Monday, 5 October 2015

මව් කිරි





තව මාසයක් ගියාම මොකක්ද අප්පා කරන්නේ....සුමානෙක වෙලාවේ ඉඳන් තිලක්ගේ යටි හිත ඔය සිතිවිල්ල උඩ දදා ඉන්නේ. කොළඹ තනිවෙලා, පාරක් තොටක් තේරෙන්නෙවත් නෑ. බාප්පලාගේ උදව්වක් උපකාරයක් ඇරෙන්න අවවාදයක් අහගන්නවත් කෙනෙක් නෑ.

කාන්තිගේ මූණයි, කිරෙන් පිරිච්ච පපුවයි පොඩී එකීගේ අතපය උඩ දැමිමයි දකිනකොට ආපහු සිතිවිල්ල ලිඳට වැටිච්ච පොල් ඇට්ටියක් වගේ ජබුස් ගාල යට යනවා.... මුලු ඇනෙක්සිය පුරාම තියෙන්නේ කෙළීගෙ ඇඳුම් හෝදලා වැනුවාම එන ලේ මුසු කිරි සුවඳ....අවුරුදු 21ක් වෙනකොට මේ සුවඳ අයිතිකරගන්න වාසනාවක් තියෙන්න ඕනිය කියලා පුංචිඅම්මා කිව්වට වයසට වඩා බර උහුලලා තියෙන තිලක්ට මේ හැමදේම දැනෙන්නේ සාක්කුවෙ තියෙන මාරුකාසි ගානට කරන්න පුලුවන් දේවල් වලින් එහා තියෙන අනිත් ඒවා වගේ. එහෙම දැනෙනකොට කිරි සුවඳට වඩා ලේ සුවඳ ඉස්සරවෙනවා කියලමයි තනියම හැම වෙලාවෙම කථා කරනකොට තිලක් කියාගන්නේ.

ඉස්කෝලෙන් අස් උනේ ඊයෙ පෙරේදා වගේ දැනුනාට කැම්පස් එකෙන් අවුට් වෙලත් දැන් අවුරුද්දක් ගිහින් නේද කියල තිලක්ට හිතුනේ ගිය මාසේ අන්තිම කැම්පස් සීසන් එකක් ගන්න බාප්ප හම්බවෙන්න ගියාම. ඒකටත් රුපියල් පනස් දෙකක් නැතිව හංදියේ ජිනන්දගෙන් ලෝන් එකක් ඉල්ලගන්න උනා නේදැයි කියල හිතෙනකොට අපරාදේ ඒලෙවල් පාස් උනේ කියලමයි තිලක්ට හිතෙන්නේ. ඉරඔට්ටුවක් ගහගෙන ජීවත්වෙන්න තිබ්බා කැම්පස් නොගියානං.

අම්මට ලියුමක්වත් ඇරියේ නැත්තේ ලැජ්ජාවට. ඊටත් වඩා බයට. කැම්පස් එකෙන් එලියට එනකොටත් කාන්ති එක්ක අවුරුදු දෙකක් විතරම යාලුවෙක්ගේ කාමරයක් අරන් හිටිය නිසා හීනෙකින්වත් හිතුවේ නෑ බබෙක් හම්බවෙන තැනට වැඩ සිද්ධවෙයි කියලා. ඉස්සරවෙලාම කාන්තිව අම්මට එක්කන් ගිහින් පෙන්නුවේ දෙන්නාම දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට, අම්මානම් දැක්ක හැටියේ කාන්තිට කැමති උනා. ඒත් තාම මතක් වෙන්නේ අම්ම ඇවිත් කාර් එකේ දාගෙන ගිහින් දෙන්නව බන්දපු දවස. උඹලා ඔහොම ඉඳලා ලමයි හදා ගත්තාම උන්ගේ උප්පැන්නේ අවජාතක කියල දාන්න වෙන්නේ කියල රෙජිස්තාර් ගාවට ඇදගෙන ගිහින් අස්සන් ගැස්සුවේ තිලක්ගේ අම්මා. කාන්තිගේ අම්මලා එයා තාම පොඩි ලමයෙක් කියල හිතෙන්නැති කරදර නොකරේ. කැම්පස් එකට කාන්තිව බලන්න ආවේත් අයියා විතරමයිනේ.

තිලක්ට මතක් වෙන්නේ කාන්ති බොහොම අමාරුවෙන් පොඩි පොඩි රෙදි කැලි ගෙනල්ලා පොඩි එකීට බේබි ඇදුම්, නැප්කින් එහෙම මහගත්ත හැටි. එයානම් දැන් අම්ම කෙනෙක් වගේමයි. ඒත් තිලක්ට තාත්තා කෙනෙක් වගේ හිතෙන්නේ නැත්තේ ඇයි කියල හිතෙනකොට මොකක්දෝ මහ කාලකන්නි දුකක් හිතට එනවා. තාත්තා කෙනෙක් වෙන්න ගොඩක් වයසට යන්න එපැයි කියලමයි තිලක්ට හිතෙන්නේ.

අද සෙනසුරදා නිසා හිතන්න වෙලා වැඩියෙන් තියෙන එකත් මහ කරදරයක් නේදැයි කිය කිය ඉන්නකො තමයි එක පාරටම රත්නායක මාමලගේ කලු පාට ෆොර්ඩ් ප්‍රිෆෙක්ට් එක ඇනෙක්ස් එක ඉස්සරහා ගෙදර මිදුලට හැරෙව්වේ...

අම්මා...

කාරෙකෙන් බහින අම්මාගේ මූඩ් එක කචල් බව තිලක්ට දැනුනෙන් විදුලියක් වැනි දෙයක් පිට කොන්ද හරහා ඇවිලී ගියේ කාන්ති මෙන්න අම්මා ඇවිල්ලා යයි කියද්දීමයි. කාන්ති දරුවාව දෑතින් ගෙන අම්මාට දුන්නේ මහා ලොකු ප්‍රාතිහාර්යක් කල අයුරින්. කොහොමත් අම්මාට ආදරේ බැව් තිලක් දනී.

"හප්පේ මයේ කෙල්ලට මේ අම්මයි තාත්තයි සලකනවද දෝනියී....."

අම්මා දරුවා හුරුතල් කරන්නේ ප්රශ්න අසමිනි.

"අම්මියා ඔයාට කුක්කු දෙනවද පැටියො..."

"කෝ මේ දරුවගේ තට්ටම් දෙකම රතුවෙලානේ. ඇයි ලමයො රත ගාය හැදෙනවා පොඩි අයට කියල දන්නේ නැද්ද.."

තිලක් කාන්ති ගේ මූණ බැලුවේ අනේ මමනම් ඕවා දන්නේ නෑ යැයි කියනා අන්දමිනි....

"මම තාත්ත එක්කත් කතා කරලයි අද ආවේ. ඔය දෙන්නට මේ ලමයා හදන්න දන්නේ නෑ. මම ලමයා අරන් යනවා ගමේ. කාන්ති ආයේ වැඩට යන්නත් ඕනිනේ. ඔය ඇඳුම් කෑලි ටික ලේස්ති කරලා දෙන්න දුවේ..."

"අනේ අම්මේ මම තාම දූට කිරි දෙනවා. මට නිවාඩුත් තියෙනවා තව මාසයක්..."

කාන්ති එහෙම කිව්වට අම්මාගේ තරම දැනගත් තිලක් පොඩි එකීගේ ඇඳුම් මල්ලකට දාන්නට පටන් ගත්තා.

'අනේ තිලක් කොහොමද මම මේක කරන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද. දූ නැතිව අපි කොහොමද ඉන්නේ.."

තිලක් කිසිවක් නොකියා ඇඳුම් බෑගය රැගෙන කාර් එක වෙත ගියේ කෙසෙල් කොටයක් ලෙසින්. දරුවා රැගත් වාහනය කන්ද බැස යන අයුරුත්, පසු පස වැලහින්නියක් සේ විලාප නගමින් දුවන කාන්තිත් බොඳවෙමින් පවතින දැසින් බලා සිටන තිලක්ගේ පපුව හිරවෙනවාත් උගුර වියලී යනවාත් කකුල් පන නැතිවේගෙන එන බවත් දැනුනි....

"තිලා...ඒයි...තිලා...මොකෝ මේ මෙච්චර හීතලේ ඔයාට දාඩිය දාලා..අන්න දූගේ නම කිය උනා...අර අර.. බලන්න එයා තමයි ඊලඟට ස්ක්රෝල් එක ගන්නේ...ලමයෝ..තිලා..."


ආචාර්ය උපාධිය සඳහා අවුරුදු හතක් එක්සත් රාජධානියේ ඉගෙනගත් කෙල්ලගේ අද උපාධි ප්‍රධානෝත්සවය නේදැයි තිලක් ට පසක් උනේ කාන්තිගේ මොර දීමෙනි

අම්මා කෙනෙක් හැටියට ඇය අද උදම් අනන්නී....තාත්තා කෙනෙක් හැටියට තමාට කොච්චර හංගාගත් දේවල් අරන් යන්න ඇද්දයැයි සිතමින්, අනෙක් සුද්දන් මෙන් තිලක්ද දකුනතේ දබරගිල්ලත් මහපටගිල්ලත් කටේ තද කරගෙන විසිල් එකක් ගැහුවේ යට ගියාව ඔහේ තිබෙච්චදෙන් මා ලඟම කියා තමාටම කියාගනිමින් ....


පිදුම දියනියට.....
නිමිත්ත: ප්‍රාජේ සමග කල කතාබහක ප්‍රතිපලයක්...

108 comments:

  1. ඉරඔට්ටුවක්/// කියන්නෙ මක්කෙයි චෙෆාකි
    අර කතාවක් තියේනෙ ගගක් වුණත් ලස්සන වෙන්නෙ ගල් පර වල හැපි හැපී පහළට බහිද්දි කියල තිලක් වුණත් කාන්ති එක්ක ඔච්චර දුර ය්න ඇත්තෙ ඒ කාපු කට්ට හින්ද වෙන්න ඇති.

    මුල ඉදං කියවං පල්ලහට ඇවිත් අන්තිමට අර පොල්ලෙං ගහන්නැහෙ කතාව ඉවර කරල දාපු එකෙන් පොඩි අන්ද මන්ද ගතියක් ආව තමයි
    හැබැයි ඒකෙත් පොඩි ලල් එකක් තියෙයි.
    අපිටත් මොනා මොනා හරි හිතාගන්න ඇහැකි නෙ කතාවෙ නොකීව තැං ගැන
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සුරංගගෙන් අහන්නකෝ....ඌ දන්නව ඉරෝට්ටුවක් කියන්නේ මොකක්ද කියලා.....!
      ඔක්කෝම ලියන්න ගියානං උපේක්ෂා වගේ ඔලුව කැක්කුම හැදෙන කතාවක් ලියන්න වෙන්නේ....ඒකයි කොට...

      Delete
    2. දැන් ඉතින් ඔබතුමා ලියන එව්වගේ තේරුම දැන් ශ්‍රන්ගයා ගෙන් අහගන්න වෙලාද? මමත් ඕක දන්නේ නැහැනේ.

      හත්වලාමයි, මගේ කතාවට ඔබතුමාගේ ඔලුව කැක්කුන් ඇල්ලුවද? ඒකම මදැයි නේද? නෑ මං කිව්වේ ඔලුවක් තියෙන එකම.... ලියන්නෑ ආයේ කාලෙකට ඕක!

      Delete
    3. සොරි බෙල්ලේ කැක්කුම ඇල්ලුවේ.....ඔලුවක් තියේ නම් බ්ලොග් ලියැයියෑ....!

      ඉරෝට්ටු ගහනවා කියන්නේ, කාගේ හරි මැනික් ගලක් අරන්, සුදු සරමකුයි, සුදු ෂර්ට් එකකුයි ඇඳගෙන සත්නපුරේ අඹ ගහයට හංදියේ හරි, ඔරලෝසු කනුව ඉස්සරහ හරි ඒවා විකුණන එකට...ඒ ජොබ් එකේ රස්ම දේ තමයි සාබි එකෙන් උදේට ඉඳිආප්ප ඩයට් එකක් දාලා, කහට මාබල් වෙච්ච එලකිරි කාලක් ගහලා ගෝලීප් එකක් බොන එක...සාස්තර රස්සාවට කලින්, අත්ට්‍රැකටරේ වැඩ කරන කාලේ මාත් ඔය ජොබ කොලා.....පොඩි අවුලක් නිසා අත ඇරියේ..ඒකත් රස කථාවක් අනේ...
      ඔහේ මගේ මතකය ගෙනියන දිහාවල් ඇත්තටම...!

      Delete
  2. එල ද බ්‍රා අයියන්ඩි..
    මේ නිර්මානාත්මක හැකියාවට විදුරැව උඩට උස්සලා චියර්ස් කියලා ගහනවා තව අඩ්ඩක්..

    ReplyDelete
    Replies
    1. චියර්ස් එහෙනං....!

      Delete
  3. බිම දාලා තදකරල, පාගල, එක පාරට ඇදල උඩට ගත්ත. නියමයි චෙෆාකි.

    ReplyDelete
    Replies
    1. බිම දාලා පාගනකොට අඹ සුවඳ ආවේ නැතෙයි....?

      Delete
    2. කාලා බිලා ඉවර වුන වෙලාවක යන්න එලියට බැහැලා
      “වරෙන් මෙන්ඩා මම උඔව ගිහින් දාන්නම්“
      “මාව ඔය කොහෙන් හරි දාපන් බං“
      “පිස්සුද බං..කියපන් උඔව දාන්නම්“
      “මම ත්‍රිවිල් එකක් අරගෙන යන්නම්“
      “මම උඔව එහම මග දාලා යනවද? කියපන් උඔට කොහෙටද යන්න ඔනේ උඔ කියන තැනකට දාන්නම්“
      “හරි බං එහනම් ඔන්න ඔතනින් දාපන්...අපේ වාහනයක් එනවා ඒකේ එල්ලිලා යන්නම්“
      “උඔගේ වාහනේ එනකන් මම ඉන්නද?“
      “උඔ කොහෙටද යන්නෙ?“
      “මම ආපහු *ා**ි*යට යන්නේ“
      “යකෝ...මාව දාන්නද මෙච්චර දුරක් ආවේ“
      “ඒක අවුලක් නෑ අපි යාලුවොනේ“
      “මාව ඔහම දාලා උඔ පලයන් බං මම යන්නම්“

      අඔ සුවද එක්ක නියම යාලුවෙකුගේ සුවද දැනුනා

      චෙෆා උඔට පිං මේ වගේ යාලුවෙක් අදුන්නලා දුන්නට.
      පත්තරයා උඔට පිං චෙෆා වගේ යාලුවෙක් අදුන්නලා දුන්නට..

      Delete
    3. උඹේ කථා ටික මරු බං. අර හමුදාවේ වෙඩි තියන කතාව නො 1 යි. උඹව දැනගන්න ලැබීමත් පිනක්. හිනා වෙලා මැරෙන්න හරි.

      Delete
  4. අවස්ථා සම්භන්ද හොයන් නැතුව රස විඳින්න ඕනි.. අන්තිම පැරග්‍රාෆ් දෙක තුන කියෙව්වම හිතේ බර අඩු උනා.. නැත්නම් තාත්ත කෙනෙක් වෙනවා කියන්නේ සුවල්ප බරක්ද හැබැට?

    ReplyDelete
    Replies
    1. උඹයි මායි කොහොමත් බර වැඩියිනේ කමියෝ....තාත්තාකම කෙසේ වෙතත්..නැද්ද..?

      Delete
  5. ශෝකාන්තයක් දෝ කියල බයෙන් බැලුවෙ. කොහොම හරි අම්මයි ,තාත්තයි ,දුවයි ,ආච්චියි ,සීයයි ඔක්කොම දුවගෙ ජයග්‍රහනය ගැන සතුටින් ඉන්නවනෙ.
    නියම තැනින් කතාව turn කලේ නැත්තං පපුව හිරවෙනව.

    ReplyDelete
    Replies
    1. කම්මල් ලෙඩේ හොඳ වෙලා වගේ....ඩබොල් නැතිව කිසි ගතියක් නෑනේ....!

      Delete
    2. දැම්ම දාන්නෑ පස්සෙ හොරා වගේ දෙවෙනි එක දායි.

      Delete
  6. බුදු අම්මෝ, සියලු කතා බහ බ්ලොග් පෝස්ට් නිමිති නොවේයයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනව. නැත්නම් මෙහි කතෘතුමා හා එයත් එක්ක කතාකරන මෝඩ මං විතරක් නෙමෙයි කිලෝමීටර් දාස්ගාණක් ඈත ඉන්න අහිංසක මල්ලිලත් කපෝති වෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා

    ( //තාත්තා කෙනෙක් හැටියට තමාට කොච්චර හංගාගත් දේවල් අරන් යන්න ඇද්දයැයි සිතමින්//
    ඇයි ඒ ?
    කාන්තිගෙ තාත්තගෙ පයිප්පෙ දක්වා කතාව යයිද? ඒවා තාත්තා කෙනෙක් විදිහට විතරක් නෙමෙයි මිනිහෙක් විදිහටත් නොහංඟා කියල අනිත් අයටත් ආදර්ශයක් දෙන අද්විතීය Thilak's special achievements ! )

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ පොතක් තමයි ඉතින් ලියන්න වෙන්නේ...ඒක නෙවෙයි ගෝස්ට් රයිටර් කෙනෙකුට වේකන්සියක් තියෙනවා ඇප්ල්යි කරනවද....?
      මල්ලී ගැන නං කියා වැඩක් නැත....!

      Delete
    2. ජීවිතේ සුන්දරයි අයියලා :D
      ඉබ්බ ගෙට එන්නේ අජිනමොටෝ එක සාක්කුවෙ දාං..හැක හැක

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙන්ඩියෝ පත්තරයා කමෙන්ට් මකනෝ...! බේරගනියෝ....!

      Delete
    2. පත්තර මල්ලි ආතර් යාලුවද?

      Delete
  8. චැහ්.. අප්ෂැට් සීන් එක . හැබැයි සෑර් මං නං දෙන් නෑ !!

    ReplyDelete
    Replies
    1. තිලක් දුන්නනේ..දීල ආයෙත් අරං ආවලු අවුරුදු දෙකකට පස්සේ....ඕක දිග කථාවක් මලේ..මාගල් ලියාගන්න හයිය හත්තිය නෑ බොලාට වගේ....

      Delete
  9. අම්මාලා තාත්තාලා හැමදාම ලමයි ලොකු කරගන්න දුක් විදිනවා.ලමයි ගෙන් සතුටක් අනාගතේදි ලබන්නෙ ඉතාමත් අල්ප දෙමව්පියන් කොටසක් පමනයි.එය මගේ හිතේ තියෙන හැගීමකි.එම ගොඩට මා නොවැටේවා මගේ පැතුමයි....

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඒ ගොඩට නොවැටෙවා යන්න මගේත් පැතුමයි....!
      ජයවේවා...!!!

      Delete
  10. පොඩි එකාව ගෙනියන්න දීපු එක මමනම් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ...
    පස්සේ එක්කාසු උනත්... ;(

    ReplyDelete
    Replies
    1. රුපියල් පනස්දෙකෙන් කැම්පස් සීසන් ගත්තේ කොයිකාලෙද..අන්න ඒ කාලෙට ගිහින් හිතන්න පුලුවන් නම් ඔහොමම කියන එකක් නෑ...ලොකූ...!

      Delete
  11. Replies
    1. ඕවත් කථාද මලේ....! ඒත් ලස්සනට දැනුනා නං හොඳයි...!

      Delete
  12. @PM, c-a & LP,

    සිද්ධීන්, වයස, චරිත, චරිත අතර සම්බන්ධය, විශ්වාසය, ආදරය, පසුබිම, වුන කාලය ඔය හැම එකම ඒ ඒ පුද්ගලයින්ගේ අවස්ථා අනුව වෙනස්. එනිසා පිට කෙනෙකුට ඔයවගේ දේවල් ගැන judge කරන්න යුක්තිය පසිඳලන්න බෑ. අපිට කියන්න පුලුවන් අපි කොහොමවෙයිද කියන එක මිසක් වෙන කෙනෙක් කලදේ හරිද වැරදිද කියන එක නෙමෙයි . අපිට නොහැලපෙන නරක දේ වෙනත් කෙනෙකුට හරියන්න පුලුවන්

    ඒ ඔක්කොටම වඩා වැදගත් දේ වර්ථමානයේ සිට බලනකොට ඔය චරිත ඔක්කොමටම එයින් හොඳක් මිස නරකක් නොවී තිබීම

    ඒ කොහොමවුනත් පත්තරතුමා බයවෙලා කමෙන්ට් මකන එකනම් මං අනුමතකරන්නෙ නෑ. කාන්තා පාර්ශවයක් නැති තැන එතුමා නිර්බීතයි කියල මං හිතන් හිටියෙ

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාවය උනේ හැගීම් උද්දීපනය කිරීම...අනෙක් කාරණය නම් ඈත සිට බලනකොට PJ කියනවා වගේ පැපොල් උනත් ඇපල් වගේ නේ පේන්නේ...අපි එකපාරටම මතුපිටට නේ ඇටෑක් කරලා පුරුදු..කලබල නොවී නිවිහැනහිල්ලේ දිරවගත්තම අවුල් නෑ..
      කෙසේ වෙතත්, මම මුල ඉඳන්ම හිතපු දෙයක් තමයි ආසියානු මානසුකත්වය හරිම පරාර්ථකාමීය කියන දේ, කොච්චරම ආත්මාර්ථකාමී චරිත තිබුනත්...අපි කොයිවෙලාවේදිවත් අපේ සැප සතුට නෙවෙයිනේ ඉදිරියෙන් තියාගන්නේ..ඊට පසු පසුතැවිලි වීමනේ කරන්නේ... අපේ සතුට පූජාකරපු ඇත්තන් හරි දේවල් හරි සතුටෙන් ඉන්නවා දකිනකොට...
      ඒකයි අවුල....කී දෙනෙක් නම් හරි තීරණ අරන් නැතුව ඇද්ද අනවශ්‍ය ආකාරයට පරාර්ථකාමී වෙලා...


      පත්තරයා බය නෑ..ඌ හරි ලැජ්ජා කාරයා..ඒකයි මකන්න ඇත්තේ....නැද්ද පාද්‍රේ...?

      Delete
  13. කලින් කතාව කියවලා තියෙන නිසා අවුලක් නෑ.... අර පොඩි එකා උදුරාගෙන ගියපු නෝනත් මේ කතාව මට කිව්වා.. ඒවා ඉතින් මගේ ටැලන්ට්.. ඒත් කාන්තිට ඇති උන වේදනාව නම් හිතා ගන්නත් අමාරුයි.. මොකද මගේ යාළුවෙක් දරුවෙක් දරුකමට හදාගන්න ගෙනත් මේ විදියේ දෙයකට මුහුණ පෑවා.. පස්සේ ඒ යකා ඒ අම්මටම දරුවා දීලා ආර්ථික වශයෙන් සැලකුවා... ඒ අම්මා ඇවිත් දරුවා ඉල්ල ඉල්ල අඬන ඇඬිල්ල මම දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පොත කොටස් වසයෙන් පල කරන්නයි අදහස..මේ සත්තරනේ අර දරුවා උස්සපු නෝනා එක්ක කථා හරි පරිස්සොමෙන් හරිය..එයා කඹුරුපිටියේ..හෙක් හෙක්...
      කාන්ති විඳපු දුක නම් මේ ලෝකේ තිරිසනෙකුටවත් විඳින්න දෙන්නේ නෑ තිලක් දැන්...මාස දෙකක් විතර තනකිරි හිරකරගෙන වැඩට ගියාලු ඕයි..පව් අප්පා...මේවා අපිට මොනාට කියනවද දන්නේ නෑ මෙයා...!

      Delete
    2. සොඳුරු වේදනාවන්.....

      Delete
  14. තිලක්ගෙ අම්ම ඇවිල්ල පට්ට අම්ම කෙනෙක් ... දුරදිග බලල වැඩ කලාට ....
    වෙන අම්මල නං බලන්න තිබ්බ ....
    මං හිතන්නෙ PHD එකේ වටිනාකමෙන් බාගයක් තිලක්ගෙ අම්මට එන්න ඕනෙ ...\

    ReplyDelete
    Replies
    1. අම්මලානේ බං ලමයින්ගේ තරම දන්නේ....PhD එකෙන් බාගේ නෙමෙයි මොනා දුන්නත් මදිනේ අම්මලා තාත්තාලාට..මම කිව්වෙ ඒ අයගේ පැත්තෙන්..දෙන අපෙන් නෙවී..හෙක් හෙක්...

      Delete
  15. කවුද කාටද නොසොයා කතාව පමණක් රසවිඳිමි.හැබැයි දරුවා අරං ගිය තැන ඉඳන් ඉවරකරන තැනට එනකං තියෙන විශාල ගැප් එක පිරවුනා නං මොන තරම් දේ කියවෙයිද?
    හැබෑටම කතාව කපන්න හිතුනෙ මොකද?

    ReplyDelete
    Replies
    1. \\ හැබෑටම කතාව කපන්න හිතුනෙ මොකද?//

      නැති බැරි කම හැලපේ..නැති බැරි කම.....

      Delete
  16. ලස්සනයි...... හිතන්න ගොඩක් තියල පොල්ලෙන් ගහලා වගේ ඉවර කරපු එකේ අමුතුම ගතියක් තියෙනෝ...........

    ReplyDelete
    Replies
    1. මට වඩා ගොඩාක් හිතන්න පුලුවන් අය කියවන නිසානේ එහෙම කලේ.....

      Delete
  17. අ‍ෙනෙේ ලස්සන ‍ෙකෙටිකතාවක්

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න බෑනේ මේ කමෙන්ට් එක...ඉතින් කොහොමෙයි මොනාවත් කියන්නේ....

      Delete
    2. අටමා එදා මට බැන්නා බැන්නා ...මට මෙලෝ මගුලක් තේරැනේ නෑ..
      මේ කමෙන්ටුව වගේ තමයි.

      Delete
    3. AL B M...උඹලා අපි වගේ සිල්ලර කෑලි වලට ඌ ලියන ඒවා තේරුන්ගන්ඩ බෑලු..එහෙමයි මම ඇහුවාම දැන් කිව්වේ....ඌ පොරලුනේ මෙන්ඩෝ....
      වෙලාවක අල්ලගමු...

      Delete
    4. මං නම් නොතේරුනත් තේරුනාවගේ හිනාවෙලා ඉන්නව බයට .
      ඒ බය ගැන ඇනෝපිලිස්ගෙන් අහල බලන්න

      Delete
    5. @ PJ...බයටද ලැජ්ජාවටද...?

      Delete
    6. රාෆ්ට්තුමා අණකල විගස කිලෝ 450ක් බර මේස උස්සන්නෙ මොකටෙයි කියලද හිතන්නෙ

      Delete
    7. ඔය මනුස්සයා එදා උදේ මේ නාකි මට කියලා ඕක ඉස්සෙව්වානේ PJ...සක්...!
      ඒ මදිවට මට ලෙක්චර් එකක් දුන්නා ඒ මේසේ කුඹුක් නෙමෙයිය..ආක්‍රමණික ශාකයක්ය අරකය මේකය කියලා...උදේම බොන්න උනා ඕයි ඔය මනුස්සයා නිසා....!

      Delete
    8. ඌ නොදන්නෙ මැසිං හදන්න විතරයි. අනිත් සේරෝම දන්නවා A 380 ක් දුන්නත් එලවල පෙන්නයි. ඕ යේස්

      Delete
    9. ප්‍රා
      ඉන්දික අල්ලපන් යකෝ
      සර්..උඩ ලෑල්ල ගැලවිලා
      කමක් නෑ අල්ලපන් යකෝ
      ඒයි ඔකා ඔහම අල්ලන්න බෑ කකුලට වැටෙයි
      අනේ මේ උඔ හු@#$ අයින් වෙයන්...අල්ලපන් යකෝ
      දැන් ලෑල්ලද මේසේ යට කෑල්ලද අල්ලන ඔනේ
      දෙකම අල්ලපිය..
      යකෝ..කියන එක අහපිය දෙකම අල්ලන්න බෑ..තෝ ඔන හු යන්නක් කරගනින්..

      Delete
    10. ටොක් දෙනවා නහුතේට ඒ වුනාට..ගෙදරට බයේ තට්ටේ ගාලා

      Delete
    11. තොපි මට ගුටි ගස්සවන්න නේද හදන්නේ.....අනේ ඕක නවත්තහල්ලා, අටමා මාව උල තියාවි....

      Delete
    12. උඔ බය නැතුව හිටහන් අයියන්ඩි...ඔකා මට බයයි..දැක්කනේ එදා ආෆ්ටර් ඇපරැවල් දෙකයි කිව්වේ ...මට මේසේ අල්ලන්න දුන්නෙත් නෑ..

      Delete
    13. ඇත්තද? මං මේසෙ ඇල්ලුවෙම බයට.
      ඒකෙන් පාඩුවක් වුනෙත් නෑ ඇත්තටම
      ලෑල්ල ෆිට් නොවුනහම 8Mරාෆ්ට් උතුමා ඒක උඩට පැනලා ට්‍රැම්පොලීන් නැටුමක් දාපු එක බැලීමේ වාසනාව උදා වුනා.

      Delete
  18. ඇත්ත කතාවක්ද චෙෆ්...? මේක මෙච්චර ෆීල් වෙන්න.... කොහොම උනත් හිතේ තියෙන දේ කියන්න වචන හොයනවා මම.

    ඒ වගේම තෑන්ක්ස් එදා ස්ටේශන් එකටම වාහනේ එවුවට...

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්ද මෙහෙම.? එහෙමනම් ඇත්ත....

      ගනන් ගන්න එපා...කුරුනෑගල ඉඳම්ම ආවානේ...කොහෙමයි මහරෑ තනියම අරින්නේ...විචාවත් හිටියනම් තනියට අරිනවා...එයා IEDs ගහනවානේ...

      Delete
    2. ආරාධනාවක් කලාම එන්නෙ නැතුව ඉන්න බෑනේ...

      විචා එක්ක...? බුදු අම්මෝ.....

      Delete
    3. උඹ කොළඹ ගියාය කියලා ගමේ මිනිස්සු උඹ ගමට ආවම පාටියක් දුන්නලු නේ.. හැක හැක

      Delete
    4. පත්තරේට ගමේ උන් දුන්නු පාටිය ගැන වෙන්ටැ කියන්නෙ...

      Delete
    5. කැමා කොළඔ ඇවිත් ලෝක වෙලද මධස්ථානය දිහා බලාගෙන ඉන්නකොට සික්කෙක් ඇවිත් ...
      “ඒයි..මොකද ඔතන කරන්නෙ“?
      “නෑ මුකුත් නෑ තට්ටු ගනන් කරා“
      “අපි මෙච්චර අමාරැවෙන් මේක හදලා තමුසේ නිකන් තට්ටු ගනන් කරලා යන්න..කියක් ගනන් කරාද?“
      “තට්ටු 12යි සෑර්“
      “එහනම් එක තට්ටුවකට රැ2/= ගානේ දෙනවා රැ24/=“

      කැමා ගමේ ගිහින් කිව්වලු
      “පුං..කොළඔ එවුන් මාව අන්දන්න තට්ටු 20ක් ගනන් කරලා 12ටයි සල්ලි දුන්නෙ“ කියලා..

      Delete
    6. මෙන්ඩෝ... මෙන්ඩෝ... ඒක නෙවෙයි උඹ නෙද ඉස්සරෝම කොළඹ ආපු දවසෙ ලෝක වෙළද මධ්‍යස්ථානෙට දණ ගහලා වැන්දේ පන්සලක් කියලා හිතලා... කවුද බං ඒක පන්සලක් කියලා උඹ රවට්ටපු එකා... විලිලැජ්ජයි බං අපිටත් එක්ක...

      Delete
  19. ඔය ජාතියේ සියල්ල දත් අම්මලා ක්‍රමක්‍රමයෙන් වඳවීගෙන යාම හොඳයි. ඒගොල්ලන්ට කාලයට අනුව අනුවර්තනය වෙන්න බැහැ. ඒ වගේමයි දරුවන් වැදීම සිසේරියන් ක්‍රමයට පමණක් සිදුකරන, මොකුත්ම නොදන්න, අඩු ගණනේ දරුවට කිරිපොවන්න තබාගතයුතු ඉරියව්ව වත් නොදන්න, දරු නැලවිල්ලක් කියන්න නොදන්න අම්මලාත්, වඳ වෙනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මොනා උනත් මොනා කලත් අම්මලා වඳවෙන එකනං හොඳ මදි නේද විචා...!

      Delete
    2. දරුවන් සිසේරියන් ක්‍රමයට වැදුවා කියලා මවු සෙනෙහස අඩුවෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. දරුවන්ට කිරිපොවන්න ඉගෙනගෙන නෙවෙයි ඉපදෙන්නේ. ඒකට එක්කෝ දරුවාගේ අත්තම්ම කෙනෙක් හරි එහෙම නැත්තම් රෝහලෙන්/පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හරි කියලා දෙනවා දැන්. හැබැයි සුද්දෝ ලියන පොත් බලාගෙන ළමයි හදන්න හදන අම්මලා නම් භයානකයි.

      Delete
    3. @උපේක්ෂා....එහෙමයි..!

      Delete
  20. හ්ම්ම් මේක කාටදෝ සමීප කතාවක් මට මතක හැටියට..... කල්පනා වෙන්නෙ නති හැටි

    ReplyDelete
    Replies
    1. වස්සෙකුට තමයි සමීප මචෝ. වැස්සියක්.

      Delete
    2. වස්සෝ..බොට නම වෙනස් කොරන්න කියල නේ ඔය ඇනෝ වහෙන් ඔරෝ කියන්නේ..හිතලා බලහන්.....!

      Delete
    3. නම වෙනස් කොරන්න? ඒක නම් මැරුවත් කරන්නැ මචෝ.... පුන්චි එකා සන්දියෙ ඉදල කියන නම නේ.. අනික හොදට ගැලපෙනවා

      Delete
  21. ජීවිතය කවියක්...
    සමහර පද ලියවෙන්නේ කාලයක් ගිහිල්ලා

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට ඇදේටමනේ ලියවෙන්නේ...ඒ මොකෝ...

      Delete
  22. කතාව විතරයි කියෙව්වේ. එක කෙමෙන්ට් එකක්වත් කියෙව්වේ නෑ සත්තයි. නුඹ නම් සුපිරි. තාත්තෙකුගේ හැගුම මේ විදියට කියන්න ගත්ත වෑයමම ඇති නුඹේ දසත විසුරුණු හැකියාවන් අතර සිතැගියාව කියන්න දක්වන සමත්කම මැනගන්න. පිය සෙනෙහස ට කවි ගී ලියැවුණා මදි......

    තාත්තා කෙනකුගේ සිතැගි තේරුම් ගන්න පිය වරම දුන් අම්මටවත් බෑ. මේ සත්‍යය සරල ලෙස කියාපු අගනා සටහනක් මෙය

    ReplyDelete
    Replies
    1. 'පිය සෙනෙහස ට කවි ගී ලියැවුණා මදි...... '

      සත්තයි නලියෝ ඕක තමයි හෙඩිමට දාන්න හිටියේ...ඒත් පස්සේ හිතුවා අර හිස් ටින් මල්ලිට උනා වගේ නඩුහබ වලට ටැපලෙන්න වෙයිදෝ කියල හිටං වෙනස් කොලා....

      Delete
  23. උඹේ බිලොග් එකට ආවමයි.
    දැන් උඹව අගය කරන්නැත් එපාය.
    එක්කෝ ඕනැ නැ.
    ආයේ ආවම කරන්නම් බං..දැන් කම්මැලි වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි අදමය ආවේ..ආවා මදෑ...!
      මක්කටැයි අගේ කොරන්නේ...මොනාද මේ ඔහේ ලියන්නේ කියලා බැනලා යන්නත් ඇහැකි හරිය.....

      Delete
    2. ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....

      Delete
    3. මෙන්ඩෝ උඹ නම් මාරයි..මම මනෝට ඕකම ලියන්න හදලා ආයිත් නිකන් හිටියා....!

      Delete
    4. ඇරියස් එකත් එක්කම අල්ලන්නම් බං ඊ ලග පාර.වැඩිය පුරැදු මදුවටයි,කැමාටයි,මෙන්ඩටයි අනිත් උන්ටයි මඩ ගහලමනේ බං.

      මේ දැනුත් ආයෙත් උඹේ කතාව බලනගමන්.මේ බිලොග් අවකාශයේ ඉන්නවනේ බං වෙනස් වෙනස් දක්ෂතා ඇති සුපිරි පිරිසක්.උඹත් ඇතුලු වෙනව ඒ පිරිසට.


      Delete
    5. කටුස්සා සින්දු කියන එක නවත්තලා ඉවානයාටයි ඉයන්ටයි කියලා ඌට සින්දුවක් අහන්න දිපු එකත් මුගේ දක්ෂතාවයක් මනෝ.

      Delete
  24. අතීතයේ සිදුවීම් මේ විදිහට රසට ගලපලා අද ලියන්න පුළුවන් වෙන්නේ දැන් ජීවිතය සාර්ථකව ගෙවන හින්දයි. මේ කතාව අපට බොහොම සංවේදියි. ඔයා වගේ සංවේදී මිනිසෙකුට දුව ආචාර්ය උපාධිය ගන්න වෙලාවේ දැනුන සතුට දුක දෙකම ගැන අපට හිතාගන්න පුළුවන්. කොහොමත් ඒ සංවේදී හැගීම් මේ විදිහේ කතාවක් වගේ ගලාගෙන ගිය එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ලියනකොට ඔහේව මතක් උනා හෝ ගාලා....දැක්කානේ මතක් වෙච්ච දෙයින් උනදේ....ෂෙෆීල්ඩ් ෆේස්බුක් පොටෝ එක දැක්කාම මට මතක් උනේ මේ කේස් එක..තරහා නෑනේ අවසර නැතුව නම පාවිච්චි කොලාට...
      ලියන්නකෝ අයියෝ කයියක් දෙකක්..අර ෆේස්බුක් කයි ටික දාන්නකෝ බ්ලොගේ...

      Delete
  25. දරු දුක අයියේ.. දරු දුක....

    ReplyDelete
  26. ඇඟට ලේ ටිකක් ඉනුවේ අන්තිම ටික කියෙව්වට පස්සේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වැඩේ සාර්ථකයි....

      Delete
    2. ඔව් අති සාර්ථකයි

      Delete
  27. kottu සින්ඩිකේටරයට ගොඩවැදුන වෙලේ අහම්බෙන් දැකල ආවෙ .සංවේදී කතාවක්. කතාවෙ අවසානයට තමා ගොඩක් කැමති ඒක ඒ විදිහට ඉවර උන එක හොඳයි දුක හිතෙන විදිහට අවසන් වුනේ නැතිව :)

    ReplyDelete
    Replies
    1. හංසිට කොමෙන්ට් නොදැම්මට කථා කොටස් තුනම කියෙව්වා..අපිට එහෙම් ලියන්න ඹා හංසි...ජයවේවා...!

      Delete
  28. ඒ සොඳුරු කිරි සුවඳ මතකයට නංවන වාසනාවන්ත කතාවක්. තිලක්, කාන්ති හා ඔවුන්ගේ දියණියටත් සුබ පැතුම් !! . ( ඒක නෙවෙයි අපේ උන්දැත් ඉස්සර මට කතා කලේ තිලා... කියල , දුව හම්බුනාට පස්සේ තමයි තිලාපියා වුනේ)

    ReplyDelete
    Replies
    1. හපොයි..මට හිතුනා උඹ ඔහොම කියයි කියලා..මටත් මැද නමක් තියෙනවනේ ඔහේගේ නමට සමාන..
      සොරි මචෝ..එදා දෝහා වලදි මට මාර නිදිමතක් ආවා...නැත්නං අපිට සෙට් වෙන්න තිබුනා..මිස්ඩ්ද බස් මෑන්...නෙක්ස්ට් ටයිම් ඕකේ...!

      Delete
  29. මේක නම් සුනාමියක් වගේ. ලොකු රළපාරක් ඇවිත් අඩි සිය ගානක් උඩට ගියාට... වැටුනේ නැහැනේ බිමට.

    අමුතු හැඟීමක් හිතුනා.

    මම ඒ අම්මා නම් වටේ ඉන්න උන්ට නෙලලා හරි උස්සන් දුවනවා ළමයව. ඕ යේස්... වැඩේ කියන්නේ, කවුරුත් එන්නේ නැහැනේ බොලේ එහෙම ගෙනියන්න... ළමයෙකුත් ඉන්න එපැයි නේද.. ඊළඟ වටයට.

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඔයා ඒ අම්මා නොවුනේ....එහෙම උස්සන් නොගියානම් මොනා වෙයිද....?
      වෙච්ච දේවල් වෙනස් කරන්නත් බෑනේ.....
      අලුත් වැස්සක් වහීද උපේක්ෂා...?

      Delete
    2. මම දෙයක් කියන්නද? තරහ වෙන්න ඔට්ටු නැහැ ( දැක්කද පානිය)

      දැන් කාලේ ඔහොම උනා නම් හිතන්න.. දරුවට දෙමවුපියෝ නැතුව හදුනා නිසා මානසික පිඩනයට ළමයා අපචාරයට ලක් උනා කියලා පුවතක් මැවෙන්නත් ඉඩ තිබ්බ. කොහොමත් අම්මලා ( ආච්චිට හාල් ගරන්න?) සල්ලි හොයන්න රට යන, ඊට පස්සේ බේබදු/නොබේ -බදු තාත්තලාගේ ඔඩොක්කුවෙන් වැටිලා ආච්චිලාගේ ඔඩොක්කුවේ නතරවෙන ජිවිත තියෙන ළමයි ඉන්න කාලේ... දැන් කියාපන් බලන්න දෙමවුපියෝ දෙන්න නැති උනාට ළමය මග්ගොන යවන්ට උනාද කියල? එතකොට හේතුව දෙමවුපියන්ගෙන් වෙන්ව ඉන්නෙකද ?? සාමාන්‍ය සමීකරණයෙන් විසඳන්න බැරි ගණිතයක් නේද?

      වැස්සද? කොහෙද අනේ... මුන් ආකහේට බනිනවා නේ වැස්ස සැර වැඩියි කියාලා... නොදන්නා බම්බු ලියන්ට ගොහින් මම දැන් වරිගේ... නෑ නෑ වලිගෙ පාගාගෙන ඉන්නේ

      Delete
    3. මමත් වහිනකොට බැන්න එකෙක්නේ...!
      දැන් කාලේ උනානං ආච්චිට හාල් ගැරිල්ල කෙසේ වෙතත් කිරිමිනෙල් කේස් එකක් දායි කිඩ්නැප් කොලාය කියලා...
      මම කම්මැලියා හින්දා මෙතනින් බ්‍රේක් ගැහුවේ..නැත්නම් ඔහේ වගේ කොටස් වසයෙන් පලවෙන කෙටි කතාවක් ලියන්න තිබ්බා...වත්සලා මොකෝ කියන්නේ සෙස්සපස්සට දැම්මට?

      Delete
    4. උපේක්ෂා
      මම ඒ අම්මා නම් වටේ ඉන්න උන්ට නෙලලා හරි උස්සන් දුවනවා ළමයව. ඕ යේස්...

      මේ ටෝක් එක එල ද බ්‍රා

      Delete
  30. කෙල්ල නැතිව හරිම පාලුයි. ඔයාට දැන් හොඳට ලියන්න පුළුවන්නේ. අපිව මතක් වෙනවනම් කොච්චර එකක්ද? අපේ ජීවිත නේද? ආපස්සට හැරිලා බැලුවහම සතුටුවෙන්න පුළුවන්. ඔයාගේ කතා ටික එකතු කලොත් හොඳ පොතක් කලහැකියි. ඒ නිසා ඉස්සර කියපු කතා මතක් කර කර තව ලියන්න. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඕක මග ඇරිලා යයි....ඒ කෙල්ලාට කරදර කරනවා එහෙම නෙමෙයි ස්ක්යිප් කර කර..ආර්කිටෙක්චර් කෝස් එක හෙන ටෆ්...නිදහසේ ඉන්න දෙන්න පොඩි එකානේ තාම...
      ලියන්න පුලුවන්ය කියලා ඔයා වගේ පොත් පලකල කෙනෙක්ගෙන් අහගත්ත එකම මදැයි....ඔලුව කචල් ගිය හැම වෙලාවකම මේක තමා කොරන්නේ...

      Delete
    2. සමාවෙන්ට මේ මැද්දට පැන්නට. කට වහන් ඉන්නේ කෝමද ඉතින්... දැන්නේ වැඩේ තේරුනේ.. ඔලුව කචල් වෙලාවට මේ උන්දැ කරන්නේ අපේ ඔලුත් කචල් කරනෙක... පෙනේද දන්නෑ වගේ ඔලුව වනන හැටි!

      Delete
    3. @ උපේක්ෂා ...අනේ සත්තරනේ..පිච්චුනං ඕන් කෙලින්නෙපා......!

      Delete
  31. මේ කතාවෙම තව වර්ෂන් සිද්දවෙච්ච අය තමයි අපි. සුභ පැතුම් මචං.

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියේ කෝ මේ ඩූඩ් කියල....පලවෙනි දවසෙම කියෙව්ව නේ....?
      මේකේ කොච්චරක් වර්ෂන්ස් නම් ඇද්ද....!

      Delete
  32. පහුවෙලා ආවේ මැකො... සොරි වෙන්න ඕන එකෙන්ම..

    අර ලොකු ගැප් එක නැත්තං සිහි එලව ගන්න තිබ්බා .

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  33. එහෙම කැපකිරීම් කරන අම්මලත් ඉන්නව එහෙනම්....

    ReplyDelete
  34. බොරැ ලෙඩ නිවාඩු ඇති..අලුත් එකක් ලියමු

    ReplyDelete
  35. මෙහෙව් පෝස්ටුත් මිස් වෙලා නෙව.. උගුර හිරවෙන ගතියක් ආව කියවනකොටම.චෙෆාකි දෙයක් අල්ලගන්න තැන තමයි තැන.හරිම අගෙයි..
    (පියවි ගතියට ආපුවාම වෙන කොමෙන්ට් එකක් වැටෙයි.ඒත්.. හරි අමාරුවෙන් මේ ටික හරි කොටා ගත්තෙ.)
    ජයවේවා..!!

    ReplyDelete
  36. මං ආවෙ අදමයිද මන්දා..
    ෆලෝවක් දීලා යනෝ..

    ජය !

    ReplyDelete
  37. මටත් හිතෙනවා ලස්සන කතාවක් කියල චෙෆාකි. මගේ ලොකු දුවට අද 14යි. මටත් මතක් වුනඒකි ඉපදිච්ච දවස් ටික අද. අපි දෙන්න නම් තනියම තමා හැදුවේ අපේ පොඩි දෙන්නව.
    http://nelumyaya.com/?p=4463

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....