Sunday 3 August 2014

Organic


පින්තූරය මගෙන්














වස විස නැති
රසැති ගුනැති
අතින් නෙලූ
මගේ පලා

වස විස නැති
රසැති ගුනැති
පන්දලමේ
ඇති වැටකොලු

වස විස නැති
රසැති ගුනැති
අමු ගොම දා
වැඩුන නිවිති

කුරුමිනි, දළඹු
කොළකන පනු
හැන්දෑවට බත්කූරන්
වටකරගෙන මගෙ පාත්ති

සිහිනය බිම වැටුනදා......!

තෙල් කුප්පිය
තෙල් ඉසිනය
මුහුන වසන් 
ඉසින මෙමන්

නිමිත්ත: දියත උයනෙ සතිඅන්ත පැල පොලෙන් ගෙනා එලවලු පැල සිටවූ පසු....

64 comments:

  1. ඉස්සෙල්ලම ඇහැ ගියෙ බිත්තියෙ කපරාදුවටයි, තාප්පෙ ගල් බැඳිල්ලටයි. පංකදුවට කරල තීන්නෙ අම්මප!

    හරක් ඉන්නවද ඔච්චර සිරා වැටක් ගහන්න?

    වගාව ගැන මොනාවත් කියන්නෙ නෑ, බොලගෙ මහන්සියට ඇස්වහ මදිවට කටවහත් දෙන්නෙ මොකටෙයි ආයි.

    //වටකරගෙන මගෙ පාච්චි// ප්‍රින්ටින් මිස්ටේක් එකක් වගේ ;)

    //සිහිනය බිම වැටුනදා......!

    තෙල් කුප්පිය
    තෙල් ඉසිනය
    මුහුන වසන්
    ඉසින මෙමන්//

    ඕකම තමා අන්තිමේ ජේවීපී එකට උනෙත්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හරි නේන්නම්...ප්‍රින්ටින් නෙමෙයි මොලේ මිස්ටේක් එකක් බොස්...හැදුවා...
      සල්ලි නැති උනාම බ්ලොක්ගල් බිත්ති ඔහොම හැඩකරන්න පුලුවන්....
      වැට ගහන්න උනේ Xerxis, Summer සහ චූටි කියන වසවර්තියො තුන්දෙනා කකුල උස්සන නිසා පැල වලට....
      ගෙවත්තෙන්ම උණ ගස්, පුවක් ගස් කපාගෙන දාඩිය දාගෙන වෙන කෙනෙකුට කියලා හදපු වැට සත්තරනේ...ලස්සනයි නේ..?

      Delete
    3. ෂෙෆාකියගේ ගෙවත්ත බලන්න ඕනෙ නිසාම පික්චර් එක ඩවුන්ලෝඩ් කරලා බැලුවා. මූ දාලා තියෙන්නේ පුංචිම සයිස් එකෙන්නේ. ඕක දාපංකෝ බං ලොකුවට ඇහැට පේන ගානට.

      Delete
    4. ඔන්න ලොකු කලා එලියට පනින සයිස් එකෙන්ම...තව හොඳ පින්තූර තියෙනවා ඕකෙම...හැක්...

      Delete
    5. @Henry , මොනටෙයි බං ඩවුන්ලෝඩ් කරන්නෙ අමුතුවෙන්. ක්ලික් ඔන් ද ඉමේජ්, බඩු කමින් පටාස්.

      //දාඩිය දාගෙන වෙන කෙනෙකුට කියලා හදපු වැට සත්තරනේ//

      මං උන්න උඹම මැන මැන වැට ගහන්නැතිය කියල මාසයක් විතර :P

      Delete
    6. නෝ බොස් වන් ඩේ ජොබ්....බට් සුමානයක් ඩිසයින් කලා..අපි ඉතින් මකබාස් ආකියොනේ අර උඹ කියලා තිබුන විදියට....හෙක් හෙක්....ජෝක් එකක් මචෝ..

      Delete
    7. හෙක් හෙක්. උඹ ඒක දැක්කද? ( නරකයි අදහසකුත් දාල ගියානං ) අර අසංගයල, ෂෙරාන්ල කොරාපු සමහර ගොන් වැඩ දැකල තමයි මම ඕක ලිව්වෙ. එක මකුණයි ළමයෝ කන්නෙ, නෑ ඔක්කොම මකුණො මරන්නේ...:D

      Delete
    8. ඒක පබ්ලිෂ් කරපු දවසෙම මම දැක්කා. හැබැයි ඒ දවස්වල මම සිංහලෙන් ලිව්වේ නෑ මතක හැටියට. අනිත් එක මට හිතුනා වැඩිය රිසර්ච් කරලා ලියපු එකක් නෙවෙයි කියලාත්. දාලා තිබ්බ කමෙන්ට් උනත් සාමාන්‍ය ජනතාවගේ...ඉන්ඩස්ට්‍රි එකෙන් කමෙන්ට්ස් ඇවිත් තිබුනෙත් නැහැ...ඉතින් මොනවාවත් ලියන්නේ නැතුව කඳුලු පෙර පෙර නිකන් හිටියා මචෝ...
      සම හරක් පොර ආකිටෙක්ස්ලා උඹ කියන ආකාරයේ තමයි නිසා ලියලා වැඩක් නැහැ...

      Delete
    9. ඇත්ත මචං, ඒක එහෙම රිසර්ච් එකක් කරල ලියපු පට්ට ප්‍රොෆෙෂනල් එකක් නෙමෙයි. පරන අත්දැකීම් ටිකක් එක්ක වෙබ් එකේ ෆොටෝ ටිකක් අහුලල තමා ලිව්වෙ. ඕක උනේ මගෙ යාලුවෙක් ඌ අලුත හදපු ගෙදර ෆොටෝස් ටිකක් එෆ් බී එකේ දාල තිබ්බ. දැක්කම දුකයි. සෑහෙන වියදං කරල, ඒත් ප්‍රැක්ටිකල් නෑ බින්දුවක්වත්. ඒත් ඉතින් කොහොමද කටක් ඇරල් කියන්නෙ ආකියයි බාසුයි ඌට ඇරල කියල! ඒ හින්ද තරහටම වගේ තමා ඕක ලිව්වෙ (හැබැයි රිසර්ච් එකක් කරොත් ඕන තරන් හොයාගන්න පුලුවන් ඕකට අදාල කරුණු :P).

      ඉන්ඩස්ට්‍රි එකේ උන් බ්ලොග් බලනවද බං? අවංකව මට තාම උඹ ගැන පුදුමයි. ඒ නිසාම බුවා කවුද කියල හිමීට හොයලත් බැලුව :D

      Delete
    10. ඉන්ඩස්ට්‍රි එකේ බුවාලට මචං ගමෙන් ආවට පස්සේ සිංහල අමතක වෙනවනේ පොෂ් කමටද කොහෙද..හෙක්...ඉතින් උන් ලියන්නේ කියවන්නේ උන්ගෙ භාෂාවෙන්...මම ලියන ඒවනං මම දන්න ඈයෝ ටිකක් කියවනවා මයේ හිතේ...හැබයි තාම එකෙක්වත් කමෙන්ට් නං කරලා නැහැ..උන්ට ලැජ්ජ ඇති සිංහලෙන් කමෙන්ට් කරන්න...මම බුකිය හරහා සමහරුන්ට ෂෙයාකරනවා...උන් ඉතින් බුකියෙන්ම උන්ගේ භාෂාවෙන් හරි ෂෝක් අනේ කියනවා විතරයි..හෙක් හෙක්...
      උඹ මම බුවා ගැන හොයාගත්තද? එච්චර අමාරු වැඩක් නෙමෙයිනේ ඒක නේද?

      Delete
    11. ඔය බස මතක වෙන එක මචං බහුතරයක් ආකියොන්ටයි දොස්තරලටයි පොදු සමාජ රෝගයක්. උඹ ගැන හොයා ගන්න අමරු උනේ නෑ, මොකද අපේ හාමිනේ ඉස්සර හිටියෙ කොවි එකේ. එයාගෙ මිත්‍රයො අයි ගිහින් එහෙ වැඩ. උන් හරහ ඕමාන් වලින් විස්තරේ අරගත්ත. :D

      Delete
    12. කොවි එකේ හිටියානම් හාමිනේව මම දැනගන්න ඕනි. ඊයක් විදපන් chefarchitect@gmail.com ට

      Delete
    13. තෑන්ක්ස් මචෝ, අනිව මේලක් දාන්නං. මම හිතන්නෙ නෑ උඹව දන්නව ඇති කියල. හේතුව අපි ඉන්නෙ බහරේන්, උන්දැ වැඩ කලෙත් කොවි මෙහෙ Sitra Causeway එක කල කාලෙ නිසා. උන්දැල එක්ක හිටපු රත්නායක කියල ලංකාවෙ QS එහෙම ඔහෙත් ආව ( බුවා දැන් නං කොවි එකෙන් අයින් වෙලා ). අනික් උන්නං අල්ලපු රටෙයි, දකුණු අප්‍රිකාව පැත්තෙ උනු වගේකුයි. විස්තර උන්දැගෙම්ම අහල උඹට මේලක් දාන්නං.

      Delete
    14. මට මේ කවත් පාත්තිත් එක්ක මතක් වුණේ රයිගම්ගේ හිනැටිකරණය ලිපි මාලාව

      Delete
  2. තමන්ගෙම දෙයක දැනෙන සුවද..

    ReplyDelete
    Replies
    1. කොහොඹ, කුරුඳු සාරක වලින් හදපු බෙහෙත් ගැහුවාම තවත් සුවඳයි....

      Delete
  3. මොකෝ ඉතිං තෙල් ගෙනාවේ? එච්චරටම හානි දරුණුද?

    ReplyDelete
    Replies
    1. වම්බටු නම් කලාස් මචෝ....මිරිස් ටික තාම දුවනවා...පතෝල, වැටකොලු කියලා වැඩක් නෑ, මොක්කුද කුරුමිනියොයි, දළඹුවොයි, බත් කූරොයි රෑන් ගනන් ඉන්නේ. උන් හරියට අර නානසාරගේ අලුත්ගම හමුදාව වගේ..නෝ මර්සි....
      කෙලලා ඇරියා කොහොඹ කංකාරිය...ආසනයිඩ් කන්නයැ ගෙදර හදාගෙන...

      Delete
  4. අපෙ පුංචි අම්ම අපෙ ගෙදර ආවම විල පලා කියලා වත්තෙ තියෙන මුකුනුවැන්න කඩං යනවා.මිටි දහයක් විතර අරං ගිහින් එයාගේ ගමේ වට පිට අයට විකුනනවා ගමේ පලා තෙල් පෝර නැහැ කියලා.. අපේ අල්ලපු වත්තෙ ඉන්න පවුල වැසිකිලි පාවිච්චි කරන්නෙ නැහැ..වත්තෙම ඈතට ගිහින් වලක් කපලා වාඩිවෙනවා. ඉදින් මේ පාර වරුසාවට අල්ලපු වත්තෙ පලා හැදිල සරුවට. මගේ පියාගෙ නම් අදහස ඔය හැදිල තියෙන්නෙ අර වැසිකිලි නැති එකේ සාරෙට කියලා..ඒ වත්තෙ කාරුත් නැති දවසක එහෙට පැනලා පුංචි අම්මා අර වැසිකිලි සාරෙට හැදුන සාරවත් මුකුණුවැන්න තොගයක් කඩං ගිහින් ...මෙදා පොටේ බිස්නොස් එක සරුයි කියලා හිතන්න ඇති පුංචි අම්මා. එත් නොසිතු අබාගයක් වෙලා...පලා ගොඩක් සාරෙට තියනවා දැකලා කස්ටිය කියලා අනේ ඕවාට තෙල් පෝර ගහල නේ..බලන්න මේ කඩෙ පලා වගේ කියලා.. බිස්නොස් එක ඩවුං ගියා හිතුවෙ නැති විදියට..

    ReplyDelete
    Replies
    1. අමිල, මේවා උඹ හදලා කියන ඒවද බං? කක්කා කතාවක් වුනත් මාර රහට ලියලා තියෙනවා මුකුණුවැන්න වගේම. :D

      Delete
    2. කොහොමෙයි ඉතින් ආයෙමත් මුකුනමැල්ලුම් කන්නේ.....

      Delete
    3. උඹල දන්නවද අර ටීචර්ට ආදරේ වැඩිකමට වෙරලු ගෙනිච්ච ගැනු ළමයගේ කතන්දරය

      Delete
  5. මගෙත් ආසම වැඩක්.. ඒත් ඉතින් වෙච්ච කචල් නිසා අන්තීමට කොන්ක්‍රීට් ගොඩකටම කොටු උනා.. ඒත් අන්තිම කාළේ හරි මට ඕන ගොවියෙක් වෙන්න.. පොඩි කාළේ මම අති සාර්ථක ගොවියෙක්.. මේ සන්තෝසේ කවි සීයක් ලියලත් කියා ගන්න බෑ.. අවසානය අපි අපිවම ප්‍රශ්න කරනවා..

    ReplyDelete
    Replies
    1. මාතේ...උඹට වවන්න ආසමනං සෙට් උනාම කියන්නම්..හොඳ චාන්ස් එකක් තියෙනවා....ඕවා මේවයේ ලියලා නිකං ඇනගන්න බෑ මචෝ...
      මොන මලදානේ කථා කලත් ලිව්වත් හිතුවත් අන්තිමට අපි පෘතග්ජන මිනිස්සුනේ මචෝ..අන්තිමට ආසනයිඩ් තමයි...

      Delete
  6. ඔය පැළ වගා කරල ගන්න සතුටනම් කියල නිම කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඊලඟ නිවාඩු කාලෙට වවපන් මලේ අමු මිරිස් පාත්තියක්.....

      Delete
  7. වගාව කරපු කෙනෙක් විදියට උඹේ අවුල තේරෙනව. නමුත් විකල්ප විසඳුම් වලට යන්න ඕන. ඉටි බැග් ටිකක් බැඳල එහෙම පරෙස්සම් කලානං හරි. අනෙක පනුවන්ටත් පොඩ්ඩක් කන්න දීපං මොකෝ උං හම්බකරගෙන කන්නයැ!

    ReplyDelete
    Replies
    1. මුලු වම්බටු පාත්තියම දුන්නා මචෝ පනුවන්ට....
      පතෝල වලටයි, වැටකොලු වලටයි ප්ලාස්ටික් දාන්න ඕනි..
      ඒකට ඒවා දැම්මාම හරි කැතයි බං. අනුරගේ හැප්පිච්ච කැබ් එක වගේ වෙනවා මුලු ගෙවත්තම...
      මොනා කරන්නද...එහෙම කරලවත් බලන්න ඕනි...

      Delete
  8. රසැති ගුනැති
    අමු ගොම දා
    වැඩුන නිවිති///

    ගොම දාපුවාම නිවිති තිත්ත වෙනවනෙ.. ඒ හන්ද දාන්නෙ වේලුන ඒව...
    මට මතක නං ඒම...

    ReplyDelete
    Replies
    1. නෑ මචං....විශෙෂ්යෙන්ම අමුගොම තමයි නිවිති වලට දාන්නේ..වේලිච්ච ගොම කුඩු තමයි අනිත් එලවලු වලට දාන්නේ. නිවිති තිත්ත නෑ මහත්තයො..පරිප්පුවලට දාලා ගත්තාම මරු...දෙල් උයනකොටත් නිවිති ටිකක් බාගන්න ඉස්සෙල්ලා දාලා ගත්තාම මල් හතයි.
      කවුරු හරි කාල තියෙනවාද පාලම්තුන හංදියේ ලැවීනියා එකේ නිවිති කොල උඩ එන ස්පෙශල් පෝක් එක....මාරයි....625කට මාර වටිනවා....

      Delete
  9. මමත් මාර ආසා වැඩක් මචං. නමුත් මොනවා වෙලාද මන්දා ප්‍රතිඵලයක් නෑ. මේ පාර ස්ටයිරෆෝම් පෙට්ටේ වල අර ඇල්බර්ට් සොල්‍යුෂන් එක දාලා නූඩ්ලස් කප් වල කංකුං වැව්වා තක්කලි වැව්වා. එකක් වත් සාර්තක නෑ. බිම වවන ඒවත් එහෙමයි. නිකං සුදු පුස් වගේ ජාතියක් එනවා එතනිම්ම ඉවරයි. ලංකාවට ආපු දවසක වැඩේට බැහැලම කරන්න හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය සුදු පුස් කේස් එක හෙන ලොකුවට තිබුනා පලතුරු වලටත් ගිය අවුරුදු වල. කව්ද කියලා තිබුනා සබන් වතුර ඉස්සාම පිටිමකුනා කියන සතා නැතිවෙනවාය කියලා. දැන්නම් වෙන රසායනික ද්‍රව තියෙනවාලු ඉහින්න. ඒකට බයයි මචෝ...
      ඕර්ගනික් කරන්න අමාරු තනියෙන් කරන්කොට. ඔක්කොම ගෙවතු වල් ඉන්න මැස්සො එන්නේ ඔර්ගනික් කරන එකාගේ ගෙවත්තට...,
      මට හම්බ උනා කොහොඹ වලිනුයි, කුරුඳු වලිනුයි කරපු සාන්ද්‍ර කෘමිනාෂකයක්, ඉහලා බැලුවා තාමත් සත්තුනම් ඉන්නවා...ඒකට කරල් වලට එච්චර හානියක් නැහැ...

      Delete
    2. උඹ මගුලක් කතා කරනවා. මම සබන් වතුර ඉහලා පැල මැරුනා බං. :D

      Delete
    3. මොඩරේෂන් මචෝ මොඩරේෂන්...මද පමනින්...ඕන දෙයක් වැඩි උනාම ලෙඩේනේ...සමහර විට මචෝ අව්ව වැටෙන්නත් ඕනි වතුර වැඩියෙන් පස් වල එකතුවෙන්නත් හොඳ නැතුව ඇති. පොට්ස් වල වවන කොට ඒ ප්‍රශ්නෙත් ඇති...පුලුවන් නම් ක්ලේ පොට්ස් හොයාගනින්...ඒවයේ ඇබ්සොප්ෂන් වැඩියි නේද ස්යිලෆොර්ම් වලට වඩා...

      Delete
    4. ඩූඩ් ෂැම්පු කරලා පැල ටික නාවන්න යන්න ඇති ඒකයි මැරෙන්න ඇත්තෙ. :පී

      Delete
    5. හහ් හහ් හා......

      Delete
    6. :D ෂෙෆාකි & බස්සි: ඇත්තම කිව්වොත් මම දැම්මේ එක්කෝ ලික්විඩ් හෑන්ඩ් වොෂ්, නැතිනම් ඩිටර්ජන්ට්, එහෙමත් නැතිනම් ඩිෂ් වොෂිං ලික්විඩ්. මට හරියටම මතක නෑ. කොහොම හරි කෙල වෙලාම ගියා.
      ඕක අහලා තව පොරක් කිව්වා ඕකට දුම්කොළ කෑල්ලක් වතුරේ දාලා තියලා ඒ වතුර ඉහින්න කියලා. ඒ අපරාදේ තවම කරලා බලන්න බැරි වුනා.

      Delete
    7. සන්ලයිට් හරි ලයිෆ්බෝයි හරි තමයි දාන්න කියන්නේ....උඹට ලයිෆ්බොයි ඔහේ හොයාගන්න පුලුවන් වෙයි....වැඩිය සාන්ද්‍ර ද්‍රාවනයක් දාන්න එපා හැබැයි..අර හෑන්ඩ් ස්ප්‍රේ එකකින් යන්තම් ඉහලා බලන්න....

      Delete
    8. ගල් ඩිංගක් වතුර පනිට්ටුවකට දාල ඉහපංකෝ … එකෙක්වත් කිට්ටුවෙන්නෙත් නෑ ඇඟට අගුනත් නෑ !!!!!! :D

      Delete
    9. ඔය අහගත්තේ....

      Delete
    10. නොද්දකිං බේබද්දා. :D
      (අරකත් hand spray එකකින් තමයි බං ඉස්සේ.)

      Delete
    11. Henry, මම ඔය වැඩේ කරා අපේ ගෙදරට ආපු කූඹි නසන්න. නැපෝලියන් බ්‍රැන්ඩි එක ඩිනාර් තුනයි ( ගල් බෝතලේ ගාන )නෙ. මම කෙලිම්ම කූඹින්ට බ්‍රැන්ඩි ස්ප්‍රේ කරල වනසලම දැම්ම, පොඩි උන් ඉන්න නිසා බෙහෙත් ගහන්න බැරුවට. කරුමෙක මහත කියන්නෙ ඒකෙත් පාඩුව මට. මොකද ඉන් පස්සෙ බොන එකට තවත් දෝස් මුරේ වැඩි උනා, පේනව නේද ඔවගෙ සැර කියල.

      Delete
    12. @ඉන්දික: ඔන්න අනිත් බාබෙද්දා! :D යකෝ මෙහෙ බ්‍රැන්ඩි තියෙනවා නම් කූඹින්ට ගහන්නේ නෑ. මොන හිතකින්ද එහෙම කරන්නේ. අනික වැරදි වැඩ කරපු උන්ට තව බ්‍රැන්ඩිත් දීපල්ලා. උන් කටගැස්මකුත් ඉල්ලයි.

      Delete
    13. @ ඉන්දික උපශාන්ත ආනේ පලයන් බන් යන්න කෙප්ප කෙලින්නෙ නෙතිව

      Delete
    14. උඹට යන්ඩ අපායක් මැවෙයි කුඹී මැරුවට නෙමෙයි නිරපරාදේ බ්‍රැන්ඩි නාස්ති කලාට

      Delete
    15. බුලත් කඩවලින් අයින් කරන දුම්කල නැටි තම්බලා . නිවල අරගන සබන් ඩීංගිත්තක් කලවං කරල ගැහුවහම හරි

      පිටි මකුන ඉන්නවනං ගහන්ඩ කලින් කොල වල යටි පැත්ත සහ කද ටිකක් තද වතුර පාරකින සෝදල ඉන්ඩ

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ආක්‍රමණය ඒ තරමටම දරුණුයිනම් ඉතින් වෙන මොනව කරන්නද නේද?

    ReplyDelete
    Replies
    1. ආ....බස්සිත් පාත්වෙලා මේ පැත්තට....බොහොම සතුටුයි..මම මේ උඳුන ඇර ඇර බේක් කරන ඔයාගේ කවි කේක් කියව කියවා හිටියේ...
      කරල් වලට ( ඒ කිව්වේ මිරිස් මාලු මිරිස් වගේ) හානියක් තාම නෑ..හැබැයි වම්බටු ටික නම් ඉවරයි..ගස් පිටින්ම මැල වෙලා යනවා...

      Delete
  12. අවසානය එමමයි...

    ReplyDelete
    Replies
    1. උඹ ලියපු එක තේරුනේ නෑ දේශා...

      Delete
    2. මම කිව්වේ අන්තිමට හැමෝටම කෙටි කාලීන පහසු මග ගන්න වෙනවා කියලයි.. තෙල් ඉහිනවා වගේ අන්තිමට ඔක්කෝම ගොම මැටි අයින් කරලා.. හැක්..

      Delete
  13. ලොකු සෑර් … මේං පත්තර මල්ලිත් ආවා ඈ.. !!!

    ReplyDelete
    Replies
    1. පතෝල කරලක් දෙඤ්ඤං ඊලඟ සැරේ....සර් එනකොට මම එලියට ගොහින් නොව....

      Delete
  14. වැටත් හරි හැඩය්.. මට නම්

    ReplyDelete
    Replies
    1. http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
      මල්ලෙ...තැන්කූ වේවා ආරාධනාව පිලිඅරන් ආවට...ප්‍රොෆයිල් එකකින් එන එකම ආකියා උඹ...මචෝ ඔය ලින්ක් එකෙන් ගිහින් කන්වර්ටර් එක බුක්මාර්ක් කරගනින් එතකොට හිංගල කොටන්න ලේසිවෙනවා..තව ක්‍රම ඇති, මම කරන්න ඕකෙන්..
      වැට විතරද යකූ ලස්සන..ඈ?

      Delete
    2. ඇයි බං ඔය ගොබ්බ ආකියෝ පොටෝ දාගෙන ඉන්න බයද?? හැක්...

      Delete
    3. උන්ට දිලිසෙන්න තව ක්‍රම ඇති දේශා....!

      Delete
    4. ගොබ්බ ආකියෝ..අඩෝ...!

      Delete
  15. ශෙෆාකි.......ගෙදර හදාගෙන ,අපිම නෙලාගෙන, අපිම උයාගෙන කනකොට රස වැඩියි බං. මමත් ගිය සමර් එකට පෝච්චිවල හැදුවා. බැරල් එකක අලත් හැදුවා.

    කුකුල්ලු, ඌරෝ දෙතුන් දෙනෙකුත් හදපන්. ෆ්‍රෙශ් පිට ගත්තෑකිනේ. හැබැයි ඒ වැඩේ කරන්න හිත දෙන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පිළිතුරු පමාව ගැන සමාව අයදිමි.
      දවස් හතරක ගමනක් ගියා යාල්පානම්. අද උදේ තමයි ලැප ගාව වාඩිඋනේ.
      ඌරෝ හදන්න නම් බෑ පුතෝ. ඩෙංගු පොලීසියෙන් නඩුදායි මොකෝ මම ඉන්නේ එලවලුවවන්නවත් පුලුවන් තැනක නෙවෙයි. හැබැයි මම කුකුල්ලුනම් හැදුවා ඇතිවෙන්න මගේ පොඩි ගොවිපොලේ දකුනු පලාතේ තියෙන. ඒකත් නවත්තන්න උනා මීට මාස 6 කට කලින් රට්ටු කචල් අදිනකොට.

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....