Sunday 22 March 2015

රළ බිඳෙන හැඩ ලස්සනයි....





photo-chef-archi   Location- Lighthouse, Galle

රළ බිඳෙන හැඩ ලස්සනයි නේද...?
රළ බිඳෙන හැඩ ලස්සනයි.... 


කොහොමද වාස දේස..?
ඔහේ ඉන්නවා.... 


කොහෙද ගම...?
ඉපදුනේ නම් දෙය්යන්නේ ගම...හැදුනේ වැඩුනේ පල්ලේහා කොස්පැලවින්නේ... 


මොකෝ උනේ...?
ලොකු හුළඟක් ආවා විතරයි මතක....ඊට පස්සේ එහාට මෙහාට කරලා මොරටු ගෙනාවා….


කවද්ද ආවේ..?
අපි දෙන්නාම එක දවසෙනේ ආවේ... 


මොරටුවටද නැත්නම් මෙහාටද...?
මෙහාට... 


වහීද..?
නෑ අද වහින්නේ නෑ...


කොහොමද දන්නේ...?
තාම අපිව වැරෙන්ඩා එකට ගත්තේ නැති නිසා... 


රළ බිඳෙන හැඩ ලස්සනයි නේද...?
රළ බිඳෙන හැඩ ලස්සනයි....



නිමිත්ත - මල්

68 comments:

  1. පිශ්ශු බම්ප් වෙනවා... බඩ්ඩක් කියන්නද අයියෙ? කොමර්ශල් ඇඩ් එකක ස්ක්‍රිප්ට් එකකට කියාපු අයිඩියාව... මම එක ලඟ තුන් පාරක් විතර කියෙව්වා.. මුහුදෙ සද්දෙ ඇහුනා..පාලුවක් වගේ හැඟීමක් දැනුනා.. ඇයි දන්නෑ..
    ජයෙන් ජය වේවා..!!!!!

    ReplyDelete
    Replies
    1. සිරාවටම ෂෙෆාකි... ඇනිමේෂන් පාරක් දාල ගත්ත නං මරු...

      Delete
    2. @ගස්..මගෙ ඇහ ට්‍රේන් වෙලා තියෙන විදිය තමයි ඔය..හහ් හහ් හා

      Delete
    3. සජ්ජො වෙලාවක මම දාන්නම් අපි කරපු ඇනිමේෂන් ක්ලිප් එකක්..

      Delete
    4. මෙයාටත් එකක් හදලාදෙන්න ගල්දෙකක් කතාකරනවාවාගේ

      Delete
    5. stitchmech කියලා හදන්න

      Delete
    6. ආකි කියන්නෙ ඉතිං පෙට්ටියෙන් එලියෙ ඉන්න පුරුදු මිනිස්සු(?) කොට්ඨාසයක් නෙව.. ඇනිමේශන් දාලා ඒව ගැන අයියගෙ දර්ශනය විස්තර කරලා අමුතු පෝස්ටුවක් දාමු ඈ.. ඉවසිල්ලක් නෑ..

      Delete
  2. කියන්න දෙයක් නෑ.. අදහස නම් සුපිරියි..

    ReplyDelete
    Replies
    1. මොනා හරි කිව්වානම් තමයි දිනේශ් වටින්නේ...!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. රළ බිඳෙන හැඩත් ලස්සනයි මේකෙ ඉකෝ වෙවී ඇහෙන රළ බිඳෙන හඩත් ලස්සනයි. අපූරු නිර්මාණයක්

      Delete
    2. ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට්...

      Delete
    3. ඔන‍මටෝපියා ... Onomatopoeia ශබ්ධාලංකාරය

      Delete
  4. ගහට ගහක් හමුවෙලා.
    ලෝකෙ අවසාන දැව මේසය වෙන්දේසි කරන දැන්වීමක් ගියා මතකද ඉස්සර ටී.වී. එකේ. මට මතක පරිසර හානිය ගැන වගේ.

    ReplyDelete
    Replies
    1. ඩිස්කවරි චැනල් එකේ ගියේ.WWF එකේ ඇඩ් එකක්.

      Delete
    2. තව තව තේරුම් තියෙන්නත් පුලුවන් නේ...!

      Delete
  5. ඔයාගේ ඔය වයිරමත් ලස්සනයි..
    අහා.. ස්තූතියි.. ඒක ලැබෙන්නැත්තේ පරම්පරාවෙන්..

    වැස්සත් සමහරවිට ගෙට ගන්නෙකක් නෑ.. හ්ම්ම්..
    ඇයි එහෙම කියන්නේ?
    ඇයි අමතකද.. අපිට අන්දල තියෙන්නේ වෙදර් ශීල්ඩ් නේ..

    අහ්.. ඇත්තටම.. ඔයාටත් හිතෙන්නේ මාර දේවල්නේ..
    මුහුද අයිනේ මෙච්චර ලස්සන තැනක් හදාපු
    අපිව මෙහාට ගෙනාපු පිස්සු රැවුලට වගේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. වෙලාවක ගිහින් බලන්න කළණ...ලකීගේ මරු නිර්මානයක් තියෙනවා මේකේ ස්ටෙයාර් කේස් රේලින්ග් එකේ..

      Delete
    2. ප්‍රදීපාගරෙට නම් කීපසැරයක් ගොඩවෙලා තියෙයි.. අර ලොබි එකත් එක්ක තියෙන කැරකෙන ස්ටෙයාර් වේ එකේ ඉන්න යුද්ධ හෙවායෝ වගේ සීන් එකනම් මතකයි හැබැයි ඔය කියන රේලින් සීන් එකනම් මීටර් නෑ.... අවුරුදු නිවාඩුවේදීවත් ආයි ගිහින් බලන්නෝනෙ.. ලකී කිව්වේ DCL ද?

      Delete
    3. ඔව් මචං..මම කිව්වේ ඒ හේවායො ස්ටෙයාර්වේ එක ගැන තමයි. ලංදේසි ආක්‍රමණය හරි ක්‍රීයේටිව් විදියට පාවිච්චිකරලා තියෙනවා ස්ටෙයාර් රේලින්ග් එකක් හැටියට...
      නෑ ඩිසයින් කොන්සෝර්ටියම් අල්විස් මහත්තයා නේවී..ලකී සේනානායක තමයි ඒ ආර්ට් වර්ක් එක වගේම ජෙෆ්‍රිගේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් වල ඔය වගේ නිර්මාන වලින් දායක වෙලා තියෙන්නේ..පාර්ලිමන්ට් එකේ මේන් චේම්බර් එකේ එල්ලලා තියෙන ෆාර්ම්ලීෆ් චැන්ඩ්ලියර් එකත් ලකීගේ නිර්මානයක් ජෙෆ්‍රිගේ ප්‍රොජෙක්ට් එකක...
      ආයේත් ගියාම සිහියෙන් බලමු....

      Delete
    4. Laki Senanayake- A master of many arts.. දඹුල්ල කිට්ටුව තිබ්බ දියබුබුල අයිති 'ලකී'ද මේ? දැන්නම් ගොඩාක් වයසයි වෙන්නෝනෙ.. තාම ප්‍රැක්ටිස් කරනවද? රැවුලා යි කියු එක එහෙනම් ගැලපෙනව.. :)

      Delete
  6. සිතුවිල්ල නියමයි

    ReplyDelete
  7. next jat weather shield advertisement.
    superb....

    ReplyDelete
    Replies
    1. JATලගේ තියෙන්නෙ වෙදර් ගාර්ඩ් කටුසු..වෙදර් ෂීල්ඩ් පාවිච්චි කරන්නෙ පිටත බිත්ති ආලේපයක් හැටියට...

      Delete
    2. චැහ්....නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගනවත්ද මම.....?????

      Delete
    3. (රහසෙන්) අවුලක් නෑ කටුසු.... එහෙම හරි දෙයක් ඇහෙන කොට අපි හොරෙන්ම දෙයක් ඉගෙනගන්නවා.

      Delete
  8. අද නං මොනවහරි වෙයි වගේ නේද??
    ඇයි එහෙම අහන්නේ…

    ඇයි අද රැවුලා මීගමු ගියානේ වෙල් කක්කුට්ටො ඇරං එන්න
    ආ එහෙනං එනගමන් කාගිල්ස් එකටත් යන්න ඇති …

    එහෙනං කොටයක්වත් ඉතුරුවෙයි නේද අපිටත්
    කොයිල්ද ??? අද එන්නේ අටම් කියල පොරක්ලු

    එහෙනං මංඥොක්ක කෑල්ලක් වත් ??
    මගුලක් කියනවා.. අන්න ඉවානුත් එනවලු

    ReplyDelete
  9. කියන්න හිතෙන දේ තනි වචනෙන් කියන්නම්.. "පට්ට"......

    ReplyDelete
  10. යතාර්ථය.........? ඔව් යතාර්ථය.

    එපමණයි.

    ReplyDelete
  11. මයිකල් ජැක්සන්ගේ "ෆීල් ද වර්ල්ඩ්" මතක් උනා...

    ReplyDelete
    Replies
    1. අනික පොටෝ එක මාර වටින්නේ දෙන්නා මැද්දේ බාධකයක් නැති නිසා..

      ඒකයි පින්තූරේ වෙනස.. නැත්නම් මේසයක් මේ දෙන්නගේ කතාවට බාධා කරනවා නේ...

      Delete
    2. මාතේ..මටත් ඔය පුටු දෙක මූනට මූන බලාන ඉන්න එක (මැද ටීපෝව නැතුව ) තමයි මේ අදහස එන්න මූලික උනේ..
      මල් නිසාම හොඳයි මචෝ.

      Delete
  12. ්‍මට හරියට තේරුම් ගන්ඩ බැ , අරුත් දෙකතුනක් තියනව වගේ

    ReplyDelete
    Replies
    1. නෑ මචං...මල් හීන...

      Delete
    2. මටත් මල් ගැන හීනයක් තියෙනවා...
      කාලෙකින් විඳින්න බැරි උනා.. හෙක්

      Delete
  13. මරු බං.. ලෙසටම ඇත.. හරිම අපුරුයි..

    ReplyDelete
  14. මුලින් කියවගෙන එනකොට තේරුනේ නෑ. අන්තිමටයි තේරුනේ. කොහොමද ඔය ඵොටෝ එක දාල ඔය වගේ දෙබසක්, ඔය විදියට ලියන්න කල්පනා වුනේ? ජීනියස්!

    ReplyDelete
    Replies
    1. පොටෝ එක ගත්තේ මීට දෑවුරුද්දකට කලියෙන්...පොටෝ සර්ච් එකක් කරනකොට රැල්ල බිඳෙන හඬයි කරිජ්ජ සුවඳයි ආවානේ...
      ඔලුව පාවෙන වෙලාවට ඔහොම දේවල් ලියවෙන එක නෝමල්...

      Delete
  15. මේ හෝටලේ හදපු ලොකු ආකි මහත්තය මෙච්චර මුහුද ලගට වෙන්න අපිව තිබ්බෙ නෑ , දැන් මේ අලුත් කෙනෙක් ඇවිත් ගල් ටිකක් මෙතන අල්ලල, අපිව වේලෙන්ඩ දාල, ඉස්සර අපි හිටියෙ අර උඩ පේන බැල්කනියෙ. දැන් කරිජ්ජ හුලග වදිනෙ කනට. අනේ ඒ මහත්තය මලාට පස්සෙ අපිට වෙච්ච දේ.

    ReplyDelete
    Replies
    1. එයාගෙ ගෝලයෙක්නේ මෙහෙම කලේ...ඒ නිසා ගනන් ගන්න එපා..

      Delete
    2. ගෝලය චෙෆාකිද ? මමයි හාමිණෙයි ආසම හෝටලයක්. කාමර වල දොරවල් දොරවල්, ජනෙල් පේන්ට් කරල තියන විදිහ නියමයි. ලොක්කගෙන් ඩිස්කවුන්ට් එකක් ඉල්ලන් ආපහු යන්න ඕනෙ කාලෙකින් ගියේ නෑ.

      Delete
  16. "හිරිගල් දේවාලෙ බිම පෙරළෙමින් වඳින ගැමි ගැහැනියගේ භක්තිමත් සිතෙහි අපූරු හැඟීම විඳින්නට දැණුමින් කුරුවල් වු මගේ මනසට බැරිය" කියල මාර්ටින් වික්‍රමසිංහ කියල තීනව.

    මේ කතා කරන්නෙ ලී පුටු දෙකක් කියල දකින මටත් අන්න එහෙම වෙලා.

    උඹෙ බ්ලොගේ මම දැකපු සුපිරිම නිසඳැස මේක වෙන්න පුළුවන්, ඒත් ඒක උපරිමෙන් විඳින පින මට නැතුවා.

    ReplyDelete
    Replies
    1. කූල් එකේ බියර් එකක්වත් සිප් කර කර කියවහං...එතකොට දැනෙනවා...

      Delete
  17. ආවොත් සුනාමියක්
    කෙලවෙයි බං අපි දෙන්නටම
    ඒත් කමක් නෑ බං රජ කරන උන්
    හම්බකරගනියි පරම්පරා හතකට

    ReplyDelete
  18. ආයිත් ඇවිත් කියෙව්වා බං.. මරේ මරු. අර පාපී උපයට මේක රස විදින්න පිං නෑලු මොකද දන්නෑ නේද?? පෙර වැරදි.. හැක්

    ReplyDelete
    Replies
    1. පින නෙමෙයි දේශෝ...වැදිලා නෑ...දෙකක් නවා ගත්තනං විඳින්න තිව්නා රස...

      Delete
  19. රළ බිඳෙන හැඩ ලස්සනයි මචෝ . අජීවී පුටු දෙකකට පණ දෙන්න වඩුවෙකුට පස්සේ ආර්කියෙක් දැරූ ප්‍රශස්ත වෑයමක් . මට නම් උඹ සාර්ථකයි. කවිය කියවද්දී හිතින් මුහුදු හුළඟ විඳින්න පුලුවන් වුනා මට .

    ReplyDelete
    Replies
    1. සංවේදී ඉංජා....උඹ...

      Delete
    2. A Moment to Remember කොරියන් ෆිල්ම් එක බලල තියෙනවාද අයියෙ..?? මට ඕගොල්ලන්ගෙ කතාව දකිනකොට ඒක මතක් උනා.පුලුවන් නම් බලන්න..

      Delete
  20. මී කුණක් විකුනලා කෝටිපතියෙක් වෙච්ච කතාව මතක් වුණා.

    මේ පින්තුරේ දකින සාමන්‍ය කෙනෙක් දර්ශනයේ රසය විඳිනවා මිසක් මේ වගේ නිර්මානෙකට පෙළඹෙන්නේ නෑ,, හරිම ශෝක් හිතක් ඔයාට තියෙන්නේ..

    නියමයි ...... මට හිනා අනේ දැන්,,,මේක කියෝලා හීටර් එකයි ෆෑන් එකයි දිහා බැලුවා... දෙන්නට දෙන්නා මොනවා කතා කරනවා ඇද්ද කියලා... හි හි හි දවසක් මං ලිවුවා කවියක් ෆෑන් එක ගැන ,,අද හම්බුනොත් කමෙන්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. ෆෑන් කවිය හොයලා දාන්න...

      මටනම් කවි බැරිය....!

      Delete
  21. එල ද බ්‍රා අයියන්ඩි..එල ද බ්‍රා

    ReplyDelete
  22. රෙස්ටොරන්ට් එකේ පු‍ටු හන්දද මන්දා මචං, මුං ඊයෙත් ඔය ආගිය තොරතුරුම කතාකරලා දැන හඳුනා ගත්තා මං අහගෙන.

    ReplyDelete
    Replies
    1. මුං දෙන්නා හරි ඉරිසියයි අර ලොබි එකේ තියෙන ලොකු ඇඳි පුටු එක්ක....මුං දෙන්නත් එක්ක ඉරිසියයි රෙස්ටෝරන්ට් එකේ තියෙන ඔක්කොම පුටු මොකෝ මේසෙ හරස් වෙලා හරියට සෙට් වෙන්න අමාරු නිසා...

      Delete
  23. මෙව හිතෙන්නෙ ආකිලටමද මන්ද?

    ReplyDelete
    Replies
    1. හැමෝටම හිතෙනවා ඇති..ආකියෙක්ට විතරක් ඔලුව කචල් නිසා එලි‍යට දාන්න පුලුවන් ඇති....හිහිහි....

      Delete
  24. මෙතන වෙන තෙරුමක් තියනවා.... මොකෝ මූඩ් එක අප්සෙට් වෙලාවගේ. මමදන්නවනෙ චෙෆාගෙ තරම

    ReplyDelete
    Replies
    1. Nope..just a thought or a reflection of my mind which was stimulated on seeing this pic..that's all vassa...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....