Saturday 15 October 2016

ආදරණීය නේරංජනා...!

වැවුරුකන්නල පන්සලේ බුදුමැදුර තුල දර්ශණයක්...

වප් පෝයට සඳවතී දිලිසෙන
පරෙයි වෙරළ ඔබ දෙපා නොතෙමවන

වැලිමත සිත්තම් කල වුවන
ඈත සිටි මා නොදකින

වැවුරුකන්නල  නිවෙන දෑසට
ඔබ නෙත් යොමාන

වැවුරුකන්නල ඝන්ටා නාදයට
මා දෙසවන් යොමාන

තනිවෙන්නට හෙටදින
හිරු දෙවියන් හනිකට ඉපදෙන

සයුර අද්දර අප හමුවන
සොඳුරු සැඳෑව මා සිහිනෙන් ලංවන

ආදරණීය නේරංජනා....!






39 comments:

  1. ආදරණීය නේරංජනා....අනේ හීනෙන් නැතුව හැබැහින්ම එන්න අප්පා ..

    ReplyDelete
    Replies
    1. ඇයත් නොදන්නිය ඇය යන මානය..උන්හිටි තැන් මතකයෙ අඩමානය....
      හීනෙන් විතරයි සඳා...හැබැහින් අමාරුලු....!

      Delete
  2. සාදු සාදු සාදූ!

    ( :D )

    ReplyDelete
    Replies
    1. කෝ නෙළුම් මල්....යන්න ගිහින් මල් අරන් එන්න..යන්නකෝ....!

      Delete
  3. නේරංජනා, නේරංජනවෙන් නෙමෙයි, මහ සයුරෙන් පනින්න වගේ බලාන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. පනින රංජනාවකින් මාත් එක්කම පැන්නනං මොකෝ....!

      Delete
    2. ඔය නේරංජනාවෙන් පැනිම ගැන මගේ තියෙනවා වෙනස් දැක්මක්...

      Delete
    3. ඔහේගෙ දැක්මත් හබරල කරල දැම්මනං අපිලටත් දැනගන්න එක්කලා මොකෝ වෙන්නේ....!

      Delete
    4. හි හි

      Delete
  4. ආවර්ජනා කෙරු සිහිනය සුන්දරද
    නේරංජනා නුඹ හැර යන්නේ ඇයිද.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සුන්දර සිහිනයක ඈ
      ඔහු හැරයන්නට අදිමදි කරනා....!

      Delete
  5. දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
    සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට

    ReplyDelete
    Replies
    1. ඝන්ටා නාදේ ඇහෙන දුරින් ඉන්නකොට විහාරයේ කඳුළු නොවැටේ....!

      Delete
  6. නේරංජනා කියන නම තෝර ගත්ත හේතුව මොකක්ද චෙපාකි?

    ReplyDelete
    Replies
    1. ඔන්න කොච්චි ඕනි නැති ප්‍රශ්ණ අහනවා..අලුත් ඉන්ගිරිසි වචනේ මතක් උනේ...අයියෝ...!

      Delete
    2. දැක්කනේ...ප්‍රශ්නය වැදගත් එකක් වගේ

      Delete
  7. නේරංජනා යනු අමරණීය මතකයක් මැ විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ආදරණීය නේරංජනා....!!!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පාලූ වීදියේ තනිකම මැකුනා...!

      Delete
  9. අස්සය ලාබෙටත් ඕන එක පාර නෙරංජනාවෙන් පණින්නත් ඕනෙ කිව්වලු

    ReplyDelete
    Replies
    1. අපිලා නං පනින්න කලියෙන් ඩ්‍රෝන් එකක් එහෙම ඇරලා ස්ටඩි කරලා තමයි පනින්නේ..අස්සයෝ ඕනිම නෑ අනේ....!

      Delete
    2. අම්මට හුඩු, ඩ්‍රෝන් එකේ කතා වස්තුව දාන්නත් තියෙනව එහෙමම නේහ්

      Delete
  10. සරණව හදන්ඩම බැරි උනෙත් , දිගටම මීයෝ කැරපොත්තෝ ඇල්ලුවොත් , සෝරත නං ආදරේ හංදාා සමාව දෙයි , ලොකු හාමුදුරුවෝ ගහල පන්නයි පන්සලෙං , අසරන සරනයා කොහේ යන්ඩද

    ReplyDelete
    Replies
    1. කොහේ යන්නද බං..ඌ මීයෙක් දෙන්නෙක් අල්ලගෙන පංසලේම ඉඳීවි සෝරත රහත් වෙනකන්...ලොකු හාමුදුරුවො ගැන අපි නොදන්නවැයි ඉතින්...හැක්..!

      Delete
  11. මට මතක් වෙන්නේ ප්‍රියා විතරමයි.. හැක්

    ReplyDelete
    Replies
    1. සූරියසේන නේද මල්ලී..එහෙනං හරි..එයාමයි මේ...!

      Delete
  12. Replies
    1. HMm කිව්වෙ හිස් මැජෙස්ටි මොංගල්ටද?

      Delete
  13. පිරුණු හඳ කළාතුරකින් දැක්කත් ,මොන සිටුවේෂන් එකේ හිටියත් හිතෙන් මං ලංකාවේ, පටන් ගැන්ම අවසානය සහ පිංතුර අමුතු සුසංයෝජනයක්.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=v1WZGH6s2OU

      Delete
  14. මේ අතනින් ඉඳගන්න එහෙම එපා. වැවුරුකන්නල බුදුහාමුදුරුවන්ට එතන හොඳට පේනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නිසාම තමයි මේ ඈතට වෙලා ඝංඨාර හඬ අහගෙන ඉන්නේ..!

      Delete
  15. හීනෙන් හරි ලංවෙනවනේ. කවි ලස්සනයි.:)

    ReplyDelete
  16. කවිය ලස්සනයි...

    හීනෙන් ලංවෙන ප්‍රේමයක අවසානයේදී, තත්පරයකට හෝ හැබැහින් ලං වීම අනිවාර්යයි...ඊට පස්සේ ඉතින් "ඇරඹුමම කඳුලක් වෙලා"... :)

    ReplyDelete
    Replies
    1. පොකුරු..කාලය ගොඩාක් දේවල් වෙනස් කරනවා...ඒ කඳුලක් වූ ඇරඹුම අද වෙනකොට සිනහවකට අන්තරාවරනය වූ හැටි අපූරුවක්...මම කාලයට හරිම ආදරේ ඒ නිසා...ඒ කියන්නේ සිහිනත් ඉඳහිට සැබෑවෙනවා පොකුරු...!

      Delete
    2. අනිවාර්යෙන් චෙෆාකි මහත්තයෝ, කඳුළු රිදවුම් දරාගන්න පුළුවන් ඕනෙම කෙනෙක් ඒ හීන හැබෑ කරගන්න ක්‍රමයක් සොයා ගන්නවා...අනිත් එක පුංචි හිතුවක්කාරකමකුත් ඕනේ මට හිතෙන විදියට...කාලය තමයි ඒ හැමදේටම මාධ්‍ය...මමත් ඒ දේ විඳලා තියනවා...

      Delete
  17. උබත් එක්ක බැහැ...තේරෙන මගුලක් ලියපන්කො

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....