Tuesday 15 November 2016

වත්මන....! The Reality...!

creativity credit- Ole B Larsen
ඈ.....

සෙමින් ඇවිද යමි
මැවෙන නිමැවෙන
අරුමැති
පණ පෙව්නු
සිතුවිලි අතර නවතිමි
.......!

මා....


අඩුවෙන් කමි
මහත අඩුකර
වේගයෙන් ඇවිදිමි
සිතිවිලි පසුකර
හැල්මේ දුවයමි....


හිහිහිහි....!



40 comments:

  1. අඩෝ ශෙෆා..උඹ අපිට රහස් කියනවද....උඹ ලියන්නේ උඹටමද. එහෙම ලියන එක වරදක් නෙමේ. මට උඹේ සමහරක් දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ මම වෘශභයෙක් නිසා වෙන්න ඇති. දැන් දැන් උඹ ලියන්නේ උඹටමයි. මම එහෙම හිතුවට සමාවෙයන්. තමන් තමන්ටම ලියා ගන්න එක ඕකේ. සමහර ෆිල්ම්සුත් ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. වැරදිමයි අරූ...
      මම කාටවත් නොලියමි...
      හිතුනාම ලියමි...
      ඇය මා ඇවිස්සුවාම...
      මා ඈ විසින් ඇවිස්සුනොත් පමනක්ම ලියමි...
      එහි වරදක්නම් නොදකිමි...
      අවුල් නැතිබැව් දනිමි..
      මට හයි ය....!

      Delete
    2. ////මට හයි ය....!/////:D

      Delete
  2. කළු ඇහැ මගෙ ඇරී වැහී
    බැලුවත් හොදහැටිම නැහී
    මුලු කවියම නෑ වැටහී
    ගොළු වී ඉමි හි හි හී...........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Just concentrate on the heading..y
      You will get it bro...!
      Peace....!

      Delete
  3. // හිහිහිහි....! //

    ලාවට මතකයි වගේ...

    ReplyDelete
    Replies
    1. අලුයම පිබිදෙන ඔබගේ දෑසේ...!!

      Delete
  4. සිතුවිළි ඇහෙරෙන
    සිතුවම්ව නිමවෙන
    පුදුම හිතෙන
    ඔබ සොඳුරුම
    සිතැත්තෙකි....

    ReplyDelete
    Replies
    1. සර්කස් පැසිෆියා...!

      Delete
  5. ලගදිම පිස්සංකොටු යන්ඩවෙයි වගේ

    ReplyDelete
    Replies
    1. යන්නෙ මොකොටෙයි ඉන්නේ එහේ වෙද්දී....!

      Delete
    2. ඕකට ගමේ ගොඩේ කියන්නේ පිස්සොත් එක්ක වැල කනවා කියල

      Delete
  6. Replies
    1. වැස්සකටවත් ජිම් ගිහින් නැත....!

      Delete
    2. ජිම් ගියා දෙපාරක් විතර. ඒකෙ දුවන , ඇඹරෙන, පු.. නටවන නංගිලා අක්කලා දැකල සිල් බිඳ ගන්නේ මොකටද කියල නැවතුන. අනික මගේ වගේ බඩ තියන වයසක ඩෑල් දෙක තුනයි හිටියේ. රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න එපයි කියනවනේ. :)

      Delete
    3. ඒත් මේක ලිව්වෙම මට හිතෙන්නේ //අඩුවෙන් කමි
      මහත අඩුකර
      වේගයෙන් ඇවිදිමි
      සිතිවිලි පසුකර
      හැල්මේ දුවයමි....// ඒත් ඕන නෑ.

      Delete
    4. //අනික මගේ වගේ බඩ තියන වයසක ඩෑල් දෙක තුනයි හිටියේ.///
      ඒකනේ අපි මේවා කරන්නේ...!

      Delete
  7. හි හී.. අනේ පව්..මොන තරන් කෑවත් බය වෙන්න ඕන නැති ඇඟක්, මොන තරන් හීන දැක්කත් අවුල් වෙන්නේ නැති හිතක් ලබන්න චෙෆාකි හිතන්නේ මොනවද ඕන....

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියේ ඇඟකුයි, ඒ ජාතියේ හිතකුයි තමා ඉතින් ඕනේ...නැද්ද..?
      අපිලට හිනාවෙනෝ නේ...හ්ම්ම්ම්...!

      Delete
  8. Herre Larsen කාව බලාගෙනද ස්කල්ප්චර් එක කලේ?

    ReplyDelete
    Replies
    1. Beach එකේ තිබිච්ච ගලක්ගෙනල්ලා ඇස් දෙකක්තියලා....

      Delete
  9. ස්වයං කථනයක් වගේ ඒත් එහෙමත් නෙවෙයි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෙවෙයි වගේ මටනම්...!

      Delete
  10. වේගයෙන් ඇවිදින හැටිනං හිතාගත්තැකි. හැක්..

    ReplyDelete
    Replies
    1. වේගය කෙසේ වෙතත් ඇවිදින එකම මදි නැද්ද....!

      Delete
  11. පීඩියා ප්‍රෝ වත් බීල බලන්ටෝනැ... නැහ් නං LSD වත් ඕන වෙයි.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  12. අනේ මන්දා තේරුනේ නෑ මේකනම්

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමෙක් පන්ඩිත කයියක් ලියල එව්වා මම කරපු ඩිසයින් ප්‍රොජෙක්ට් එකක් ගැන..මම ඒකට දෙකේ පංතියේ උත්තරයක් යැව්වා...හිහිහි..
      ගනන් ගන්න එපා...හැමදේටම තේරුම් තියෙන්න ඕනා නෑ මේ ජීවීතේ..නැද්ද..!

      Delete
  13. මට උණ හැදිලා නිසා මොකුත්ම හිතෙන්නේ නැහැ. උණ විකාරේ තවත් වැඩි උනා වගේ හි හි....

    ReplyDelete
    Replies
    1. ඔහොමත් අපහාස කරනවද අප්පා...මගෙ උණ විකාරේ කවද නවතීද මන්දා...

      Delete
  14. රා බොන්න ගිහින් වැස්ස්සට තෙමයි කියලා අර හැලි බඩත් උස්සගෙන දුවගෙන ආපු හැටි නම් දැක්කා ...

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍රයින්ට ඔහොමත් අපහාස කරනවද..පව් ඕයි ඒ මනුස්සයා...!

      Delete
  15. ලඟදි මටත් දොස්තර නෝනා කෙනෙක් කිව්වා අඩුවෙන් කෑම කනු, තෙල් පිටි සීනි ලුණු අඩුකරනු, ව්‍යායාම කරනු කියලා.

    ReplyDelete
    Replies
    1. විචා ලකී ඒ අතින්..හමුදා විනය වෙන්නැති.....!
      මට ඔය ටික ඩොකා කිව්වේ මීට අවුරුදු පාලහකට කලියෙන් වෙච්චි....!!!!

      Delete
  16. ආයෙම ටිකක් අවුල් වගේ නේද?

    ReplyDelete
  17. බඩ බස්සගන්න කියල මටත් ගෑණි කියනවා.. ඒකිට ඒකිගෙ සයිස් එක පේන්නෙ නැද්ද මන්ද... (මේ කොමෙන්ටුව ගෑණිට පේන්නට නොතබන්න)

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....