Saturday 18 February 2017

හුටා..සුද්දා අදත් වහලා බං....!



මම දකුනට පෙම් බැන්දේ බොහෝම ඉස්සර..ඒක දිග කථාවක් උනත් ටික ටික එහේ මෙහේ ලිව්වා...!

කොහොමෙන් කොහොම හරි දැන් වෙනකොට මම මගේ ජීවිතේ බෙදාගෙන දවස ගෙවන කෙනෙක්, ඒ කියන්නේ මම දෙබිඩ්ඩෙක්, දෙබිඩ්ඩෙක් කිව්වට ඩුවල් සිටිෂන්ශිප් එහෙම ගත්ත අය වගේ දෙබිඩ්ඩෙක් නෙවෙයි, ඩුවැලිටි එකේ ජීවත්වෙන කෙනෙක් සාර්ථක විදියට, ඒ කිව්වේ වටපිටාව, පවුල්, වෘත්තිය අරවා මේවා අවුල් නොකරගෙන , ජීවත්වෙන දෙබිඩ්ඩෙක්....!

සාර්ථක වෙන්න හේතුව මට ඇඩ්ඩ්‍රස් නැති කම, මම ඉපදුනේ අම්පාරේ සෙන්ට්‍රල් කෑම්ප් එකේලු, ඉස්කෝලම ගොඩකට ගියාලු, රටවල් තුන හතරක ජීවත් උනාලු, ඉතින් ඇරියස් අඩුයි...දේවල් බෙදාහදාගෙන ජීවත් වෙන්න ඇති වෙන්න පන්නරය හම්බෙලා තියෙන්නේ මේක කියවන ඔබලා වගේ දේවල් දන්න අයගෙන්...! ඉතින් අවුල් අඩුයි...!

වර්තමානය කියල දෙයක් තියෙනෙවනේ..අන්න ඒකේ මම දෙබිඩ්ඩෙක් වෙන්නේ මගේ කාලය 60%-40% ප්‍රතිශථයට ( ස්පෙලින්ග් වැරදියි මම හිතන්නේ..) නගරයයි ගමයි අතරේ බෙදාහදාගෙන ජීවත් වෙන නිසා..අහන්න එපා ඕන් හැට මොකක්ද, හතලිහ මොකක්ද කියලා අපේ ලොකු අම්මාවත් දන්නේ නෑ ඒක හොඳේ...!

ඒ උනාට මේ වෙලාවෙ නම් මම ඉන්නේ ගමේ..ඒ කියන්නේ දකුනේ..හැබැයි මේ මගේ ඉපදුන ගම නෙවෙයි (විසිරි ඇහුවා එක දවසක් එහෙම..තව නූලෙන් ඉන්ජෙක්ශන් ගහනවා ඒ ඇත්තී මට..මම හරි බයයි ඔය කටු වලට..අපි ඉබ්බොන්ට හරි ලව් හරිය..)

හරි ගමට එමු...මාතරින් කතරගම පැත්තට යනකොට, දෙවුන්දර, ගන්දර, තලල්ල, හුන්නදෙනිය, බතීගම එහෙම පහුකොලාම එනවා ඔය අපි කොළඹ ඉඳන් ගාලු පාර කියන එක දෙකට බෙදෙන නගරයට..ඇත්තටම...පාරම්පරිකව අපේ ඇත්තෝ කතරගං ගියේ ඒ අපි කියන ගාලු පාර , ඒ කියන්නේ මුහුද අද්දරින් කතරගම පැත්තට ඇදෙන පාරේ ඔය කිව්ව නගරෙන් ඒ කියන්නේ දික්වැල්ලෙන් හැරිලා බෙලිඅත්ත හරහා තංගල්ලට ගොහින්.

දික්වැල්ල ටවුම මැදින්  වමට හැරුනාම යෝනකපුර මැදින් වැවුරුකන්නල හරහා වලස්ගලින් දකුනට ගියාම බෙලිඅත්ත, එතනින් වමට හැරුනාම රදම්පොල...ඒත් දැන් මහවෙල පාර හදලා දික්වැල්ල පහුකොරාන ප්‍රයිවට් බස්නං යන්නේ ගොඩාක් වෙලාවට මහවෙල පාරේ තංගල්ල පැත්තට, ඒ උනාට තාමත් සීටීබී බස් නං යෝනකපුර අස්සෙන් බෙලිඅත්ත හරහා තමා ඉතින් තංගලු යන්නේ..!

ඉතින් මේ දික්වැල්ලට මම පෙම් බැන්දා 2001දී......!

ඒ සෙනෙහස ආත්ම ගානක් පතාගෙන ආ බැඳීමක්..ඒත් ඒ ඇත්ති දැන් දිව්‍යලෝකේ ඉඳන් මම කරන කියන ඔක්කොම බලාගෙන ඉන්නවා..ඒ ඇත්ති එලොව ගියේ මට ජීවිතයක් දීලා..ඒවා යුතුකං කියලයි මට කියල දුන්නේ එතුමිය ඉතින්...අහනව එහෙම නෙවි ඕන් ඒ කවුද බොලේ කියාලා...ඒවා බොහෝම ප්‍රයිවට් ඉන්ෆොර්...! ( පස්සේ කියන්නං අනේ..ඒක වෙනම පෝස්ට් එකක් ඉතින්..)

ඔය දික්වැල්ලේ තියෙනව හරිම ලස්සන පැත්තක් ඌරුගමුව කියල (මටම හරියන පැත්ත )..මම මගේ හැටේ හතලිහේ දෙබිඩි ජීවිතේ ගෙවන්නේ ඔන්න ඔය කියන ඌරුගමුව වසමේ..දන්දෙනියේ..හැබැයි ලුණු ගන්න හරි සිදාදියට, ඒ කියන්නේ දික්වැල්ලට එන්න එපැයි..ලුණු නෙවෙයි අනේ අර ෆුඩ්සිටි එකේ අයිනක තියෙන චූටි කවුන්ටරේ...රසම රස ලස්සනම ලස්සන බෝතලවල දාලා කෑන් වල දාලා (අයියූ අපිනම් ඔය කෑන් එක්ක නෑ හොඳේ..) තියෙන එව්වා ගන්න හැමදාම පුරුද්දට, අර මොණරු මගේ පැපොල් වගාවට උදේම ලෑන්ඩ් කරනවා වගේ, මමයි අටම් අයියයි සරායි (ආ අටම් අයියත් දැන් දෙබිඩ්ඩෙක්..හෙට අනිද්දා තවත් එක්කෙනෙක් එනවා... එයාට අපි එයාමකන්ඩිෂන් කරපු කාමර කෑල්ලක් ගහනවා මේ දවස්වල..) යනවා ඉතින්...!

අපි හරි පිළිවෙලට ජීවත්වෙන දෙබිඩ්ඩෝ..ඒ කියන්නේ හැම දේම ප්ලෑන් කරනවා..එහෙම නැතුව දෙබිඩ්ඩෝ නෑ නෑ ගොවියෝ වෙන්න බෑ මෙයා...ඉතින් අපි හැම හවසම, ඒ කියන්නේ උදේ ඉඳන් පොලොව ගහකොළ එක්ක හැප්පිලා, ගහකොළ කියන්නේ, පොල්, ගම්මිරිස්, කුරුඳු, අඹ, පැපොල්, දොඩම්, බුලත් යනාදී ගහකොළ හොඳේ...සෑට මොනාද කරන්නේ කියන එක එහෙම මාස්ටර් ප්ලෑන් ගහලා එහෙම තමයි ලේස්ති වෙන්නේ...ෆුඩ් සිටිය නම් හැමදාම (පෝය ඇරෙන්න ) අපි වෙනුවෙන් අපි වගේ එකට ඉන්නවා..ඒ උනාට මේ සුද්දා...හුහ්....!

මෙහෙමයි..දික්වැල්ලේ වැඩියෙන්ම ඉන්නේ ෆුඩ්සිටි සුද්දෝ.ඒත් මේ... ඒ සුද්දොන්ගෙන් එකෙක් නෙවී...අපේ සුදු මල්ලි...දික්වැල්ල හංදියේ ඉන්න අතිසාර්ථක ව්‍යාපාරිකයා...සුදු මල්ලියා..ඔය පහල පින්තූරේ ඉන්නේ..අන්න එයා..! 

බලන්නකෝ ඉතින්...!





එයා තමයි අපිට උපරිම සහයෝගය (ඒ කිව්වේ හැන්දෑව සොඳුරුම ආකාරයකට ගෙවීමට ) දෙන කෙනා..ඒ උනාට එයාට ඕනි දවසට විතරමයිනේ එයා බිස්නස් ඒක කොරන්නේ...!

අපේ මාස්ටර් ප්ලෑන් ඔක්කොම සුනුවිසුනු කරනවා මේකා...හැබැයි දෙයියනේ කියලා මෑන්ස් හිටිය දවසට අපි දිව්‍යලෝක සැප ලබන්නේ..(හැලපයියට ඉරිසියා වෙන්න ඕනි ඕන් දැන්..) ....!


මෙතනින් එහා ලියනවා වෙනුවට, ඔය පහල තියෙන පින්තූර ටික බලන්නකෝ..එතකොට තේරුම් ගනීවි හැමෝම මොකෝ මම (මම විතරක්ම නෙවෙයි අටම් අය්යා, සරා..ලඟදීම තවත් අතිසාර්ථක ජීවියෙක්) ඇයි මේ අහිංසක දකුනේ හැංගිච්ච ගමකට මෙච්චර සෙනෙහේ බැන්දේ කියලා...!

ඒකක් රුපියල් 20 යි මේ පැටිස්...!


රුපියල් හයේ වඩේ...ඊට එහායින් තියෙන ඒවා මාරයි...!
සුදුමල්ලියාගේ නෝනා වගේ චිකන් බදින්න අපිට නම් බෑය..!

බයිට් සෙට් එක හදනකං කෑමට සුදුමල්ලියාගේ නෝනාගේ පාන් ටෝස්ට් සහ කට්ලට්ස්...!

බොස් මොනාද බයිට් එකට දාන්නේ...?

ආ..සුදු මල්ලි..මට චිකන් කෑලි හතරක් කපලා, පැටිස් හයක් කපලා හදලා දෙන්න..ආ කඩල ටිකකුත්..පනහක වගේ හොඳේ...

බොස් දැල්ලෝ දාන්නද දෙකක් තුනක්....

හා...!



බොස්..කෑමට...?

ඉඳිආප්ප දාන්න සුදුමල්ලි...!

බොස්ටත් එක්ක නේද....?

ඔව්....!

කී දෙනෙකුටද බොස්...

මාත් එක්ක දෙන්නයි මල්ලි..!




බොස් හැත්තෑවක් දාන්නං...(ඒ සුදු මල්ලිගේ නෝනා...)



බොස් පරිප්පු හොදි වලට චිකන් හොදි ටිකක් දාන්නං හොඳේ,,,...!

හා.....!

බොස්...බයිට් එක උනුයි..වත්තට ගිය ගමන් පාර්සලේ අරින්න හොඳේ.....!

අපේ ලොකු අම්මාවත් මේච්චර ලවෙන් කෑමක් දිලා නෑ ඕයි...!

ඉතින් කොහොමෙයි දන්දෙනිය දාලා යන්නේ.....!


නැද්ද හැලපේ...!




නැද්ද ...?


ප.ලි..: ලොකු අම්මා කෙනෙක් ගැන මම තාමත් හීන මවමි...ඇය මට හමුවී ඇත..රසම රස කැම වේල් උයාගෙන මා එනකන් ඈ කොවිල් යන්නත් එක්ක කොච්චරනං ඇවිත් ඇද්ද අප්පා...හීනයක්ම උනා නොව මගේ ලොකු අම්මා...!







64 comments:

  1. හොඳ වෙලාවට මේක කියවනකොට කාල හිටියෙ හිටන්...

    ReplyDelete
    Replies
    1. ඔහේ බත්ද කෑවේ...ඈ....කොහෙන්ද හාල් ගත්තේ හිටං...!
      ඒ මදිවට පාන්පිටිත් නෑ කිව්වනේ හිටං...ෆුඩ්සිටියේ...!

      Delete
  2. උඹ තාම එතනද...?

    සුද්දා අපේ නෝනගේ නෑයෝ..

    ඕකා හෙන ආදරෙයි මට

    අපි දෙන්න වෙලාවක සද්ද නැතිව උන්ගේ ගෙදර යමු..

    රත්තරන් කොල්ලා...

    ReplyDelete
    Replies
    1. යමං බොස් යමං....ඇත්තටම ඌ සත්තරන් කොල්ලා...!

      Delete
  3. ලස්සනට ලියාගෙන යන ගමන් කෑම පිංතුර පෙන්වා කලන්තේ හැදෙන තරමට බඩගිනි ඇතී කීරීම සම්බන්ධයෙන් Chef-Archi ට මගේ බලවත් විරෝධය...

    ReplyDelete
    Replies
    1. ඔහේ අන්තරේ වගේනේ..හැම එකටම විරෝධය....2020 දිවත් ගොඩ එන්න බෑ ඔහොම ගියොත්....!

      Delete
    2. බලාගෙන යනකොට පෝස්ට් එකට කමෙන්ට් කරපු වැඩි දෙනෙක් මගේ අන්තරේ මිත්‍රයෝ :) :)

      Delete
  4. බඩගිනි හැදෙන්න රහට ලියලා

    ReplyDelete
    Replies
    1. කන්න පැටිස් භාගයක්....:)

      Delete
  5. ගොඩක් පොස්ට් වල උබගේ වත්ත ගැන කියවලා තියනව ....දවකුත් කිව්වා වගේ මාවත් එක්කරගෙන පලයන්කෝ බලන්න

    ReplyDelete
    Replies
    1. ආවානං මොකෝ වෙන්නේ..හයිවේ එකේ පැය එකාමාරයි...!

      Delete
  6. ෂැක්..!! මටනං මේ පොස්ට් එකේ කෙළ බේරෙනම කෑල්ල තමයි "බොස් පරිප්පු හොදි වලට චිකන් හොදි ටිකක් දාන්නං හොඳේ,,,...!" කියන එක.

    හෙට බොන එක කැන්සල් කළා චේෆා ලොක්කා.. හිටහන්. මම මන්ඩෙ ඔෆ් එකක් දාල "ජැෆ්න හවුස්" ගිහිං,

    බිත්තර රොටි
    වඩේ
    සීනි සම්බල් බයිට් වලට අරං ගහනව JD බෝතලයක්. (බෝතලයක් කිව්වට 5 වෙනි ෂොට් එක ගහනකොට කොල්ල බුදි)

    ඒත් වැඩක් නෑ බං. මෙහේ පරිප්පු වලට චිකන් හොදි දාල හම්බෙන්නෙ නැහැනෙ.

    😩😩😩😩😩😩

    ReplyDelete
    Replies
    1. මචෝ..සුදුමල්ලියා ගාව තියෙනවා මාර ඇඩ් ඔන්ස්..කූනිස්සෝ, බාගෙට බැද්ද ලූණූ එහෙම දාපූ..ඒවා පැටිස්, චිකන් එහෙම පොඩි පොඩි කෑලි වලට කපලා කලවං කරලා හදනව ඕයි දිව්‍යලෝක රස බයිට්....!
      චියර්ස් කිව්වා ඔන්න...!

      Delete
  7. කටට කෙළ උනනවා...අටම් එක්ක අපේ ගේ ඉස්සරහින් යනවා නවත්තන්නේ නැතුව...ටෞකණ්ඩ..! පට්ටෞත්ති...දේව මෑණියන්ගේ පිහිටයි !

    ReplyDelete
    Replies
    1. දැන් හරිනේ....අර කඩල බයිට් එකනං මරු ඕයි...!
      චියර්ස් මේට්...!

      Delete
  8. අදත් හොදට රහ බේරෙන මේ ලිපියේ
    කෙලත් හල හලා බැලුව කඩිමුඩියේ
    යළිත් ඉඩක් ලැබුනෝතින් මතු භවයේ
    මමත් උපත ලැබගන්නව දන්දෙණියේ.....

    රහ බේරෙන ලිපියක් චෙෆෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකට පෙරුම් පුරනවද
      හයිවේ එකේ පෑ එකාමාරයි නේද
      හැට හතලිහ විසඳාගෙන
      එන්න දුමී හෙටානිද්දාම...!

      Delete
  9. ඒනං මේකයි දෙන්නත් එක්ක සැරිං සැරේ ගමේ යන රහස බොස්.
    අගෙයි අගෙයි.

    ReplyDelete
    Replies
    1. තව තව ඒවා තියෙනවා..ඉරිසියා හිතෙන නිසා සෙන්සර් කරා.....:)

      Delete
  10. වහ ටිකක් කන තරමට ඊරිසියයි යකෝ. මෙහෙමත් පිංතුර දානවද ඈ.

    ReplyDelete
    Replies
    1. චෙෆා ඔය පැත්තෙ නේද ඉන්නව කිවුවෙ. අල්ලල බෙල්ල මිරිකන එකයි ඇත්තෙ. අපිනං මොකුත් කියන්නෑ. හැක්..

      Delete
    2. අපිට නොදී බොනවට බෝටුවම මිරිකපිය

      Delete
    3. ලඟදීම ඇහැකි ඔහේටත් ඕව්වා එක්ක සෙට් වෙන්න....!

      Delete
  11. කතාවත් රහයි මේ කෑම පින්තුර දැක්කමත් රසා..........යි.ඔය වගේ කෑම හදන තැන් අපේ පැත්තෙත් තියෙනවා වැඩේ කියන්නෙ මගේ සත්තලන්ට පෙන්නන්නම බැහැනේ ඕවා. එයා කන්නෙත් නෑ කන මට කන්න අරන් දෙනවා, හැබැයි ඊට පස්සේ ලෝකෙ නැති කතන්දර කියලා කෑම එපා කරවනවා.
    හා.. ඒක නෙවෙයි මෙහෙම හිටියට මමත් දකුණට උරුම හරුම කම් තියෙන කෙනෙක් හරිය.අපේ තාත්තාගේ ගම අහංගම.
    එතකොට සත්තලන්ගේ ගම බෙලිඅත්ත.තාත්තා නැති උනාට පස්සේ අහංගමත් එක්ක තිබුන සම්බන්ධනම් ඒ තරම් නැති උනත් අවුරුද්දකට පාරක් බෙලිඅත්ත වලස්මුල්ල , මිද්දෙනිය පැත්තෙනම් නෑ ගම් යනවා හබියාගේ නෑයෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දත් කිට්ටු කිට්ටු නිසා මොකෝ වෙන්නේ සත්තලන් එක්ක අපේ වන වදුලට ගොඩබැහලම මිද්දෙනි ගියානං...!

      Delete
    2. ඒ කියන්නේ මිද්දෙනියට යන්නේ දන්දෙනිය පහු කොරන්ද ?

      Delete
    3. ඕනිකමක් තියේ නං පොලොන්නරුව පහුකොරාගෙනත් හම්බන්තොට ගියෑකී නේ....;)

      Delete
    4. හි හී ඒකනම් ඇත්ත තමා ඒත් මම ඇහුවේ නම් දෙකම එක වගේ නිසා ගම් දෙක එක ළඟද කියලා

      Delete
  12. ඉන්ජෙක්ශන් කට්ට වදින්න ලඟයි චෙෆ්..බොහෝම ලඟයි..මගෙ අම්මගේ ගම රදම්පොල...දැන් ඉතින් එයා ඉන්නෙත් සුර ලෝකෙ ...රදම්පොල යන්න මාතර ගමේ ඉඳන් අපි යන්න ආසම දංදෙනි වැව පාරෙන්..ඒ පාර ඉස්සර අමු කැලේ...අපෙ තාත්තගෙ පරණ ලාන්සර් එකෙන්..( දැන් එහෙම කිව්වට ඒ කාලේ ඒක සුපිරි ).....මම යද්දි කැලේ දිහා බල බල යන්නෙ...හොරු පනී කියලා....
    ඒත් ...දැන් මතක ඇති කාලෙකින් ඒ ගමට ගිහින් නෑ චෙෆ්..මගෙ මතකය ඇවිස්සුවට පිං ඔයාට

    ReplyDelete
    Replies
    1. වැවේ රිසවේසමේ රක්ශිතේ නං තාම තියෙනෝ...ඒ අද්දර පොඩි නිවහනකුත් තියෙනවා මගේ...අර මිල්ලගස් ආර තියෙන්නේ වැවට මායිං වෙලා..ඒ උනාට මම වැඩිය එහේ නොයමි...ඒත් දංදෙනියේ නං දැනුත් ඉන්නෙමි...පාර දැන් කාර්පට් කරලා සං ගාලා යන්නෑකී..ඩලස් ගොයියා රදම්පොල මොඩිෆයි කොරලා චූටි පහේ හයිවේ කෑල්ලක් දාගෙන එහෙමත් ඉන්නේ...රදම්පොල කඩපිල් ඔක්කොම කඩලා UDA එකෙන් ශොපින් කොම්ප්ලෙක්ස් එකක් එහෙමත් හදලා තියෙන්නේ..ඒකේ තියෙන සුනිල්ගේ තේ කඩෙන් අටම් අයියා උදේට උනු උනු ආප්ප ගෙනත් දෙනව මට....!
      ආයෙත් මේ පලාත්වල එනෝ නං ගොඩබැහැලා යන්න...හැබැයි ඉන්ජෙක්ශොන් කටු නං බෑ විසිරි..අපි හරි බයයි ඒවට...!
      :)

      Delete
    2. නෑ..නෑ...මම ඒ කටු වලින් වැඩ කරන අංශෙ නෙවේ...අතක් පයක් කැඩුණම...ස්නායු ආබාධයක් හැදුණම...වගේ කාට හෝ පොඩ්ඩක් පිහිට විය හැකි ක්ශේත්‍රයක.....ඒ නිසා බය වෙන්න එපා...

      Delete
    3. සුනිල් නෙමෙයි සිරිල් අයියා

      Delete
    4. සුනිල් මොකෝ සිරිල් මොකෝ ආප්ප රහයි නං, ඔහේ ගෙනල්ලත් දෙනවනං...:)

      Delete
    5. අපොයි.. ඔය විසිරි ගේ නොස්ටැල්ජියාව අවුස්සා ගන්නවට වඩා හොඳයි පරණ බඩු කෝච්චියකට බෙල්ල තියෙනවා.. :))))

      Delete
    6. කෝච්චිවලට බෙල්ල තියපු ඈයොන්ටත් ට්‍රීට්මන්ට් කරනෝ ඇති නේ...!

      Delete
    7. විසිරි ගැන දැනගන්නකොට පමා වැඩියි නෙව.. චැහ්ඃ..

      Delete
    8. කෝච්චි වලට බෙල්ල තියල නොමැරි බේරුණ අයට නම් අත් පය නැතුව...හම්මේ ඔව්....පණ යනකල්...ප්‍රතිකාර කලා චෙෆ්...

      Delete
    9. ගස් ලබ්බට මොකෝ උනේ...

      Delete
  13. ලොක්කා..ස්පර්ම් වැඩ කරන්න එපා...ටිකක් ගහලා ඉන්න වෙලාවට ලියන්න එපා *ත්තෝ. බඩ, කණ ගාවට ඇවිත් ටෝක් දෙනවා...

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්න ඕනිය.....:)

      Delete
  14. එදා සොඳුරු ප්‍රිය දසුන්..
    මෙදා සිහිනයකි කසුන්..


    ඊලඟ පාරත් එනවා... හැබැයි අටමයි උඹයි මමයි විතරයි, ඕනම නං බයිට් එකට මාතවයි ප්‍රාජේ වයි ගේමු

    ReplyDelete
    Replies
    1. මෙදා සිහිනයකි 'දසුන්'.....:)
      පිස්සු ඩොකාටත් එන්න කියමු..ඌ බොලාව දකින්න ආසාවෙන් ඉන්නේ..ඌට ටැබ් එක අරන් එන්න එපා කියමු..ඒක ගෙනාවම අපිට බොන්න හම්බෙන්නෑ...!

      Delete
    2. //ඌට ටැබ් එක අරන් එන්න එපා කියමු..ඒක ගෙනාවම අපිට බොන්න හම්බෙන්නෑ...!/// ++++++++++++ :))))))))))))

      එතකොට අපි අඩු කුලේ වෙන්ටෑ නේ.. :((( ඔක්කොම නෝටියෝ..

      Delete
    3. @කමියා....ඔහේ ඉතින් හොයාගන්නවත් නැතිකොට...!

      Delete
    4. මාව දාලා ගියොත් බලාගෙනයි

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අටම් අයියත් කිව්වා...හැලපේ අයියා බනී කියල තමයි වරහන් අස්සේ දැම්මේ ඇපොලොජීස්...ඕවා මොනාද මෙයා කොට්ටේ කෝට්ටේ වෙන මේ රටේ...ඒ මදිවට එළියේ අලියො...!
      :) :)

      Delete
  16. මේ මේ අපිව අවුස්සන්න එපා හලෝ. අපරාදෙ අපි දැන් සති තුනකට විතර කලින් ඔය ලඟට ම ඇවිත් ගිහින්නෙ. චැහ් දන්නවනම් අර හවස කරන වගාවට එන්න තිබ්බ. හයිවේ ඇවිත් සුද්දගෙ ස්පොට් එකට එන්නමයි හිත.

    ReplyDelete
    Replies
    1. එන්නකෝ ඉතින්...ඔය වීකෙන්ඩ් එකක් ඇල්ලුවනං මොකෝ වෙන්නේ...!!

      Delete
  17. මම නෝනාගෙන් පර්මිෂන් ගත්තා.. එක වීක් එන්ඩ් එකක් ගෙදර නොගිහිං ඉන්න :)

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා දිග වීකෙන්ඩ් එකක් එනෝ නේ...මොකෝ කියන්නේ..යමුද සයිට් විසිට් එකක්....?

      Delete
    2. කොහෙද දිග වීක් එන්ඩ් එකක්...
      අපිත් රජයේ සේවකයෝ ගාණට හිතාගෙනද කතා කරන්නේ... ;(

      Delete
    3. ඒ වික් එන්ඩ් එකේ මටත් නිවාඩු තියෙයි

      Delete
  18. දැන්ම දවල්ට කන්න ඕනේ! නැත්නම් උඹට බඩේ රුජාව හැදෙනවා!

    ReplyDelete
    Replies
    1. මට ඉතරක් නම් මදෑ..මුලු දික්වැල්ලටම හැදේවි...!

      Delete
  19. ඔන්න ඕක තමයි අපි ඔයාට කියන්නේ බයිට් නැතුව බොන්නෙපැයි කියලා...කොහෙද අහන එකක්ය...!

    ReplyDelete
  20. දික්වැල්ලටම ඉස්පෙශල් බිත්තර කඩල එක සෙට් උනේ නැද්ද තාම? පොලිසිය ඉස්සරහා පොට් එකක තියෙන්නෙ නම මතක නෑ. ආයෙ පොලේ කඩේක තියනවා මික්ස් මුරුක්කු එකක්.. උම්බලක්ඩ අනන් මනන් එක්ක. ඒකත් මරු..
    ජයවේවා..!!

    ReplyDelete
  21. ඔය සුද්දා එදත් වහල තිබුනනේ...
    නරක වෙලාව...

    ReplyDelete
  22. අටං සෑර් මේ මොකාටද දන්නේ නැ එන්න හදන්නේ.
    ආප්ප කාල එක්කෙනෙක් කරපු හරිය මදෑ.

    ReplyDelete
  23. Ayi ban apita mehema karanne.me post ekata liyala mage perethakama depitin yawapu bolawa Kotiyama kapiya.

    Visas pisipaha kolla kale oya paththe sahenna karakuna chef. Oya liyawechcha bihimayak gamdanaw Wala thama e kale awe giye.

    Lankawata awama aniwa enawa bolage waththa balala yanna.

    ReplyDelete
    Replies
    1. සිංහල නැතෙයි
      යමුද සුද්දා බලන්න

      Delete
    2. අ.කා. අපේ පිස්සු ඩොකාත් උඹව හම්බෙන්න හරි ආසාවෙන් ඉන්නේ...එනකොට දැනුම්දුන්නා නං ශෝක්....!!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....