Friday, 29 August 2014

ඇණ සහ බත් - Buffet Style






සර් මම මේ චන්දන කථා කරන්නේ රත්නපුර කැෆේ සයිට් එකේ ඉඳන්. අර ෆ්‍රන්ට් ක්ලැඩින් පැනල් එක ෆික්ස් කරන එක පොඩ්ඩක් අවුල්වෙලානේ. කරදරයක් නැත්නම් ඇවිත් යන්න පුලුවන්ද? සුරෙෂ් කිව්වා සර් හොටෙල් එකට ආවා කියලා, ඒකයි කථා කලේ.

මුන්ට හොරෙන් කොහෙවත් යන්න බැහැ නේදැයි හිතමින්, මම මනෝජ්ට කැෆේ සයිට් කියාගෙන රථයට ගොඩ උනෙමි.

මා හිතූ ආකාරයටම රත්නපුර නගරය මධ්‍යයේ අලුතෙන් නිමවෙමින් පවතින මාගේ දෙවැනි බොජුන්හල අමුත්තෙක් මෙන් ඈතට පෙනෙයි. එය වට පිටාවටම අලුත් එලියක් සහ නව ගෘහනිර්මාන ආරක්ද එකතුකරයි.

මොකෝ චන්දන ඔය තියෙන්නේ ඩිසයින් කල විදියටම, මාරයිනේ...අවුලක් නෑනේ...

ඔක්කොම මෙෂර්මන්ට්ස් වල හැටියටම කරලා තියෙනවා සර්, ඒකට අර ෆ්‍රන්ට් ස්ලාන්ටින් පැනල් එක පල්ලෙහාට ගේන්න කිව්ව විදියට ගෙනල්ලා පොලොවෙන් ඉවර කරන්න බෑ.

ඒ මොකෝ..?”

බාබර් සාප්පුවෙයි අපෙයි තියෙන කොමන් වෝල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි සයිස් එකේ ප්‍රශ්නයක්ද ?”

නෑ සර්... මෙන්න මේ ඇනේ....

අඟල් දෙකේ පරන පරාල ඇනයකින් තුන්කාලක් පමන එලියට සිටින පරිදි, මදක් උඩට හැඩ වෙන අයුරින්, අඟල් 10ක් පමන පළල වු කඩ කාමර දෙකට මැදිවූ ඒ කුඩා බිත්තියේ පොලොවින් අඩි හතරක් පහක් පමන උඩින් සවි කර ඇති අයුරු මට පෙනුනි.

ඔය අඬුවක් අරන් ඕක ඇදලා ගලවන්නකෝ, බිත්තිය ඩැමේජ් උනොත් හදලා දෙන්න බාබර් සාප්පුවේ එක්කනාට..

සර්, ඒක ගලවන්න බෑ..

එතකොටම කාගේදෝ රැවුල බාමින් සිටි රාජ්කුමාර් අප දෙදෙනාගේ කථාවට මැදින් රිංගුවේ...

ඔන්න ඕක ගලවලා දාන්න සර්...සෝමපාල මහත්තයාට ඕක උඩින් එල්ල ගන්න පුලුවන්..

මම චන්දන දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ්යෙනි....ඔලුවෙන් මට එහාට යමුය කියමින් චන්දන බොජුන්හල ඇතුලට පිවිසෙමින්..
සර්, සෝමපාල මහත්තයා අවුරුදු 52ක් එයාගේ බෝඩ්ලෑල්ල එල්ලුවේ ඔතනලු කියලා ඇනේ ගලවන්න එපාය කිව්වා...

සෝමපාල මහත්තයා..

බෝඩ්ලෑල්ල....

රත්නපුර නගරයේ ඔරලෝසු කනුව ඉදිරිපිට ඇති කඩ පේලිය...

මම ලඟම තිබූ තවමත් ඉටිකොල ගලවා නැති පුටුවකට බර වීමි.

හිත 1977 දක්වා දිවගියේ බොජුන්හල ඉදිරියේ ඇති මහවීදියේ දුවන මොටර් රථ මෙනි...

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!

පුතේ චන්දේ කටයුතු වලට යූඇම්පියෙන් තරුන සංගම් හදනවා කියලා හෙට සෝමපාල මහත්තයාලේ ගෙදර තියෙන පලවෙනි මීටිමට එන්න කිව්වා.

තාත්තා කිසිම දිනක චන්ද රැස්වීමක් ගැන ඔවැනි දෙයක් කියනවා මට ඇසුන පලමුවෙනි වතාවයි. සාමාන්‍යයෙන් ඔහු චන්ද රාජකාරි සඳහා පොලිසියේ ඩියුටි යනවා මිස, එතනින් එහා දේශපාලනයක් ඔහුගේ තිබුනේ නැත.


 චන්දය යනු රෑ එලිවෙනකන් කඩල තම්බාගෙන දවස පත්තරෙන් දෙන චන්ද කොට්ටාශ වෙන වෙනම තිබුන පත්තර පිටුවල රේඩියෝවෙන් කියන චන්ද ප්‍රතිපල ලකුනු කිරීම යන්න පමනක් මම දන්නා දේශපාලනයද විය.

එය කෙසේ වෙතත්, උසස් පෙල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ගෙදරටම වී සිටි මට මෙම ආරංචිය මහත් බලාපොරොත්තුගෙන දෙන්නක් විය. එයට හේතුවූයේ, ඔය රැස්වීම්වලට ගොස් ඒවායේ වැඩ මොනාහරි පංගාර්තුකරගත් අයට අප්පො යූඇම්පී ආණ්ඩුවක් පිහිටුවූ විට රස්සාවල් දෙනවා යයි අම්මා හාල් වල වී අහුලමින් මුමුනවා ඇසීමයි.

රැස්වීම පටන් ගත්තේ හැන්දෑවේ හයහමාරට පමන උනත් හවස පහ වෙන කොටත් කැරකොප්පුව පිටුපස තිබුන සෝමපාල මහතාගේ ගෙදර ඉතිරෙන්න ගම් දෙක තුනක තරුනයින් සේම වැඩිහිටියොද පැමිනි සිටියෝය. මා හට සෝමපාල මහතා මුලසුන ගෙන සිටින සාලය තුලට ඇතුල්වන්නට ඉඩක් නොලද හෙයින්, සාලයෙන් පිට ඇති වැරෙන්ඩාවේ කොට තාප්පය උඩින් සිදුවෙන දේවල් හොඳහැටි ඇසුනා පෙනුනා පමනක් නොව තරුන ගැහැනු ලමයින් විසින් දුන් ඔරෙන්ජ් බාර්ලි සංග්‍රහයද මැනැවින් භුක්ති විඳීමට ලැබුනි.

තරුන සමිතියට නායකයින්ද, සාමාජිකයින්ද, තවත් කොමිටි අරවා මේවාද පත් කෙරුනු, තොරාගැනෙනු මට ඇහුනා මිස රැකියා දෙන බවක් නොපෙනුනි. නමුත්, රැස්වීම අවසන් කරමින් සෝමපාල මහතා පැවසූ දෙයින් මාගේ දකුනු අත ඉහල ගියේ මටත් නොකියාය....තරුනයින්ට රැකියාදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට යෙදවීමේ පලමු අදියර වශයෙන්, අත් අකුරු හොඳ තරුනයෙකුට හෝ තරුනියකට හෙට උදයේ සිට මාගේ ජ්‍යොතිශ කාර්‍‍යාලයේ රැකියාවක් ඇති බවත්, මසකට රුපියල් 150ක පඩියක් ගෙවන බවත්, කැමැති කෙනෙක් අත උස්සා කැමත්ත ප්‍රකාශ කරන ලෙසත් ඔහු පවසා අවසාන වෙන විට මම ඔහුගේ අවධානය යොමුකරගෙන අවසානය.

ගෙදර ඉදිරියෙන් දිවෙන බසය ඇල්ල ගාවට ගොස් නැවත හරවා එන විට අඩුම තරමේ විනාඩි විස්සක් වත් ගතවෙනවාය. බසය ගෙය පසුකරගෙන ගිය පසු, අම්මාට වැඳ, මා ගෙදරින් පිටවුනේ  රත්නපුර ටවුමේ ඔරලොසුකනුව ඉදිරිපිට ඇති කඩපේලියේ ඇති සෝමපාල මහතාගේ ජ්‍යෝතිශ කාර්‍යාලයට කේන්දර කොපි ලියන්නෙකු ලෙස මාගේ පලමුවෙනි රැකියාව බාරගැනීමටයි.

හැතැප්ම භාගයක් පමන දුරකින් ඇති රේල්පාර හන්දියෙන් බස‍යට ගොඩවෙන සෝමපාල මහතා සමගම බසයට ගොඩවීමත්, ශත පනහක් වූ බස් ගාස්තුවෙන් ශත පහලොවක් ඉතිරිකර ගැනීමත් මාගේ සිතේ තිබූ අදහසයි. රේල්පාර හන්දියට යාමට පෙර, කැරකොප්පුව ඉදිරියේදි බසයට නගින්නට සිදුවූයේ, මා සිතුවාට වඩා ඉක්මනින් බසය ආපසු හරවා ඒමයි. කැරකොප්පුව කන්ද බැස රේල්පාර හන්දියට ආ බසයට සෝමපාල මහතා සමග තවත් මගීන් පිරිසක් නගිනවාත් මා කෙසේ හෝ සෝමපාල මහතාගේ අවධානය යොමුකරගන්නවාත් මට තාමත් මතකය.

අඩි දහයක් පමන පලල අඩි තිහක් පමන දිග කඩ කාමරය මහ වීදියට මුහුනලා පිහිටා ඇතත්, අඩි තිහෙන් අන්තිම අඩි දහය, එනම් අඩි දහයේ දහයේ කොටසක, බාබර් සාප්පුව ඇතුලින් ඇවිද ගිය පසුය සෝමපාල මහතාගේ කාර්‍යාලය පිහිටා තිබුනේ (ඇත්තේ).මා සමගම, බාබර් සාප්පුවේ සිටි කිසිම කෙනෙකුන් දිහාවත් නොබලා ඇවිද ගිය සෝමපාල මහතා, තම ලෙදර් බෑගය කාර්‍යාලයේ තිබූ එකම මේසය මත තබා, මේසයට හේත්තුකර තිබූ

ජ්‍යෝතිශ්‍ය කාර්‍යාලය,

සාමවිනිසුරු සෝමපාල නානයක්කාර,

උදේ 8 සිට සවස 4 දක්වා..

(පෝයදින හැර)

යන්න ලියා තිබූ බෝඩ්ලෑල්ල උස්සාගෙන එන ලෙසත් එය බාබර් සාප්පුවෙ සහ අල්ලපු කඩ කාමරය අතර වූ අඟල් 10ක් පමන් පලල බිත්තියේ, පොලොවින් අඩි හතරක් පහක් පමන උඩින්, තුන්කාලක් පමන එලියට සිටින පරිදි මදක් උඩට හැඩ වෙන අයුරින් ගසා තිබූ අඟල් දෙකේ පරන පරාල ඇනයේ එල්ලන ලෙසත් කියා ආපසු තම මේසය වෙත ගියේ නැවතත් කා දෙසවත් නොබලාය.

තම මේසය මත වූ ඈපා පංචාංග ලිත් සමූහය එහාට මෙහාට කොට, සීආර් පොතක් දුන් සෝමපාල මහතා, අත් අකුරු හොඳද කියා බැලීමට යයි පවසා ඔහු කියන දේවල් එහි ලියන්න යයි කියා, කොටහලු මගුලක නැකත් ලිවීමක් පල්මුවෙන්ම මට කියා ලියවන ලදි.

දහවල් කෑම වේලාව පැමිනෙන විට, අඩුම තරමින් අලුත ඉපදුන දරුවන් දෙදෙනෙකුගේ කේන්දර දෙකක්ද, නව නිවසකට ගෙවදීමේ නැකත් දෙක තුනක්ද මාගේ අත් අකුරින් ලියා ඔහු මුදල් කර ගත්තේය.

දොලහා හමාරට පමන..හා දැන් යමු කෑමට..යයි කියා මා සමගින් රත්නපුර සෙන්ට් ලූක් එක ඉදිරියේ තිබූ ඒවරස්ට් මුස්ලිම් හෝටලයට ගිය සෝමපාල මහතා මා හට බඩ පිරෙන්න බත් කන්නට දුනි.බත් කන අතර තුරේ මා හට මතක් වූයේ අම්මා මොනවා දහවලට කෑවාද යන්නයි.

නැවතත් සැන්දෑවේ මහත් බලාපොරොත්තු ඇතිව මා සිටියේ සෝමපාල මහතාට තව තවත් නැකත් වැඩ ලැබේවා යන්නයි, මක් නිසාද යත්, මසකට රුපියල් 150 ක් ඒ කියන්නේ දවසකට රුපියල් 5ක්, මාත් ඔහු මෙන් පොහොසත් වෙනවා නොවේදැයි සිතමිනි. උදය වරුවේ මෙන්, සවසට නැකැත් බලන්න එන්නේ නැති බව මට තේරුනත්, ගෙපලක් කැපිමටත් අලුතෙන් පතලයක් පටන් ගැනීමටත් නැකත් බලා ගැනීමට දෙදෙනෙකු පැමිනීමත් සෝමපාල මහතා ඔවුන් සමග දිගු සතුටු සාමීචියේ යෙදීමත් නිසා සවස 4 වෙනවා දැනුනේම නැත.

සවස හතර පසු වූ වහාම, නැවතත් බෝඩ්ලෑල්ල ගලවාගෙනෙන ලෙසත්, හෙට උදයේම අද වාගේම වැඩට එන ලෙසත් පවසා, සෝමපාල මහතා, තම කලිසම් සාක්කුවට අත දමා, රුපියල් තුනක් මා වෙත දික් කරන ලදි. රුපියල් දෙකේ කොලයත්, රුපියලේ කාසියත් අතට ගත් මට ඔහුගේ මුහුන දෙස බැලුනේ..ඇයි මේ යන්න ලොකුවටම කියා පාමින්මය...මාගේ හිත තේරුම් ගත් සෝමපාල මහතා...දවල් හෝටලෙන් කෑම කෑවට රුපියල් දෙකක් කැපුවා...

මාගේ ඇස් දෙකට කඳුලු පිරෙනු දැනින. ඔහු දෙස හිස් බැල්මෙන් බලා සිටි මා, ඔහු යමු බස්ටෑන්ඩ් එකට කියද්දීත්, ඔරලෝසුකනුව පසු කරගෙන යන මුවගම පාරදිගේ පොල වෙතට පා එසවූවෙමි. රුපියල් දෙකක එලවලු පොලෙන් අරන් පයින් ගෙදර ගිහින් අම්මට කියන්න ඕනි හෙට ඉඳන් මට බත් එකක් උදේට බැඳලා දෙන්න කියලා.

 ~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!

චන්දන, ෆ්‍රන්ට් ස්ලාන්ටින් ක්ලැඩින් එකේ ග්‍රවුන්ඩ් කනේක්ෂන් ඩීටේල් එක චේන්ජ් කරන්න, අර මනුස්සයාට ඔය බෝඩ්ලෑල්ල එල්ලන්න පුලුවන් වෙන්න.

සර්, ඒ සයින් එක හරි කැතයි, පරනයි, කුනුගෑවිච්ච එකක්නේ. මුලු ෆසාඩ් ඩිසයින් එකම සවුත්තුවෙයි එහෙම කලොත්.

එක තමයි මනුස්සයො ඩිසයින් එක වෙනස් කරන්න කිව්වේ....ක්‍රියේට්ව් වෙන්න එතකොට චන්දනට හොඳ ඩිස්යින් එකක් එයි ඕකට..

මනෝජ්...බැක්ටු හොටේල්...




67 comments:

  1. Replies
    1. එසේනම් බොහෝ සතුටුය....

      Delete
  2. රැකියාවෙන් වෙනස් උනාට අපි ඇතුලේ ඉන්න මනුස්සයා එලියට එනවා. එතකොට තමයි තියරි පැත්තක දාල හදවතින් උත්තරයක් හොයන්න වෙන්නේ. මේ හා සමාන කතාවක් මට අහන්න ලැබිල තියෙනවා. හරියට මතක නැහැ ඔක්කොම ලියන්න.

    මේ වගේ දේවල් ලියනවා නම් හරි කැමතියි. මොකද අපි කරන රැකියාවට අපේ හැඟීම් වැහිලා යන්න දෙන්න හොඳ නැහැ...

    ReplyDelete
    Replies
    1. මේක අපි ගොඩාක් අයගේ කථාව උපේක්ෂා..ඉවාන්ගේ රස්සාව පෝස්ට් එක කියවන කොට මතක් වෙච්ච දෙයක් මේ.....98%ක විතර ඇත්තම ඇත්ත තිත්ත ඇත්ත ඔය අකුරු වෙලා තියෙන්නේ.
      මනුස්සකමට දැන් එච්ච්චරම මිලක් නැහැ...ඒ හින්දා එක එක ඇණ ගලවන්න වෙනවා මිනිස්සුන්ටත්........
      මමත් ආසයි ගොඩාක් දේවල් ලියන්න...ඒකට ඔබ තුමියට වගේ දඩිබිඩිගාලා ලියන්න බැහැ නොව අපිට....!

      Delete
    2. සමහර වෙලාවට රස්සවේදී අපි ඇතුලේ ඉන්න මනුස්සයා වගේම නරුමයාත් මතුවෙනවා. එතකොට රස්සාව හින්ද එක්කෝ රැකෙනවා, නැත්තම් ඒ ගති වැඩිවෙනවා. විශේෂයෙන් කඩන බිඳින රස්සාවල් වලදී.

      හි.. හි... පේන්නේ දඩිබිඩි ගාල ලියනවා වගේ නේද? ඇත්ත.. එහෙම ගතියකුත් තියෙනවා. මට හිතෙන වෙලාවට ලියන්නේ වේගෙන්. හැබැයි වෙලාව තමයි අඩු. වේගෙන් ලියවෙන දේවල් වැඩියෙන් ලියවෙන්නේ ඒකයි. හිතල, බර දාල කරන්න තරම් ඉස්පාසුවක් නැහැ... රස්සාවට අපේ සමහර දේවල් වෙනස් කරන්න සිද්ධවෙලා..

      Delete
  3. මනුස්සකම් රැකියාවේ උෂ්ණයෙන් යටවෙන්න දෙන්න හොඳ නෑ. සෝමපාල මහත්තයා කන්න දීලම හොඳ පාඩමක් උගන්නලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති එක තැනක කියනවා..…
      ""ඔලුවක් උනාම උකුනෙක් දෙන්නෙක් ඉන්න ඕන ..ගෙයක් උනාම් මකුලු දැලක් දෙකක් තියෙන්නෙ ඕන..නැත්තං ඒක ගෙයක් නෙමෙයි ""
      කියලා ………

      Delete
    2. @ ඉවාන් ඉගෙනගත්ත හැම පාඩමක්ම මම ජීවත්වෙන්න පාවිච්චිකරනවා.. ඒ එක්කම සෝමපාල මහත්තයලා වගේ නොවෙන්නත් වග බලාගන්නවා. එහෙම කරන එක හරිද කියන එකනම් තාම තේරිලා නැහැ ඉවාන්...
      @පත්තරේ....දැන් ඔලුවල උකුනෝ නෑ නේද මලේ හැබෑට..?

      Delete
    3. කොහෙ ඉන්ඩද අයිය අහිංසක සත්තු, ගෑනු ටොකු කකා.

      Delete
    4. කරගල ගගා එන්න
      කරගලා ගගා එන්න
      කරණවෑමි සෝයුරාණනේ
      කරදර තැවුල් බරින්
      මා හිස මුදාලන්න
      කරණවෑමි සෝයුරාණනේ

      නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දනට
      ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
      පාමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට
      අහිතක් නැත ඔබ හිතුවා

      බිඩිය දමා බිමට ගඳ දුම් දී බුදුන්ට
      ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
      මගුලැතු ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට
      හීනෙන් දෙදන නමනවා

      ගී පදමාලාව : රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය: විශාරද ගුණදාස කපුගේ
      ගැයුම: විශාරද ගුණදාස කපුගේ

      Delete
    5. මොන මඟුලක්ද යකෝ මේ සින්දු රෙද්දක් හැම තැනම දාන්නේ .අපි බ්ලොග් කියවන්න එන්නේ තොපේ ගොන් පාට් බලන්න නෙවෙයි .කොහේන් හරි සින්දුවක් කොපි කරල දානව උඹලා ලියලා තියනවා වගේ .සින්දු ඕන නම් නෙට් එකේ ඕන තරම් තියනවා .මේ ගොන් පාට් එපා .පොස්ට් එකට අදාළ කොමෙන්ට් කරපල්ලා .සින්දු ඇනේ පුක තමයි

      Delete
    6. හැක් ,,,,මොකාද බොල මේ

      Delete
    7. කාටද මල පැනලා....දෙන්නාටම කියන්නේ..ඕව එච්චර ගනන් ගන්න එපා....

      Delete
    8. මරණව මම තඩි බළලා
      වෙරි වූ මීයෙක් කියලා
      බළලාහට මෙය ඇහිලා
      'ඈ... මාව මරන්න තෝ?'
      'කාපු බීපු වේලාවට
      පුංචි විහිළුවක් කෙරුවට'
      'විහිළු? හොඳ විහිළු'
      'රාළහාමිලා වගේ අය
      ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

      Delete
    9. ඇනෝ යාළුවා..

      මේ අහපන්.. සිංදු ඇනෝ , සිංදු නැතුව අම්මගෙ රෙද්දක් දාන්නද උඹ කියන්නෙ ?? අපි අපේ වගේ දැම්මත් සිංදු මචං කවදාවත් ඒ ලිරික්ස් ගායකයා රචකයා නැතුව දාන්නෙ නෑ … අන්න ඒකයි උගෙ වෙනස . ඒ වගේම බොසා පුද්ගලිකව මම නොදන්න ගීත බොහොමයක් සිංදුවා නිසා මම අද රස විඳිනවා.. ඒකට ගරහන්න එපා. අකමැතිනම් උගෙ කමෙන්ට් නොකියවා හිටපන් … ඌට දාන්න ඕන එකයි එපා එකයි ඩිසයිඩ් කරන්නෙ උඹ නෙමෙයි ඌ..උඹේ අවසරය අවශ්‍ය නෑ !!!!!

      Delete
    10. පත්තරේ මචෝ ගනන් ගන්න එපා බන් ...
      මේවා මොනද ..

      සබඳ අපි කඳු නොවෙමු
      උනුන් පරයා නැ‍ඟෙන
      සුනිල දිය දහර වෙමු
      එකම ගඟකට වැටෙන...

      වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
      සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින...

      නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
      සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...

      ගායනය - ගුණදාස කපුගේ
      ගේය පද - දර්ශන මේදිස්

      Delete
  4. හ්ම්ම්ම් ඇණ තමා නේද, මනුස්ස ජීවිත බැඳිලා තියෙන පොඩි පොඩි දේවල් ගැන රසවත් ලියමනක්, මට මේක කියවපුවම මතක් උනේ (මම තාම පොඩි එකානේ) cars movie එකේ එන එක සිදුවීමක්, ඒ තමා එක කාර් එකක් තමන්ගේ තැලීම් ඇදගසීම් අලුත් කරන්න දෙන්න ඒ තමන්ජේ ජීවිතේ තියෙන වටිනාම මතක සටහන් කියලා. මම හිතන්නේ ඒ දේ මේකත් එක්ක ගලපෙනචා කියලා. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒවා මකන එක එච්චර හොඳමදි....මොකද අමතක වෙන නිසා....

      Delete
  5. සමාර ඇණ තියෙනව චෙෆ් බිත්තියෙන් ගැලෙව්වත් හිතෙන් ගලවන්න බැරි...

    ReplyDelete
    Replies
    1. ඇණ කිව්වාම මතක් වෙන්නේ අර බුදු වෙන්න ඕන කෙනා ඇණ ගහලාය ඇණ ගහන්න ඕනි කෙනා බුදුවෙලාය කිව්ව කථාව..මේකත් ටිකක් ලඟින්යනවා ඒකට....
      මේ ඇණේ නම් කවදාවත් හිතෙන් ගලවන්න පුලුවන් එකක් නෙවෙයි මහේෂ්...

      Delete
  6. ෂා … හරි අපූරුයි ලොකුඅයියා..අත්දැකීම් විසින් ලබා දෙන පරිනත බවට අමතරව මනුස්සකම ගෑවිලා තියන නිසා ආසාවෙන් කියෙව්වා... සමහර විට ඔතන වෙන කෙනෙක් හිටියනම් තත්වය වෙනස් වෙන්න තිබුණා,

    ReplyDelete
    Replies
    1. සතුටුය...
      ඒත් මූඩ් එක අනුව...ඒ කියන්නේ පුෂ්පය හෙම විකසිත වී තිබුන වෙලාවක අර කෝල් එක ආවානම් රුපියල් දෙක ඉල්ලන සයිස් එකක් වෙන්නත් තිබුන නේද මලේ...

      Delete
    2. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
      දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
      ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
      මනු ලෝ තලයේ වාසනාවන්

      වල්මත් වූවන් දැක මහ වන මැද
      යා යුතු මාවත පෙන්වා
      ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
      ඉටු දෙවියන් ලොව සිටිනා

      කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
      මුවගේ හසරැළි රඳවා
      තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
      පුද දෙමු දෙවොලට කැඳවා

      චන්ද්‍රලේඛා පෙරේරා
      සුනිල් ආරියරත්න
      රෝහණ වීරසිංහ

      Delete
  7. මාරයි මචං. කාලත් එක්ක වෙච්ච පරිවර්තනයක තරම! මේක ඇත්තම සිද්ධිය නේද?

    ඇණේ ගැන කතා කල නිසා ඔබා බ්ලොග් ලියන කාලේ පළවෙච්ච මේ ඇණ කතාව කට්ටියටම කියවන්න මෙතන ලින්ක් එක දාන්නම්.

    ඇණේ. ඇණේ.

    ReplyDelete
    Replies
    1. තැන්කියු හෙන්රි,
      මම ගියා ඇණේට එතනින් ගියා ඹබා(සනා) එක්කම මාතලේ "බෝතල් දෙකක් ගෙනෙන් මචන්"  කපටි විජේ නාලක අයියල ඹක්කොම දැන් රිටයර්ඩ්. ඉන්දරේ එනකන් මාතලේ බලාහිටිය ගෑල්ලමය දැන් මෙහේ මගේ මුනුපුරාල බලාගන්නව. මම දවසක් කපටි විජේ පැන්සොන් ගිය දවස්වල උගේ ගෙදරට කථා කරා ඌ පන්සල් ගිහින්. මම ඇහුව මොකද විජේ කලින්ම රිටයර්වුනෙ කියල. විජේගෙ මායිය කිව්ව "එයාට ආයතනෙ එපාමවුනා අයියෙ. අයිය දන්නව එයාට බොරුව පෙන්නන්න බෑනෙ අයියෙ" 
      රෝන් නම්බර්ද? 
      තැන්කියු කාලමැසිම ඉස්ටාට් කරලදුන්නට. 
      ඉන්දරේ

      Delete
    2. @ඇනෝ: ඔන්න බලාපංකෝ ඉතිං. තේ එකක් විතරක් බොන්න ගිය මිනිහා වේල් දෙකක්ම කාලත් ඇවිත්.:D කාල යන්තරේ නැගලා යන එක හරිම වින්දනාත්මකයි නේද?
      You are welcome.

      Delete
    3. ඇත්ත නේන්නං...

      Delete
  8. දවසට රුපියල් පහක රැකියාවකට ශත 50 දුරක් බස් එකේ යෑම කෙසේ වෙතත් රුපියල් දෙකක දවල්ට කෑම නම් අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. මම එතන වැඩ කරපු මාස හයේදිම අම්මාට කියලා බත් එකක් උයාගෙන අරන් ගියා එදිනෙදා හම්බ්වෙච්ච රුපියල් පහෙන් 1.50ක පොලෙන් එලවලු අරන් ගිහින් හැම හැන්දෑවෙම් වගේ....හවසට හැතැප්ම දෙක හමාරක් පයින්ම ගෙදර ආවා බස් එක මග ඇරලා...ගොඩාක් දවස්වලට බස් එක එලවපු පියදාස අය්යා හෝන් එක ගහනවා බස් එකට නග්ගගන්න, මොකද මම උවමනාවෙන්ම දකුනුපැත්තෙන් බිම බලාගෙන ඇවිදින්නේ බස් එක මග අරින්න. රේල්පාර දිගේ එන්න බය නිසා ගොඩවෙල මැද්දෙන් පයින්මයි ආවේ...කොච්චර ඔය සත පනහ හිතේ කා වැදිලා තියෙනවාද කියනවා නම් මට තාම ත්‍රී වීල් එකකවත් සල්ලි දීලා යන්න බෑ ගාන සැරයි කියලා හිතෙනවා. ඒ මගේ එක් පැත්තක්, අනිත් අතින් වාහන හයක්ද කොහෙද තියෙනවා මටම කියලා එලවන්න, ඒත් එක පාරට එකයි නෙව එලවන්න පුලුවන්...අයියෝ සල්ලි...

      Delete
  9. උපරිමයි බං.. ඒ ඇණේ ඒ විදියටම තිබුනාවේ. උඹ ආකියෙක් වෙච්චි එක හොදයි කියල ඔන්න මට දැං කියන්න සිද්ධ වෙන්වා..

    ReplyDelete
    Replies
    1. හපොයි..මම ආකියෙක් එක හොඳ නෑ කියලැයි ඔහේ මෙච්චර කල් හිතා හිටියේ....ඇයි අප්පා ඒ..

      Delete
  10. මනුස්සකම්..... හදවතට දැනෙන ලියැවිල්ලක් චෙෆාකි.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියට මූන දීලා දැන් දෑවුරුද්දක් වෙනවා....ඉවාන්ගේ රස්සාව පෝස්ට් එක කියවනකොට ඇතිවෙච්ච ආත්මානුකම්පාවෙන් ලියවෙච්ච දෙයක් බස්සි....

      Delete
  11. වැඩිහිටියො සමහර විට නොසිතා උනත් කරන සුලු දේවල් පවා ජීවිතේටම අමිහිරි දේවල් ලෙස හිත පතුලෙම රැදෙනව.
    මෙක කියවල මමත් අතීතයේ චාරිකාවක ගිහින් ඇවිත් comment එක කෙටුවෙ. ලස්සන ලිපියක් චෙෆාකි.

    ReplyDelete
    Replies
    1. සෝමපාල මහත්තයා මනුස්සකමට වෙන්න ඇති බත් අරන් දෙන්න ඇත්තේ. ඒත් ඉතින් හැමදාම මම ඒක බලාපොරොත්තුවෙයි කියලද කොහෙද රුපියල් දෙක අඩුකරන්න ඇත්තේ. ඒත් ඒක මට ආර්ථිකමය වශයෙන් දරාගන්න බැරිය කියන එක එතුමාට හිතාගන්න තරම් හිතක් තියෙන්න නැතුව ඇති. නැතනම් අදත් නැකත් බලයියැ...

      Delete
  12. මාර කතාවක්නේ මේක ඇත්තටම ඔයාට වෙච්ච දෙයක්ද

    ReplyDelete
    Replies
    1. පින්තුරේ බලහං

      Delete
    2. ඔව් අටම්..මට අවුරුදු 16යි ඕක පලමුවෙනි අදියර වෙනකොට. දෙවෙනි අදියර ඒ කියන්නේ මට තීරණයක් ගන්න වෙච්ච අවස්ථාව උනේ මීට දෑවුරුද්දකට කලියෙන් මගේ දෙවෙනි රෙස්ටොරන්ට් එකේ ඉන්ටීරියර් එක කරගෙන යනකොට...මම වැඩිය එතනට යන්නේ නෑ ඔය හේතුව නිසා, ඒ නිසා දන්නේ නෑ බෝඩ් එකට මොකද සෝමපාල මහත්තයා කලේ කියලා..ඊලඟ විසිට් එකේදී බලනවා කියලා හිතුවා...

      Delete
  13. කදිම අත්දැකීමක්..මට ජීවිතේට හමු වුනේ එක රස්සාවයි.. ඒ නිසා මට මේ විදියට එක එක කාල වලදි කරපු රස්සා ජාති ගැන අත්දැකීම් අඩුයි.. මම ඒක හරිම ආසාවෙන් කරනවා. පඩිය අඩුවුනත් තියෙන නිදහස එක්ක වෙනත් රක්සාවක් ගැන හිතන්නත් කම්මැලියි වගේ..

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කරනවා නම් අනිත් දේවල් එච්චරම ප්‍රශ්නයක් නැහැ නේද? අර හැලපෙගේ ගල් මහත්තයාගේ රස්සාව වගේ...! helapakade.blogspot.com/2014/08/146.html

      Delete
  14. කතාව නම් සුපිරි ..අකුරු චුට්ටක් ලොකු කරන්න පුළුවන් නම් කියවන්න ලේසි වෙයි මං හිතන්නෙ ...

    ReplyDelete
    Replies
    1. ඔන්න සහෝදරගේ ඉල්ලීම ඉටුකරලා update කලා...

      Delete
  15. මාර ඇණයක්නේ..

    පපුවටම දැණුන කථාවක්.. මාරයි.. රහයි.. උපරිමයි..

    ReplyDelete
    Replies
    1. එච්චරද මචෝ....හපොයි ....තැන්කූවේවා...

      Delete
  16. කේන්දර කොපි ලියපු එකා එහා පැත්තෙ බිල්ඩිමක් ගහනව.. කේන්දර බලපු එකා තාම පරණ බෝඩ් ලෑල්ල එල්ලං ඉන්නව...

    අර මොකද්ද කතාවක් ගියා කාලෙකට කලින්... මොකද්ද නැකතක් එනකං බලං හිටපු මනුස්සයෙක් අන්තිමට හිඟා කකා ඉන්න ...

    කොයි රටෙත් නැතෑ ඔය වගේ චරිත ඉතිං... හි හි....

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මේ වගේ චරිත දිගහැරෙන්න හේතුව හිරු ..නිදහස් අධ්‍යාපනය. නැතනම් මම වගේ හිඟන්නෙකුට ජීවිතේට කටුබැද්දේ හතරවෙනි තට්ටුවට නගින්න හම්බවෙන්නේ නැහැ...

      Delete
    2. උඹව නග්ගන්න තිබ්බේ කොටුවේ චැතෑම් විදිය පැත්තේ හතර වෙනි තට්ටුවකට. ඕ යේස්..

      Delete
    3. චැතම් වීදියේ හතරවෙනි තට්ටුවටත් ගියානේ දේශා ගිය අවුරුද්දේ දවසක....ඇත්තටම පස්වෙනි තට්ටුවට...මාර තැනක් ඕයි එතන. ඇත්තම කියන්නේ ගිහින් පැය දෙකකින් විතර ආපහු එනකොට කැරකෙන ගේට්ටුවට ඇතුලේ තියෙන ගේට්ටුවේ නෝනා ඇස් දෙක උඩ තියාගෙන ඇහුවේ නැද්ද ඔයගොල්ලෝ ආපහු යනවාද කියලා..ඒ කියන්නේ මචං එතනට ගිය අය ඒච්චර ඉක්මනට එන්නේ නැතුව ඇති..එහෙම අහන්නත් හිතිලා කට වහගෙන ආවා මොකටද අනේ කියලා...ඕ යේස්..

      Delete
    4. හි හි.. ඔව් එතනට ගියොත් දවසම වතුර උගුරක්වත් දෙන්නේ නැතුවම තියාගෙන ඉන්නවා. මම හිතන්නේ නොකරපු වරදක් උනත් කරා කියල පිළිඅරගෙන ගෙදර දුවන් එක්ක හිතෙනවා යන උන්ට! හික්...

      Delete
  17. මේ නගරය මා ඔබ සැරිසරන නගරයයි. මේ බ්ලොග් එක මා ඔබ මුණ ගැසුනු බ්ලොග් එකයි.
    //වල් හෝටලෙන් කෑම කෑවට රුපියල් දෙකක් කැපුවා//
    තිත්තයටත් වාරයක් එනවනේ නේද?

    ReplyDelete
  18. සැක් අදනෙ මුලින්ම ආවෙ.හිතට දැනෙන කතාවක්.නියමයි

    ReplyDelete
  19. මෙ ලින්ක් එක වැටෙන්න ඔන මහෙෂ් රත්නායකගෙ කමෙන්ට් එක ලග එත් එතෙන්ට දාන්න බැරිනිසා මෙතන දැම්ම
    http://damgune.blogspot.com/2014/04/20.html

    ReplyDelete
    Replies
    1. මට මතකයි අවුරුදු කාලේ මේ පෝස්ට් එක කියවනවා...

      Delete
  20. අවුරුදු පණස්තුනයි වයස, බැලු බැල්මට කියන්න බෑ. තාමත් කොල්ල වගෙයි ඉන්නෙ, හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ :P

    ඒ උඹල වගෙ හිත හොඳ මිනිස්සු. එච්චරයි මචං, මේකට වෙන කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ බං..ඔක්කොම හිතාන ඉන්නේ මම ඊට වඩා නාකියි කියලා..ඇයි වයසට නෙමෙයිනේ වැඩ...! අනික පනස් තුනත් වයසක්ද..? පේන්නේ නැති උනාට දැනෙනවා මචෝ..පොඩ්ඩක් නැවිලා වැඩක් කරලා නැගිටන කොට තමයි උප්පැන්නේ මතක් වෙන්නේ...ඕ යේස්...

      Delete
  21. කෑම එකක් කීයටද විකුනන්නේ ඔතන!

    ReplyDelete
    Replies
    1. සිඩිනි හංදියේ පීටර් කුරුවිටගේ (flying fish) බත් කඩේට වඩානම් ලාබයි මහත්තයෝ...ඊලඟ සැරේ ආවාම උඹව එක්ක යන්න ඕනි මෙතනින් කෑම අරන් දෙන්න..ඊට පස්සේ රුපියල් දෙකක් කපනවා කෑමට.....

      Delete
  22. නොවරදවාම යමු ,අර හෝටලේ නවතින්නත් බැරියෑ !

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක. රත්නපුරේ කොහෙද නවතින්න හොඳ හෝටල් තියෙන්නෙ?

      Delete
    2. ඉන්දික රත්නපුරේ 5 ස්ටාර් තියා 1 ස්ටාර්වත් නැති උනාට මගේ පොඩි හෝටලේ චූටි කාමර 14ක් තියෙනවා....ඊලඟ සැරේ ආවාම මට කියපන්...හොඳට සලකන්නම්..

      Delete
    3. වචනෙටත් ස්තූතියි! උඹෙ හොටලෙ වෙ එක මෙහෙ බෑන් කරල තිබ්බ. පස්සෙ මම ලියල යැව්වම ඔන්න ඔපන් කරල. මොකෝ මේක ගැන කිසිම හොටෙල් බුකින් සයිට් එහෙක විස්තර නැත්තෙ? උඹට බිස්නස් වැඩිද?

      මම එකපාරක් අර රත්නාලෝක එකේ හිට්ය. මෙලෝ රහක් නෑ. මට හිතා ගන්න බැරි, මේතරම් සුන්දර රත්නපුරේ, ස්ල්ලි කාරයො ඉන්න පුරේ ඇයි හරි හමං ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් නැත්තෙ කියල!

      Delete
    4. ලිකර් ලයිසොම ගන්න එක එකාට (එකීට ) පුක දෙන්න බැරි නිසාත්, මට එච්චර වෙලාව නැති නිසාත්, වෙබ් බුකින් ගැන එච්චර වොරි උනේ නෑ මචං..හැබැයි ලඟකදි ඉඳලා ඔන් ලයින් බුකින්ග්ස් ඕපන් කලා කියලා මැනේජර් කිව්වා..
      රත්නපුරේ ඩෙස්ටිනේෂන් එකක් නොවන නිසා ටුවරිස්ට්ලා ටච් ඩවුන් කරලා යනවා මිසක් රැයක් දෙකක් ඉන්නේ නැහැ සිරීපාදේ කාලේට ඇරෙන්න...
      මම මහ කම්මැලියානේ බං...

      Delete
  23. අනේ මචන්ගොඩක් පරක්කු වෙලානේ මේක ඇහැ ගැටුනේ . මාර සුන්දර මතක සටහනක්. ඔය රත්නපුර ඉඳන් බලන්ගොඩ පාර හදද්දී මමත් ඔය අවට ගැවසුනා සෑහෙන්න

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි බලපු එක ලොකු දෙයක් මචං. උඹ ටෙඩ්ව (Ted ) දන්නවා ඇති බලන්ගොඩ පාර කරපු කන්සල්ටන්ට් කම්පැනි එකේ හිටපු. මිනිහා මගේ එනේබලින්ග් පැකේජ් එක කලා මස්කට් එයාර් පොර්ට් එකේ. ලංකාවෙ ඉන්ජො ගොඩාක් ගෙනත් දුන්නා ඔය රෝඩ් ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු. කොහොම හරි පොර ඇඹිලිපිටියේ වම්බට්ටා කියන පොරත් දන්නවා...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....