මටත් හරි සතුටුයි

      Delete
  6. ඔය කියලා තියෙන මොනවා නොකෙරුවත් ඉතින් ආදරේ හිතුනොත් හිතුනම තමා... ඒ වගේම තමා ඉතින් ඔය මොන දේ කලත් ආදරේ නොහිතුනොත් නොහිතුනාම තමා.

    ReplyDelete
    Replies
    1. හිතිලා නොහිතෙන්නේ ඇයි....?

      Delete
  7. නෙදකින් ....ඇනෝ වහලා ....මෙහෙම පෝස්ට් දාන්ඩ එපා වාහේ ඇනෝ වහලා

    ReplyDelete
    Replies
    1. වහලද..? අනේ අයියේ ඇවිත් ඇනෝ ඇරලා දෙන්නකෝ...ඔයානේ වැහුවේ...!

      Delete
    2. දැන් බොරුවට හෑ ගාන්න එපා

      Delete
  8. //ඒත්...!
    මම ආදරේ කලොත්
    කරනවද ආදරේ
    මටත්...!//
    කොයිං කොයිං ගෑවා.... මොනා හරි ලිය උනොත්.. ඔන්න මම නං දන්නෑ.. ඔහේට තමයි වගකියන්න වෙන්නෙ ඔන්න...
    ජයවේවා..!!

    ReplyDelete
  9. ශා..

    මම කලින් දැනගෙන හිටියෙ නැහැනෙ සා රස තුමාට කවි ලියන්න පුළුවන් කියල.

    චෙෆාකි තමයි ඇවිල්ල යන්න කීවේ.

    මීට,

    චතුර සේනාරත්න.

    ReplyDelete
  10. ඕක තනිකර බොරුවක් බං.
    ඔය ඔක්කොම කොලා.
    අන්තිමට ආදරේද කියල ඇහුවා.
    නැඃ කිව්වා.
    ටෞකන්ඩ පට්ටෞත්ති.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේක ... හැක හැක හැක ....

      Delete
    2. අන්න දැක්කද වහගන හිටියනං මෙහෙම ආතල් හම්බෙයිද

      Delete
    3. @atam ඉතිං උඹට ඕක ප්‍රොෆයිල් එකෙන් දාන්න තිබ්බනේ..ඇත්ත කියන්න් ඇයි බං ඔච්චර බය..?

      Delete

    4. අටම්පහුර23 February 2017 at 22:44
      නෙදකින් ....ඇනෝ වහලා ....මෙහෙම පෝස්ට් දාන්ඩ එපා වාහේ ඇනෝ වහලා.......
      කාලා වරෙන්කෝ

      Delete
    5. කියන දෙයක් ප්‍රොෆයිල් එකෙන් තමයි ලොක්කා ...

      Delete
    6. විහ්ළුවක් කරේ මචෝ ....මම දන්නවා උබ කෙලින් එකා කියලා

      Delete
  11. Replies
    1. ආ බළලෙකුත් ඉන්නෙ

      Delete
    2. නැචුව නැචුව කිය කිය ඉන්නේ ලියහංකො මොනා හරි...!

      Delete
  12. ම්ම්ම්...
    තේරුණේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමමයි ලොකූ...!

      Delete
    2. අපි ලොකු ළමයි අපිට ඕවා තේරෙන්නේ නැහැ ලොකු ....

      Delete
    3. චෙෆ් ටත් තේරුණේ නැහැ කියන්නේ මේක සම්භාව්‍ය මෙව්වා එකක් කියන එකනේ...
      සම්මාන හෙම ලැබෙයි, පරිස්සමින් ඈ...

      Delete
    4. හැම එකම තේරුම්ගන්න ඕනි නෑ ලොකූ...!

      Delete
  13. ////ඒත්...!
    මම ආදරේ කලොත්
    කරනවද ආදරේ
    මටත්...!/////////

    මේ පදවලට උඩින් තියන ඔක්කොම කරනවා නම්, මොන යකාද.යක්සනීද බං බැහැ කියන්නේ....ප්‍රේමය නම රාගයෙන් තොර අහවල් එක එක වගේ පූජනීයයි. මචෝ ප්‍රේමයට කකුල් හතරක් තියෙනවා කියන්නේ බොරුද :D

    ReplyDelete
    Replies
    1. එහම නැති වෙලාවලුත් තියනවා අයියන්ඩි ...උබට සෙට් උන වෙලාවක මගේ අත් දැකීමක් කියන්නම් ..

      මට බ්ලොග් එකක් නැති එකේ පාඩුව ....බැරිද උබලගේ බ්ලොග් වල මගේ අත් දැකීමක් ලියන්න දෙන්න

      Delete
    2. ///මට බ්ලොග් එකක් නැති එකේ පාඩුව ....බැරිද උබලගේ බ්ලොග් වල මගේ අත් දැකීමක් ලියන්න දෙන්න///
      මමත් ලියන්නේ නැති එකේ මගේ එකේ ලියහන්...

      Delete
    3. ///මට බ්ලොග් එකක් නැති එකේ පාඩුව ....බැරිද උබලගේ බ්ලොග් වල මගේ අත් දැකීමක් ලියන්න දෙන්න///
      මමත් ලියන්නේ නැති එකේ මගේ එකේ ලියහන්...

      මම වෙනමම ලේබලයක් දාල දෙන්නං

      Delete
    4. ලොකු උබ නොලියන එකනම් වැරදි ...අනේ ලියහන් මචෝ ...
      අටමා ලොකු
      මම ලියලා උබලට එවන්නද? ඒක කරන විදිහ මට කියලා දියන් මුණ ගැහුනා වෙලාවක...
      අතපය දිග ඇරලා ඇත්ත නම් ගම් එක්ක ලිව්වට කමක් නැද්ද ?
      ඉස්කෝල කාලේ සිද්ද උන හිතට වද දෙන ආදර කතාවක් තියනවා ඒක ලියන්න ආසයි ....
      ඇත්තටම ඒ කතාව ලියලා එවොවත් උබලගේ බ්ලොග් එකක දානවද

      Delete
  14. යහපත් උත්තරයක් ලැබුනෙයි ඉතිං? :))))

    ReplyDelete
  15. කොරන්නං හිටන්

    ReplyDelete
    Replies
    1. ඉඳගෙන බැරි වෙයිද හිටන්?

      Delete
  16. මම ගිය සතියෙ දාපු එක කමෙන්ට් එකක් වත් පබ්ලිෂ් වෙලා නැහැ නේ..දැන් තමයි මේකත් නෑ කියලා දැක්කේ...
    ඇත්තටම ඔය වහෙන් ඔරෝ වගේ ඔහේ කාටෙයි ඔහොම කියන්නෙ ආදරේ ගැන..?
    හැලපෙ ගෙ කමෙන්ට් එක දැක්කම මට හිතෙන්නෙ නිකන් bromance වගේ

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....