Thursday, 8 February 2018

ගිලිහුන මලක - සුවඳ



artwork by D B Clemons









පසූවුන හෝරා හතලිහ මුලුල්ලේ මා
ඔබ කම්මුල්....වල ගැසුන ඒ කම්මුල්..
රෝසපාටදැයි නොදැනෙනා දඟකාර ඔබැ දෙතොල්..
සිය දහස් වාරයක් සිපගත්තා සේමැ...
තවමත් සිපගන්නෙමි...

සංතර්පනය නොවූ විහඟකු සේ..
සංවේදී මා නාස් පුඩු සොයනුයේ...
ඔබැ සුවඳමැය...

පිපිදෙමින් සිටි..
එහෙත්...
විහින් ගිලිහුන මලකින් කෙසේ පතම්ද...
සුවඳ...
එමල සේපාලිකා මලක් නොවන්නේම නම්.....!

35 comments:

  1. සුවඳ..සුවඳ.. හැම තැනම.. බයේ බෑ අප්පා කොමෙන්ට් එකක් දාන්නත්.. :)))))

    ReplyDelete
    Replies
    1. සුවඳට බය ගඳට කැමතිනයනේද සර්....😂

      Delete
  2. ගස මල අත නොහැරියත්
    විහින් ගිළිහී යන්නේ මලමැය.

    ReplyDelete
    Replies
    1. ගස මල් පුපුදුවන්නේ කුමටද...?
      එතැනයි හරය ඇත්තේ..නොවෙද මා මිතුර...!

      Delete
  3. පසූවුන හෝරා හතලිහ මුලුල්ලේ??????????????
    මට නම් පැය 2ක් 3ක් ඉන්නකොට එපා වෙනවා...(මම කවි තෙරුම් ගන්නවා වැරදිද?)

    ReplyDelete
    Replies
    1. මොනාද එපාවෙන්නේ මෙන්ඩෝ...ඈ...!
      😂

      Delete
  4. Olafactory abilities better than visual ones ?

    ReplyDelete
  5. අපූරු ප්‍රේමණීය සංකල්පනාවක්...ඒත් අන්තිම ටික ගැලපෙන්නෙ නෑ වගේ මටනම්. මේ සිතුවිල්ල ලස්සනට තියලා අන්තිම ටික වෙන කවියක කොටසක් කලානම් හරි... මටනම් එහෙම හිතෙනවා...
    අනික මලක් කොහොමද විහින් ගිලිහෙන්නේ ?සොබාදහමේ හෝ මිනිසාගේ ක්‍රියාවකින් නේද කොහොමත් පරවෙලා වැටෙන්න පිපෙන මල අකාලේ ගිලිහෙන්නෙ...?සේපාලිකානම් ඉතින් කෝමත් රෑ පිපිලා උදේ බිම වැටෙන මලක්..

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියන්නකෝ ඒ 'වෙන' කවිය ඕක එඩිට් කරලා..මට මේ කවි ලියන්න තියා කන්න බොන්නවත් විදියක් නැතුව ඉන්නේ පොඩි කරදරයක් වෙලා..තාමත් ලෙඩ ඇඳේ. සනීපවෙනකං කියවන්න ලියන්න මෙයා ඒ කවිය...!
      ඩෙටොල් සුවඳත් මරු අප්පා...😂

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නංගි දැන් නම් කවිය හරියට ලියවිලා වගේ

      Delete
  6. වෙලාවකට හිතෙනවා මේක තේරෙනවා කියලා... :)
    ආයේ හිතෙනවා නැහැ කියලත්... ;(

    ඒත් අර ෆොටෝ එක...

    ReplyDelete
    Replies
    1. ඇයි ලොකු පොටෝ එක කේස් ද...?

      Delete
  7. මල ගසකින් වෙන් වුණාම
    සුවඳ නොදී පර වුණාම
    එය දරා ගන්න ගහ වැල කොළ
    තාම දන්නේ නෑ
    මල එය කියා දුන්නේ නෑ ...
    ගඟ දිය රැළි වෙන් වුණාම
    මහ මුහුදට එක් වුණාම
    එය දරා ගන්න ගංගාවක්
    තාම දන්නේ නෑ
    දිය රැළි කියා දුන්නේ නෑ ....


    සඳ අහසින් බැස ගියාම
    එළිය නොදී සැඟවුණාම
    එය දරාගන්න අහසත්
    තාම දන්නේ නෑ
    සඳ එය කියා දුන්නේ නෑ ...


    මා හැර දා ඔබ ගියාම
    රිදවුණු සිත හදා ගන්න
    දුක දරා ගන්න
    මම නම් තාම දන්නේ නෑ
    ඔබ එය කියා දුන්නේ නෑ ....
    .

    පද - ආණමඩුවේ සුනිලා හෙට්ටිආරච්චි
    සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. සඳ එය කියා දුන්නේ නෑ ...!

      Delete
  8. Replies
    1. මිහිරි ගීතයක් නේද සුදෝ...!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Colour blindness enhances other senses.

    ReplyDelete
  11. ඔහේට කෑමවල සුවඳ එහෙම එන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙහේට නං එනවා..ඔහේට එන්නේ නැතිය...!
      :)

      Delete
  12. නිබඳ මතකෙ රස සිහිනය මැවේවිනම්
    සබඳ එපෙතිවල මෘදුබව දැනේවිනම්
    නුඹද නිතර ඒ පහසම සොයාවිනම්
    සුවඳ වර්ග නොකරනු එය විඳීවිනම්....

    ජයවේවා!!!

    ReplyDelete
  13. මේක නම් තේරුණා... හැබැයි සේපාලිකා මලක් ම වෙන්න ඕනෙ ඇයි

    ReplyDelete
    Replies
    1. සේපාලිකා මල් පරවෙලා ගහෙන් හැලුනම නේ අපි අහුලන් සුවඳ බලන්නේ හිටං....!

      Delete
    2. අම්මට හුඩු...දැන්නේ මේක සිරාවටම තේරුණේ. ඔහේ මාර පොරක් නෙව

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. වල ගැසෙන දෙකම්මුල් රෝස පැහැ නා දෙතොල් නවත්තයි නම් හද ඔබේ ආදරය හො සන්ගාරය අතර අතරමං වී පැය 40ක් නොව ජීවිතය පුරාවට දිව යන්න හිතනවානම් එය අරුමයක් නොව.

    ReplyDelete
  16. මගෙ බෙටර් හාෆ් සේපාලිකා ගෙන් ගුටිකෑවත් මට සනීපයි කියල වගේ මේ කියන්නෙ.
    සමාව අවසර මට කවිය තේරුනේ ඒමයි ...

    ReplyDelete
  17. පන්නරය - .... ko meke ithuru ewwa????????????????????

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....