Monday 24 September 2018

පිලේ පැදුර...!




ඉරිතලා හඬනා පොළොවට
ඇදවැටෙන්න  මෝරන අර වැහිවලාවට
ඉඩදෙන්නටමදෝ  හැංගෙන්නේ
හිරු අද හැන්දෑවට


පාළොස්වක වඩම්මන්න මෝරන හඳට
ඉඩදෙන්නටමදෝ නිවෙන්නේ
අද අර තරුකැට

හිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලට
ගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාට
කලියෙන් පහුවෙන්නට පාළොස්වක
වහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නට



හිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොට
බොරු කියන්නේ මොකට
කොහොමත් එකයි දැන්නං මට



ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට
හිතුවනං නැවතිලා පෙර පනින්නට
හංගාගෙන හිටියා නොව මං
මහමෙරක් වන් ආලයක් තිට පුදන්නට



තාමත් පිලේ පැදුරෙන් හමන්නේ නුඹේ පුසුඹ
පැල පුරාම මැවෙන්නේ නුඹේ කොමල හිනාව
ගැටපිච්ච පඳුරේ මල් පිරිලා ඉනාව
තුරුල්වෙන්න එනවානේද හෙටානිද්දා නොපමාව


~~~~~~

25 comments:

  1. වෙනවා මතක් නොසිතා පෙර පැනපු පිමී
    මොනවා වුනත් පෙර පෙම ගත විඳින්නෙමී
    ගොරවා වහිනවිට තුරුලට පැදුර ගමී
    එනවා තුරුල්ලට පහනෙහි තෙලුත් නිමී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රකින්නේ පැල් අනුන්ගේ හේනකනං
      කියවෙන්නේ පැල් කවිත් නුහුරටම නං
      අලියන් ඇවිත් කෑවත් අපෙ ගොවිකං
      පිලේ නොසිට කොහි ඉන්නද අද රෑ මං

      ජයම වේවා....!

      Delete
  2. පිගේ පැදුර හේකට අරගෙන යනවා
    එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
    රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
  3. Harima Lassanayi chef-architect :)

    ReplyDelete
  4. හේනක්නං නැති උනාට මක්වෙනවැයි.

    ReplyDelete
    Replies
    1. හේන් නං තියෙනව..කොටමුද....?
      :)

      Delete
  5. පායන කාලේ.. අකල් වැස්සක් වගේ පෝස්ට් එකක්.. :) දාඩිය නිවුනා..

    ReplyDelete
    Replies
    1. මෙහෙට නං වහිනව හෝ ගාලා...අකල් නෙවෙයි..නෝමල් වැහි....හෙහ් හෙහ්...!

      Delete
  6. කාලෙකට පස්සෙ ඇවිත් කතාවක් වගේ කවියක් ලියලා ගිහින් නොවැ.කවිය මිසක් කවියාව නොකියවන නිසා මම ඉතින් මුකුත්ම අහන්නෙ නෑ ඕං. ඒත් මම මේ කල්පනා කරන්නේ හේනක් නැතුවට මොකට කම්පා වෙනවද කියලා ගොවිපොලක්ම තියෙද්දී.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකට
      කොහොමත් එකයි දැන්නං මට

      Delete
  7. /// ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට /// +++++++++

    ReplyDelete
    Replies
    1. අන්නේකයි..කිව්වට ඇහුවේ නෑ..දැන් පරක්කු වැඩියි ඉතින්....!

      Delete
    2. හිතා ගන්න බැහැ මේ අනින්නෙ ටොකුද කියලවත්...
      ආයෙ සිංහල පන්ති යන්න කියල බැලුවෙ... 😭

      Delete
  8. මේක මගෙ හිතේ ටීකා සීපදයක් වෙන්ටෑ....

    ReplyDelete
    Replies
    1. හෑල්ලක් වගේ නිසාද ලොකුමල්ලී ඒම කිව්වෙ..පොල්කඩන ගමන් කියවෙන එව්වා නිසා ඒමත් හිතතෑකි හැබෑටම...😂

      Delete
  9. මුරුගසං වැස්සක් වැස්සත් පෙම නං හේදෙන්න දෙන්න එපා !

    ReplyDelete
    Replies
    1. හේදෙන්න දෙයක් නෑ හැලපේ..හෝදලා වැලේ දැම්මා වේලෙන්න..මුරුගසං කිව්වම මතක් උනේ මුරුංගා..මේ වාරෙනේ..කෑවා ඇතිවෙන්න...අලුත හිටෝපු ගස්වල හැදුනා මුරුංගා...මරු සහ ගුන කෑමක් නේ...!

      Delete
  10. 'කොහොමත් එකයි' නං ඇත්තක් වෙන්නම බෑ
    වේවා ඔබේ හීනය මතු දිනෙක හැබෑ

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....