Sunday 4 December 2016

මිඩ් ලයිෆ් ක්‍රයිසිස් IN COUGER TOWN- අතිශයෙන් වැඩිහිටියන්ට පමනයි


හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පළකරන ලද්දාවූ මේ වියමන සහෘද බ්ලොග්කරුවන්ගෙන් හැරෙන තැපෑලෙන් ගුටි බැට, නින්දා අපහාස, අවලාද මෙන්ම දුක්ඛ දෝමනස්සයටද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා නොකෙළෙමි.

ඉහත මාතෘකාව හුදෙක් බ්ලොග් කරුවන්ගේ අත්දැකීමක් විනා බ්ලොග්කාරියන් කිසිමවිටක අත්දැක ඇති බැව් නොදනිමි. බ්ලොග්කාරියන්, තම වල්ලභයාගේ අත්දැකීම් දැක ඇතත්, ලොව පිළිගත් ආකාරයට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක පිරිමින්ම පමනක් විඳිනා සුන්දරවූ ආකල්පයක් ලෙසයි රෙජිස්තර වී ඇත්තේ...!
ඒ මන්දයත්, ලොව පිළිගත් දහම නම්, මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක හරහා යන පිරිමියෙක් හඳුනා ගන්නේ ඔහු හාලි ඩේවිඩ්සන් මෝටසයිකලයක නැගී හරඹ පෙන්වීම, බෝට්ටුවක් මිලට ගැනීම, මිනිමයිනර් එකක් රිස්ටොර් කිරීම එහෙමම නැත්තං අඩුම තරමේ පෝශේ ස්පෝර්ට් කාර් එකක් ගැනීම වැන්න යයි.

එනමුදු, මිඩ්ලයිෆ් ක්‍රයිසිස් එක හරහා යන හිංගල බ්ලොග් කරුවෙක් කියනා අන්දමට අම්මට සිරි ලංකාවේ නං ඉහතින් කී කිරියාවන් කිරීම අනදර් ක්‍රයිසිස් එකකට මුල් වේ...ඒ කිව්වේ ෆිනෑන්ශල් ක්‍රයිසිස් එක්කටය.

මා මේ තතනන්නේ ලොව පිළිගත් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකේම තවත් පැත්තක් එළි දක්වා අහක යන කුනු ගොඩවල් රාශියක් මීතොටමුල්ලෙන් මගේ දෙස හරවා ගැනීමේ අරමුනින් යැයි හිතුනාමත්ම නොවේ.

පිරිමි වන අප පනහ පැන්නට පස්සේ, එහෙමම නැත්තං අර ඉස්සර කථාව මෙන් හැට පැන්නට පස්සේ මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කරේ තියාගෙන කෙළින්නා වූ පිස්සු පස්සට තියා, හතලිහ හතිලස් පහ පැන්න නෝනා මහත්තුරු ඔය මානුෂික වෙනස ගසා බසා නෝමල් වෙන්නේ කෙසේද යන්න ලියන මට තිස්පහේදී විතර පේන්න පටන් ගත්තේ අල්ලපු ගෙදර ඒ වයසේ නෝනලා ජීවත්වූ නිසාමත්ම නොවේ...ඒ නගරයේ ඒ කාලයේ ජීවත්වූ නෝනලාට, ඒ කීවේ අර මුලින් සඳහන් කල වයස පසු කරමින් සිටි ලස්සන නෝනලා ගේ අරවා මේවා සම්බන්ධ ගැටළු වලට මේ ලියන මම කරන ලද්දාවූ උදව් උපකාර නිසාවෙනි.

කවුරුහරි ඒවා කොරන්නත් එපෑයැ..නැද්ද..?

අනික ඔය මිඩ්ලයිෆ් ක්‍රයිසිස් එකේදී බොහෝම ටික පිරිමි දෙනයි (මෙහෙම ලිව්වම අටමා බනී..මම කිව්වේ සිංහල වලට) නෝටි වැඩ කරන්නේ..එහෙම කිව්වේ මම ලියන්න යන දේ මීට ටිකක් විතර සමීප නිසා...!

ඔය අපේ ඒ කිව්වෙ පිරිමින්ගේ ඔය කාරණාවට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කීවාට, ගැහැනුලමයින්ට ඒ වයසට එන්නත් කළියෙන් වෙන ජීව විද්‍යාත්මක, ඒ කියන්නේ හෝමෝන ආශ්‍රිත කේස් එකක් නිසා, පුදුමාකාර ගතිපැවතුම් වෙනසකට එතුමියන් භාජනයවෙන බැව් අත්දැකීමෙන්, (ඒ කීවේ දකුණු අත ගැන සලකලා,) මේ ලියන මම දනිමි..ඒවාට හොට්ෆ්ලෑශ්, හොස්ස ලඟින් මැස්සාට යා නොහැකි බැව් යනාදි පුදුමාකාර කේස් ගොඩාක් සම්බන්ධය. අපි ඒකට පොස්ට් මෙනපොස් ක්‍රයිසිස් කියමුකෝ...ඒකට කමක් නැත, ඇයි එය සිදුවන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වය, ජීව විද්‍යාත්මක සිදුවීම් අරවා මේවා නිසාය. මට ඒක එතරම්ම ප්‍රශ්නයක් නොවන්නේමය..

ප්‍රශ්නය මෙයයි...(ගුටි කෑමටත් නියමිතයි)....

යස අගේට පවුල් පන්සල් වෙලා, ලමෙක් දෙන්නෙක් මොන්ටිසෝරි යන වයසේ ඉන්න ඇත්තිලට, හුටපටාස් ගාලා ලෝකේ වටේම ඉන්න කවි බණ කියන සාධු පැටව්, අසපු, බෝධිපූජා, බජන් ඊවිනින්ග්ස්, කොෆි මෝනින්ග්ස්, බුක් ස්වැප් ඉවන්ට්ස් එක්සෙට්‍රා එක්සෙට්‍රා ඕනි වෙන්නේ ඇයි...මිඩ් ලයිෆ් ක්‍රයිසිස් වෙන්න තව කල් තියෙද්දි, මහත්තයා පැටියාත් හොඳ කඩවසම් වයසේම ඉන්දිද්දි කොහොන්ද කොහොමද මේ ඉශූ එක පැන නගින්නේ...?

ආන්න ඒකයි කේස් එක...!

හේතූන් රාශියක් ගෙන හැර පෙන්විය හැක...එනමුදු ඒ සෑම හේතුවකටම මුල් වන්නේද වල්ලභයාම වේ...!

හිතන්න...ඔන්න බෙල්ල උගසට තියා සෙට් කරගන්නාවූ පෙම්වතිය පසලොස්වක හඳට, බේරේ වැවේ නෙලුම් මලට, නාදළු වලට, මොණරපිහාටුවලට, මල්ලිකා හෝටලේ බිත්තර බන් එකට අරකට මේකට යනාදී වශයෙන් ආදේශ කරන අපිම, ලමෙක් දෙන්නෙක් වැදුවාට පසු, ඈ දෙස බලනාකාරය වෙනස් කරනවානේද..?

නෑනේ..අර මුලින්කී අවදියේ ඈ මේන්ටේන් කරගෙන ආ, පෙර ආත්ම භව වලදී කරගත්තාවූ පින් බලෙන් උරුමවූ ලාලිත්‍ය, අඟර දඟර ගෙයි මුල්ලේ තබා ඔබට වඩා ඔබගෙන් දායාදවූ දරුවන්ගේ පැවැත්මට, ඒ ලාලිත්‍ය දන්දී මක්කාදවූ ඇත්තීයක් සේ වෙනස් වීගෙන ගොස් ඔබගේ නෙතු වෙන පැත්තකට යොමුකලානේද?

හා එහෙමයිම කියමුකෝ, ඇයි අපි ඒ තැනැත්තීට, ඒ කීවේ අර බේරේ වැවේ පිපිච්ච නෙළුමට, එහෙම වෙනස් වෙන්න නොදී අවවාද අනුශාසනා නොදුන්නේ...අනේ සුදෝ ඉස්සර වගේ ඔමරි කරන්නකෝ, ඇයි දඟමල්ල ඔතෑනි උනේ යනාදීවශයෙන් පුශ් එකක් නුදුන්නේ...?

මම ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා..මේ හොලිවුඩ් දෙකේ පන්තියේ එකක්..ඒ උනත් ඒ ෆිල්ම් එකේ එක තැනක කාටත් ගන්නැහැකි ශුට්ටං දෙයක් තිවුනා...මෙහෙමයි..දාහතරේ පාලහේ ලමයි ඉන්න කපල් එකක්..හස්බන්ඩ් ෆැමිලි බොන්ඩ්ස් තීව්‍ර කරන්න කියලා හිතාන රෝඩ් ට්‍රිප් එකක් ප්ලෑන් කරලා එක්ක යනවා කාර් එකක මුලු ෆැමිලි එකම...කිසිම දෙයක් හරියට සෙට් වෙන්නේ නෑ ...දිගටම අනාගන්නවා..අන්තිමට කාර් එකත් නැති වෙනවා..එතනදි මුලු ෆැමිලි එකම හස්බන්ඩට බ්ලේම් කරනවා තෝ නිසා තමා මේ ඔක්කොම උනේ කියලා..මෑන්ස් එතකොට කියනවා (ඌ පයිලට් කෙනක්) මම පාට් ටයිම් වැඩ කරලා සල්ලි හොයාගෙන බොලාව එක්කගෙන ආවේ අපි හතර දෙනාට එකට ඉන්න ඕනි නිසාය මට ලෝකේ වටේ යන්න ඇහැකි ජොබ් ආවත් හැම ජොබ් එකම අත ඇරියේ බොලා එක්ක ඉන්න ඕනි නිසාය කියලා..නෝනා කියනවා මේ හැමදේටම හේතුව උනේ ඔයා විතරයි උනන්දුවෙන්නේ මේ පවුල එකට තියාගන්න අපි ඔක්කොම මේ පවුල කරදරයක්‍ කියල හිතාන තනියම මෝක්ශය හොයනවාය කියලා....!

අපිත් එහෙමද ඇත්තටම..හිතල බලන්න නෝනාවරුනි..ඔය ගෙදර ඉන්නවා සත්තරං පුරුෂයෙක්...එක කාලෙකෙදි එයා තමයි මෙයා කියලා අම්මා තාත්තත් දමලා ගහලා, පොල්සම්බල් බත් කාලා පැලක ඉමුය අරකය මේකය කියලා ආපූ අපිම නේද මේ විකාර කරන්නේ කියලා තත්පරයක් නැවතිලා හිතන්න...මේ දවස්වල පොඩි ඈයොන්ගේ කොන්සර්ට්ස්, වසරවසාන අරක මේක තියෙනවනේ..අර ඉස්සර දාපූ මායම් දාලා වල්ලභයාව බලෙන් හරි එක්කගෙන ගිහුන් ගෙදර ආවාම ආදරෙන් සලකලා බලන්න කොහොමද කියලා රිසල්ට්ස්..අම්බානකට රොමෑන්ටික් වෙන්න පුරුදුවෙන්න..හරිම ලාභයි රොමෑන්ටිසම්...ඕ යේස්...!


තව චුට්ටං දෙයක් කියන්න ඕනි..ඔය මාතෘකාව ඔහොම දැම්මේ එතකොට තමයි පොඩි ඈයෝ කියවන්නේ..උන්ටයි මේ ලිව්වේ....පොඩි කාලේ ඉඳන් මේවා හිතන්න ඕනි..නැත්තං නිකාං කඳුළු ගෑස්, ජල ප්‍රහාර කන්න වෙනවා...අනික හිංගල බ්ලොග් ලියන්නන් අතර මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක තියෙන අය මම දන්න තරමට ඉන්නේ මමත් ඇතුලුව.. අතේ ඇඟිළි ගානට..ඒ කිව්වේ දකුණු අතේ....!

කවුරුහරි ඇහුවොත් නම් කරන්න කියලා ඒ බ්ලොග් කරුවන්..කිසිම බයක් සැකක් නැතුව ඔවුන්ම ඉදිරිපත් වේවි...!


44 comments:

  1. කියෙව්වා. බොහොම ස්තුතියි..
    අදාළ කාලෙට ක්‍රියාවට නංවන්න නම් ඉතින් මතක තියාගන්න ඕන :) තාම පොඩි ළමයි නේ :P

    ReplyDelete
    Replies
    1. කියෙව්ව එකෙටනං බොහෝම තැන්කූ..ඔයාලගේ වයසේ ඈයොන්ටමයි ලිව්වේ...!
      මතක තියාගන්න එකනං ඉතින් අමාරු වැඩක්...නැද්ද..?

      Delete
  2. කියෙව්වා කොමෙන්ට් කොරන්න පස්සෙ එන්නම්... පොඩ්ඩක් අනුන්ගේ අදහසුත් කියවලා ඉන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මොඩරේශන් හෙල්මට් එක දාන්න වෙයිද...?

      Delete
    2. අපෝ නෑ... මේ මම දාපු වගේ කොමෙන්ට්ස් දායි හැම එකාම...

      Delete
  3. කලබල නොවන්න දරුවා. ධර්මානුකූල ජීවිතයක් පටන්ගන්න. බණ භාවනා කරන්න. අනිත්‍යය මෙනෙහි කරන්න. හොඳ සිල්මෑණි කෙනෙකුගෙන් උපදෙස් ගන්න.

    හැබැයි පුතෝ සිල් මෑණියන්ගෙන් බණ අහන එක විතරක් කරපන් හොඳේ.

    ReplyDelete
    Replies
    1. මෙයා බන තලන්න යයිද දන්නෙ නෑ...

      Delete
    2. විචාට තීන හදිසියට පෝස්ට් එක කියවන්නෙත් නැතුව හෙඩිමට ඉතරක් කොමෙන්ට් කලානෙව ඉතින්...!

      Delete
    3. අන්තිම ඡේදයත් දෙපාරක් කියෙව්වා.

      මමත් හැමදාම හිතාගන්නවා හොඳට ආදරයෙන් කරුණාවෙන් සලකනවා කියලා. රෑ බොහොම සමාදානේ සැතපිලා, උදේට නැගිට්ටම, මෙන්න මෙහෙමයි;

      "ප්‍රේ........මිය..............."

      "ඇයි මගේ පෙම්වත...................."

      " කෝ %$#@&* මගේ සරම"

      හ්ම්...............

      Delete
  4. දවල්ට මල් ගහන්ඩ එපා මල්ලි

    ReplyDelete
    Replies
    1. හෙඩිමේ අවවාදයක් දීලා තියෙනවා වැඩිහිටියන්ට පමනයි කියලා..ඇයි මේ දරුවා මේක කියෙව්වෙ හැබෑට..?

      Delete
  5. අප්පට සිරි ශෙපාකිට ගිය කල. මොකද රැවුල ඉදෙන්නවත් පටන් අරන්ද?
    ;)

    බහුතරයක් කරුණු වලට එකඟයි. අපි විසින්ම අනාගන්න, අනාගෙන චොර වෙලා නාගන්න එකේ සිම්පල් වර්සන් එකයි මේ.
    මම හිතන්නේ මේ කියන Mඅදිවියට එළඹෙන කාන්තාවන් බහුතරයක් ඉන්නේ ලංකාවේ වෙන්න ඕනේ. අපේ කාලෙ වයසක හැට පැනපු අය විතරයි නේ ඔය සිල් සමාදාම් වීමකටවත් ගියේ.(එහෙම නොකල අනිත් අය වැරදි කාරයෝ කියලා හඳුන්වා දෙන එකකුත් තිබ්බේ නෑ වෙන්න ඕනේ )
    ඒකටත් එක්ක දැන් විස්සේ විසි පහේ ඉඳන් පන්සල් පල්ලි ආරාම අර හාමුදුරුවෝ බුද්දා අර පන්සල අච්චර හාස්කම් වගේ කතා ඇහෙද්දිම හිරිකිතයි. ඒක පිණක් දහමක් කරගන්නවට වඩා ශෝබන කර්තව්‍යක් කියලයි මට හිතෙන්නේ.
    මම නම් හිතන් ඉන්නේ ඉන්නකම් කාටවත් කරදරයක් නොවී ෆන් එකේ මැක්සිමම් රේට් එකක ජීවිතේ ගෙනියන්න.

    ReplyDelete
  6. සරළ ලස්සන වදන් පෙළකින් අපේ සමාජයේ අැති ප්‍රශ්නයක් ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා කියලයි මට හිතෙන්නෙ. හැබැයි ඉතින් අපේ අය ඕක තේරුම් ගන්නවා කියලා නං මම විශ්වාස කරන්ෙන නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපාලි..තේරුම් ගන්න සාකච්චාකරන්න එපෑයෑ..කොහෙද ඉතින් මීට වඩා දරුණු ප්‍රශ්ණ තියෙනවා නොව මිනිස්සුන්ට...!

      Delete
  7. මගේ හිතට කෙමෙන්ට් එකක් ආවත් ..හරියටම මම තේරුම් ගත්ත දේද කියලා හිතලා තව පාරක් ලිපිය කියවලා කෙමෙන්ට් එකක් කොටන්නම්

    ReplyDelete
    Replies
    1. බය නැතුව ලියන්න මෙන්ඩා...බය නැතුව ලියන්න...හෙක්..!

      Delete
  8. කෝ ඉතිං අර බලපු ෆිල්ම් එකේ නම කියල නෑනෙ .. අපිටත් බලන්ඩ ...

    ReplyDelete
  9. මෙව්වනම් ඕන වෙන්න තව සෑහෙන්න කාලයක් යයි. එතකොට මේක බලන්නම්.

    ReplyDelete
    Replies
    1. අරයට කියන්න කියවලා මතක තියාගන්න කියලා..බොලා ඔක්කොම මේක පහුකරන අය ...!

      Delete
  10. 50 වෙන්න තව අවුරුදු 10 ක් ඉතර තියෙනවනෙ. එතකල් බුක්මාක් කරල තියාගෙන ඉන්නං. හැක්..

    ReplyDelete
    Replies
    1. හාමිනේට දැන්ම කතා කරානම් මොකෝ වෙන්නේ මේගැන...දැන් කාලේ හොඳා ඒකට...හෙක්...!

      Delete
  11. :) :) චෙෆාකී මුකුත් කියන්නේ නැ මම් ...

    ReplyDelete
  12. මගේ සාතිශය සංවේගය පිළිගන්න!

    ReplyDelete
  13. මිඩ් ලයිෆ් ක්‍රයිසස් නෙමේ බං එන්ඩ් ලයිෆ් ක්‍රයිසස් :D

    නියමයි ශෙෆෝ. ඇත්තටම රොමැන්ස් විතරක් නෙමේ පොඩ්ඩක් කින්කි වෙන්නත් ඕන :D ඕවා නැතිවුනාම තමයි මිනිස්සුන්ගේ වයර් මාරු වෙන්නේ. ඒකාකාරි ජීවිත තුලින් එලියට එන්න මේ කාරනා බොහෝ උදව් වෙනවා. ඒ කෙමිස්ට්‍රි එක හදාගන්න ඕන මුල ඉඳන්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචෝ...පාන්දරින් පන්සල් බදාගත්තාම මොන කිචිද...!

      Delete
    2. රොමෑන්ස් මදි...කිව්වා වගේම කින්කි වෙන්න ඕන....කින්ක් තමයි හැමතිස්සෙම එක්ස්පෙරිමන්ට් ඉල්ලන්නේ...

      Delete
  14. වටිනා ලිපියක් වටිනා ඔවදන් මෙ කාලෙට එන්නනම් තව බොහෝ කාලයක් ගෙවන්න ඕනේ ඒත් ඉතින් සූදනම් සරීරේ කෝකටත් හොදා කියලා මමත් කියවලා හබියටත් බලන්න දුන්නා.ආ .. ඔය කියන ෆිලුමත් මීට මාස හය හතකට උඩදී හබියයි මමයි හිනාවෙවී බැලුවා.

    ReplyDelete
    Replies
    1. ෆිලුම නම් ටිකාක් වෙන්න ගොන්..?
      හබියා මොනවද කිව්වේ..?

      Delete
    2. මාත් බැලුවාඅ ටිකක් වෙන්න ගොන් තමයි

      Delete
  15. ෆිල්ම් එක වැකේශන් කියුව නේද? වැකේශන් ගිය ගමං මේ බ්ලොග් පෝස්ට් එකයි ඒ ෆිල්ම් එකයි දෙකම පෙන්නන්න ඕනේ.. හැබැයි ඒකටත් බණක් යන්නේ නැති වෙලාවක් හොයාගන්න වෙනවා.. මමනං අපේ උන්දැට කියල තියෙන්නේ මට බණ එපා කලේ උඹහැගේ ඔය බණ ඇහිල්ල තමයි කියල.. හැක් ..

    ReplyDelete
    Replies
    1. හුටා බණ අහන්න පටන් අරන්ද...?
      නිතර වැකේෂන් යන්න වෙන කේස් එකක් බොස්...!

      Delete
    2. කමියො,උමයි මමයි එකවයසේ උන් හින්දා අපි බන තලමු. ණ යන්න මාරු නොකර දාපන්

      Delete
  16. ඔන්න ක්‍රයිසිස්! මෙව්වනේ බොන්න ඕනේ ප්‍රශ්න!

    ReplyDelete
    Replies
    1. අයියෝද කියන්නේ....බීලා ආයෙත් බොන්න ඕනි මේවටනං..!

      Delete
  17. පුංචි පුතේ නුබ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා ...
    එදා වගේ නැහැ ...මාත් එක්ක බොලද වදන් දැන් කියන්නේ නැහැ ...
    මේ සිංදුව මේ පොස්ට් එකට ගැලපෙනවා නේද ...
    මට තව දුරටත් පැහදිලි කරගන්න අහන්නේ

    ReplyDelete
  18. රෝමෑන්ටික් නම් මොනවද සහෝ අර බොලොග් එකකුත් තියෙන්නෙ.
    හේතුව දන් නෑ මන් දැකලා තියෙනවා හුගක් ඔය මැදි වයසේ සුද්දෝ සුද්දියෝ පාරෙ, වෙරලේ අත් අල්ලන් යනවා...?
    ඒත් මන් අපේ මැදි වයසේ ජනතාව එහෙම අත් දෙක අල්ලන් නිදහසෙ ඇවිදිනවා දැකලා තියෙන්නෙ කලාතුරකින්. ඒත් කොළඹ,ගමේ නම් බෙහෙතකට නෑ.
    මේ නිකමට අහන්නේ චෙෆාකි අන්තිමට එහෙම ගියෙ කවද්ද?????හැක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න රොමාරස් පෙරේදා තමයි අත් අල්ලන් තුරුල්වෙලා එහෙම ගියේ..ඊයේ එහෙම නොවුනේ අද මම ඉන්නේ වෙන තැනක ටිකාක් ඈතක නිසා..ඊයේ දවසම ට්‍රැවල් කරලා ඈතට ඈතට මගේම තැනකට වෙලා බොහෝම ශාන්තව දැහැනක ගතවෙලා වගේ මේ ඉන්න මොහොතේ, රොමාරස්ට කියන්න තියෙන්නේ, රොමෑන්ටිසම් ඊස් ඩ බෙස්ට් මෙඩිසින් කියල තමා ඉතින්...!
      (රොමාරස් කියන නමේ කොපිරයිට්ස් තියෙන්නේ අර හීන දකින්නිට)

      Delete
  19. Mid-life (and its crisis) can be from 35 to 75.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....