Friday 13 October 2017

දියවන්නා blues




Diego Rivera
(Motherhood, Angelina and the Child Diego),
August 1916, oil on canvas, 






















සිඟිති දූ සුළැඟිල්ලේ එල්ලී
යන්නී පසුපස මව් හා උරනව
දියවන්නාව සූරා එන මද සුළඟෙන් නෑවී
සිඟිත්තී හඩන්නී
මන්ද ගෙදර නොයා මහමග නැවතුනේ යැයි අසමින් මව්ගෙන්...

රාජගිරියේදී ආ දස්කොන්ගේ ඇමතුමට
හිරිවැටුන මව්ගේ සියොලඟ
සනහාලන්නට
ඌබර් මාතලීට නාහෙන් අඬා
අඩක් වූ ගාස්තුව ගෙවා
අප්පච්චීගේ නිවහනට තව දුර නොවේදමැයි සිතමින්
දියවන්නා ඉවුරෙන් පාර පනින්නේ මව්...

දස්කොන්ගෙ දඬුමොනරය
කුමන තව්තිසාවෙකට ගෙනයන්නද මව්...

රාගයෙන් උද්දාමව
හදිසියේ ගත් තීරණ
මොන්ටිසෝරි දෝනිට කියාදෙන්නම ඕනිද...

34 comments:

  1. වැදල කියන්නං මට පාරේ බැහැල යන්ඩ , ලෝකෙට මූන දෙන්ඩ බැරි කරන්ඩ එපා ,


    මීට

    ඔයාගේ

    ගේලවර්

    ReplyDelete
    Replies
    1. ඩෝන්ට් යූ වොරි ලවර්..ගේ හරි සාලේ හරි...පාර කාටත් පොදුයිනේ ඉතිං...

      Delete
    2. ඒකම තමා මං කියන්නෙත් ඉතිං පාරේ රෙවෙනකොට පස්ස පැත්තෙ ඇගිලි ගහල තමයි නවත්තන්ඩ වෙන්නෙ ....... සැප කනේ නේ ... හැම එකාම අතේම කඩවසං දුරකතන ... හයියෝ සංසාරේ කක්කි පැත්ත ජාතියන්තරේට ගිහිං තමා නවතින්නේ

      Delete
    3. හපෝ අප්පිරියා හිතෙන එව්වානේ උඹ ලියන්නේ...😂

      Delete
  2. අංකල් බොහොම කාලෙකින්, කොහොම සැප සනීප
    මම හිතන් උන්නෙ සාරසයත් ඔයත් වැනිෂ් කියල
    ඔයාට ඒ වගේ බැඳුන්කර චෝදනා නැහැනෙ නේද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ඉන්නව ලමයෝ...ඒ උනාට සීයලාට අංකල් කියලා පව් පුරෝගන්න කාරි නෑ...!

      මේ දවස්වල පොල් මිල හොඳනිසා මල්ලේ පොල් බිසී ඇති..මිල අඩු උනාම ආයෙත් ඒවි....!

      මොකෝ නැත්තේ.. හෙට අනිද්දා පීකොල් එන්නය කියල තියෙනව කොරපු බැදුම් වලට මොකෝ උනේ කියල අහන්න.. අපිට ඔව්වා ගානක් නෑ ලමයෝ...!

      ජයවේවා...!

      Delete
  3. රළු ව ගුගුරා
    හඬන අහසම
    යළිත් හිනැහෙ
    කිසිත් නොදැනම
    මොහොතකින්
    ඉරිතැළුම් කෑ
    පොළොව මතුයෙන්
    නැගෙන කුසුමක
    අනුහසින්
    අපිත් කැළඹී
    හෙළන සුසුමක
    රළු බවින්
    කැළඹී ලා
    තව වියරු උනු දා
    බෙංගාල්ද අඩිය ද
    හරි සැරෙන්
    හමා එන ඒ සුළි කුණාටුව
    අනුහසින්
    යළිදු ආවොත් ආනෝරාවක්
    මියෙන්නේ ඒ
    කටොර පොළොවේ
    පිපි කුසුම් 💐
    නොදුටුවා සේ යන්න අපි යමු
    කාලගුණේටත් වරදින බැවින්...

    ලස්සනට ලියලා Archi..

    ReplyDelete
  4. හිතට මොකක්දෝ වෙන අකුරු ටිකක්.මෙහෙම කතන්දරත් ඕන තරම් මේ සමාජෙ ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....අපිනේ ඉතින් සමාජේ කියන්නෙත්....!
      හිතට අරවා මෙව්වා උනානං සොරි විය යුතුයි...!
      වැස්ස දිහා බලා ඉන්න...එතකොට අමතක වෙලා යනවා ඔක්කොම...!

      Delete
  5. ඒක මරු..මේ දවස්සෙ⁣ාල හෙන වැස්ස නෙහ්

    ReplyDelete
    Replies
    1. හැම දේටම බනිනවනේ අපේ මිනිස්සු ඉතිං...වහින එක අපි වගේ ගොවියොන්ට හොඳයි අප්පා..ගිය අවුරුද්දේ පෑවිල්ලට වෙච්ච විනාසේ මතක් වෙනකොට මට නං වැස්සට බනින්න හිතෙන්නෙම නෑ....!

      Delete
  6. දස්කොන්ලා ළඟ දණින් වැටෙන ප්‍රමිලාවන්ගේ වන්දිය ගෙවිය යුත්තේ කවුරුන්ද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අහිංසක නොදරුවන් වීමයි අභාග්‍ය .....!!!

      Delete
  7. චෙෆ් අංකල් කාලෙකින් :) මේ පද පෙළ කියවද්දී කතාවක් මැවුනා !!!

    ReplyDelete
    Replies
    1. සීයා..සීයා....අංකල් නෙවෙයි අප්පා...!

      Delete
  8. දියවන්නාව සූරා එන මද සුළඟටනං සිඟිත්තො විතරක් නෙමෙයි මහ එවුවන්ටත් ඇඬෙන‍ව.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ..කිඹුල් කඳුළුද...?ඒ හින්ද වෙන්නැති මේ දවස්වල වටේටම වැටක් ගහලා බෝඩ් කෑල්ලකුත් එල්ලලා තියෙන්නේ කිඹුලන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියල...!!

      Delete
  9. අසනීපයක්ද මංද.
    මේවගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් තේරෙන ඒවා ලියන්නෙ නෑනෙ චෙෆ් ආකි සීයා

    ReplyDelete
    Replies
    1. හම්මෝ ආයෙත් ලියන්නේ නෑ මේ වගේ තේරෙන එව්වා නං...මල වදයක් උනානේ, තේරිච්ච අය අහනවා ඇයි ඔහොම ලිව්වෙ, කෝමද සීයට අයිතියක් තියන්නෙ අපෙන් අහන්නේ නැතුව ඕව ලියන්න..ඒ මදිවට අහනවා ඇයි සීයලා බ්ලොග් ලියන්නේ, ගැටවර අපිට සින්නක්කර ලියල දීලා තියෙද්දි බ්ලොග් කියලා එහෙමත්....!!!
      :)

      Delete
  10. කෙමෙන්ට් වලට උත්තර කෝ
    කතාවක් ලියන්න කලේ හරි

    ReplyDelete
  11. අනේ මන්ද ආකි සීයේ..!!
    මේව තේරෙන්නෙ නැත්තෙ මට විතරද?
    🙈

    ReplyDelete
  12. මටත් හරියට තේරුනේ නැ අෆ්පා

    ReplyDelete
  13. දියවන්නා බ්ලුස් කියද්දි මතක් වුනේ අජිත් කුමාරසිරි.
    කෝඩ්ස් ටිකක් දාලා ගන්නවද කියල මම මේ කම්පනා කරේ>...

    ReplyDelete
  14. අපිනං දන්නෙත් නෑ..දැක්කෙත් නෑ.. හැක්..

    අම්මලාට කෝල් දෙන අංකල්ලා හැබැයි අම්මට කලිං ළමයාව යාළු කරගන්නේ.. එතකොට 'මේ ළමයාගේ කරදරේට' ඌබර් එකට කෝල් කරන්න අම්මලාටත් ලේසියි (ලු)..

    ReplyDelete
    Replies
    1. ඔයත් දන්න එව්වා...එහෙමලු ඉතිං වෙන්නේ නේද...!
      :)

      Delete
  15. අම්මප, චෙෆා මොටෝ බයිසිකල් පදිනවා කියල දන්නේ අදනේ!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....