Saturday 23 September 2017

දැන නොදැන





රාත්‍රිය මෙතරම්ම අඳුරු බැව්
රාත්‍රිය මෙතරම්ම රුදුරු බැව්
රාත්‍රිය මෙතරම්ම ගැඹුරු බැව්


ඒ මදිවට


රාත්‍රිය මෙතරම්ම සොඳුරු බැව්


කියා දුන්
සොඳුරියේ


කිම නිහඬ මේ රාත්‍රියේ

අදත් එදා මෙන් 
බලා සිටිමි.....!


ඔබ නො එනා බැව්
දැන නොදැන..!


21 comments:

  1. ෆොටෝ එකනම් මරු. 😳

    ReplyDelete
    Replies
    1. අපහාස කොරනවැයි කියලා ඔහොමත් පල්ලෙහාට දානවද අප්පා...!🔫

      Delete
    2. පිස්සුද ලොකු සර් ඔහෙට මම අපහාස කරන්න. නෑ ඉතින් මම කිව්වෙ අපි ඉංගිරිසියෙන් හිතල සිංහල කතා කරන අය (ඇත්තටම ඕකෙ අනිත් පැත්ත) නිසා සිංහල කවි තේරුම් ගන්ට බෑ අප්ප. කිව්වහම දෙයක් තේරුම් ගන්නකෝ ලාර මල්ලී..!!
      මොනාද අප්පා..!! 😜⛏

      Delete
  2. තලත්තෑනි මනුස්සයෙක් නේද ටිකක් ඉවසන්න පුරුදු වෙන්න එපැයි...ඉක්මනට ඒවි ඔය ගියා කියන අය

    ReplyDelete
    Replies
    1. නාකිවිසේ ගෙටත් උසේ කියනවනෙ

      Delete
    2. @ SSDS.....මොනාද කියන්නේ..කොච්චර තේරුම් බේරුම් කරල දුන්නත් අහන්නේ නැති හැටියක්...!!!
      :)

      Delete
    3. @ Mr. Kandevidane...නාකි විසේ තරුණ කාලෙදි තිබුනනං කෝම තියේද නේ...!

      Delete
  3. නොයෙන්නේ මොකද දන්නවද... ඊගාව පාඩම කියාදෙන්න ... රාත්‍රිය හරිම දිගුයි කීලා

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේන්නං...!
      සබරේ කම්මලේව දන්නවැයි...😀

      Delete
    2. මේ අර සප්තපාදියෙදි ඇගේ හැප්පුන නංගිනෙ. ලෙඩේ බෝවෙන්න ඇති. 😀

      Delete
  4. පාලොස්වක පෝය දවසකවත් බලා හිටියනං...

    ReplyDelete
    Replies
    1. චුටි යෝ කොහොමද ?පාලොස්වක පෝය දවසකවත් බලා ස්ටෝබෙරි ලොලි පොප් කමුද ?ඔයා ආසයිනේ සමරිසි එකට
      ඔව් අනේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු යමු හනිමුන් ලෝකේ පෙරලුනත් අපිට මොකෝ
      ටෙක් කෙයාර් සියු සුඋන් ...චුටි පනේ

      Delete
  5. දැං නං කවි ඇති වගේ ...

    ReplyDelete
  6. ඕහ්. ඒකයි එහෙනම් මේ. මං බැලුව අර ඔටුවො ඉන්න දිහාවෙ හිටපු කාලෙ ගැන ලියල එකෙං දෙකෙන් නැවැත්තුවම මොකද කියල. අහුවුනා එහෙනම්! ඒව දැං අමතකත් ඇති.

    ReplyDelete
  7. කමෙන්ට් කියවද්දි හිතුනෙ දාල ගිහින් වගේ කියල.මං හිතුවෙ හඳ මිය ගිහිං කියල

    ReplyDelete
  8. චෙෆාකි, ඉතිං මේ වගේ ටොපික් හම්බ වෙනකොට අර ලියාගෙන ආපු පන්නරය අමතක වෙන එක හොඳ නැහැ නෙව !

    අදත් එදා මෙන්

    බලා සිටිමි.....!

    .
    .

    පන්නරය එනු

    දැන නොදැන..!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....