Saturday, 14 March 2015

අලිත් එක්ක සංවාද !


photo by vindya vipulagama
අන්තර්ජාලේ තැන් දෙකතුනක දැක්කා වීඩියෝ ක්ලිප් එකක් බීපු හාදයෙක් අලියෙක් එක්ක සංවාදයක පැටලිලා කන ඉරාගන්න. ඔය අලිත් එක්ක සංවාද වලට යන්න හොඳම නැහැ කියන එක තේරුම්ගන්න මාතේගේ පෝස්ට් වලට එන ඇනෝ කමෙන්ට්ස් බැලුවානම් හොඳටම ඇති. මනුස්සයා බ්ලොග් කියවන ඇත්තෙක් නෙමෙයි මයෙ හිතේ...

මාතේගෙ අන්තිමටම පබ්ලිෂ් වෙච්ච පෝස්ට් එකේ තිබිච්ච පිංතූරේවත් දැක්කානම් මිනිස්සු කාපු බීපු වෙලාවටවත් අලි එක්ක සංවාදවලට යන එකක් නැහැ මයෙ හිතේ..

අස්සේ හැලපේගේ පහුගිය පෝස්ට් එක කියවනකොට මට මතක් උනා අලි සහ සෙරෙප්පු සම්බන්ධ කේස් එකක්...මේක බොහෝම ඉස්සර අපේ සීයාත් ජීවත් වෙලා ඉන්න කාලේ වෙච්ච දෙයක්. අර විචා කිව්ව මැජික් පෙට්ටිකාරයා පොලවල්වල්ට බයිස්කෝප් පෙන්නන්න එන කාලේට පස්සේ වෙච්ච දෙයක් හැබැයි.

අම්මා යන හැම තැනම පස්සෙන් එල්ලිලා යන මහ මොකක්ද පුරුද්දක් වගේ දෙයක් මගේ තිබුනා ඔය කියන කාලේ. එහෙම ගිය ගමනක, රත්නපුර මාර්කැට්ටුවේ යට තට්ටුවේ තිබුන සපත්තු කඩේ තිබිච්ච් ගල් සියඹලා ටයිප් හම් සෙරෙප්පු දෙකකට මගේ ඇහැ ගියා. සෙරෙප්පු කිව්වාට ඒක පටි සෙරෙප්පු දෙකක්, කියන්නේ සැන්ඩ්ල්ස් ඝනයට අයිති පාවහන් යුගලයක්. ගාන සෑහෙන්න බරයි, අරන් දෙන්නය කියලා කියන්න තියා එහෙම හිතන්නවත් ගට්ස් නැහැ ගානයි අපේ අම්මාගේ හැටියි නිසා.

කියන්නේ මට කවදාවත් සෙල්ලම් බඩුවක් අරන් දීලා නැහැ. කාලේ සෙල්ලම් බඩු කඩෙන් ගන්නේ නැහැ, අපි හදාගන්නවා මිසක්. බෙලෙක් පියනක් කොහුමිටකට ඇනේකින් ගහගෙන පීක් පීක් කිය කිය දුවන්න හරිනෙස්ප්‍රේ ටින් එකකට වැලි පුරෝලා පියෙනෙයි පතුලෙයි හිල් දෙකක් හදලා අතරින් කම්බියක් ඇදලා පුඩුවක් හදාගෙන පුඩුවට ලනුවක් දාලා ඇදගෙන යන ගල් රෝලක් හරි, ලී නූල් රෝදවල කට්ට කපලා, රබර් පටියක් දාලා වයින් කරන ට්රැක්ටර් එකක් ඉරටු එක්ක හදාගන්න එක හරි  තමයි සෙල්ලම් බඩු වලට අපි පාවිච්චිකලේ. හැබැයි රත්නායක මාමගේ ලමයි ගොල්ලන්ගේ හැටපහයි හැත්තෑව ෆොර්ඩ් ෆ්රිෆෙක්ට් එකේ පරන ටයර් වලින් හදාගන්න, ඒ කියන්නේ ටයර් එක ඇතුලට වතුර ටිකක් දාලා කොහු මිටට වඩා ටිකක් මහත පොලු දෙකක් වී අකුරේ හැඩේට ටයර් එක ඇතුලට දාගෙන දුවන කාර් එක තරම් හයිෆයි සෙල්ලම් කාර් එකක්, නාමල් බේබිගේ ලැම්බොගිනිවලට වඩා ඉස්තරම් ඒ දවස්වල
.
ඉස්කෝලේ යනකොට දාන කළු සපත්තු ජෝඩුව ඇරුනාම ඔය අරුමෝසම් සපත්තු අරවා මේවා අරන් දෙන්නය කියලා කරදර කරන්න ගිහින්, අතේ සතේ නැතුව දවල්ට උයන්න හාල් සේරුවක් හොයාගන්නේ කොහොමද කියලා වද වෙන අම්මා ගේ හිතට තවත් වදයක් නෙදෙන්න තරම් මම සෙන්සිටිව් හොඳේ කාලේත්. එහෙම උනාට වගේ ආශාවන් තදකරගෙන ඉඳීමත් හරිම හොඳ නැති දෙයක් කියලා හිතෙන්නේ, ගෙදෙට්ට ඕන කරන අඩුම කුඩුම ගන්න සුපර්මාර්කට් එකකට ගියාම මාව හොයාගන්නේ ගෙදර අය සෙල්ලම් කාරුයි සොෆ්ට් ටොයිස් වගේ ඒවා තියෙන රැක් අතරින් තාමත්. එහෙමත් දවසක තමයි මොකක් හරි සෙල්ලම් බඩුවක් නොගෙන ගෙදර එන්නේ කඩේ ගියොත්.

සෙල්ලම් බඩු කියලා මම දවස්වල සල්ලි දීලා අරගෙන තියෙන්නේ (අරන් දීලා නම් නෑ කවම දාවකවත්) සමන් දේවාලේ පෙරහර පොලෙන් ගත්ත ලස්සන පොඩි සෙරමික් කලු සුදු බලු පැටව් ජෝඩු තමයි. ඒවා තමයි ලාබම. තව ගොඩාක් ආස දේවල් පොලේ තිබුනාට අවුරුද්දට කැට ගහලා ඉතිරි කරගන්න සල්ලි වලින් ඊට වඩා දෙයක් ගන්න බැහැ. තාමත් තොරම්බෝල් කාරයෙක් හරි, පෙරහර පොලක් හරි දැක්කොත් නැවැත්තුවා වාහනේ ගත්තා ඔක්කෝම ආසා කරන සෙල්ලම් බඩු.
මේ ලඟදීම ගත්ත එක තමයි අර බැටරිදාල දුවන බයිසිකල් කාරයා.

මීට දෑවුරුද්දකට විතර කලින් ලංකාවට ආව අලුත ගියා අපි නුවර පෙරහර බලන්න. පෙරහර බැලීම කෙසේ වෙතත් මම ගත්තා මාර සෙල්ලම් බඩු ටිකක්. අර පාට පාට ලෙඩ් ලයිට් දාපු කරකවනකොට එලිය දෙන එව්වා සෙට් තුනකුයි, පොලොවෙ ගැහුවාම එලිය දිදී බම්ප් වෙන බෝලයි..හප්පා කියලා වැඩක් නැහැ..

ආපහු ගල්සියඹලා පටි සෙරෙප්පු දෙක ගැන කියනවානම්, මේ ආශාව ඉශ්ට සිද්ධ කරගන්න මම, විජේ බාප්පලාගේ ගොඩැල්ලේයි අපේ වත්ත පහල වේල්ල දිගට මායිමට හිටෝලා තියෙන පුවක් අරඹෙනුයි ඉල්ලා ගත්තා පුවක්, බාර් එක විල්සොන්ගේ කඩෙන් සල්ලි හුවමාරු කරගන්න. මේ පුවක් අරඹවල් දෙක මට ඔය වගෙ උදව්කරලා තියෙනවා කෙමිස්ට්රි ක්ලාස් එකට ෆීස් ගෙවන්න, කන්න බොන්න ගෙදර හාල් තුනපහ නැතුව අම්ම ලතවෙන කොට පොඩි සයිඩ් සපෝර්ට් එකක් දෙන්න වගේ එකී නොකී සෑහෙන දේවල් වලට. කාසි හොයාගත්තය කියලා ගල්සියඹලා පටි සෙරෙප්පු  ගෙදර ගේන්න බෑනේ අම්මගේ අවසරය නැතුව. ප්රතිපාධන සොයාගත්තාය, ගානට ඒක වටිනවාය ආදී දේවල් කීවත් අම්මාගේ අදහස උනේ පටි සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ යන්න බැරි නිසා ප්රොජෙක්ට් එක ඇපෲව් කොරන්න බැරිය යන්නයි. මේවාට තාත්තාගෙන් කිසිම සපෝර්ට් එකක් ගන්නත් බැරිය, අයියා මල්ලී සහ නංගී මගේ මේ පුවක් නෙයියාඩගම් නිසා පාරේ බැහැලා යන්නත් බැරිය කියමින් අනුර කුමාර වගේ අවලාදද කියයි.

මාසයක පමන ඇවටිලි සහ කුස්සියේ උයන පිහින කටයුතු වලින් අම්මාට දුන් පක්කලි සර්විස් ක්රියාදාමයේ ප්රථිඵල ලෙස මා විසින් සොයා ගන්නා ලද මුදලින් මාගේ ගල් සියඹලා පටි සෙරෙප්පු යුවල අම්මා සමගම රත්නපුරයට ගොස් ගෙදරට වැඩම්මවාගෙන ඒමට මා සමත් වි.

මේ පටි සෙරෙප්පු යුගලයේ කොටි හමක වැනි වයිරමක්ද නිකල් පාට ගාංචු සමූහයක්ද හැඩට වැඩට තිබූ බැව් මට මේ දැනුත් මැවී පෙනෙයි.

මෙවා පැලඳගෙන යා හැකි අවස්ථාවක් ඉක්මනින්ම උදා උනේ සමන් දේවාලයේ පෙරහර පටන්ගත් බැවිනි.
තාත්තා පෙරහර ඩියුටි වැටුනු නිසා දවස් පහේම  රෑ පෙරහරත් දිය කපන දවසේ දවල් පෙරහර බලන්නත් අපි සූදානම් උනෙමු.

අම්මා පලමු දින පෙරහර බැලීමට ඒමට මැලි ඌයේ මන්දැයි මා තාමත් නොදනී. සමහර විට තාත්තා සිටින නිසා අපි පොඩි ඈයොන් හතර දෙනා ආරක්ෂාකර ගනී යැයි ඇය සිතන්නට ඇත. කතරගම ගිය දිනයක පබ්ලික් ඇඩ්රස් සිස්ටම් එකෙන් දුන් ලමයෙකු අතරමං වී ඇති බැව් සහ ඔහු බාරගැනීමට දෙමව්පියන් වහාම කාර්යාලයට පැමිනෙන්න යන නිවේදනය අදත් මා ගත හිරිගඩු පිපෙන්නට සමත් කරවයි. මේ බය මා හිතේ තදින්ම පැලපදියම් වී ඇත..තාමත්...අපි ගිය සතියේ කතරගම ගියාමත් කිරිවෙහෙර කාර්යාලය විසින් එවැනි නිවේදනයක් නිකුත් කරා. අවුරුදු පහක පමන පිරිමි දරුවෙකු හඩමින් සිටින අයුරුත් ඔහුව සැනසීමට එම නිලධාරීන් දරන වෑයමත් මා බලා සිටියේ කුඩා දරුවාගේ හිතේ තියෙන අම්මා කෝ කියන හැඟීම මා හොඳහැටි දන්නා නිසාය.
මාත් ඔහුගේ අම්මා එනතෙක් පැත්තකට වී කාටත් නොදැනෙන්න හෝ ගාලා ඇඩුවෙමි.

ඔය බය නිසා එදා අපි තාත්තා රාජකාරි කරන සිංහාසන ගොඩනැගිල්ල ලඟ පෙරහර බලන්න තැනක් හොයාගෙන පැලපදියම් උනේ මගේ කකුල් දෙකේ ආඩම්බරයෙන් බැබලි බැබලි ඉන්න ගල් සියඹලා පටි සෙරෙප්පු දෙකත් වැඩිපුර පෙන්නවමින්ය. මා මල්ලීගේ සහ නංගීගේ අත් දෙක අත අරින්නේම නැතුව සිටීමට පුලුවන් ව්දියට තැත් කෙලෙමි. රෑ නමයට පමන පලමු වෙඩිල්ල පත්තුවූ විගස මිනිසුන් තිබූ සැනකෙලි කලබලයෙන් මිදී පාර දෙපැත්තේ හරිබරි ගැහෙන්නේ දේවාලයෙන් පෙරහර පිටත් වූ බැව් වෙඩි හඬ දන්වා සිටින බැවිනි. දෑතෙන්ම පොඩි ඈයෝ දෙන්නාත් අල්ලාගෙන ඉඳහිට පටි සෙරෙප්පු දෙකේ හැඩත් මිනිසුන් අතරින් පෙනෙනා තාත්තාගේ කාකි ඇදුමෙන් පිරුනු සිලුවට් එකත් ඇරෙන්න මට මතක අයියා මොන රස්තියාදුවක ගියාද යන්නයි. මේ සෙනග අස්සේ අතරමං උනොත් ස්පීකර් එකෙන් කියලවත් හොයාගන්න බැරි වෙයි.

ඈතින් කස කාරයොන්ගේ පට පටයත් බෙර හඬත් පෙරහර අප ලඟට ගෙන එයි. අප සමීපයෙන්ම කොප්පරා පුරවාගත් පන්දම් කාරයන්ගේ රස්නයත් ඒවායින් වැටෙන ගිනියම් කොප්පරා අඟුරුත් කොප්පරා දැවෙන සුවඳත් විඳිමින් පෙරහරේ ඉස්සරහින්ම එන මූනු දෙකේ මහඹබාගේ නැටුම පොඩිසිත් විකසිත කරයි

අලියන්ගේ ටාං ටං සීනු නාදයත් ඔවුන්ගේ සැරසිලිත් මන බදී, මා සිත අතර තුරේ දිවෙන්නේ පටි සෙරෙප්පු යුගලයට, මේ තෙරෙපෙන සෙනග අස්සේ ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි එහාට මෙහාට තල්ලුවෙනකොට කොහොමද මේ ගල්සියඹලා ජෝඩුව පරිස්සම් කරගන්නේ.

තාමත් තාත්තගේ සිලුවට් එක පෙනෙන නිසා හිත ටිකාක් විතර හයි කරගෙන ගල් සියඹලා ජෝඩුවයි නංගියි මල්ලියිත් අල්ලගෙන පෙරහර බලනකොට තිබිච්ච සංහිඳියාව එක පාරටම බිඳගෙන මිනිසුන් නැට්ටුවන් බෙර කරුවන් කෑගසමින් එක එක පැති වලට දුවන්න පටන්ගත්තා. තාත්තාගේ සිලුවට් එක, අත්දෙකේ එල්ලිලා මිනිසුන්ගේ තෙරපීම නිසා ඈතට ඇදෙන නංගියි මල්ලියි, මිනිසුන්ගේ විලාප හඬවල් අස්සේ මගේ වෑයම ගල් සියඹලා ජෝඩුව කකුල්දෙකේ තියා ගැනීම...!

අපි හිටියේ සිංහාසනය ලඟ, එතනදි සමන් දෙවියන්ගේ ආභරණ රැගත් ඇදගෙන යන රංසිවිගෙය නවත්තලා, ආභරණ සිහාසනයට ගෙනියනවා. අපි කවදාවත් මේ දෙවියන්ගේ ආයුධ දැකලා නැහැ. සිංහාසනය ඉස්සරහදි අලියෙකුට කොප්පර අඟුරු පෑගිලා පොඩ්ඩක් හැරිලා මිනිස්සු කුලප්පු වෙලා තමයි මේ හදිය. ඒක් දැනගත්තේ සමන් දෙවියන්ගේ ආභරණ වැඩමකරන රංසිවිගෙයි ඇතුලේ ආභරණ බාරව එන නිලමේ සුදු සහ නිල්පාට රෙදිවලින් ඔතපු හීයක් වගේ දෙයකුත් කරතියාගෙන අලි කුලප්පු වෙලා නෑ..අලි කුලප්පු වෙලා නෑ..කිය කියා දේවාලේ පැත්තට පස්ස නොබලා දුවනකොට.


දැන් මින්සුන් ටිකක් සංසුං...

අපිව හොයාගෙන තාත්තා ආවේ අයියාගේ අතිනුත් අල්ලගෙන. තාමත් මගේ අත්දෙකේ එල්ලිලා ඉන්න නංගියි මල්ලියි දැක්කම තාත්තා මගේ ඔලුව ඉම්බා. එතකොට තමයි මගේ පියවි සිහිය ආවේ. පාත්වෙලා මගේ ඔලුව ඉඹින තාත්තගේ අතට යටින් මට පෙනුනේ පාර මැද ගොඩගැහිලා තියෙන සපත්තු සෙරෙප්පු කංදරාව. මම බැලුවා මගේ කකුල් දෙක දිහා...

සමන් දෙයියනේ කෝ මගේ දකුනු කකුලේ තිබ්ච්ච ගල් සියඹලා පටි සෙරෙප්පුව...

වම විතරයි..

වමෙන මොකක් කොරන්නද..?

54 comments:

  1. පෙරහැරවල අලි කුලප්පු වෙන්නෙම ඔය කොප්පරා හරි ගිනි අඟුරු හරි පෑගිලා තමා. ඒවා ගෙනියන උන් කිසි පරිස්සමක් නෑ. ඒවා දාලා තියෙන මොකක්ද එකත් ඒකටම හරියනවා. මම දැකලා තියේ මිනිස්සුන්ගෙ ඇඟටත් වැටෙනවා.
    පොඩිකාලෙ තමන් ආසා කරන දෙයක් නැතිවෙනවා කියන්නෙ ඉතිං ගෙදර කවුරු හරි මලාට හපං.

    ReplyDelete
    Replies
    1. තාමත් ඒ වගෙ සෙරෙප්පු හොයනවා මෙයා..සංසාරේ කීවලු..

      Delete
  2. සෙල්ලම් බඩු සම්බන්දෙන් නම් ඉතින් කතා ගොඩයි...මාත් ඔය සෙල්ලම්බඩු ගන්න වැඩේ ලෝකෙට හොරා කරනවා.ටිකක් වෙලා තියන් ඉඳලා කවුරු හරි පොඩි එකෙකුට දෙනවා. චෙෆාකි මහඹබා නටල නැද්ද?

    ReplyDelete
    Replies
    1. මචෝ සබරගමුවෙ ඉපදුන අය හැමදාම මහඹබා කෝලම නටනවා මොකෝ මූනු දෙකයි කියනෝනේ..අනේ අපි නම් ඉපදුනේ අම්පාරේ සෙන්ට්‍රල් කෑම්ප් ඉප්පිටිතාලේ..නෝ නැටුම්..

      Delete
    2. උඩින්ම දාල තියෙන පිංතූරෙ තියෙන්නෙ පෙරහැරක මහ බඹා නටවන සීන් එකක්නෙ.මම හිතුවෙ එහෙම කතා සැට් එකකුත් තියෙයිද කියල.. හෙහ් හේ...

      Delete
    3. රත්නපුර සමන් දේවාලේ පෙරහරේ ඉස්සරහ යන්නේ මහඹබා...ඉතින් මේ මම කියන සෙරෙප්පු සිද්ධිය උනෙත් ඔය පෙරහර බලන්න ගිහිල්ලා...ගලපගන්න පුලුවන්නේ දැන්...

      Delete
  3. කියවීම සදහා පසුව එමි..

    ReplyDelete
    Replies
    1. ඇයි දිග වැඩිද නැත්නම් රස අඩුද?

      Delete
    2. වෙලාවක් තිබුනේ නැහැ බං.. ඒකයි උනේ..

      Delete
  4. වමෙන් මොනවා කරන්නද? හුහ්.......වමට අපහාස කරන්න එපා. වම නිසා තමයි දකුණත් රැකිලා තියෙන්නේ.

    පුෂ් බයිසිකල් රීම් එක ලී මිටකට ගහගත්තු කම්බියකින් දැක්කීම තමා මම ආසම කරපු වැඩේ. ඊට කලින් කලේ පොල් පිත්තකින් හදාගත්ත පාලකය මගින් පුංචි ගල් ටයර් දැක්කීම. කොලපත් පැදීම කලේ පුංචිම කාලේදී. අර පොලු දෙකෙන් ටයර් දැක්කීමෙදී වතුර වෙනුවට ග්‍රීස් දැම්මම වේගය වැඩියි. පොලු දෙකේ ටයර් එක ඇතුලට දාන අග්ගිස්ස රවුම් කරන්න ඕනේ.

    පුංචිකාලේ සෙල්ලම් බඩුවක් කියන්නේ ඉතාම කලාතුරකින් ලැබුන දෙයක්. ඉල්ලලා අඬලත්, නොලැබුන අවස්ථා බොහොමයි. ඒ මානසික පීඩාව වේදනාව අදටත් හිතේ තියනවද මන්දා. මම මගේ දරුවන්ට සෙල්ලම් බඩු කඳු ගහන්න අරන්දුන්නා. අවංකවම මගේ හිතේ ඉන්න දරුවා එයින් එදා නොලැබුණු තෘප්තිය අද ලබන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මම නම් තාමත් අරන්දෙනවා..මට‍යි ලමයි දෙන්නාටයි...

      Delete
  5. වමෙන් මොකක් කොරන්නද..????
    අන්තිමට කොහොම හරි දේශපාලනේ ගැව්වා නේද ???

    ReplyDelete
    Replies
    1. ඉතින් වම් කකුලට වම කියන්නේ නැතුව වෙන මොනාද කියන්නේ රාලේ..?
      අනික වමට විතරක් සෙරෙප්පුවක් තිබිලා මොනා කරන්නද?

      Delete
  6. ඔය ටයර් රථය අපේ පරම්පරාවෙන් පස්සෙ අභාවෙට ගියාද මන්ද? ටයර් රථය ෆුල්ස් ස්පීඩ් යන්න විචා කිව්ව වගේ පොළු රවුම් වෙන්න ඕන. අපිට තිබ්බ අඟල් දෙක විතර ඩයා වල්-අත්ත පොළු. පට්ට ගහල, අග රවුම් කරල ගත්තම කදිම බඩුව. ටයර් එක අස්සට වතුර වලට තෙල් ටිකකුත් දැම්ම තවත් ගති. බ්‍රෙක් කරන්න පොළු දෙක කිට්ටු කරනව, ඒ බී එස් ක්‍රමේට තමා ඒ කාලෙත් අපි නැවැත්තුවෙ. හැබැයි සමහර විට හම්බ උනේ කට්ට ගිහින් වල පෑදෙන්න කිට්ටු ටයර්. එතකොට බිජ්ජ ගැලවෙන පොල්ලක් ඒ ටයර් එකේ වල ආස්සෙ ගියහම.

    මටත් පොඩි කාලෙ හෙන ආසාවක් තිබ්බ අර ප්ලාස්ටික් ආමි කෑම්ප් සෙට් එකක් ගන්න. කවදාවත් ලැබුනෙ නෑ. දැන් හොයනව ගන්න නෑ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉන්දික...මම මගේ වෙලාවෙන් සෑහෙන කාලයක් ගත කරන්නේ කොළඹින් කිලෝමීටර 186ක් එහා දන්දෙනියේ....එහේවත් දැකලා නැහැ බයිසිකල් රිම් එකක් හරි කාර් ටයර් එකක් හරි ගහන කොල්ලො කුරුට්ටෝ...අනේ සංසාරේ කීවාලු...
      අපේ කොල්ලා ගාවනම් තිබුනා ඔය ආමි සෙට් එකක්...

      Delete
    2. අපේ කොල්ලට මං මේ සැරේ යද්දී ආච්චි අම්ම ඔය ආමි සෙට් එකක් ගෙනත් දීල. මෙලෝ රහක් නෑ.. පෙත්තො වගේ හිටවල් තිබ්බම හුළං පාරට වැටෙනවා.. ඒ කාලේ අපේ බාප්ප රට ඉඳන් එනකොට එකක් ගෙනල්ල තිබ්බ.. ඒක මාර කොලිටි.. බාප්පට හිටියේ කෙල්ලොම තුන් දෙනෙක් ඒත් ආමි සෙට් එකක් ගෙනත් දීල තිබ්බ.. උන් (අක්කල නංගිලා) ඒව අපිට පේන්න අරන් තියනව සෙල්ලං කරන්නේ නෑ.. ඒකටත් එක්ක පන නැති සොලාල එක්ක උනත් ඊයේ පොඩි එකාත් එක්ක පැය ගානක් යුද්ධ කරල අමාරුවෙන් දිනුවා.. :-)

      Delete
  7. දැන් වම අවශ්‍ය වෙන්නෙ ටොයිලට් එකේදි විතරයි කිව්වට ගඳ ගහන මළමිනී නැගිට්ටවන්නත් වම පාවිච්චි කරනවා මම දැක්කා.

    ReplyDelete
    Replies
    1. පෙරේතයෙක් කුම්බාන්ඩයෙක් වෙලා හරි ආයේත් එයි කියලානේ ඔය බලාගෙන ඉන්නේ...ඒ මදිවට එන්න බැරිවෙන්න ඔය අලුත් කට්ටඩි (තක්කඩි නෙවෙයි ) සෙට් එක 19 ගේන්න හදන්නේ 18 සන්නිය කැන්සොල් කරලා...

      Delete
  8. සෙල්ලම් බඩු ඇරියස් එක අපි කාටත් පොදු දෙයක් වගේ. හැබැයි 8 පන්තියෙන් විතර පස්සෙ මම රිච් පොරක් . කෙසෙල් කොටුවකින් වගේම තවත් එකෙක් එක්ක එකතු වෙලා වැලි ගොඩ දාල ඕනෙ දේවල් ගත්ත වගේම අම්මටත් සල්ලි දුන්න.
    ඒත් කවදාවත් ගන්න හිතපු ඔරලෝසුව ගන්න බැරි උන දුක තාමත් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ කියවෙන කතාව උනෙත් 8 පන්තිය සන්ධියේදිමයි...මම නම් යනයන හැම රටෙන්ම ඔරලෝසුවක් අරගෙන තියෙනවා..ඒකත් ඔය සෙල්ලම් බඩු ලෙඩේ වගේම ඇරියස් කේස් එකක් තමයි..

      Delete
  9. සෙල්ලම් බඩු ගැන කියන වෙලාවට මතක් වෙන්නේ අන්දික කියල තියන ජාතියේ ප්ලාස්ටික් ආර්මි සෙට් එක තමා.පැය ගානක් තිස්සේ මහන්සිවෙලා කෑම්ප් එක හදලා විනාඩියෙන් කඩලා දානවා.අම්මලා තාත්තලගේ හොඳකම නිසා කැමති දේවල් නොලබීමේ දුකනම් දැනුනේ බොහොම අඩුවෙන්.ඒ දුක දැනෙන්නේ දැන් තමයි.ඒත් දැන් කැමති දේවල් අම්මලට කියන්න බෑනේ....

    ReplyDelete
    Replies
    1. කියහන්...
      අම්මේ අම්මේ මේ මට..
      කියන්න ලැජ්ජයි අම්මට...
      ...කියලා...

      Delete
  10. පුංචි පැටික්කන් මගදිග හඬවන සිල්ලර රසකැවිලි
    දුවයන ඉගිළෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
    අහකබලාගෙන මගදිග යනවිට නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා වෙවී , මා අඬවාපන් මේ රෑ යාමේ..

    චෙෆාකි සහෝදරයා , මගේ අතීතය ඔබතුමා ලියලා.. මටත් සෙල්ලං බඩු තිබුනේ නෑ පුංචි කාලේ.. තාත්ත මට එක එක දේවල් හදල දෙනවා.. සරුංගල්, පිනුම් ගහන නැට්ටුවෝ, යකඩ බෝලයක් ඇතුලට දාල හදන කරනම් ගෙම්බෝ වගේ ගොඩක් ජාති. මමත් කවදාවත් අම්මගෙන් අරුමෝසම් බඩු ඉල්ලලා නෑ. පුංචි උනත් ගෙදර ආර්ථික තත්වය මගේ ඔලුවට දැනුන. අවුරුදු 7,8 කාලේ ඉඳන් පොල් ගහක් කැපුවොත් අපි එතන. කුරුම්බා බීල, පොල් බොද කාලා කරටිය හරියෙන් කෑලි කපන ඇවිත් පොල් කොට කරත්ත හදනවා. පරණ රීම් පෙන්නන්න බෑ. ඉල්ලගෙන ඇවිත් හීන් කොටුවක් දාරේ මැද්දට තියල තල්ලු කරන දුවනවා. මෝට සයිකල් ටයර් එකක් කියන්නෙ නිධානයක් වගේ අපිට ඒ කාලේ. කඩේට යන්නෙත් ටයර් එක ගහගෙන. කඩේ මුදලාලිගෙන් සැරින් සැරේ ගිහිං අහනවා සුරුට්ටු පෙට්ටිය ඉවරද කියල පෙට්ටිය ඉල්ලගන්න. එක ගෙනත් පරණ සෙරෙප්පු කපල රෝද හදල බයිසිකල් ස්පෝක් කම්බි පෙට්ටිය හරහා දාල රෝද 4 හයි කරනවා. ඕකට ලනුවක් දාගෙන ඇතුලට වැලි පුරෝලා මිදුලේ එහෙමෙහෙ වැලි ට්‍රාන්ස්පෝට් කරනවා. ලී නූල් රෝද තිබ්බේ නෑ ඒ කාලේ. ඒ වෙනුවට තුවාල ප්ලාස්ටර් රෝලක් ඉවර වෙච්ච මැද බොබින් එක අරන් රබර්පටියක් දාල වයින් කරන ට්‍රැක්ටර් හදනවා. වහින කාලෙට මිදුලේ වතුරපාරවල් හරස් කරලා බැමි බැඳලා ගස්ලබු බටෙකින් වතුර වක්කෙරෙන්න හදල කුරුම්බැට්ටියෙන් ටර්බයින් හදනවා.. ඔක්කොම ලිව්වොත් චෙෆාකිගේ පොස්ට් එකටත් වඩා මේක දික් වෙයි.
    ඇත්තටම අදත් මට සුපර් මාකට් එකකට ගියාම සෙල්ලම් බඩු තියන කොටසින් අයින් වෙන්න ගොඩක් අමාරුයි.. අපේ උන්දෑ මට විහිලු කරනවා පොඩි බබා කියල. ඒ පොඩි කාලේ අඩුපාඩුකම් නිසා වෙන්නැති. හැබැයි එක දෙයක් තියනවා. කඩෙන් අරන් සෙල්ලම් කරනවට වැඩිය අපිම හදාගත්ත සෙල්ලම් බඩු වලින් අපි උපරිම සතුටක් වින්දා. ඒ වගේම ඒවා හදල, කැඩුනම රෙපයාර් කරලා ලොකු අත්දැකීම් ගත්ත. අදටත් ඕන දෙයක් කරන්න පුළුවන් නිර්මාණාත්මක හැකියාව ඒවායින් ලැබුන කියලයි මං විශ්වාස කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම තමා බං , හැබැයි චුට්ටක් විතර ඉස්සරහට ගියා , මගේ ට්‍රයි එක තිබුනේ මෝටර් එකක් සහ බැට්රි අටවලා රෝද කැරකිලා දුහන කාර් එකක් සුරුට්ටු පෙට්ට් වලින් හදන්න , ( සල්ලි තියන ළමයින්ට වගේ )

      පස්සේ මම හැදුවා එකක් වයර් හයක් අමුනල ,කන්ටෝල් යුනිටි එකක් ඉස්සරහට පස්සට යන්න පුලුවන් වමට දකුනට හරවන්ඩත් පුලුවන් කාර් එකක් , හොදම සින් එක ඒකට මම දාපු රෝද වලට ෂොකැට්ෂෝබර් වගේ සින් එකකුත් ඇටෙව්වා ,දිගටම කැරකෙන තව අමතර මෝටරයක ෂාප්ට් එකකට හොල්ඩර් පින් එකක් බස්සල දිග බර ඇණයක් දාල තද කරල අර වාහනවල ඇන්ජිම ගැස්සෙනවා වගේ ගැස්මකුත් දුන්නා ආසාවේ බැ අර රෝද හතරට දාපු ඉස්පිරින් උඩ මගේ කාර් එක ගැස්සෙනකොට .

      දැන් ඔය මොබයිල් ෆොන් වයිබ්රේට් වෙන්නෙත් ඔය සිද්දාන්තේ උඩ , මම හරියටම දන්නේ නැ , ඒත් මට හැම වෙලේම හිතෙනවා , ඔය වයිබ්රේෂන් මෝටරය හොයාගත්තේ මං කියල.

      Delete
    2. අඩේ, නියමෙට තියෙන්න ඇති නෙ බං. මට තේරෙනවා, හෝල්ඩර් පින් එකේ වයර් එකේ කම්බිය තද කරන්න එන ඇනෙන් මොටරේ ශාෆ්ට් එක තදකරන්න ඇති.. ෆෝන් වල ඔය වැඩේ වෙන චූටි මොටරේ මරු ගැජට් එක. උඹට වඩා ඔය සිද්ධාන්තේ නාකි උනත් අයිඩියා එක තමුන්ගේම නං පේටන්ට් නැතත් උඹත් එඩිසන් කෙනෙක් තමා.. ටෝච් වලට දාල අයින් කරපු බැටරි, පරණ වර්ග වල LED , වයර් කෑලි, තඹ කාසියල් දෙකට නවල ස්පෝක් එකකට ගහල ලී මිටක් ගහල හදාගත්තු දර ලිපෙන් රත් කරන බවුත්, පරණ රේඩියෝ වල සර්කිට් වලින් ගලවගන්න කන්දෙන්සර්, ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්, කොස්ඇට මෝටර්, කැසට් මෝටර්, මෙකී නොකී දේවල් වලින් සමන්විත අපේම විද්‍යාගාර තිබ්බ අපිත් ඒ කාලේ පුංචි විද්‍යාඥයෝ , මිකැනික්ල , ඉංජිනේරුවෝ තමයි බං..

      Delete
    3. බොලා දෙන්නා එකතුවෙලා හදාපල්ලකො අර වේගා වගේ අපේම කියලා අලුත් දෙයක්...
      අපි වගේ බිබී ඉන්නේ නැතුව...
      සජ්ජා...අර ඊයම් කොල බටේ අස්සට බයිසිකල් බල්ලො දාලා හදන පැන පැන යන ගෙම්බා ගැන නේද උඹ කීවේ...?

      Delete
    4. ඔව් ඔව් ඒ ගෙම්බා තමයි සහෝදරයා.....

      Delete
    5. කමෙන්ටු ටික එල ද බ්‍රා

      Delete
  11. //ඒ වගේ ආශාවන් තදකරගෙන ඉඳීමත් හරිම හොඳ නැති දෙයක් කියලා හිතෙන්නේ, ගෙදෙට්ට ඕන කරන අඩුම කුඩුම ගන්න සුපර්මාර්කට් එකකට ගියාම මාව හොයාගන්නේ ගෙදර අය සෙල්ලම් කාරුයි සොෆ්ට් ටොයිස් වගේ ඒවා තියෙන රැක් අතරින් තාමත්.//

    මටත් ඹය සෙතේම තමා බං අයියේ

    ලොක්කිගේ පිටින් දාලා ඉස්සෙල්ලම ගත්තා රිමෝට් ජිප් එකක් , බැන්ඩ් එක අකිරා , සැහෙන කාලයක් මං ඒක පැද්දා ලොකු කෙල්ලගේ පිටින් දාල ,

    ඊලගට පොඩි කෙල්ලව ඉස්සරහට දාල ‘‘ ලොක්කිටත් එකක් අරන් දුන්නා නේ පව් චූටි කියල ..‘‘ කහපාට රිමෝට් රේසින් කාර් එකක් ගන්ඩත් කුරැමානං අල්ලනකොට

    ‘‘ දුවට කෙසේ වෙතත් තාත්තටනේ දොලදුක ..‘‘

    කියල ඇදුමක් ගන්ඩද කොහෙද තියාන උන්න සල්ලි වාගයක් අපි තුන්දෙනාට දිලා පිටත් කොරා ඇන්න එන්ඩ කියල ,

    සතියක් පදින්ඩ හම්බුන්නැ බං ...පොඩ්ඩි ඒකි මගේමයි කියල ඔප්පු කලා අර තුන්දාස් ගානක කාර් එක කැලි කෑලිවලට ගලවලා .

    දැන් මගේ ඊලග සිගිති ඇරියස් හීනය තමයි , රිමොට් හෙලිකොප්ටරයක් පදින එක,

    ඒකට ඉතින් අපිට මල්ලි බබෙක් ගේන්ඩ වෙනව මට ඉස්සරහට දාල අම්මිව රවට්ට ගන්ඩ

    ReplyDelete
    Replies
    1. මගේ දොළදුක දන්න යාලුවෙක් ඒ දවස් වල රටින් හෙලිකොප්ටරයක් ගෙනත් දුන්න. ඌ එක හොරෙන් ගෙනාවේ (2008 ඒ කාලේ යුද්දේ) මම ඒක ඇතිවෙනකල් පැද්ද. අම්ම හිනාවෙනවා පොඩි බබා කියල. මට මොකෝ. පස්සෙ එක කැඩුන. දැන් නං එව්ව හරි සුලභයිනේ බං. උඹේ හීනේ සැබෑ වේවා.

      Delete
    2. අටමා ඔය එන්නේ වෙන එහෙකට..උඹට මල්ලියෙක් ඕනිම නං ඕකට ඉතින් හෙලිකොට්ටරයක් ගාව ගන්න ඕනිම නෑනේ...

      Delete
  12. මමත් අම්මල තාත්තලට කරදර කරපු එකෙක් නෙමේ. අමාරුයි කියල තේරෙනුම කවදාවත් මුකුත් ඉල්ලලා නැහැ. දහයේ පන්තිය වෙනකොට ටියුෂන් දීලා ගානක් හොයාගෙන ඕන කරන දේ ගත්තා .
    අන්තිමට ලියල තිබෙන එකට - පොඩි පොතක් ලියන්න වෙන නිඔස මෙතනින් නවත්වනවා.
    වමෙන් මොකක් කොරන්නද..?.............

    ReplyDelete
    Replies
    1. //මමත් අම්මල තාත්තලට කරදර කරපු එකෙක් නෙමේ. අමාරුයි කියල තේරෙනුම කවදාවත් මුකුත් ඉල්ලලා නැහැ. දහයේ පන්තිය වෙනකොට ටියුෂන් දීලා ගානක් හොයාගෙන ඕන කරන දේ ගත්තා .//

      අඩේ අජිත්............. මම ලියුවත් ලියන්න වෙන්නෙම මේකයි... දහයේ පන්තියේදී නෙමෙයි.. ඔ් ලෙවල් ඉවර වුණ දා ඉදලා..... කැම්පස් අවුට් වෙනකල් ම ටියුෂන් කරා.... ළමයින්ට උගන්නලා හම්බෙන ගානෙන් මම ඉගෙන ගත්තා...... ගෙදරටත් කරා.... අදටත් මම කිසිම දෙයක් ගෙදරින් ඉල්ලන්නෑ... දෙනවා විතරයි..... මචං බලං ගියා ම අපි හැමෝම ඒකයි.....

      Delete
    2. අජිත් මහත්තයෝ...එහෙම වම ගැන අහිතක් හිතලා ලිව්වාම නෙමෙයි....ඕන් එහෙනම් පොඩි එඩිට් පාරක් දැම්මා...කියවන කෙනාගේ සංතෝෂය අනුව කියවෙන විදියට....

      Delete
    3. ඇයි වෙනස් කලේ ? ඒක හොඳයි. මම විවේචනයකට නොවෙයි ලියුවේ. ඔයා ලියල තියෙන්නේ අවංක හැඟීමනේ. ඔය ඉච්ඡ භාන්ගන්තාවය මටත් තිබෙනවා වම ගැන. ලස්සනට එහෙම ඉවර කරපු එක ගැන කම්ප්ලිමන්ට් එකක් දීලා තියෙන්නේ.

      Delete
    4. එහෙමද...ඕන් එහෙනං ආපහු ඔරිජිනල් එකටම ගියා.

      Delete
    5. ඒක ඇත්ත කුරුටු. හැබැයි අපේ ළමයින්ට දැන් මොබයිල් වලටත් මාසෙට ගෙවන්න ඕනේ.

      Delete
  13. මචං..................... අපිට මග හැරුණ ද මන්දා ඔබේ අඩවිය.... අපි පරක්කු වෙලා අාවත් දැන්නම් දිගට ම ඒනවා..... නැවත හමුවෙමු................ අඩවිය නියමයි... දිගට ම ලියමු

    ReplyDelete
    Replies
    1. සංතොෂයි කුරුටු...ටික කාලයක් හිරවෙලා හිටියා...දැන් ඔලුව කූල් ඉතින් අප්ඩේට් වෙනවා මේක....
      ආවාටත් ආයෙමත් එනවාටත් තැන්කූම වේවා...

      Delete
  14. හිත රිදුනා... හොඳටම රිදුනා...

    මමත් ඔහොම තැන්වලදී අතරමන් වන ළමයින් වෙනුවෙන් කුලියට අඬනවා. අනිත් උන්ට මැජික් වගේ, මොකද මට මොකක් උනත් අඬන්නේ නැති ගල්ටික් මුසලි මෙහෙම හොටු පෙරන් අඬනකොට? ඊටත් දන්නෙවත් නැති ළමයෙක් එක්ක ඕසෙට ?? මල සමයන් වගේ පෙනුනට එහෙම නැහැ නේද?? හා කියනවකො!!

    වම විතරක් ඉතුරු උනාට මක් වෙනවද... වම් අතත් , දකුණු අතත් ඊට වඩා වටිනා දේවල් දෙකකට තදින් වෙලිලා තියෙනකොට.. කමක් නැහැ...

    ReplyDelete
    Replies
    1. එකක් නම් මේ අහිංසක හදවත..අනික මොකක්ද උපේ..?

      Delete
    2. උපේක්ෂා දොස්තර කෙනෙක්ද කොහෙද?

      Delete
  15. නියම අයියා කෙනෙක්..
    තාත්තට අඩම්බර හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තාත්තට ආඩම්බර වෙන්න ඕනි දේවල්නං ගොඩාක් කරලා තියේ මෙන්ඩා...ඒකට රෙකොග්නිශන් ප්‍රොබ්ලම් එකක් තියෙනෝනේ..

      Delete
  16. අපූරුයි. බලං ගියාම අපි කාගෙත් අතීතය මේ වගේ. මටත් ජීවිතේට අරුමෝසම් සෙල්ලං බඩු තිබිල නෑ. දැං ඒකටත් හරියන්න මගෙ පුතාට සෙල්ලං බඩු පුරවපු පෙට්ටි දෙක තුනක්ම තියනවා. උෟට මුවාවෙලා මං මගේ ඇරියස් පුරවනවද කොහෙද?

    ReplyDelete
    Replies
    1. හැමෝම එක වල්ලේ පොල් වගේ නේද බලාගෙන යනකොට...

      Delete
  17. සෙල්ලම් බඩු නම් ඕනතරම් තිබ්බා.. හැබැයි ඔක්කොම ඔය උඩිං චෙෆාකිලා.. අටමලා.. සජ්ජලා කියපුව තමයි.. අපේ දෙමවුපියෝ මහන්සි උනේ තුන් වේලෙන් දෙවේලක්වත් කන්න දෙන්නයි විළි වහගන්න දෙන්නයි අකුරු සාස්තරේ පුළුවන් විදියට කියල දෙන්නයි මිසක් අරුමෝසම් දෙවල් වලින් ඔලු පුරවන්න නෙවෙයි.. ඉතින් අපි අපේ ලෝකේ පෙනෙන දැනෙන හැඟෙන විදියට ලස්සන කර ගත්තා.. මෙතන කියවිල නැති මට තිබුණු එක ඇඩ්වාන්ස් සෙල්ලම් බඩුවක් තමයි රේසර් කරත්තේ.. සෙල්ලං කිව්වට සෙල්ලම්ම නෙවෙයි.. ඉස්කෝලේ ඇරිලා ඇවිත් වී මෝලට ගිහින් රේසර් කරත්තේ පටවගෙන දහයියා ගෙනත් දෙනවා වගේ වැඩ තමයි අපේ සෙල්ලම් උනෙත්..
    මටත් තියෙනවා සැන්ඩ්ල්ස් ඇරියස් එකක්.. හරියට පාඩමක් කරන්නේ නෑ කියල ලොකු අයියා බැඳල ගියාම මාව ලොකු අයියා නැවතිල උන්නු ගුරු නිවාසෙට යැව්වේ පාඩම් නොකරන නිසාම නෙවෙයි කියල මං දැනන් උන්නා. ඉතින් එහෙම කරන ලොකු අයියගෙත් පුංචි ගුරු පඩියෙන් මට සැන්ඩ්ල්ස් අරං දෙන්න කියල කියන්න මට පුළුවන්ද? ඒත් කන්දකැටියේ ගුනපාල මුදලාලිගේ මෝලේ කඩේ රාක්කෙක දැකපු සැන්ඩ්ල්ස් දෙක මං තාම ලෝකෙ පුරා හොයනවා.. දැක්ක කෙනෙක් ඉන්නවනම් කියන්න මට සල්ලි වලට ගන්න.. ඒත් අද ඒ අතීතය සල්ලි වලට ගන්න බැරි වෙයිද බයයි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අත්තිතයක් සල්ලි වලට ගන්න බැරි එක කොච්චර දෙයක්ද...?

      Delete
  18. මචන් ටොය්ස් ගෙන කියනොකොට මට මතක් වෙන්නෙ ඔය ලග තිබුන වායු තුවක්කුව.... මතකද අපි ගෙදරින් එල්ලෙව්වා ටර්ගට් පුරුදු වෙන්න ගිහින් මස්කට් වලදි මහ රෑ ..............

    ReplyDelete
    Replies
    1. හම්මෝ..මොකෑ අමතක...අනුරයාව පරද්දන්න කාටවත් බැහැ මොකෝ එකැස් නිසා..මාල්බරො පෙට්ටියේ අර තියෙන සිම්බල් එක තමයිනේද අපේ ටාගට් එක උනේ..කොරිඩොර් එකේ තිබිච්ච ලයිට් ස්විච් ඔක්කොමත් ටාගට් උනා මතකද...?

      Delete
  19. මචං උඹේ කතාව තරම්ම සංවේදී නොවුනත් මගේ පාරෙත් වල් අලියෙක් පන්නද්දි (කුමනදි) මම යාලුවෙක්ගෙන් ගජේගහගෙන ආපු සෙරෙප්පු ජෝඩුව ගන්න ආපහු අලියා දිහාට දුවලා තියෙනවා. මම ඒක ලිව්වා බ්ලොගේ.

    ReplyDelete
    Replies
    1. එල...
      අර කවුරුදෝ කෝච්චි එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් කියලා තිබුනේ කෝච්චියට පනින්න එන්ජිම ඉස්සරහාට දුවගෙන ආ ගෑල්ලමයෙක් හුලඟට ඉස්සෙච්ච ගවුම අතින් පල්ලෙහාට දැම්මා කියලා එන්ජිමේ වදින්න ඔන්න මෙන්න කියලා...සමහර දේවල් සමහරුන්ට ජීවිතේටත් වඩා වටිනවා ඩූඩ් සහෝ....

      Delete
  20. මේ ගල් සියඹලා සෙරෙප්පුවේ දුක මටත් දැනුනා . ඉස්සර මට තිබ්බා ගල් සියඹලා සපත්තු දෙකක් .

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....