Saturday 8 July 2017

බ (ලු නකු )ට නලාව





ඇද වෙච්ච
මැදින් නකුටු වුන
එක හිලක් නෙවෙයි
ඔක්කොම හිල්
බොකුටු ඇඟිළිවලින්
වහගෙන
වේලුන දෙතොලින් පිඹ
සත්සර නද මතු කරනා
අද උදේම මාසතු කරගත් නුඹ
හැඬවූ මේ මොහොතේ
පසක් වූ සත්‍ය නම්
මා ගුත්තිලවත් මූසිලවත්
නොවනා බැව්...!




34 comments:

  1. පව් අසරණ අසල්වාසීන්

    ReplyDelete
    Replies
    1. සවුන්ඩ් පෲෆ් රූම් එකක තට්ටු හතරක් උඩ ඉඳන් නේ...කමක් නැතුව ඇති...!
      :)

      Delete
  2. හිල් හැම බොකුටු අතැඟිල්ලෙන් වැටෙන සඳ
    තොල් පෙතිවලින් මා සතපා සිඹින සඳ
    මල් මල් සිහින ස්වරයන් හද පතන සඳ
    වල් මත් නොවී හිඳුමෙන් තව පලක් වෙද....
    ---- නලාව-----

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුම් සුවඳින් පිරුන ඔබෙ අතැඟිලෙහි
      දුම් රසයෙන් ගහන ඔබෙ දෙතොලෙහි
      දුම් සුවඳ හමනා ඔබෙ සුසුමෙහි
      ගිලෙමි එදාමෙන් රති කෙලියෙහි
      -- බටනලාව-
      :) :)

      Delete
  3. මගෙ යාලුවෙක් නටබලාවක් පිඹල මලා

    ReplyDelete
  4. තෙරපවා මා සිහින් බඳගිර
    ඔබේ රළු දෑතින්
    තබා තුඩ තුඩ උරා ලවනත
    කලු ගැහුණු දෙතොලින්
    මුදා හල මැන හදේ සිතුවිලි
    අවදි කර මා සිතුම්
    ස්වර දැහැනින්...

    - බටනලාවී -

    ReplyDelete
    Replies
    1. මියුසික් ක්ලාස් යන්න හිතා හිටියේ..දැන් ඉතිං පොයෙට්‍රි ක්ලාසස්වත් යන්න ඕනි....!
      තැන්කූ සඳා...!

      Delete
  5. බට නලාව පිඹින්න වෙන කෙනෙක් හොයාගත්තා නම් ෂෝක් නේ අයියේ...

    මේක නම් හාමිනේට පෙන්නන්න එපා... මාව මරයි...

    ReplyDelete
    Replies
    1. හාමිනේට නෙවෙයි මාතේ, කාටවත් පෙන්නන්න බෑ මේක නං.....:) :)

      Delete
  6. රෑවෙලා බටනලා පිඹිනකොට ගොපලු යකා එනවලු. හැක්..

    ReplyDelete
    Replies
    1. නයි එනවයි කියලනේ කියන්නේ...!!!

      Delete
  7. ගුත්තිල සහ මූසිල යනු වෙණ වයුවන් නොවේද සබඳ චෙපාකියනි?

    වස්දඬු වැයුමෙහි කෙල පැමිණියෝ ක්‍රිෂ්ණා තෙමේය....:)

    ReplyDelete
    Replies
    1. රවියාණෙනි...එකළ වෙන වැයුම ගුත්තිලයන්ගේ අසපුවටම සීමා මායිම් වූවා මිස වස්දඬු වැයුමෙහි ඔවුන් නොයෙදුනේයැයි අසා නොමැත්තේමැයි...කෙලෙසකින් හෝ මා ගුත්තිල මූසිල යුගලය ගෙන ආවේ ප්ලස් මයිනස් ආකල්පයක් ගෑවීමටම පමනක්මයැ..කම් නෑ නොවේද එසේ නම්....!

      ක්‍රිෂ්ණා කෙසේ වෙතත් රාධා ගැන නම් අප සිත් ලා ඇත්තේමැයි...:)

      Delete
    2. රාධා යනු යායේ කැඳවුම්කාරිය වූ අංගනාව නොවෙතිද මිතුර?

      Delete
  8. අඳ මවුපියෝ දෙදෙන
    කතී වෙණ මීයෙන
    සුසූ යයි ඇත ගැසූ සැකයෙන

    ReplyDelete
    Replies
    1. ගුත්තිල කාව්‍ය හොයාගෙන කියවන්න වෙනවා මට දැන්...!

      Delete
  9. කොහම හරි ඉගනගෙන පිබිමු

    ReplyDelete
    Replies
    1. ඔය කොහොමහරි ඉගෙනගන්න එක තමා අමාරුම මෙන්ඩෝ...!

      Delete
  10. පිඹින්න අයියා පිඹින්න

    ReplyDelete
    Replies
    1. කොහේ පිඹින්නද මල්ලී....ලන්ග් කැපෑසිටි ඕල්මෝස්‍ට් සීරෝ වෙද්දි....:)

      Delete
  11. ඔය බට නලා කෙළිය කියන්නේ මට බැරි දේවල් මහ ගොඩකින් තවත් එකක්...

    ReplyDelete
    Replies
    1. එහෙ..නම්.
      ෂ්.ෂ්... ඕක අහගෙන ඉන්න එක කොහොමද?

      ඔන්න ෆ්ලූට් ග්ලාස් වලින් කරන දේ නම් අපිට චුට්ටක් විතර පුලුවන්

      Delete
    2. මම නම් ප්‍රා, ෂැම්පේන් ගහන්නෙත් හයිබෝල් ග්ලාස් එකේ :D

      Delete
  12. http://onlineslangdictionary.com/meaning-definition-of/skin-flute

    ReplyDelete
    Replies
    1. ආ දැන් තේරෙනවා මේ මොකද්ද කියලා ...
      ඊයා හලෝ ...

      Delete
    2. ඒක තමා. මං හීනෙන්වත් හිතුවේ නෑ චෙෆොයටාකි සොරි ..චෙෆ්-පොයට්-ආකි ඔහොමයි කියලා. ඉකේය්යා

      Delete
    3. මැදින් වකුටු උන කීවමත් තේරුනේ නැතුව ගියානේ ඉතිං ඔන් ලයින් ඩික්ශනරි හොයාගෙන...!
      :)

      Delete
  13. උබ දවසක මටයි ප්‍රා ටයි කවි තේරුම් කරනවා ඒ කිව්වේ උබගේ කවි කියවලම අපි කවි එක්ස්පර්ට් වෙනවා

    ReplyDelete
  14. කොයි හිල් වැහුවත්, අවශ්‍යම හිල වැහුවොත් බටනලා නම් ගහන්න හම්බුවෙන්නේ නැහැ. බැරි කටනලාව.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....