Friday 26 January 2018

අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...!




නෙලුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...?
මාතලන්ගෙ ජෙප්පොට ගමකෑමට අරාධනා කොරන කැම්පෙන් එකේ අලුත්ම සටන්පාඨය ඒ...!

ඉලංගකෝන් විවාදයකට අවස්තාවක් අරන් දෙනවා ඒ අස්සේ මෙහෙම..ඇත්තෙන්ම නෙලුම් කුලුනෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ප්‍රථිලාභ මොනවාද...?

මාතලන් කියන්නේ ජෙප්පොන්ගෙ ටිල්වින් එහෙම කියන නිසාම අපි උන්ට ගම දෙමු කියලා කන්ට..හා කියමුකෝ...!

ඇයි උන් අපෙන් මෙහෙම අහන්නේ...අපේ තියෙන චුට්ටං මිලේච්චකම එලියට ගන්නවද්ද...?
ඉලංගකෝන්ලා මාතලන්ලා ටිල්වින්ලා එකතු වෙලා අපිව අන්දනව වද්ද..?

හිතල බලමු..අපි කරන කියන හැමදෙයින්ම ලාභ ප්‍රයෝජන තියෙන්න ඕනිමද...ඇත්තටම තියෙනවද...?
ඇති සමහරවිට....!

ලංකාව රටක් හැටියට මේ මුතුඇටෙන් එහා තියෙන රටවල්වල අය කොහොමද දන්නේ ඇත්තටම..සිලෝන් ටී, බ්ලූ සැපයර්, ටී කන්ට්‍රි, ලස්සන වෙරල, ඇඩම්ස්පීක්, සීගිරියේ බිතුසිතුවම්, නුවර අසිරිය, ගාලු කොටුව ඇයි එතකොට හවුස්මේඩ්ස්, යුද්ධේ, හියුමන් රයිට් වයලේෂන්ස්, විදුලි පුටුව.....!

එව්ව මදි උනා රාජපස්සලාට....දහ අතේ ණය වෙලා අපි මිඩ්ල් ඉන්කම් කන්ට්‍රි එකක් හැටියට  ලෝකෙට පෙන්නුවා...අර අපි වෙඩින්ස් ගන්න සිස්ටම් එක කොපි කරලා එහෙම කරන්න ඇත්තේ... !

ලපයා කිව්ව වගේ හැදුවා හයිවේ මීකිරි ගේන්න හම්බන්තොටින් (තාමත් හදනවා මිස්ටර් බීන්..ඒ උනාට ගිරාමේ දන්නේ උන් ගිහින් බාගෙට හදපුවා විවෘත කරනකොට හිටං..මේ ලඟදි දොහක රාජගිරියේ කොලා වගේ...)..ඒත් මදි උනා රාජපස්සලාට...අයිකොනික් ටවර් එකක් අපි හදමුද බොස් කියලා අන්සොලිසිටඩ් ප්‍රොපොසල් එකක් අරන් ආවා කොමිස් කාක්කෙක්...උගුර බැරෑන්ඩි ඇරලා පොර හා අපේ හාමුදුරුවනේ කියලා කිව්වා......!

අටවෙනිදා ගෙදර යනකොට ගෙනියන්න අමතක වෙච්ච තවත් කුළුණක් උනා ඉතිං ඒ අන්සොලිසිටඩ් ප්‍රොපොසල් එකෙන් පටන් ගත්ත ඔය මඩෙ හිටෝපු ඉන්න...!

කෙලපු කෙප්ප අපිට අමතකවෙනකන් මිස්ටර් බීන් අවුරුදු දෙකක් නිවාඩු දුන්නා අට වෙනිදා ගෙදර යනකොට අරන් යන්න අමතක වෙච්ච කුලුනු, හයිවේ, රේල්පාර්වල්, එල් ආර් ටී, පෝර්ට් සිටි අරවා මෙව්වා ඔක්කොටම...හෙමින් හෙමින් පෝර්ට් සිටියේ වැලි පුරෝගෙන එනකොට එව්වයේ නිවාඩු කැන්සොල් කලා..කමක් නෑ ලු...! 

අලුත් ආර්ථිකේලු.....සෙද්ද...!

ලෝකේ මිඩ්ල් ඉන්කම් වලින් උඩට ගිය නගර ටිකක තියෙන අයිකොනික් අයිටොම් ටිකක් ඕන් පල්ලෙහා තියෙනවා....ගෙටී ඉමේජස් වලින් බාගත්තේ....අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...පැනලා මැරෙන්න හරි..මොකෝ ආයෙත් මංගලගේ මාතර මහානාම බොරු කේබල් බ්‍රිජ් එකෙන් පනින්නයැ....!

The Gate Way Arch- St Louis, Missouri, USA

Space Needle-Seattle, USA

The Lotus Temple-New Delhi, India

One World Centre-New York City, USA

Eiffel Tower-Paris, France


Taj Mahal-India

Musée du Louvre - Paris, France



A Father Starts a Protest at Matara Mahanama Bridge
අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...!

38 comments:

  1. ටිල්වින් පැන්නොත් මාත් පනිනවා... මයෙ අම්මපා...

    ReplyDelete
    Replies
    1. එකොල්ස්වෙනිදා පාන්දරින් පෝලිමේ යන්නවෙයි පනින්න හිටං....😂

      Delete
  2. මේක නං ලියුවේ අර ප්‍රා කලින් පෝස්ට් එකේ මතක් කරපු සීයට දහයට හිලව් වෙන්නමද මංදා.. ගොඩක් දේවල් හිතේ තොයාගෙන වහෙංඔරෝ කියනකොටත් දේශපාලන (වගේ) පෝස්ට් වල ගතියක් තියෙනවා නේ..

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒ නිසාමයි ලිව්වෙ...කයියක් ලියෙව්වා ඒ අස්සෙ කෝමත්...😂

      Delete
  3. මහානාම බොරු කේබල් බ්‍රිජ් එක මංගල ඇත්ත කේබල් බ්‍රිජ් එකක් වගේ හදල තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිත් රවටගන්නෙපා මෙයා..!

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++++
    vicharaka diyaniya

    ReplyDelete
  5. ඕකෙං පැනල මැරෙන්නත් සල්ලි ගෙවල ටිකට් එකක් ගන්න වෙන එකනෙ වැඩේ කියන්නෙ. අඩු ආදායම් ලාභීන්ට නිකං යන්න පහසුකමක් නැද්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා උන්නා නම් ඒ චෑන්ස් එක හැමෝටම දෙනවා... ඒවා තමා පොලිට්‍රික්ස් කියන්නේ...

      Delete
    2. මෑන්ස් තාම ඉන්නවනේ ගොරෝ ගොරෝ...ඉල්ලල බලමු චෑන්ස් එකක් දේවිද කියලා...😂

      Delete
  6. ටිකට් එක කීය උනත් අරන් පනිනව.

    ReplyDelete
    Replies
    1. පනින්න ඕනි නෑ මද්දෝ...ගිහින් කැරකෙන රෙස්ටුරන්ට් එකෙන් මොනා හරි කාලා එන්නකෝ...!

      Delete
    2. පොල් සම්බෝල එක්ක රෝස්පාන් වලේ තිබ්බොත් නම් කනව.
      හැක හැක

      Delete
  7. පනින එක කෙසෙ වෙතත් උඩට නැගෙලා එන්න යන්න ඔනෙ..

    ReplyDelete
    Replies
    1. දැන්ම යන්න එපා මෙන්ඩෝ..දැන් යන අයව අල්ලලා කඹ වල එල්ලලා පේන්ට් කරන්න දානවලු..😂

      Delete
    2. මාව දාන එකක් නැහැ..හුලගට පාවෙන හින්දා...........

      Delete
    3. නෑ නෑ... බොරු කියන්ඩ එපා. ඕක පේන්ට් කරන්නෙ මාළිගාවත්ත හරියෙ ඉඳං, රෝලරේට පොල්ලක් ගහගෙන. මෙහෙට පේන්නෙ චූටියට. එතකොට තීන්ත සෑහෙන්ඩ ඉතුරුයි....

      Delete
  8. හිතුවත් හඳට යන්නට පොළොවෙයි ඉන්නේ
    තවමත් බතල කොල මුඛයෙන් හිටවන්නේ
    එහෙමත් රටක අපි තවමත් වැළපෙන්නේ
    අපිටත් එකක් තිබුනම මොනවද වෙන්නේ .....

    ජයවේවා!!!

    ReplyDelete
  9. අපටත් එකක් තිබුනම මක් වෙනවැයි? Agreed 100%

    මේලෝකෙ මිනිහෙකුට සත පහක ප්‍රයෝජනයක් නැතුව අම්මට අප්පට හෝම්පොලවල් හැදුවට වඩා නම් මේ උළ හදපු එක කීයත් වටිනව...

    ජෙප්පංගෙ මරි මෝඩ වැඩ නම් නිමක් නෑ...අනික් එවුං කියන්නෙත් ඊට එහා ගිය හරක් කතා තමයි. ඒත් ජෙප්පෙක් ජෙප්පියක් ගොං කතාවක් කිව්වම ඒක මතක හිටිනව හොඳට....:)

    ReplyDelete
    Replies
    1. ඒ අපි හිතා ඉන්නේ ජෙප්පො අපිට කිට්ටුය කියල නිසා හින්දා වෙන්නැති රවි...කාට කියන්නද..එකොලහ උදේ අපි ආයෙත් විශ්මයට පත්වෙමු...!

      Delete
  10. වින් ටිල් කිව්ව ඔය කතාව එච්චර ගණන් ගන්න එපා කෑම උයන බිල්ඩින් හදන මහත්තයෝ! ලංකාව කියන්නෙ ආසියාවේ ආශ්චර්යය උන එකේ ලංකාවට අයිකනික් සිම්බල් එක මේකනම් යකඩෝ කාටද ආඩම්බර මං අහන්නේ? නැව් නැති වරායවල්, ප්ලේන් නැති එයා පෝට්, මැච් නැති ස්ටේඩ්යම් හැටියට ලංකාවට ආව දවසක කැරකි කැරකි කෑම වේලක් කන්න ඉඩ සලසන රනිල් තුමාටයි ග්‍රාමසේවක මහත්තයටයි මෙන්න මගේ රෙස්පෙක්ට් එක හිටං.

    ප. ලි.

    නෑ එක්කො පස්සෙම ලියන්නං.

    ReplyDelete
    Replies
    1. වින් ටිල් ට ලියපු එකක් නෙවී ටක් ටික් ටුක්..මේ අපේ මාතාටයි ඉලංගෙ(සර්)ටයි ලියපු එකක්..ඔච්චරම ගනන් කරන්න එපා ඉතිං...!

      ඉවසන්න ඒ දෙන්නා මේක විවෘත කරනකං...ඊට කලින් colombo eye විවෘත කරාවිද මන්දා...😂

      Delete
  11. දැං ඕක කවද්ද අරිනවා කියන්නෙ :)

    ReplyDelete
    Replies
    1. කවද හරි කොම්ප්ලීට් කරන්න කලියෙන්ලු අරින්නෙ...!!
      😂

      Delete
    2. මේ මනුස්සයාට තියෙන ඉරිසියාව. කොයි ලොකේද ‍ටවර් එකකවැඩ ඉවර කරනවා සාමාක්‍ය ජනතාවට දකින්න ලැබේනනේ. කොම්ප්ලීට් කරන්න කලියෙන්ලු අරින්නේ උනහාම කොම්ප්ලීට් කරනවා බන්නත් පුළුවන්නේ. ඉරිසියාව රුසියාවට වඩා ලොකුයිනේ

      Delete
  12. සව්සිරියෙන් පිරි සිරි ලංකාවට ඕ වගේ උලක් ඕනෙමයි.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් සව් සිරියෙන් පිරුනාට පස්සෙ හදන්න ඕනි එකක් නිසානේ කට්ටිය පනින්න හදන්නේ..නැද්ද...හදිසියනේ අපේ...!

      Delete
  13. ඇත්තටම ඉතිං තිබුනම ඇති වරද මොකෝ...නේද? ඉස්සෙල්ලම පනින එකාට funeral package එක free ලු. ජයරත්නගෙන්!

    ReplyDelete
    Replies
    1. බේරෙට වැටෙන නිසා නෝ ෆියුනරල් නිසා ටිකට් එකේ ඒ ටික ෆ්‍රී....😂

      Delete
  14. අපි රාළාමිට.
    රාළාමිගේ පුතා අපිට!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අපිත් රාළාමිට...!
      ජයවේවා!!!

      Delete
  15. මට තියෙන ප්‍රශ්නේ මේක දකිද්දී , කවුද විවුර්තකරන්නේ කියල ?

    ***
    ආන් ... රෝසි ඇන්ටි ගම අලියාට භාරදෙන්න ගිහින් කකුල කඩාගෙන ඉස්පිරිතාලේ ලු .

    ReplyDelete
  16. dddddddfvdfvdfvdfvdfvdvdfvdfv dfgdfgdfgdfgdf

    ReplyDelete
  17. monawa hari kurutu ganda kiwwa hinda................

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....