ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ
රතු ජම්බු ගහ මුල
බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන
බලාසිටි ඒ පුංචි අවදියේ
ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත්
දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා
අදවගෙ මට මතකයි නගේ
රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත්
ඒ පුංචි අවදියේ
නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින්
මා නෙතු අද්දර කල එබිකම්
අද වගේ මතකයි නගේ
කප්පරක් වංගු පසුකර
ගෙවුන ජීවන මගේ
මහමෙරක් බර ඇද්ද ඔය දෑත
මා දෑත් වෙලාගත් අද සැන්දෑවේ
බුමුතුරුණු ගොරෝසුවට දැනුනත්
ඔය දෑස තාමත්
ආයාචනා කරයි මාහට
දෑත දිගුකර වඩා ගන්නැයි කියා..!
හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....!
//හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....! //
ReplyDeleteමම හිතුවේ අදට අවුරුදු හැත්තැ එකක් කියලා හිටන්!
හැත්තෑඑක හතලිස්පහෙන් අඩුකරගන්න කැල්කියුලේටරයක් හොයාගන්න බෑ මේ කැලේ..ඔබතුමාම ගාන හදාගත්ත එක කොච්චර දෙයක්ද...!!!
Deleteඑ සුන්දර ළමා විය මොන තරම් සුන්දරද ?
ReplyDeleteඔබ තුල ඉන්නා ඒ සුන්දර මිනිසා ඊටත් වඩා සුන්දරයි
ඈ තාමත් සුන්දරයි සහෝ..සත්තකින්ම..ඇවැස්ස නෑනා වෙච්චි...හ්ම්ම්ම්...!
Deleteජීවිතේ සුන්දරයි අප සුන්දරනම්..නැද්ද...?
ඇවැස්ස නෑනා හැමදාම සුන්දරව පෙනීම නම් පුදුමයක් තමයි.. චෙෆාකිට තාම සුන්දරව පේනවා කියන්නේ අපි ගැන කුමන කතා ද හෙහ් හෙහ්..
Deleteඇයි පැතුම් මම නාකි නිසාද...:( ?
Delete++++
ReplyDeleteවැට කොටු නොතිබුනු ඒ අතීතය .....!
Deleteඊලග කවිය දං කඩන්ඩ ගිය එක ගැනද
ReplyDeleteදං කැලේ අපි චිත්තරපටි රඟපෑ හැටි ලියන්න ඕනි...උඹ මාව අවුස්සනවා වැඩියි..උඹ අරූව අවුස්සලා අන්න බෑඩ් පෙරේරාව මස් කරනව අඩවියේ...!
Deleteබදා දෑත් ගෙල රැඳෙනා
Deleteඑදා මතක සිහිවෙමිනා
මෙදා සතුට රැව් දෙමිනා
සදා රැදෙයි නෙත් තුටිනා......
ජයවේවා!!!
ඈ නෙතු ගැටෙනා
Deleteමා හද දැවෙනා
සොඳුරු අතීතෙක මතක බිඳු
දෝරේ ගලනා....
///////..උඹ අරූව අවුස්සලා අන්න බෑඩ් පෙරේරාව මස් කරනව අඩවියේ...!/////////////
Deleteමේ ***ත් එක්ක බැහැ ශෙෆෝ.
මෙහෙම ඇත්තටම වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ Chef-Archi ගේ බ්ලොග් එක කියවනකොට.. මටත් මේ වගේ කියන්න කතන්දර තිබුණා නම් කියලා (ඉරිසියා)හිතෙනවනෙ....
ReplyDeleteඔබතුමී අපිල ඇත්තෝ වගේ ජීවිතේ හැන්දෑවරුවට කිට්ටු වෙනකොට හිංගල ඉන්ගිරිසි පටල පටල මේව්වා වගේ ඒවා ලියාවි ජීවිත අත්දැකීම් වලින්..
Deleteහැබැයි අපිල එතකොට වලපල්ලේ නිසා හීන් ඉරිසියාවක් අපිල ඇත්තොටත් දැනේ...බොරු නේ...නෑ ඇත්තටම..!
මෙක නං මටත් තේරුංගන්ඩ පුලුවං ලස්සන කවියක්........
ReplyDeleteඅර 45ක් කිව්වෙ ස්කූල්අවුට් උනාට පස්සෙ වෙන්ඩ ඇති නේ ..??
හොඳයි තේරුම්ගත්තා නං...!
Deleteස්කූල් නෙවෙයි යකෝ කැම්පස් අවුට් උනාට පස්සේ...!
අපිට ඔහොම අය හිටියේ නැහැනේ...
ReplyDeleteඅපිලටනං දැනුත් ඉන්නවා...:)
Deleteහෙහ්.. හෙහ්.. නියමයි.
ReplyDeleteහෙහ්..හෙහ්..තැන්කූ...!
Deleteගං දෑළ කෙකටියා මල් සුවඳ හමනවා
ReplyDeleteදණ්ඩි පැටවුන් තාම ගං දියේ නටනවා
බෝවිටිය දං පේර ඔඩොක්කුව පිරෙනවා
රතු පාට පුංචි තොල් දම් පාට ගැහෙනවා
කිරි කෝඩු හිනාවට තුන් හිතම පිරෙනවා
දැලි රැවුල අගිස්සෙන් හුරු සුවඳ දැනෙනවා
වෙළ නියරෙ වැව් බැම්මෙ පෙම් පුවත මැවෙනවා
ඒ හෑම සුවඳක්ම නෙතු පියා විඳිනවා
තාම පෙර පුරුද්දට වැව් දියට එබෙනවා
නුඹෙ කෝල හිනා වත දිය මතින් මැවෙනවා
අපි දුරස් වූ අරුම තාම හිත අඬනවා
මං තාම වැව් බැම්මෙ නුඹ එතැයි බලනවා
කෙකටියමල් දණ්ඩි පැටව් බෝවිටියා දං පේර
Deleteකිරිකෝඩු හිනා දැළිරැවුල වෙල් නියර වැව්බැම්ම
පෙරපුරුදු කෝල හිනා
තුරුල් කරාන හඬනා මා හිත
අවදිකලේ ඇයි මේ හැන්දෑවේ
කාලෙකට පස්සෙ මෙදා පාර හිංගලෙන් කවි ටිකක් ලියල. අනේ හොඳා.
ReplyDeleteකලකට පස්සේ මම මමම වෙලා කියල අම්මපා මටත් හිතුන හැලපේ...
Deleteදැන් හරියාවි....
හේතුව හම්වෙච්ච වෙලාවකම දෙසාබාන්නංකෝ...!
මිඩ් ලයිෆ් ක්‍රයිසිස් අහවරයි වගේ....:)
ReplyDeleteමේක නියමයි...
මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කෙසේ වෙතත්, මිඩ් වයිෆ් ක්‍රයිසිස් එකනම් අහවරයි..!!
Deleteනියමයි නං නියමයි...:)
හැම වැදගත් අවස්ථාවකදිම ඔය නෑනලා අර පුරුදු හිනාවත් මූණෙ දාගෙන ළමයි බමයි මේච්චල් කොරන හැටි බලන් ඉන්න එපැයි.. පුච්චේ... ජීවිතේ..
ReplyDeleteජයවේවා..!!
ඒ කිව්වේ...?
Deleteමමත් හිතෙන් ආපහු ගියා 1970 ගණන් වලට.
ReplyDeleteබොහොම ස්තුතියි.
ඒ කියන්නේ වැඩේ අතිසාර්ථකයි...
Deleteතැන්කූ විචා...!
ලපයි සිපයි කාලේ සුන්දර මතක...
ReplyDeleteදැන් කියලත් වෙනසක් නෑ..ලපයි සිපයි...!
Deleteමේ කවිය ලස්සනයි..
ReplyDeletewow!
ReplyDeleteWhy?? Is that Bad??
DeleteI'm just amazed that I understood.
Deleteපුංචි අවධියේ කරපු එව්වානම් හරි නෑ
ReplyDeleteඅනේ රොමාරස්...පුංචි හිච්චි කාලෙදිනේ ඉතිං....අහිංසක නේ...පව් ඔහොම කියන්න එපා...!
Deleteනියමයි බං ශෙෆෝ...හීනියට කිතිකැවෙන විදිහට මතක අවුස්සනවා. අඩියක් ගහලද ලිව්වේ. මටනම් රසට දැණුනා.
ReplyDeleteඅඩියක් නොගහා ලියන්න පුලුවන්ද කියලයි බැලුවෙ....කිතිකැවුනා නං එච්චරයි..:)
Deleteහරිම සුන්දරයි මේ පද පෙළ
ReplyDeleteසුන්දරයි ඒ අතීතයත්....!
Delete