Tuesday 16 January 2018

කිරි අම්මාවරුන්ගේ දානය - Dedicated for Twins


Gustav Klimt, Mother and Child



කිරිකෝඩු හවඩි ඉඟ වට හැඩට

නුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටට

එනමුදු

මව් නිදිවැරූ යාමයන් එමට බැව්
නොදැන බෑඟිරි ගසනා මා පුතුනි
බිඳලනු කෙසේද
තනි මා,
තිඹිරි ගෙයින් පීදුන
ඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්
මා පිය සබඳ වූ නුඹ මව්

එනමුදු

සෙව්වෙමි පීරා ගෝත්‍රය පුරා
ඔවුන් ළඟමය පිළිතුරත්.....!

මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගාන
හිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙන
කිරි අම්මාවරුන් පෙරහර
වඩින්නේ ම'පුතුනේ තුන්මහ පුරවන්නයි


තුන්මහකින්
 ගෙයි මහ උලුවස්ස නොපැන්න පෙම්බර නුඹ මවගේ දෑසත්
කිරියා මුසු රසමසුවලින් පිරි තෙල්පහන් දහයක් දැල්වූ පැදුරත්
පාර කියන්නේ අප තිදෙනාටම
අලුත් ලෝකයකටමය ම'පුතුනේ....!



කිරිඅම්මාවරු අප අතැර පිටවෙන මොහොතේ මහ උලුවස්සෙන්
තුන්මස් හිරගෙය බිඳ දමමි මා මව් සෙනෙහසින්...!

ඈ අප........
ඔබගේත් මගේත්
මව් නිසාමැයි පුතුනේ...!




පිදුම - ලොකූටත් අංජුට සෙනෙහසින්









34 comments:

  1. චෙෆෝ උබේ දරුවන් දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනව.
    🙏

    ReplyDelete
    Replies
    1. ටික්කෝ, මටත් දරුවන් දෙන්නෙක් ඉන්නව තමා..ඒත් මේ ඒ දරුවන් ගැන නෙවෙයි...කොහොම උනත් සුබපැතුම ඔවුනට ලැබේවි..එයට ස්තුතියි...!

      Delete
  2. Replies
    1. තුන් හතර පාරක් කියවන්න, එතකොට අන්කොයිල් වෙයි...😂

      Delete
  3. ට්‍රිබියුට් ටු ඕල් මදර්ස්...

    ගම මතක් උනා... මහ දුරක් නෙමේ කොළඹින් කිලෝ මීරට් 8 යි..

    හැබයි අපි පොඩි කාළේ පට්ට ගම...

    ReplyDelete
    Replies
    1. කිලීමීටර් 8 මොකක්ද මාතේ...අරලියගහ මන්දිරෙත් තියෙන තැන කාලෙකදි ගමක් නෙව...අනික එතනත් හෙන ලිබරල් විදියට ඔය චාරිත්‍ර වාරිත්‍ර ඔය කරනව පෙන්නන්නේ...!

      Delete
    2. දෙහිවල සත්තු වත්ත "සත්තු වත්තක්" වෙන්න කලින් සත්තු හුවමාරු කරන තැනක් විදිහට පටන් ගත්තු තැනක්...
      වතාවක් සත්තු වගයක් අරගෙන යන්න ඒ මධ්‍යස්ථානය කරන මනුස්සයා ගෝලයෝ සෙට් එකක් එක්ක කරත්ත වලින් කොළඹ වරාය දිහාට ගාලුපාර දිගේ ආවලු. ඒ වෙද්දී වෙලාව පාන්දර 05:30 ට විතර ඇතිලු... කොල්ලුපිටිය හන්දිය හරියේදී එක කරත්තයක් ඇදගෙන ආපු හරකෙක්ගේ ඇඟට කොටියෙක් පැන්නා කියල දෙහිවල සත්තු වත්තේ ආරම්භය ගැන ලියවුනු පොතේ තියෙනවා...

      Delete
    3. දැනුත් සත්තු නං ඉන්නව ඒ හරියේ සෑට...😂😂😂

      Delete
    4. @ලොකු පුතා,
      Zoo Search in Ceylon (Sooriya Edotion) by Heinz Ranndow (1958 English, 1950 German)

      ප්‍රශ්නෙකට තියෙන්නේ කාලය පැහැදිලි නැති එක. ඒත් හේගන්බෙක් ගේ සත්තු එකතු කරන ඔපරේශන් එක තිබුනේ 1920 ගණන්වල අග සිට 1939 දක්වා නිසා සිද්ධිය 1920 ගණන් කියලා හිතන්න පුලුවන්

      Delete
    5. ඒ කාලේනං ඔය නුගේගොඩ ඉඳන් ජුබිලිකනුව හංදියට එන හරියත් ගන කැලෑවලුනේ..කොටි නැතිවෙන්න විදියක් නෑ හිටං...

      Delete
  4. Tribe of the milky mothers.

    ReplyDelete
    Replies
    1. යේස් යේස් මයි ෆ්‍රෙන්ඩ්..😂

      Delete
  5. මේ ආදරණීය සිතුවිල්ල අපි දෙන්නා වෙත පිදීම ගැන ආදර ගෞරවනීය ස්තුතිය පුද කරනවා...

    ReplyDelete
    Replies
    1. බොලා දෙන්න ඉතින් දරුවො වගේ වෙච්චි..ලොකු සීයා නෙව මං...!

      Delete
  6. හරි ම ලස්සන ලිවීමක් Archi. ඒ වගේම පිංතූරයත්.
    (හැබැයි ඔය "ගෝත්‍රික ගතානුගතික" ලංකාවේ චාරිත්‍ර වාර්ත්‍ර වල හරි අපුරු හේතු තියනවා. සමහර හේතු නවීණ විද්‍යාවෙන් ආයෙමත් සමාජගත වෙනවා. මට හිතෙන හැටි.)

    ReplyDelete
    Replies
    1. මං ඉතිං නෑ කිව්වෙ නෑ නොව...😂
      ඔයවගේ එව්වා නං ඉතිං සාධාරනයි.හිත් හයිය කරගන්න නෙව ඔය දාන දෙන්නේ...ඒත් ඒ චාරිත්‍ර වල හැබෑ අගය දැන් යටගිහින්...!

      Delete
  7. අපූරුයි.. මාස තුනක් එතකොට නෙහ්.. තුන පහ වෙච්චි බව මම දන ගත්තෙත් ඊයේ පෙරේද.. වෙලාවක යන්නොනි කට්ටියම බලල එන්න.. :)

    ReplyDelete
    Replies
    1. තවම මාස 3 ක් නැතෝ...
      මේ ඉදිරිය බලා ලියවෙච්ච එකක්...

      Delete
    2. හපොයි ඔව්..!!!

      Delete
    3. හෆොයි මෙහෙම සීයා ලා.. :)

      Delete
    4. ලොකු සීයා නිසා හෑව් ඉමියුනිටි..සෝ නෝ ඉශූස්...😂

      Delete
  8. Replies
    1. තැන්කූ ආවාට....වැටවල් ගහලා මදි මෙයා..මොනා හරි කුරුටු ගාලාම ගියානං තමා අගේ...නැද්ද..!

      Delete
  9. Replies
    1. පව් නෑ....පින්...😂

      Delete
    2. පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ
      මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ

      වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
      කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
      ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
      උදේ පටන් දවස පුරා තූඩු තනාලා

      කොලේ කොලේ දමා කුඩා නිවස තනන්නේ
      මගේ දයා බිරිද නිතර එය සරසන්නේ
      රැලේ රැලේ පුඵන් දමා යහන සදන්නේ
      අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ

      මෙදා මගේ නිවස ඇතා සතුට වඩාලා
      උදාරවූ කිරිල්ලගේ දරුවෝ පිරීලා
      එදා අනේ අපට ගලෙන් ගැසුව සියල්ලා
      වැදා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා

      දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
      ළමා ඔබෙන් අපට නැ‍තේ මිහිපිට ඉන්ටා
      සමාවෙලා මෙ අප වෙතේ දිවි රැක ගන්ටා
      සමා යදිමි දෙන්න පුතේ මෙතෙන රැදෙන්ටා.....

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කිරි අම්මාවරු දනට වඩිනවා
      කිරි සුවඳයි මුළු ගම්මානේ .........
      අම්මා ඇයි ඒ දැනට නොයන්නේ ......
      නොඅසන් පුතණුවනේ......
      මා ....... සිත රිදෙන නිසා ....
      විචාරක දියණිය

      Delete
    2. සබන් දෙන්නද?

      Delete
  11. හරිම ලස්සනයි chef-architect .

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....