Tuesday, 15 July 2014

පෙට්ටගම් සහ අරාබි මල් කැටයම් - 100 year Storm






අනුන්ගේ දේකට වැරදිලා ඇඟිල්ලක් වැදිලා මම හරිම අපහසුතාවයකට පත් උනා පහුගිය සුමානේ. ඒත් එක්කම වැඩ ගොඩ ගැහිලා නිසා කමෙන්ට් වලට විතරයි යොමු උනේ.
ඒත් අඩුගානේ හිතලා බලලා කොමෙන්ටුවක්වත් දාගන්න බැරි උනා මාතේ ගේ "පිවිතුරු හෙට"...මොනා කරන්නත් හිත එකලාසයක් වෙන්නත් එපැයි.

චාමි ( මස්කට් එයාර් පෝර්ට් ප්‍රොජෙක්ට් එකේ මේ දවස්වල මගෙන් ඉතිරි වෙච්ච සීනියර් ආකියෙක් ) ඊයක් විදලා තිබුනා අපේ මස්කට් එයාර් පෝර්ට් එකේ අද වෙනකොට ප්‍රොග්‍රෙස් එක ගැන කියලා.
හුඟ කාලෙකින් ඒ ගැන ලියන්න බැරි උනනිසා හිතුවා, මේ පින්තූර ටික එක්ක පොඩි විස්තරයක් ලියනවා කියලා.


කියවන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක මම හිතුවා, ඩිසයින් ඉමේජස් එක්ක අද තියෙන තත්වය පෙන්නුවොත් හොඳයි කියලා. පල්ලෙහා තියෙන තිරස් පින්තූරය ත්‍රිමාන රූපයක් (3D Image). ඒක පිලිවෙල කලේ ඩිසයින් එක එක්තරා තත්වයකට ඩිවෙලොප් කරාට පස්සේ. අපේ භාෂාවෙන් කියනවා නම් ප්‍රිලිමිනරි ඩිසයින් ස්ටේජ් එකේදි. ඒකට හේතුව ඔවැනි ත්‍රිමාන රූපයක් බිහි කරන්න විශාල තොරතුරු සම්භාරයක් ගොනු කරගන්න ඕනි. ඒ තොරතුරු විශාල ප්‍රමානයක් තියෙන්නෙ ගෘහනිර්මාන ශිල්පියාගේ මනසේ. ඒ විතරක් මදි, අනිකුත් විශේෂඥයන්ගේ තොරතුරුත් අවශ්‍යයි ඔය රූපය පිලියෙල කරන්න.
ඔටෝකැඩ්, පොටෝෂොප් සහ ත්‍රීඩීමැක්ස් (AutoCad, Photoshop & 3D Max ) කියන මෘතුකාංග පාවිච්චිකරලා තමයි ඔවැනි රූප නිමවෙන්නේ.

full view of the muscat terminal from the apron
ගෘහ නිර්මාන ශිල්පීන් හැටියට මෙයට දායක උනේ ඕබීඑල් (ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පී-Chief Architect), මම (ප්‍රධාන නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී සහ ගෘහ නිර්මාන අධ්‍යක්ෂක-Chief Design Architect & Architectural Director ) ජමුර (නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී-Design Architect). අපි තුන්දෙනාට සහායට මේ පින්තුරු එව්ව චාමි, බ්‍රයන්, එච්බී, රෙහාන්, පියල්, ක්‍රිශාන්ත, මුනී වගේ මටත් වඩා සීනියර් ආකියො ගොඩාක් හිටියා.
arrival hall-current progress

මේ පින්තූරය අරගෙන තියෙන්නේ, අරයිවල් හෝල් (Arival Hall) එක පෙනෙන විදියට ඊට උඩින් තියෙන ඩිපාර්චර් හෝල් එකේ ඉඳන්, අද තියෙන තත්වය පෙනෙන විදියට. පින්තූරය ගත්තේ ගිය සතියේ,චාමි .

අපි මුලදි,  ඒ කියන්නේ 2004 ඩිසයින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්ත කාලේ, 2014 තමයි මේ එයාර් පොර්ට් එක විවෘත කරන අවුරුද්ද කියලා සනිටුහන් කරලා තිබ්බේ. හැබැයි 2007 ජූනි 06 වෙනිදා "ගෝනු"http://en.wikipedia.org/wiki/Cyclone_Gonu කියන සයික්ලෝන් එක ඕමාන් රාජ්‍යයට කරපු හානිය නිසා, අනාගතය ගැන හිතලා අපිට ආයෙමත් මුල ඉඳලා ඩිසයින් කරන්න උනා. ඒකට හේතුව උනේ, අපේ ඔරිජිනල් ඩිසයින් එකේ, පොලොව යටට ලෙවල් පහක බිම්මහලවල්, සිංහලෙන් කියනවානම් බේස්මන්ට් පහක ගොනු කරලා තිබුනා, ඔටෝමේටඩ් බැගේජ් හැන්ඩ්ලින් සිස්ටම් එකත් ගොඩනැගිල්ලට අවශ්‍ය කරන යටිතල පහසු කම් සියල්ලත්.
ඒකෙම ඩිස්යින් ඉමේජ් එකක් තමයි මේ පහලින් තියෙන ඊලඟ පින්තූරය.



 සාමාන්‍යයෙන් මෙවැනි  යෝජනා ක්‍රමයක් නිර්මානය කරනකොට වසර 100ක තරම් පැරණි කාලගුන වාර්ථා (100 Year Storm) සලකා බලලයි කරන්නේ. ඕමාන් රාජ්‍ය වැනි මැද පෙරදිග ස්ථානවල සුලි සුලං ගංවතුර වගේ ස්වභාවික කරදර නැති නිසා වුනත්, අපි 100 year storm එකට තමයි ඩිස්යින් කලේ..අපි කිව්වේ අපේ ඉංජිනේරු මහත්වරු..( ඩෙන්මාර්ක් රටේ නමගිය ඉංජිනේරු සමාගමක් වෙන කොවි ( COWI A/S ). නමුත්, රටකරවන අය පපුවට අත තියාගෙන කිව්වා අනේ මහත්වරුනේ, කරුණාකරලා ආයෙමත් 500 ඉයර් ස්ටොර්ම් එක බේස් කරගෙන ඩිසයින් කරන්නය, එකම බේස්මන්ට් එකක්වත් එපාය, ආකිටෙකචරල් ඩිසයින් එක වෙනස් නොවෙන්නත් ඕනය කියලා. ආයෙමත් කරනවාට අපිට ගෙවන බවත් කිව්වා කියන එකත් කියන්න ඕනි.......!


අපි තවත් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඉතිරි වෙලා තිබිච්ච කෙස් ටිකත් හැලෙනකන්, මූනේ තිබිච්ච රැවුල සෝල්ට් ඇන්ඩ් පෙපර් වෙනකනුත්, ඔක්කෝම ෆුල් ඔෆ්ෂන් ගානට ප්‍රෙෂර්ද, සීනිද වැඩි වෙනකනුත් කලා නේද ඩිසයින්.

අර තට්ටු පහක් යටට තිබුන සර්විසස් සහ බැගේජ් හැන්ඩ්ලින් පහසුකම්, මුල් පෙනුමත්, ගොඩනැගිල්ල සැලසුම් කරලා තිබුන ආකාරයත් ( ඒ කියන්නේ පැසෙන්ජර් ෆ්ලෝ එක ), එහෙමම තියාගෙන කොහොමද උඩට ගේන්නේ කියන එක තමයි තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. කරන්න පුලුවන් වෙච්ච ප්‍රැක්ටිකල්ම දේ තමයි මහා ලොකු පෙට්ටගම් දෙකක් වගේ ටර්මිනල් එකේ දෙපැත්තට ඔය කියපුවා අමුනන එක. ඇමුනුවයි කියමුකෝ, ඕමානියන්ට මාර ආකිටෙක්චරල් ටේස්ට් එකක් තියෙනවා, ඉතින් ඕක ඇපෘ කරගන්න නම් නිකම්ම නිකම් පෙට්ටගම් දාලා බෑ...

පහල පින්තුරේ තියෙන්නේ පෙට්ටගම් අමුනපු ටර්මිනල් එක. ඔය කෝච්චි පෙට්ටි වගේ දේවල් ගිහින් එකතුවෙන, කර්ව්ඩ් රූෆ් එකක් තියෙන්නේ ටර්මිනල් එකේ අරය්වල් කොන්කෝර්ස් (arival Concourse) එක කියන එකට, ඒකේ දෙපැත්තෙන් පේන පෙට්ටි ටික ගැන තමයි කිව්වේ.

Terminal with පෙට්ටගම්
මම ඔය පෙට්ටගම් දෙක ඇන්දෙව්වා, අරාබි මල් කැටයම් වලින්. හැබැයි මේ පෙට්ටගමක් තට්ටු දහයක් උසයි. ඉතින් එහෙම බිත්තියකට සරිලන අරාබි කැටයමක් තමයි මම හොයාගත්තේ. ඔය පල්ලෙහා තියෙන පින්තූරෙන් අද ඒ අරාබි කැටයම දාපු පෙට්ටගම් බිත්තිය ඇත්තටම පේන හැටි චාමි පොටෝ ගහලා එවලා තිබුනාම මට හරිම ආඩම්බරයක් ආවා.
stone detailing of පෙට්ටගම්

මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට ඉවරකරන්න ඕනෑලු. ඒකට පිංතූර දැක්කාමනම් තව ලබන අවුරුද්ද වෙනකන් චාමිට ඕමාන් ඉන්න වෙයි කියලා තමයි මටනම් හිතුනේ.





මේ තියෙන්නේ පියර් (pier) එකේ පිටතින් පෙනුම. එක පියර් එකක් මීටර් 400ක් දිගයි. ඒ නිසා පියර් එකේ අන්තිම ගේට් එකකින් ගොඩ බහින ගුවන් මගියෙක් මීටර් 400ක් ඇවිදින්න ඕනි කොන්කොර්ස් එකට එන්න. එතන ඉඳන් තවත් මීටර් 400ක් විතර යන්න ඕනි එලියට එන්න. වෝර්කලේටර්ස් (walkerlators) තියෙනවා ඇවිදීම පහසුවෙන්න.


නින්ද යනවා නේ මේවා කියවනකොට. තව එකම එක දෙයක් කියන්නම් යන්න කලියෙන්.මම මේ කියන එයාර් පෝර්ට් එක තනිකරම කටුබැද්දේන් (මොරටුව විශ්ව විද්‍යාලයේ) සහ කොළඹ තියෙන සිටි ස්කූල් ඔෆ් ආර්කිටෙක්චර් (CSA-SLIA) කියන තැන් දෙකින් බිහිවෙච්ච ආකියො තමයි නිර්මානය කලේ. කාටද ආඩම්බර?
තව ගොඩාක් විස්තර තියෙනවා පස්සේ වෙලාවක කියන්නම්.
පෝස්ට් එක බ්ලොග් රොලේ අප්ඩෙට් උනේ නෑ...ආපහු පබ්ලිෂ් කලා, රංගිගේ ඇඩ්වයිස් එක අහලා...

42 comments:

  1. මට එදා ඉඳ ආකියො ගැන තිබ්බෙ ටිකක් දිරවන්නෙ නැති ගතියක්. ඒත් ඔබයි ලක්ෂ්මන් සෙනෙවිරත්නයි තමා ඒ ඉමේජ් එක තරම්ක් දුරට හරි වෙනස් කරේ. ඈත ඉඳන් බලා ඉන්නව. අන්තිම සන්තෝසයි ඔබේ කන්ඩායමේ වැඩ ගැන.

    මම හිතන්නෙ මම දැන් දන්නව ඔබේ අයතනය මොකද්ද කියලත්. :

    ReplyDelete
    Replies
    1. ඉන්දික...ඕක මචෝ එකතරා විදියක වැරදි ආකල්පයක් ආකියෝ හැසිරෙන පිලිවෙල නිසා ඇතිවෙච්ච...බොහෝම ටික ආකියො දෙනාටයි හීනමානෙන් ගොඩ එන්න පුලුවන් වෙන්නේ...මගේ කණ්ඩායම මේ දවස්වල ඕකට උත්තරයක් දීගෙන යනවා, දැනටමත් සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. ඉස්සර වෙලා ආකියොන්ගේ ඇස් අරවන්න ඕනි එතකොට ඉබේම ඔය ගතිය හරි යනවා...

      Delete
    2. බොහෝම ටික ආකියො දෙනාටයි

      මරු වචනේ අප්පා

      Delete
    3. @ අටම්....ආකියො ටික දෙනාටයි කියලා ලිව්වානම් "ටික" කියන එක එච්චර ඉලිප්පෙන්නේ නෑ...එතකොට හීනමානේ කියන එක අඩුවෙන් මතුවෙයි කියලා හිතලා තමයි, "ටික ආකියෝ දෙනාටයි" කියලා ලිව්වේ. ඒක වැරදිද සර්..?

      Delete
    4. හීනමානෙද? අධිමානෙද?

      Delete
    5. කකාට කියලා දෙන්න ඕනි නෑනේ හීනමානේ ගැන....හැබැයි හීනමානෙන් පෙලෙන්නන්ට අනිත් අය අදිමානයෙන් පෙලෙනවා යයි හිතෙනවා ඇති නේ...?
      අනේ අපිට ඔව්වා තේරෙන්නේ නෑ මෙයා...

      Delete
  2. ඇයි මේ මිනිස්සුන්ගෙන් මේ රටට සේවයක් ගන්න බැරි. මොන තරම් කාළකන්ණි රටක්ද...?

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා මචෝ..
      රටේ නෙමෙයි වැරැද්ද අපි වගේ මිනිස්සුන්ගේ...
      මට එන්න කිව්වාම ආවා. මාත් එක්ක 25% විතර මගේ පිරිසත් ආවා.
      අපි දැන් මේ රටට කවදාහරි ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් මේ දවස් වල කරනවා හැබැයි සද්ද නැතුව.
      දවසක මේ බ්ලොග් පිටුවෙම ඒ මොකක්ද කියලා කියන්නම්. එතකන් තරහ අවසර.....!

      Delete
    2. අනේ මචං මාතා......කියල වැඩක් නැහැ.....දන්නව නේ අත් ට්‍රැක්ටරයට වෙච්චි දේ.....

      Delete
  3. හොඳ වෙලාවට ගෝනු ආවෙ නේද බං.ඒ දවස්වල දවස් පහ හයක් බොන්න වතුර හොයාගන්න හරි සටනක් දුන්නා කියල ඒ කාලෙ හිටිය අය කියනව.එයාපෝට් එක ඔක්තෝබර් ඕපන් කලොත් අපටත් ඒ හරහා යන්න එන්න පුළුවන් වේවි නේද.එන සතියෙ සලාලා යනවා එතකොට එහෙ එයාපෝට් එකේ අලුත්ම තත්වයත් දැකගෙන එන්න පුළුවනි.
    මේ අයට ඇතිවෙන්න සල්ලි තියෙන නිසා ගෝනු ආපු වෙලාවෙ අලුතෙන්ම ආපහු ඩිසයින් කරන්න පුළුවන් වුනා.වෙන දුප්පත් රටක් එහෙම නං අනාතයි නේද.

    ReplyDelete
    Replies
    1. ගෝනු වෙලාවේ ඕමානි මිනිස්සුන්ගේ මනුස්සකම හොඳටම එලියට ආවා. සමහර බවුසර් අයිති ඕමානි අය ඈත ගිහින් වතුර ගෙනත් බෙදුවා ජාති බේදයක් නැතුව.

      ඔක්තෝබර් වල ඕපන් කරනවා කියන එක මට පෙනෙන විදියටනම් ප්‍රැක්ටිකල් මදි. ඕපන් කලාම අපි ඔක්කොටම යන්න තමයි හදන්නේ මොකද දැන් තියෙන ටර්මිනල් එක ආයෙත් පාවිච්චි කරන්නේ නැහැ. සලාලා යන්නත්, ඒ කියන්නේ ඩොමෙස්ටික් ෆ්ලියිට්ස් වලටත්, අලුත් ටර්මිනල් එක තමයි පාවිච්චිකරන්නේ.

      Delete
  4. මම මේ කියන එයාර් පෝර්ට් එක තනිකරම කටුබැද්දේන් (මොරටුව විශ්ව විද්‍යාලයේ) සහ කොළඹ තියෙන සිටි ස්කූල් ඔෆ් ආර්කිටෙක්චර් (CSA-SLIA) කියන තැන් දෙකින් බිහිවෙච්ච ආකියො තමයි නිර්මානය කලේ. කාටද ආඩම්බර?

    හැබැටම කාටද ඇ

    ReplyDelete
    Replies
    1. හැබැටම කාටද ඇ??

      Delete
  5. මචං ආකිය...... උඹ ඇතුළු ටීම් එකට මගේ ආචාරය''''''''! ...........................................

    ReplyDelete
    Replies
    1. මම ඇතුලු මගේ ටීම් එකෙන් ස්තුතිය කෙන්ජි මහතානෙනි...!

      Delete
  6. උඹ සබ්ජෙක්ට් එකට බැහැපු එක අනර්ඝයි..

    ReplyDelete
    Replies
    1. ඇහක් වහලා...හෙක්..හෙක්..

      Delete
  7. ඔන්න අපිටත් ගොඩාක් ආඩම්බරයි ඈ.....

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කෝටම ආඩම්බරයි මලේ...

      Delete
  8. ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නේ නැති එක ගැන දොස් කියන ඕනේ කාටද කියන එක ගැන වැටහීමක් නෑ. මං හිතන්නේ සමාජයේ හැම ස්තරයක්ම අඩුවැඩි වශයෙන් එකට වග කියන්න ඕන.

    අනන් මේ ක්‍රමවත් ෆීසිබිලිටිය නොකෙරෙන එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ, 500 year ස්ටෝම් එක බේස් කරගෙන ඩිසයින් කරනකොට එහෙ, මෙහෙ අඩු ගානේ මැක්සිමම් flood ලෙවල් එක ගැනවත් බලන්නේ නෑ . එකට හේතුව වෙලා තියෙන්නේ ෆීසිබිලිටිය පැත්තකට දාලා දේශපාලන අධිකාරියට අවශ්‍ය ලෙසට වැඩ කරන යාම නිසා.

    කොළඹ ආසන්නයේ පාරක් මද එක අයිලන්ඩ් එකක් ඩිසයින් කරනවා RDA එකෙන් , මෙතන පාර එක පැත්තක් පහතයි , ඒ නිසා වටේම එකම උසට තියෙන්න තමයි ඩිසයින් එක දෙන්නේ . එත් sponcerට ඕනේ පාර පහත පැත්තෙන් උස්සන්න මොකද මිනිහගේ name board එක පේන්න . අන්තිමට එහෙම වෙනවා වැඩේ . දැන් පාරේ දකණු පැත්තෙන් එන වාහන වලට වම පැත්තේ වාහන පෙන්නේ නෑ , හැමදාම accident එකක් හරි වෙනවා . ඔන්න ඔහොමයි තීරණය වෙන්නේ වැඩ.

    ReplyDelete
    Replies
    1. මචෝ දැන් ටිකක් කල්පනා කරලා වැඩකරනවාය යන්න කියන්න ඕනි. උදාහරනයක් වශයෙන් ග්‍රේටර් කලොම්බො ෆ්ලඩ් ප්‍රොටෙක්ෂන් ප්‍රොජෙක්ට් එක ගත්තොත්, මම කියන්නේ ඔය වර්ල්ඩ් බෑන්ක් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් එක, ෆීසිබිලිටි ස්ටඩි එකක් කරලා පාර්ලිමන්ට් බිල්ඩිමේ බේස්මන්ට් එකේ ෆ්ලඩ් ලෙවල් එක බෙන්ච් මාක් කරලා තමයි අප්ස්ට්‍රීම් ඩ්‍රෙජින් ලෙවල්ස් සහ කැච්මන්ට් කැපසිටීස් තීරනය කරලා තියෙන්නේ. පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නේ මේ වැඩේ හරි පිලිවෙලට වෙලාවට ඉවර කරන්න ඕනි කියන එකට මිසක් කාගේ ගෙයද කැඩෙන්නේ, කාගේ ඉඩමද යට වෙන්නේ කියන් එකට නෙමෙයි...
      ඉස්සරහට ඔය දේවල් හරි යන ලකුනු තියෙනවා. ඕනම රටක් ඩිවෙලොප් වෙන්න පටන් ගන්නකොට පලපුරුද්ද අඩුනිසා යම් යම් අඩුපාඩු තියෙනවා, ඒවා හදාගෙන ඉස්සරහට යාම තමයි වැදගත්....

      Delete
    2. ඒ වුණාට මචං හයි වේ එක හෝ හයිටෙන්ෂන් ලයින් එකක් ගනිමු වෘත්තිකයන්ගේ තීන්දුව එකක්. යම් යම් සිමාවන් තුළ ඒ ප්ලෑන වෙන්ස් වෙනවා නේද?

      Delete
  9. ඇත්තටම අපේ කම ගැන ආඩම්බරයක් ආවා... ඒ වගේම අපේ සම්පත් දේශපාලන අධිකාරියේ වුවමනාවන් මත වැනෙසෙන එක ගැන දුකකුත් ආවා...

    ReplyDelete
    Replies
    1. නලීන්..ඉවාන්ට දැමූ කොමෙන්ටුව කියවනු මැනවි...

      Delete
  10. ඔබල වගේ අය ගැන ආඩම්බරයි..
    අද තමයි ඉස්සෙල්ලාම මේ පැත්තට ගොඩ වුණේ..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ජය වේවා...

      Delete
  11. අරාබි කැටයම නියමයි. මහල් ගොඩක් එක්ක හදන්න හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. උත්තරය දිග එකක්, කෙටියෙන් කියන්න ට්‍රයි කරන්නම්. දැනට තියෙන ටර්මිනල් එකට සහ රන්වේ (runway) එකට උතුරින් තමයි අලුත් ටර්මිනල් එකයි පැරලල් රන්වේ එකයි හදන්නේ. ජාත්‍යන්තර ගුවන්ගමන් නීතිරීති (ICAO-International Civil Aviation Organisation Rules & Regulations)අනුව රන්වේ දෙකක් අතර අඩුම පරතරය මීටර් 960ක් වෙන්න ඕනි. අපේ ටර්මිනල් එක මිඩ්ෆීල්ඩ් ටර්මිනල් (Mid-Field Terminal)එකක් හැටියට තමා ඩිසයින් කලේ තිබෙන ඉඩ ප්‍රමානය අනුව. ඒ කියන්නේ රන්වේ දෙකකට මැදි වෙච්ච ටර්මිනල් එකක් හැටියට. අලුත් රන්වේ එක මුහුදට කිට්ටුව පිහිටා ඇති නිසාත්, ඉඩම් ප්‍රමානයේ ප්‍රශ්න නිසාත්, ටර්මිනල් බිල්ඩිමක ඇති අවශ්‍යතා නිසාත් මහල් ගනනාවක ගොඩනැගිල්ලක් උනා මෙය.
      තවත් ප්‍රධානම කරුනක් නම් මෙය ටූ ලෙවල් ඒයාර් පෝර්ට් (Two Level Air Port)එකක් වීම. ඒ කියන්නේ තට්ටු දෙකක් නෙමෙයි අරියිවල් සහ ඩිපාර්චර් ලෙවල් දෙකක සිදුවීම. රටකට ඇතුලුවීමට අවශ්‍ය කරන වීසා නීතිය අනුව තමයි එය ස්ථාපිත වෙන්නේ.මෙම ලෙවල් දෙකෙහි තට්ටු ගනනාවක් තිබෙනවා.
      ඉදිරියේදී හැකි උනොත් ටර්මිනල් එක ගැන මීට වඩා විස්තර කරන්නම්.
      සාමන්‍යයෙන් ගුවන්තොටුපොලක විශාලත්වය මනින්නේ අවුරුද්දකට කෙතරම් මගීන් සංඛ්‍යාවක් එය හරහා ගමන් කරනවාද යන සාධකය මුල් කරගෙන. මෙම ගුවන් තොටුපොල පර්‍යන්ත ගොඩනැගිල්ල වසරකට ගුවන් මගීන් මිලියන් දොලහක් සඳහා තමයි අප නිර්මානය කලේ.

      Delete
  12. ඇත්තටම ලංකාව ගැන දුක හිතෙන්නේ යමක් කමක් කරන හැමෝම ඒවා කරන්නේ පිට රට වල. එවුන්ට දොස් කියන්නත් බෑ තමන්ගේ රටට ඇවිත් අම්මගෙයි තාත්තගෙයි බූදලය කියලා හිතාගත්ත මිනිස්සු එක්ක වැඩ කරනවට වඩා පිට රටක වැඩ කරන එක පහසුයි.
    ශෙපෑකිලා ගේ ප්‍රජෙක්ට් එක අපිටත් ඉස්සරහට බලාගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. රංගි, කියන එක ඇත්ත. ඒත් පිටරට ගිය අයගෙනුත් කී දෙනාද ආපහු මේ රටට එන්නේ. මම මැදපෙරදිග ගියනිසා ආපහු එන්න ඇති. යුරෝපීය රටක හරි, උතුරු ඇමෙරිකාවෙ හරි, ඕස්ට්‍රේලියා හරි නිව්සීලන්තය වගේ රටකට ගියානම් මේ වයසේදි ආපහු එන එක අමාරුයි කියලයි මටනම් හිතෙන්නේ.
      2009 යුද්ධෙ අහවර වෙච්ච වෙලාවෙ, මට මතක හැටියට 2009 නොවැම්බරයේ, තානාපති කාර්‍යාල හරහා අරාධනාවක් කලා සම්මන්ත්‍රනයකට සහභාගි වෙන්න කියලා ප්‍රොෆෙෂනල් එක්ස්පැට්ලාට. 800ක් පමන ඒ අරාධනාව පිලිඅරගෙන පැමිනියා. මමත් එක්කෙනෙක්. එදා මම දැක්කා මුලු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න, නිදහස් අධ්‍යපනයෙන් පල නෙලාගෙන වෙනත් රටවල එස්ටබ්ලිෂ් වෙච්ච අපේ සිංහල දෙමල මුස්ලිම් වෘතිකයන්. එයින් කීදෙනෙකුට ආපහු එන්න පුලුවන් උනාද කියනෑක නම් ගැටලුවක්.

      Delete
    2. \\ශෙපෑකිලා ගේ ප්‍රජෙක්ට් එක අපිටත් ඉස්සරහට බලාගන්න බැරියැ. \\\
      මේ කිව්වේ ඒයාර් පොර්ට් එක නම් දැනුත් පේනවා මස්කට් වලයි සලාලා වලයි ඒයාර් පෝර්ට් එක පාවිච්චිකරන මගීන්ට...රංගි කිව්වේ අපි දැන් ලංකාවේ කරන එක ගැනනම් පැලවත්ත තලවතුගොඩ අතර පාරේ යනකොටත් ඈතින් පෙනෙනවා....

      Delete
  13. මට 10 වසරේදී ඕනේ උනේ කවද හරි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න.. හැබයි උසස් පෙළින් පස්සේ ඒක හීනයක් වුණා.. හෙහ් හෙහ්.. හැබැයි දැන් බිල්ඩිමක් බැරි වුනාට සොෆ්ට්වෙයාර් එකක් අර්කිටෙක්ට් කරගන්න යන්තම් පුළුවන්.. හෙහ් හෙහ්.. මේවගේ වැඩ කරපු දේවල් ගැන කියවන්න මම හරි කැමතියි.. ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් විතරද කරන්නේ නැත්නම් ගෙවල් එහෙමත් ඩිසයින් කරනවද..? ඔබගේ ප්‍රොජෙක්ට්ස් ගැන දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. පැතුම්, ලොකු පොඩි කියලා ප්‍රොජෙක්ට් වෙන්කරගෙන කරන්න බෑ ආකියෙකුට. පිටතින් පොඩියි කියලා පෙනෙන දේවල් වල අන්තර්ගතය සහ එවැනි නිර්මානයක් පිටුපස ඇති වෙහෙස ඌවන්ගේ දැනුම ආදිය අතින් වෙනසක් නැහැ ලොකු පොඩි කමට.
      ඔබ නිර්මානයට දායක වෙන සොෆ්ට්වෙයාර් ගැන උනත් එයමයි නේද කියන්න තියෙන්නේ.
      මට ආකියෙක් හැටියට වැඩියෙන්ම සහභාගි වෙන්න අවස්ථාව ලැබුනේ සංකීර්ණ ප්‍රොජෙක්ට්ස් වලට, ඒකට හේතුව වෙන්න ඇත්තේ මම මගේ වෘතිමය ජීවිතය ගෙව්වේ අලුතින් ගොඩනැගෙමින් පවතින පිටරටක වීම. නමුත් මම එයින් ලද පන්නරය අද ලංකාවට නැවත ලබාදෙමින් ඉන්නවා.
      දැන් උනත් පරක්කු නැහැ ආකියෙක් වෙන්න...හැක් හැක්..ඔය ගොඩාක් අය තනියම ඩිස්යිග්න් එහෙම කරගන්නේ...

      Delete
    2. කතාව ඇත්ත. නිර්මාණයකට ලොකු පොඩි කියල වෙනසක් නෑ.. මම කාලයක් Google Sketchup වලින් අපේ ගෙදර මොඩිෆයි කළා. දැන් අලුතින් හදන්න හිතාගෙන ඉන්න එකත් ලාවට වගේ ඩිසයින් කළා... මට හිතෙන දේ ගේ හදන ආකියට පැහැදිලි කරන්න ලේසියි නේ එතකොට..

      ඒක හරි ජොලි වැඩක්..

      Delete
  14. ආකි වැඩවලට බේස් වෙන කන්සෙප්ට් වලට මම මාර ආසයි... මගේ බෝඩිමේ යාලුවෙක් හිටිය ඉස්සර ආකිච්චියක්, ඌ කියන දේවල් ඉස්සර මම මෙලෝ සිහියක් නැතුව අහන් ඉන්නේ.. සමහර වෙලාවට කරුවල වැටිලා වටේම කළුවර වෙලා,අපි දෙන්න ලයිට් වත් නොදා මේසේ දෙපැත්තට වෙලා කියෝනව..

    හරිම ලස්සනයි...
    ඔය වගේ දේක නිමාවක් දැක්කම තමන්ගේ දරුවෙක් දැකල සතුටු වෙනවා වගේ දැනෙනවා නේද?

    අනේ මන්ද.. සොෆ්ට්වෙයාර් කොටලා ඒ කෝඩ් එකෙන් හැදුනු නිර්මානෙට මම දරුවෙක්ට වගේ ආදරේ කරනවා... පිස්සුද මන්ද.. හි.. හි...

    hats off!!

    ReplyDelete
    Replies
    1. ආකියො ටිකක් වෙන්න වැඩියෙන් කියෝනවානම් තමයි මොකද ඔලුවේ තියෙන ඔක්කොම ඇඳලා පෙන්නන්නත් අමාරු නිසා වෙන්නැති..!
      කරපු දේවල් වලට කොච්චර ආදරේ උනත් කල් ගියාම ඉස්සර කරපු හදලා නිම වෙච්ච ගොඩනැගිලි දැක්කාම ලැජ්ජත් හිතෙනවා..
      අර තමන්ගේ ලමයෙක් විභාගේ පේල් උනා වගේ...හැක් හැක්....

      Delete
  15. සංතෝශයි ෂෙෆාකි.....මම අවුරුදු 12ක් එහා මෙහා ගිය තැනක් නිසා වෙනස හොඳට පෙනෙනවා. විශාල වෙනසක්.

    ReplyDelete
    Replies
    1. welcome back my friend.....nice to hear from you..what is the new profile picture?

      Delete
    2. ඕක මචෝ මගේ බ්ලොග් එක හදන කාලේ අපේ මල්ලි හොයලා දාපු බ්ලොග් ලෝගෝ එක. මායි, වයිෆුයි, දුවයි කියලා තමයි මල්ලි ඕක දැම්මෙ. වර්ඩ්ප්‍රෙස් එකේ තමයි තියෙන්නේ.

      Delete
    3. අරූගේ ඊලඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නේ...
      දැන් විවේක ගත්තා ඇති වගේ නේද මචෝ...
      උඹලා නිවාඩු එන්නේ නැද්ද ලංකාව බලන්නත් එක්ක?

      Delete
    4. දුවයි, වෙන්ඩ බෑණායි එනවා ලබන මාසේ.

      කම්මැලි වෙලා ඉන්නේ බං. හෙටවත් එකක් දාන්න ඕන.

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....