Friday 18 January 2019

දුම් රස හාදු













දුම් රස හාදු

අවුරුදුම තිස්පහක්
මා හද බැඳි ඔබ
හීනෙකින්වත් නොහිතූ වෙලාවක
මුවාවී   කැස්සක
සැඟවී හෙම්බිරිස්සාවක 
අතුරුඳන් උනේ ගිය උඳුවප් මහේ

අන්තිම කාටුනය ලාච්චුවේ
අන්තිම පැකැට්ටුව මේසය උඩ
ලයිටර් ගිනිපෙට්ටි ක්‍රෝධයෙන් 
අහක බලන්

හදිසියේම නින්දෙන් පිබිදෙන 
හීනයකින් පියවි සිහිය ලබන
කකුල පැටලී බිම වැටුන
සේ දැනෙනා විට
ඔබ කොහේද ගිහින් 
දුමාරයේ සුවඳවත් නොතියා මා මුව....
දුම් රස හාදුවලට 
පෙම්බැඳි
කුමරිය සේ...!

23 comments:

  1. අවුරුදු තිස් පහක්...? ඔයින් ගියා මැදෑ ඉතින්.... හොද වෙලාවට දැනවත් ඔය දීගේ ඉවර උනේ.... සාධූ සාධූ....

    ReplyDelete
  2. දාසයයි විසිහයයි තිස්හයයි අවුරුදු විස්සයි හතලිහට හතරයි ... අවුරුදු විසිහතරක් ... තිස්පහෙන් විසිහතරක් ගියහම එකොලහයි ... මට තව එකොලහක් තියනවා .. වයස පනස් පහට බැලුවොත් බෝනස් අවුරුදු හතරක් තියනවා එකොලහයි හතරයි පහලවයි.... මට තව කල් තියනව ලොකු අයියේ ...

    ReplyDelete
    Replies
    1. පුලුවන් නං නවත්තන්න බලහං...අපරාදේ ...😂

      Delete
  3. දුම් රස හාදුවලට
    පෙම්බැඳි
    කුමරිය නං
    දැන් ඉතින් ආවට වැඩක් නැනේ , ආසම ආසා ස්මෝකි කිස් නැති හන්දා

    ReplyDelete
    Replies
    1. දැන් බෙලිඅත්තට යනකන් කෝච්චි යනවනෙ ටෙස්ට්කරන්න හරි....ඩීසල් දුම වගේද ගල් අඟුරු නේ...?

      Delete
  4. නරක කසාදය කඩලා
    අලුත් එකක රහ බලලා
    ඉන්න බැරියැ
    රජෙක් වගේ
    හිත ඇති නම් පත කුඩාද?

    ReplyDelete
    Replies
    1. අලුත් එක සුමානෙන්ම කැඩුන නොව....😂පරන එක ගැන නොහිතා ඉගෙනීම් කටයුතුවල නියලෙනව හොඳ ලමෙක් වගේ...👍

      Delete
  5. වෙල්ඩන් චෙෆා!!මටත් ඔහොම නිසඳසක් ලියන්න තිබ්බා මීට අවුරුදු විස්සකට වගේ ඉස්සරින්. ඒ උනාට ඒ කාලෙ ෆේස්බුක් වත් බ්ලොග් වත් තිබුණු එකක්යැ.

    ReplyDelete
  6. ආව්..ආව්.. නියමයි.. ඒක සුභාරම්චියක්.. මාත් ඔය දීගෙ අත් ඇරල ටික කාලයක්.. මාර සහනයක් තියෙන්නෙ..

    ReplyDelete
  7. Replies
    1. will try to avoid every type of inhalers...!

      Delete
    2. With pipes u mostly exhale. Nice smell for the passive smokers around u too.

      Delete
  8. සංතෝසයි....ශෙෆා

    නමුත් ඇය
    පෙර සේම
    මගේ තොල්
    අතරමයි..
    නොදන්නා
    හේතුවක
    අහේතුක
    රස
    මවන්නිය.....
    නොදෝකින්
    ඇයට
    මම
    ආදරෙයි....

    ඒත්
    මට
    විඩාවයි.

    ReplyDelete
  9. ඉවර කරපු එකනම් ලොකු දෙයක් !

    ReplyDelete
  10. අවුරුදු 35 ක් කාපු දීගයක් කඩනවා කියන එක හිතා ගන්නවත් බැහැ...
    අලුත් ජීවිතයට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඕව මොනාද ලොකූ.....කොච්චර දේවල් අතඇරලා ඇද්ද මං...!!!
      Thanks putha...!

      Delete
  11. මගෙ ඒ ආදරේට අවුරුදු අටක්. දවසින් දවස ආදරේ වැඩිවෙනවා. ඒ සුවඳ... ඒ ආදරේ... මට නම් කවමදාවත් අමතක කරන්න බැරිවෙයි. අනික් අතට මට එපා උනත් එයා දාලයන්නෙ නැති වෙයි. ඒ තරම් ආදරේ...😂

    ReplyDelete
  12. ඒ දිගේ ඔය විදියට ඉවර වෙච්ච එක හොඳා. විචාරක තුමාගේ දිගේ 1994 ඉවර වුණේ.
    විචාරක දියණිය

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....