Friday 14 October 2016

ඈ යන්න ගියා නොපෙනී....!


ඔබ සුසුමන්
කළැතූ

 සිතුවිලි සයුරේ
නැගෙනා ඒ රැලි

මහද වෙරළේ
හැපී බිඳී විසිරී

නිමක් නොපෙනනා
සිතුවිලි සයුරම
සඟවාගන්නේ

අද ඔබ මා දමා
සැඟවූ විලසින්මැයි

ඔබ පිය සටහන්
පමනක්මැයි
මහද වෙරළ 
සිප ගන්නේ
සෙනෙහසින්
....... 



21 comments:

  1. තෙත සුමුදු සියුමැලි
    මතක පියවර මත සුවඳ ඇතී
    නිමක් නොදකින පෙමකින් වේලි
    රළ-වෙරළ වෙහෙස වී නොනැවතී...

    කල්පයක පෙම සඟවා නැතී...

    Chef-Architect සොබා දහමේ හරිම ලස්සන පුදුම හිතෙන සිදුවීමක් එක්ක නිමැවුණු මේ නිර්මාණය කවි දහසකට උල්පතක්. මාත් ලිව්වා ඔන්න පුළුවන් විදිහට. හරිම ලස්සන නිසදැසක්.

    ReplyDelete
  2. රනිල් ලොක්කා සොරිසේනට ලියාපු පෙම් කවියක්ද මේ?

    ReplyDelete
    Replies
    1. නෑ අනිත් පැත්තට...ඈ කියන්න බෑනේ ..ආ නං කියතෑකී..."

      Delete
  3. බෙස්ට්.. දකුණු පලාත නිර්මාණාත්මක සිතුවිලි ජනිත කරනවා වගේ..

    ReplyDelete
    Replies
    1. නියඟෙනේ මෙහාට...වැස්සක් එනකං බලන් ඉන්නවා වෙන්නැති...අහලා බලන්නං...!

      Delete
  4. //අද ඔබ මා දමා
    සැඟවූ විලසින්මැයි//
    කොහෙද අප්පේ ඔහේම දාල සැඟෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. හිත අස්සේ වෙන්නැති..වෙන කොහේ කියල දාන්නද...!

      Delete
  5. ඉතිං වෙරළට ගියෙ මක්කටැයි?

    ReplyDelete
    Replies
    1. වෙරළටම ගියේ නැහැ..ඒත් වෙරළ ළඟටම ගියා...රේල් පාරවල් හරහා යන්න හිතෙන්නේ නෑ ....එහෙමත් හොඳයිනේ සමහර වෙලාවට....ඔහේ ඉතින් ඕව නොදන්නවැයි...!

      Delete
  6. //ඈ යන්න ගියා නොපෙනී....! //

    පාවෙලා? ඉරිලා? පිච්චිලා? පොඩිවෙලා? නැවිලා?

    Hundred brownie points for unravelling the puzzle.
    Oh, now it's yellow, not brown noh?
    Very colourful life your highness leads - for a colour blind genius. :-D

    ReplyDelete
  7. ඈත සිතිජයේ ඉතා කුඩාවට
    නැවක් පෙනී නොපෙනී යන්නේ.

    ReplyDelete
    Replies
    1. මම එච්චර දුර බලන්නේ නෑ හැට්ටර්.....!

      Delete
  8. දන්න කියන බ්ලොග් අස්සෙ රස්තියාදුවේ යනකොට මේ පැත්තට කඩන් වැදුනේ ඕං, නිවාඩු පාඩුවේ කියවන්න දේවල් තියෙන පාටයි.ඉඩ තියෙන වෙලාවට ඒ සේරම කියවන්න හිතා ගත්තා. නිර්මාණය ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. Bob Marley, Micheal Learns to Rock....හ්ම්ම්ම්...my type of music..heavy reggae fan me too man...කෝ නුගේගොඩ බෝගහ ගාව තියෙන ටොප් ෆොර්ම් එකේ බුරියානි එක අමතක උනාද ඔය ඉක්මනට....!
      ගෑනු ලමයි නැවැත්තුවේ මොකෝ..ඒක මරුනේ...!
      මම ලියන ඒවා කියවන්න වෙලාව නාස්ති උනා කියලා බනින්න එහෙම එපා ඕන්...!
      මම ලියන ඒවා කියවන්න වෙලාව නාස්ති උනා කියලා බනින්න එහෙම එපා ඕන්...!
      කොහොමත් ඈවාට තැන්කූ....ආයෙ ඒවි සමහර විට...!

      Delete
    2. ගැණු ළමයි ටික කොහෙ කොහෙ ගිනින්ද මන්දා අනේ ඉතින් නවත්තනන් උනා.ඒ කාලේ බුරියානි කන්න වෙලාවක් තිබ්බෙ නෑ හි හී

      Delete
    3. හෑ මගේ බ්ලොග් එකේ කියවලා තියෙන පාටයි නේද ? ඒත් කෝ කමෙන්ට්ස් ?

      Delete
    4. වැඩක් නෑනේ කමෙන්ට් කරලා...රිප්ලයි නෑනේ....?

      Delete
  9. Replies
    1. බොරු නෙවෙයි.....
      ඔබ පියසටහන් පමනක්මැයි....
      මහද වෙරළ සිපගන්නේ
      සෙනෙහසින්....
      බොරු නෙවෙයි...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....