Wednesday 1 February 2017

කඩමු අපි ගම්මිරිස්







අමරා ප්‍රේමා ශාන්ති
 සමග
වීරකැටියේ අක්කා
දනේශ් සමග පියංගිකා
ඉනිමං තිය තිය
පෝර උර එල්ලාන
කඩමු අපි ගම්මිරිස්




වීදියේ කඩෙන් ගෙනා
දොලහේ පාලහේ ටෙන්ට් රෙද්දට
බිච්චිය අල්ලන්
විලුඹ පැලුනු කෙසඟ කකුල්
එක්ක පොර බැන්ද කරල් ගම්මිරිස්
ඇටේ ඇටේ ගොඩ ගහන්
වැහි ඇඳුරට ඔච්චං කරනා
ඉලංදාරී හැඟුමෙන්
වේලමු ගම්මිරිස්




කිරින්දේ තොග මුදලාලිට
කිලෝව එක්දාස් එකසීයට
මහත්තයා දුන්නට
අමරා ප්‍රේමා සමග වීරකැටියේ අක්කාට
දනේශ් පියංගිකාට
දවසටම කුලිය 
හයසියයි උනකොට

හංදියේ දොස්තර මහත්තයා
සයිටම්ද නැත්තං මහත්තයාගේ
ලොකු බේබී වගේ ඒරොප්පෙන්ද
දොස්තර විභාගේ කොලේ කියනෙක 
කොන්දේ අමාරුවට 
මොනා හරි පෙත්තක් බාම් එකක්
දෙනවනං




මොකටෙයි  බං අපිට....!!!

56 comments:

  1. ඇත්තමයි චෙෆාකි. මේ අපූරු අදහස් කොහොම මතුවෙනවද ඔය හිතට. කවි සිතුවිල්ලක්වත් පහලවෙන්නෙ නෑ, මේ අපූරු සටහන් කියවද්දි.
    අපේ ගෙදර ගම්මිරිස් වැල් 4ක් තියෙනවා. ඒ හින්දා ගම්මිරිස්වලට යන වියදමෙන් ටිකක් අඩුවෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි අවසර ගන්න ඕනැයැ දුමී..මේ සෙටිෆිකේට් ඇත්ත....!!!

      Delete
  2. ඇත්ත උනත් මෙහෙම ගලපන එකයි මටත් තියෙන පුදුමේ... බොහොම සීරුවට මිනිස්සුන්ගේ හිතට දැනෙන්න ලියන එකනම් ලේසි වැඩක් නෙවෙයි Archi, මට නම්. විශිෂ්ටයි

    ReplyDelete
  3. හම්මේ.. රන් කඳක්..
    ඒ මහත්තයා නං..
    අතිං ඇල්ලුවත් සනීපයි ..
    ආයි බෙහෙත් බොන්න ඕනෙම නෑ..
    ඒකට තිබොල්කැටියේ
    දිස්පැන්සිරියේ මහගෑනී..
    ලෙඩ බලන්නේ කොහොමද ගස් ගඳයිනේ කියල..
    දවසක් මූණටම කියුව මගෙ.. නොදෝකොං..
    .
    .
    .
    හා..හා.. වීරකැටියේ අක්කේ..
    ඒ වුනාට එයා ආණ්ඩුවෙ..
    මේ මහත්තයා.. සයිටම්ලු.

    ReplyDelete
  4. මොනව කියන්නද ඉතින් මේ සිතුවිලිනම් සුපිරියි. ඇත්තටම ඇයි චෙෆාකි ගම්මිරිස් ඔච්චර ගණන්

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් වෙන්නැති ලෝකේ වැඩියෙන්ම පාවිච්චිවෙන ස්පයිස් ජාතිය...ඉතිං ඉල්ලුමේ හැටියට සැපයීම නැතිනිසා ගණන් ඇති. කරාබු නැටි ගම්මිරිස් වලට වඩා ලාභ වෙන්නේ ඒක නිසා වෙන්නැති...!

      Delete
    2. කුරුදු නෙමෙයිද ගණන් වැඩි

      Delete
    3. අටම් අයියේ..දැන් කුරුඳු කිලෝවක් 2,100/- යි...ඉතින් කුරුඳු ගනන් ගම්මිරිස්වලට වඩා නේ...හේතුව කුරුඳු වගාව වියදං වැඩි කරුමාන්තයක් සුද්ධ කරන අය අඩු නිසා...ඔහේ දන්නවනේ
      පැටි මහත්තයාලගේ ගනන්....!!

      Delete
    4. මේක ටිකක් වෙනස් වෙන්න ඕනේ නේද ශෙපෑකි. ගම්මිරිස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා සැපයීමත් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි අපේ ගම්මිරිස් ප්‍රඩක්ට්ස් ඉහලම කොලිටියට ලංවෙන්නෙවත් නෑ.

      Delete
  5. චෙෆාකි ... ඔහේ දැන් දැන් අමුතු ඒවා නේ ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. ලියවෙන ඒවා නොව මේ..මක්කා කොරන්නෙයි ඉතිං...!!
      කමක් නෑ නේ....?

      Delete
  6. එක් දාස් පන්සීයට
    ගම්මිරිස් විකුණල
    'වනකෝලෙන්' බේත් ගන්නකොට
    ඉස්පිරිතාලෙ ප්‍ර‍යිවෙට් නිසා
    ඩෙකා සයිටම් උනත්
    මොකටෙයි බං අපිට.

    නියමයි චෙෆා

    ReplyDelete
    Replies
    1. ඕවා අමතකවෙලා යනෝ අපිට සුමානෙන් දෙකෙන්....තව ටොපි හම්බෙයි එතකොට සූප්පු කරන්න අපි කාටත්...!!

      Delete
  7. නියම අදහස... පද පෙළත් මරු..

    පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ....

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්..පොල් සම්බෝලෙකට ඇට පහක් හයක් කෙටුවම හොඳටෝම ඇති...!!

      Delete
  8. ගම්මිරිස් ඇට ඇරියම ඉතුරුවෙන නැටි ටික පාරට දානවා නේද මිනිස්සුන්ට පෑගෙන්න.

    ReplyDelete
    Replies
    1. ඊයේ හවස ප්‍රේමා අමරා ශාන්ති වීරකැටියෙ අක්කා එක්ක ඕක කතා කලා...එහෙම දැම්මාම තව තව වැඩියෙන් හැදෙනවලු ඊලඟ වාරේ...මම නං කිව්වේ ඒ නැටි දිරන්නේ නැතුව ඇති ඒ නිසා ගස් මුල්වලට නොදා පෑගෙන්න පාරට දානව ඇති කියලා..මහත්තයාට පිස්සුය කියල තමයි උත්තරේ හම්බුනේ....:)

      Delete
    2. මහත්තයාට පිස්සු:D

      Delete
    3. අපේ ගෙදරත් මූලික ආදායම් වලින් එකක් ගම්මිරිස්. ඒ හින්දා මාත් පොඩ්ඩක් ඔය ගම්මිරිස් බිස්නස් ගැන දන්නවා. ;)
      ඔය නැටි කතාව මම හිතන්නේ කාලයක් තිස්සේම කටින් කට ගිහින් වෙච්ච කතාවක් ඇත්තක් වෙලා. අපේ ගෙදරත් කවදත් පාරේ තමයි දාන්නේ නැටි.
      අපේ ගෙදර ඈයෝ නම් ඉක්මණට වේලගන්න උතුරන වතුරට විනාඩි කිහිපයක් දාලා ගන්නවා. එයිට පස්සේ වේලා ගැනීම හරිම පහසුයි. සමහරවිට තෙත් කලාපේ හින්දා වැස්සත් අපිට වැඩියි නෙව. අමු ගම්මිරිස් වේලන්න දැම්මම සෑහෙන කාලයක් වේලෙන්න යනවා වගේ බරත් අඩුයි.

      Delete
    4. උතරපු වතුරේ විනාඩි හතක් තියලා මද පවනේ වේලන්න ඕනි..එතකොට හොඳ කොලිටි පෙපර් එන්නේ
      .නමුත් විකුනන්න ගියාම තොග ගන්න අය, ඒ කිව්වේ මට නං කිරින්දේ හරි කබුරුපිටියේ හරි, දෙන්නේ එකම මිල..ඉතිං තවත් කාලය නාස්ති නොකර අව්වෙම,වේලනව ගොඩාක් අය...!

      Delete
  9. ඇට ගලවන්නේ නැතුව කුඩු කරලා පැකට් කොරල විකිණුවා නම් ඔහේට ෆුඩ් සිටි එකේ වගේ නැටි ටිකත් කිලෝව සුපියල් දෙදාහ ගානේ වගේ දෙන්න තිබ්බ...
    එහෙමනම් අර මනුස්සයින්ට දවසේ කුළිය අට සීයක් දාහක් දෙන්නත් තිබ්බා...
    එහෙනම් ඇඟේ අමාරුව ලොකුවට දැනෙන එකකුත් නැහැ...

    ReplyDelete
    Replies
    1. හපොයි මගේ ලමයි දෙන්නට කන්න දෙන්නේ මේ ගොවිතැන් වැඩ වලින් හම්බෙන දෙකයි පනහෙන්..අපායේ යන පව්කාර වැඩ කොරන්නේ කොහොමෙයි ලොකු පුතේ...!!

      Delete
  10. අපේ ගමේ දොස්තර මහත්තයෙක් ඉන්නවා. හතර දිග්බාගෙන්ම ලෙඩ්ඩු එනවා බෙහෙත් ගන්න. හේතුව හොඳට කතා බහ කරලා ලෙඩ ගැන කියල දීලා, එයාට පුලුවන් නම් බෙහෙත් දීලා, නැත්නම් අහවල් දොස්තර ළඟට යන්න කියල උපෙදෙසුත් දෙනවා. දොස්තරකමට වඩා මනුස්සකම. ගමේ අයට දරන්න පුලුවන් මිලකට...

    මූලික වෛද්‍ය උපාධිය විතරයි තියෙන්නෙ.. අපේ ගම්වල අයට නම් ඒකවත් වැදගත් කියල මං හිතන්නෙ නෑ. දොස්තර මහත්තයට හොඳට ලෙඩ තේරෙනවා කියලයි ගමේ අය කියන්නෙ...

    ගමේම ගෙයක් දොරක් හදාගෙන හොඳට ජීවත් වෙනවා. ඇත්තටම ගම්වල මිනිස්සුන්ට මේ සිද්දවෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ. එදාවේල හොයාගන්න එක ගැන තමයි එයාල කරදර වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එදාවේල සරිකරගන්න කරදර උනාට ගම්වල උදවියට සිදාදියේ අත්තොන්ට වඩා දැනුං තේරුං තියෙනවා, හේතුව පොලොව එක්ක නොව හැපෙන්නේ...ඉතිං සතා සීපාවවත් කරදරයක් කරගන්නේ නෑ...!

      Delete
  11. නැතුවම බැරි ගම්මිරිස්.....

    ගම්මිරිස් වේලන්නට පෙර උනු වතුරේ බස්සලා ගන්නවා කියන කතාව ඇත්තද ශෙෆෝ...

    අමු ගම්මිරිස් උඹ උයන පිහින වෙලාවට පාවිච්චි කරනවද...

    ReplyDelete
    Replies
    1. විනාඩි හතක් නටන වතුරේ තියලා අරන් මදපවනේ වේලුවාම හොඳ කලු පාටට එනවා..නැත්තං කෙලින්ම අව්වේ වේලනවා..එතකොට ටිකක් පාට අඩුයි...!!
      අමු ගම්මිරිස් පාවිච්චි වෙන්නේ ෆ්‍රෙන්ච් කුසින් වලනේද???

      Delete
    2. ///අමු ගම්මිරිස් පාවිච්චි වෙන්නේ ෆ්‍රෙන්ච් කුසින් වලනේ////

      ඔව්..ඔය සමහරක් සෝස්වලට ගන්නවා. ග්‍රීන් පෙපර් ඉන් බ්‍රයින්..පොඩි බෝතල් එනවනේ.

      මචං...අමු ගම්මිරිස් පේස්ට් එකක් හදලා පාවිච්චි කරපන් අපේ කෑමවලට බලන්න. සම්බොලෙට එහෙම නැගලා යයි.

      Delete
    3. "අමු ගම්මිරිස් පේස්ට් එකක් හදලා පාවිච්චි කරපන් අපේ කෑමවලට බලන්න. සම්බොලෙට එහෙම නැගලා යයි."

      මෙන්න කතාව... 100% ටෙස්ටඩ්.

      ෆ්‍රෙන්ච් කුසින් විතරක් නෙමෙයි මෙඩිටෙරේනියන් කුසින් වලත් භාවිතා වෙනවා. ;)

      P:S අපිවත් ඔහොම අමතක කරනවද මම අහන්නේ... :))

      Delete
    4. පොඩියට ෆියුශන් පාරක් දාලා බලන්න ඕනී..මඩ් ක්‍රෑබ්ස් හදන්න ඕනී ග්‍රීන් පෙපර් වලින් මැරිනේට් කරලා...!!

      Delete
  12. එක ගම්මිරිස් පඳුරකින් කිලෝ කීයක්, අවුරුද්දකට කී වරක් ලැබෙනවද හිටන්?

    ReplyDelete
    Replies
    1. එක පඳුරකින් නේද....මේකයි..ගම්මිරිස් ඉතින් වැල් තමයි තියෙන්නේ, පඳුරු ගම්මිරිස් ජාතියකුත් මම රත්නපුරේ දැකලා තියෙනවා අපේ ගෙදර..නමුත් වානිජ වශයෙන් වවන්නේ වැල්, යැබැයි අඩි හයේ ආධාරක වල උස යන එක නවත්තන්න..මේ මගේ පලමුවෙනි කොමර්ශල් යීල්ඩ් එක...මම පැල 1500ක් හිටෙව්වේ..එතනින් අඩුමගනනේ දාහක්වත් ලොකුවෙන්න ඇති..තාම අස්වැන්න නෙලමින් පවතින්නේ..හෙට,අනිද්දා බලතෑකි කිරලා..කොහොමත් කිලෝ සීයකට වඩා ඇති...
      මාස අටෙන් අටට තමයි අස්වැන්න නෙලන්නේ කුරුඳු වගේ...!

      Delete
    2. චෙෆාකි උයන අඳින මවන කෙනෙක් කිව්වට වගාකරන එකත් පටන් අරන්. කොහෙද ඔය වගාබිම තියෙන්නේ.

      Delete
    3. @ දුමී...chefarchitect@gmail.com මෙන්න මේ ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ඒවන්න ඒතකොට මම ගොවිපොල තියෙන තැන කියන්නං...එහෙම හොඳයි නේද..?

      Delete
    4. ඔන්න දුමී වෙනස් කොලා ඒක....!!

      Delete
    5. ඔව් චෙෆාකි. වගාවට මාත් කැමතියි. ඉතින් මේ වගාබිම බලන්නත් කැමැත්තක් තියෙනවා.
      ඔව් දැන් නම් තේමා වැකිය ගැළපෙනවා.

      Delete
  13. http://timesofindia.indiatimes.com/home/science/Pop-some-pepper-to-boost-your-sex-life/articleshow/827762.cms


    http://www.wired.co.uk/article/pepper-robot-sex-banned

    ReplyDelete
    Replies
    1. ඕව බලන්න බයිට් නෑ මෙයා අපිට...ඔෆිස් එකක නෙවෙයිනේ අපි ඉන්නේ...!

      Delete
  14. ඉස්සර ගමේ ඉද්දි අපේ වත්තෙත් ගම්මිරිස් තිබුණා..අඹ ගස් වලට එහෙම ගිය වැල් වල ගම්මිරිස් කැඩුවෙ ඉණිමගේ නැගලා.....
    ඒත් ඉතින් ඔහොම ලියන්න කාටෙයි මතක් වෙන්නෙ ඕවා....අපූරුයි චෙෆ්...
    සයිටමුයි ආණ්ඩුවයි ගැන මෙලෝ අදහසක් ඔලුවට එන්නෙ නෑ..ඕං

    ReplyDelete
    Replies
    1. ඒවා ඔලුවට ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ විසිරි...බත් ටිකක් කාලා නිදාගන්න මිනිස්සු අපි...සාධාරනෙන් කීයක් හරි හොයාගෙන ඉන්න එක කලාම හොඳටම ඇති...!
      දැන් අඩි හයේ ආධාරක වල හිටවන්නේ...ඉතිං ගස් නොනැග පොඩි ඉනිමගක් පාවිච්චි කලාම ගොඩ...!
      :)

      Delete
  15. බළලා මැටියෙන් උනත් මක්කා වෙනවැයි චෙපා රාජකාරිය කොරනවා නම්...

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඕකුන් මැට්ටෝ තමයි බං...!!

      Delete
  16. හංදියේ දොස්තර මහත්තයා හොර දොස්තරෙක් නම් ?

    ReplyDelete
    Replies
    1. කැස්සට හෙම්බිරිස්සාවට අපි පාමසියෙන් තනියෙම බෙහෙත් ගන්නවා වගේ ගමේ මිනිස්සු හංදියේ දොස්තර මහත්තයා ගාවට යන්නේ සිල්ලර ලෙඩවලට, අමාරුවක් උනාම කරාපිටියේ යනෝ, මොකෝ හැම ඩිපොවෙන්ම බස් දාලා තියෙනවා කරාපිටියට...!!
      ඉතිං හොර දොස්තරලාටත් මේ ක්‍රමයේ අහිංසක පැවැත්මක් තියෙනවා...!

      Delete
  17. දැන්නෙ ආර්කියෝ මෙවා කියවන්න ගත්තෙ හරියට , ඔහෙත් අමුතුම ඉට්ටයිල් එකකට නොවැ ලියන්නෙ හරි අපූරැයි

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....