Saturday 15 July 2017

පාර්වතී

A 12th century sculpture of Parvati




හැට හතරක් මායම්
මා නම්
නොකරමි මායිම්

මගේ තරමටම උසනම්
ඇයි මේ කෝලම්

පිච්ච මල් දම්
කෝවිල අද්දර විකිනෙයි නම්

ගනේශ්ටත් හොරෙන්
ඔය කෙහෙරැලි සරසමි මං

පාර්වතී
මා හිත ගත්තී
ශිවා නොවුනත් මා
ඔබමැයි
ලක්ෂ්මී
ඔබමයැ
සරස්වතිය
ඔබමැ නොවේදෝ
ත්‍රිදේවිය


දනුන් වඳිනා කල්
ශිව ලිංගය නහවා කිරිදියෙන්
කවුරුන්ද
දන නමස්කාරයෙන් පිදුවේ
අර්ගා


ස්වර්ගයේ සිට හිමවන්
අතවනයි කඳුකරයට සොයමින්
මීනා ඔබැ මව්
සිහිකරමින් ඔවුන්
නවතමු අපි
මේ කෝළං....!







36 comments:

  1. මේක නම් මරු කී පැත්තකින් හිතන්න පුළුවන්ද....?

    ReplyDelete
    Replies
    1. දියව් දියව්..හිතපියව් .හිතපියව් ...:)

      Delete
  2. මමත් මේ හිතනවා හිතනවා තාම හිතනවා අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. හැට හතරක් මායම්
      මා නම්
      නොකරමි මායිම්

      මගේ තරමටම උසනම්
      ඇයි මේ කෝලම්

      පිච්ච මල් දම්
      කෝවිල අද්දර විකිනෙයි නම්

      ගනේශ්ටත් හොරෙන්
      ඔය කෙහෙරැලි සරසමි මං

      මෙන්න මේ ටික විතරක් තිබුනනම් ... කියල මට හිතෙනව

      Delete
    2. ඉතිං ඒ ටික වහන්නනෙ ඉතිරි ටික ලීවෙ හිටං....!
      දන්නෝ දනිති......:)

      Delete
  3. පිච්ච මල් දම්
    කෝවිල අද්දර විකිනෙයි නම්

    ගනේශ්ටත් හොරෙන්
    ඔය කෙහෙරැලි සරසමි මං
    මං ආසම ඒ ටික
    මට මේක ලියපු true feeling එක කියනව ද Archi

    ReplyDelete
    Replies
    1. පිච්චුද එව්වා එහෙම වමාරන්නේ කොහෙමයි......හිතපාං...!

      Delete
    2. මගේ ටිකිරි මොළේ එච්චර මහන්සි කරන්න හොඳනෑ Archi

      Delete
    3. හිතාපන් හිතාපන් කිය කිය මෙයා ලියනවා අපේ ඔලුව කුරුවල් වෙනවා මේවා හිතන්න ගිහින්

      Delete
    4. ඇත්ත ශානී... :) :) :)

      Delete
  4. පාර්වතී මගෙ සුන්දර මැනිකා....
    https://www.youtube.com/watch?v=1MGj33lzgcw

    ReplyDelete
    Replies
    1. සිංදු ඇනෝ කම්මැලි වෙලා වගේ....!
      හම්මේ ඒ සිංදුවෙ ටකරං සද්දේ හරි අමාරුයි අප්පා අහන්න....!

      Delete
    2. කම්මැලියි අප්පා

      Delete
  5. මල කෝළං.
    හැක්..

    ReplyDelete
    Replies
    1. මල කෝළංද කියන්නේ....කියල වැඩක් නෑ මල්ලි...!

      Delete
  6. පෙම් රැළි නැගී දෙසිතම නිති යාවේනම්
    හස රැළි දෙවොල් බිම අසළින් දකීවිනම්
    මල් රැළි උතුර දකුණට හුරු කියාවිනම්
    කෙහෙ රැළි මලින් සරසනු ඇය මනාපනම්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සංහිදියා මාවතේ
      හමුවෙමු අපි දෙදෙනා
      :)

      Delete
  7. පාර්වතී උඹෙයි මගෙයි..
    පෙම් කතන්දරේ..
    මම ලියා තබන්නම්
    කෙහෙල් කොලේ...

    ReplyDelete
    Replies
    1. හුඟ කාලෙකින් දෙක දෙක.....!

      Delete
  8. පාර්වතී උඹෙයි මගෙයි..
    පෙම් කතන්දරේ..
    මම ලියා තබන්නම්
    කෙහෙල් කොලේ...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා බැනර් ගහන්නත් කෙහෙල් කොලේ පිහිට තමා හිටං...!

      පටන්ගනිමු කෙසෙල් වගාවක්වත්...!

      Delete
    2. තව පොඩ්ඩෙන් මටත් බැනර් එකක් ගහන්න වෙනව කෙහෙල් කොල කාලෙට ඉස්සල්ලාම

      Delete
  9. පාර්වතී මේ ගැන හිතා බලාවි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාදි....පාර්වතී හිතන පතන සීමාවෙන් එහාට ගිහින්..මම නම් හිතන්නේ එයා හිතන එකක් නෑය කියලා..!

      Delete
  10. ලස්සනයි! වචන ටිකක් එහෙ මෙහෙ කරලා තනුවක් දැම්මොත් අපූරු ගීතයක් වේවි...

    ReplyDelete
    Replies
    1. :)
      තැන්කූ.....විහිළු කරන්න එපා....😄

      Delete
  11. තැන්කූ මේ පැත්තේ ආවට...!

    ReplyDelete
  12. ///හැට හතරක් මායම්
    මා නම්
    නොකරමි මායිම්
    මගේ තරමටම උසනම්
    ඇයි මේ කෝලම්///
    ඔය කියුවට..

    ////ශිවා නොවුනත් මා
    ඔබමැයි
    ලක්ෂ්මී
    ඔබමයැ
    සරස්වතිය
    ඔබමැ නොවේදෝ
    ත්‍රිදේවිය///
    ඉඉඉඉමේ ටික හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. එව්වා යුතුකම්.......:)

      Delete
  13. Replies
    1. //කවුරුන්ද
      දන නමස්කාරයෙන් පිදුවේ//

      Going down is a common practice.

      Delete
  14. අයියෝ මේ කවි මාව කාවි

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....